Quantcast
Channel: Mahamegha » All Time Favourites
Viewing all 74 articles
Browse latest View live

වස්තුව ඕනෑ කර තිබේ…!

$
0
0

සුපින්වත් වෙසක් සඳ මඬල බැස ගිය නුබ ගැබේ, කලාවෙන් කලාවට පිරී ආ පොසොන් සඳ මඬල ජීවමානව දිදුලනවා. මේ සුපුන් සඳ මඬල දීප්තියෙන් දෙවැනි වන්නේ වෙසක් සඳවතට ම පමණ යි. එය එසේ විය යුතු ම යි නේ ද?

සම්මා සම්බුදු සඳ මඬලට පමණක් දෙවැනි වන ඒ ඖරසපුත‍්‍රයන් වහන්සේ නමක් වූ මිහිඳු මහරහතන් වහන්සේ උත්තුංග ධර්ම දායාදයෙන් හෙළ දිවයින අබිසෙස් කළේ මේ පොසොන් සඳ කිරණින් නැහැවී ගත් සුපුණ්‍යවත් දිනයක. රටකින් රටකට ලැබුණ අනර්ඝතම ත්‍යාගය වුණේ ඒ අසමසම ධර්ම දායාදය ම යි. එදා අම්බස්තලයෙන් පැතිරී ගිය සදහම් සන්දේශය නිසාවෙනුයි අප දිනූ මේ රට ලෝකයේ එකම සිංහල, බෞද්ධ රට බවට පත්වුණෙත්. මහින්දාගමනය නිසාවෙන් අපට ඒ උතුම් තිසරණය නො ලැබුණා නම් අපිත් දන් දීමක් ගැන නො දන්න, සිල් රැකීමක්, භාවනා කිරීමක් ගැන නො දන්න, නිවනින් නිවී සැනසීමක් ගැන නො දන්න අනාර්ය ජාතියක් ම පමණ යි. එහෙත් පොසොන් සඳ එළියේ සිදු වූ ඒ විප්ලවීය පුනර්ජීවනය නිසාවෙන් අපි සම්බුදු සදහම් දායාදයෙන් පිදුම් ලැබූ අභිමානවත් ජාතියක් වීමේ භාග්‍යය ලැබුවා.

තථාගත මුව මඬලින් වදාළ ඒ අග‍්‍ර වූ දානය අපට ලැබුණා. තුන් හෙළයේ වංශකතාව අර්ථවත් වුණේ එයින්. ඒ අනභිබවනීය ත්‍යාගය මේ ලෝකය තුළ අපව ඔසවා තැබූ තලය වචනයෙන් කිව නො හැකි තරම් උත්තරීතර යි.

තෑග්ගෙන් තෑග්ග හොඳ ම තෑග්ග කියලනේ අපි අහලා තියෙන්නේ. එහෙම නම් හොඳ ම තෑග්ග අපට ලැබුණ මේ පොසොන් සඳ පහන යට ධර්මයේ හැසිරෙන්න මහා දුර්ලභ වාසනාවක් ලබපු අපිත් ඒ තෑග්ග ම අපි විසින් යහපත අපේක්ෂා කරනු ලබන යම්තාක් පිරිසක්වේ නම් ඒ අයට දෙන්න ඕන නේ ද?

දන් දෙන්න නම් වස්තුවත් ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ ‘පුත්ථාවත්ථු මනුස්සානං’ කියල යි. මිනිසාගේ වස්තුව වෙන්නේ දරුවෝ…..! ඒ වස්තුව ධර්මාශෝක රජතුමා සතු වුණ නිසයි එතුමා අග‍්‍රතම වූ දානයෙන් අසල්වැසියාට සත්කාර කළේ. ඒ නිසයි එතුමාගේ පුත‍්‍රරත්නය, සම්බුදු ශ‍්‍රාවකරත්නයක් වෙලා හෙළදිව ස්වර්ණමය සන්ධිස්ථානය සනිටුහන් කළේ.

පරපුරෙන් පරපුරට අප ඒ ධර්ම දායාදය සම්පේ‍්‍රෂණය කරවිය යුතු ම යි. ඒක අපේ යුතුකමක්, ඒවගේ ම වගකීමක්. ඒ විතරක් නෙමෙයි, එය සංසාර ගමන කෙළවර කරවන මේ දුලබ දහම අපට තිළිණ කළ ඒ අනුබුදුවරයාණන් වහන්සේ උදෙසා සිදු කරන ප‍්‍රමුඛතම කෘතගුණ පූජෝපහාරයක්.

උතුම් ශී‍්‍ර සද්ධර්මය අදටත් නිර්මලව ම අප සතුව තිබෙනවා. දිවි හිමියෙන් දහම සුරක්ෂිත කරවූ යතිවරයන් වහන්සේලාට, සිව්වනක් ශ‍්‍රාවක පිරිසට පුණ්‍යානුමෝදනාවන්නට තවමත් අප සද්ධර්ම දායාදයේ උරුමකරුවන්. උතුම් ශී‍්‍ර මුඛ බුද්ධ වචනය දන් දෙන්න අපට අද නැත්තේ ‘වස්තුව’…!

‘එදා’ සහ ‘අද’ අතර තිබෙන ශෝචනීය වෙනස තමයි මේ.

එදා………
- අපට නිර්මල වූ ධර්මය ලැබුණා
- දුවාදරුවන් අතේ ඇඟිලි ගණනට වඩා හිටිය බරසාර පවුල් තිබුණා. ඒ කිව්වේ මහා ‘වස්තු සම්බාරයක්’ සහිත වූ පවුල්
- වස්තුව තිබුණ නිසා අග‍්‍ර වූ විදිහට දන් දුන්නා
- ධර්මයෙන් පෝෂණය වෙලා අල්පේච්ඡු ආකාරයට ජීවත් වුණා
- අවශ්‍යතා අඩුයි, පොදි බැඳ ගැනීම් නැහැ, සැහැල්ලූවෙන්, අල්පේච්ඡ ව ජීවත් වුණා
- මහා වැව්, දාගැබ් ඉදි කළා. බතින් බුලතින් රට සරුසාර කළා. උපාධි නො තිබුණාට අව්වට, වැස්සට, හේනට, කුඹුරට, උදැල්ලට, නගුලට හුරුවුණු අත් තිබුණ විශ්වකර්ම වෛද්‍යවරු, ඉංජිනේරුවරු හිටියා. ඒ නිසයි බටහිර තාක්ෂණික ක‍්‍රමවේදයන් පවා මවිතයට පත්කරවපු කාය හා මනෝචිකිත්සාවන් වගේ ම වාරි හා ඉදිකිරීම් තාක්ෂණයක් අතීත හෙළදිව සතු වුණේ
- අතට පයට යන්ත‍්‍ර සූත‍්‍ර නැති වුණාට, විදුලි වේගයෙන් වැඩකරන්න විදුලිය නැති වුණාට, සෑම අවශ්‍යතාවයක් ම දෑතේ සවියෙන් ඉටුකරගත්තට ඔවුන්ට වුවමනා තරම් විවේකයත් තිබුණා
- විවේකය තිබුණ නිසා ඔවුන් සුව සේ ධර්මයේ හැසිරුණා. ‘ඍද්ධියෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ – සෙවණැල්ලෙන් හිරු රශ්මිය භංගේ’ කියලා නූතන ගී පදවැල් තුළ වර්ණිත වුණේ ඒ අසිරිමත් යුගයේ අද්විතීයත්වය.

ඒත් අද…….
- විදුලිය තියෙනවා. ප‍්‍රවාහනය හා සන්නිවේදනය දියුණු යි. සුඛෝපභෝගි ජීවන ක‍්‍රම හතර අතේ ම. කාලයෙන් උපරිම ප‍්‍රයෝජන ගන්න පුළුවන් තරමට ම තාක්ෂණය දියුණු යි. ඒත් විවේකය නැහැ
- මුදල් උපයන ක‍්‍රම ඕන තරම්. ඒත් කාලා, බීලා, ඇඳලා, ගෙයක් දොරක් හදා ගන්න එකත් ගොඩක් අපහසු වෙලා
- ජීවන වියදම වැඩියි… කටවල් අට දහයකට කන්න දෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා දරුවො එක්කෙනයි, දෙන්නයි. නැත්නම් එක්කෙනෙක්වත් නෑ….
- ජීවත්වෙන්න පුදුම තරගයක්. උපන් දවසේ ඉඳලා එකිනෙකා අබිබවා යන්න පුරුදු කරවනවා. කුඹුරක්, නියරක්, ඇළක් නො හඳුනන දරුවො මේ කෘෂිකාර්මික රටේ ඕන තරම් ඉන්නවා
- හැම ගෙදරට ම ඕන වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්….. කුඹුරු පුරන් වෙලා. ඇළ වේලි ගොඩ වෙලා. නැව් නැගලා කෑම බීම අතට එනකල් බලන් ඉන්න විපරීත සංස්කෘතියක් බිහිවෙලා
- සාරධර්ම, ගුණධර්ම හඳුනන්නෙ නෑ. ආගම දහම ගැන සැලකිලිමත් වෙන්න වෙලාවක් නැහැ. කාර්ය පහසුකිරීම් ඉහවහා ගිය ලෝකයේ අපි නිදහසේ හුස්මක් වත් ගන්න බැරි තරමට ම කාර්ය බහුල වෙලා.

මොකක් ද මේ විපර්යාසය? එදා තිබුණ මූලික අවශ්‍යතාවයන් ම යි අදත් තිබෙන්නේ. එදා අවම පහසුකම් යටතේ පවා අපේ පවුල්වල ‘වස්තුව’ තිබුණා. අද ඒ දේත් නෑ…!

ජීවන බර දරා ගන්න බැරි තරමට වැඩිවෙලා නැහැ. ඒත් අපේ ජීවිතයේ බර අපි විසින් ම වැඩි කරගෙන. ඒ නිසයි සරල දිවි පෙවත අපට අහිමි වුණේ. බටහිර සරණ ගිහින් අපි අනවශ්‍ය බොහෝ දේවල් අපේ මූලික අවශ්‍යතා බවට පත්කර ගෙන. බඩුභාණ්ඩ පුරවා ගෙන ඉන්න තරමට ජීවිතය සමෘද්ධිමත් කියලා හිතන තරමට, එවිට අපි පොහොසත් කියලා හිතන තරමට අපි මානසිකව ඇදවැටිලා. වැඩිවෙලා තියෙන්නේ ජීවන වියදම නෙමෙයි; තණ්හාව…! සැහැල්ලූ ජීවන රටාවකට හුරුවුණා නම් ආශාවන් පොදිබැඳීමෙන් අපට අහිමි වී ගිය විවේකය හා සුවපහසු ජීවන රටාව ඇති කර ගන්න කිසිදු බැරිකමක් නෑ.

ජීවන බර වැඩියි කියලා, කන්න දෙන්න නැහැයි කියලා දරුවො අඩුකිරීමෙන් මේ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබිලා තිබෙනව ද?

දශක කිහිපයකට එපිට අපට තිබුණෙ වත්තේපිටියේ වැවුණු පලාවක්, එළවළුවක් උයාපිහා ගෙන, පවුලේ හැමෝ ම එකට එකතු වෙලා බුක්ති විඳින සමාජ ක‍්‍රමයක්. දරුවෝ ගෙදරින් එළියට ගියේ, නින්දට ගියේ දෙමව්පියන්ට දණ ගහලා වැඳලා. හවසට සුන්දරව පවුලේ හැමෝම එකතු වෙලා බුද්ධ වන්දනාව කරපු අතීතයක් ඒ.

ඒත් අද…. අම්මා, තාත්තා, දරුවෝ එකිනෙකා කතාබහ කරන්නවත් මුණ ගැහෙන්නෙ කලාතුරකින්. එහෙම හමුවුණත් නන්නාඳුනන ආගන්තුකයෝ වගේ තමන්ගේ කුටුම්බය තුළ ම තමන්ට සිරගත වෙන්න වුණ මානසිකත්වයක් පමණයි ශේෂ වෙලා තියෙන්නේ. රත්තරන් කියපු අපේ පුංචි පවුල ගුණ දහමින් පිරිහිලා. ඒත් එදා තිබුණ ඒ වැඩුණු පවුලේ මනු ගුණ දම් පිරීතිරී ගිහින් තිබුණා. අප වරද්ද ගෙන තියෙන්නේ සුළුපටු ආකාරයකින් නම් නො වෙයි. ‘වස්තුව’ මොකක් ද කියන දේ නො දැන වස්තු පොදි බඳින්නට ගිය සමාජ ඛේදවාචකයේ නූතන කියවීම තමයි මේ පිරිහුණු සමාජ රටාව.

බටහිර ගැති මානසිකත්වය තමයි දරුවන් බොහෝ සිටීම අවාසියක් කියලා හිතන්න අපට පුරුදු කරලා තියෙන්නේ. ඔවුන්ගේ ධනාත්මක චින්තනය එය වෙන්න ඇති. හැබැයි කරන්න බෑ කියලා බටහිරින් කියපු දේවල් බොහොමයක් අප කරල පෙන්නුවා. පරාජය කළ නො හැකි යැයි කියූ ලොව ප‍්‍රබල ම ත‍්‍රස්තවාදී නායකයන් විසින් මෙහෙයවන ලද කුරිරු බෙදුම්වාදී ත‍්‍රස්තවාදය අප සහමුලින් ම පරාජය කළේ මේ මෑතකදි. එහෙව් එකේ මේ අපට කරන්න බැරි දෙයක් ද?

නො රටින් ඉල්ලගෙන හිස මත තබා ගත්ත පුහු ජීවන රටාව පැත්තකින් තියලා අපි අපේ ක‍්‍රමය සොයා ගෙන අතීත විභූතිය ප‍්‍රතිනිර්මාණය කරවමු.

අවිවේකයෙන් – විවේකයට…. පරිහානියෙන් – අපරිහානියට….

අසමත්බවින් – සමත්බවට…. පුංචි පවුලෙන් – වැඩුණු පවුලට….

මේ ඉලක්කයන්ට අනුගත වන්න සුදුසු ම කාලය තමයි මේ. වැඩි වැඩියෙන් උපයන ලද ‘සුජාත වස්තු’ අපට අත්‍යවශ්‍යයි කියන පණිවිඩය, ධර්ම දායාදයෙන් පිදුම් ලැබූ මේ පූජනීය කාල පරිචය තුළ අපි රටට ගෙන යමු.

වස්තුවේ සටහන
භාරත සූරියබණ්ඩාර


අනාගත ලෝකය බුදු නෙතින්

$
0
0

ගෙවී යන මොහොත නම් වර්තමානය යි. එම වර්තමානය එළඹෙන මොහොතේ දී අතීතය යි. වසර කිහිපයක අතීතයක්, මතකයක් ලෙස සනිටුහන්ව අප සතුව ඇත. එය හුදෙක් ආවර්ජනය කළ හැක්කක් විනා කිසිසේත් දැකිය හැක්කක් නොවේ. සියල්ල සාපේක්ෂ වූ ලෝකයේ කාලයට මෙන්ම මතකයට ද එය පොදු වූ ධර්මතාවයකි. අනාගතය යනු අපේක්ෂාවන් හා කල්පිතයන් මතින් ගොඩනැගි, හුදෙක් බලාපොරොත්තුව නොඉක්මවූ අවිනිශ්චිත සිතිවිල්ලකි. මෙකී කාලත‍්‍රය තුළ ධ්‍යාන සමාපත්තියෙන් තොර වූ, සතර අපායෙන් නොනිදහස් වූ ඔබේ, අපේ නිම්වළල්ල එතරම්ම සීමා සහිත වූවකි. එනමුදු ඉන් ඔබ්බෙහි පර තෙරක් නොවූ අසීමිත ලොව තුළ අතීත, වර්තමාන, අනාගත තුන්කල් පරිපූර්ණව දුටු සේක, දෙසූ සේක ඒ භාග්‍යවතාණෝ…….

අපි මේ ජීවත්වෙන ලෝකය මහා පුදුමාකාර තැනක්. හසරක් නොදැනගත්, නිම්හිම් සැගවගත් දිගු සසරක ඇවිද යන අපිත් කුමක්දෝ පිනකට දුර්ලභ මිනිසත් බවයක් ලබාගෙන මේ ලෝකෙ පහල වෙලා. ලෝකය කැරකෙනව…. නොනැවතීම. අනාගතය වර්තමානයට ඇද දමමින්, වර්තමානය අතීතයට තල්ලූ කරමින්. තාක්ෂණයත් හුගාක් දුර ගිහින්. හිත, අහිත දෙපැත්තෙන්ම. නොකළ හැකි දෙයක් නැහැයි කියලත් කියන්නෙ ඔය.

ඒ කාරණාව කොහොම වුනත් විද්‍යාව ලෙස ස්වයං අර්ථකතන සපයා ගන්නට යෙදුනු මේ දියුණු යැයි සම්මත තාක්ෂණය අතීත, වර්තමාන, අනාගත තුන්කල සබැඳිවම අසරණ වූ, අසමර්ථ වූ, නිරුත්තර වූ වාර ගණන නම් අනන්තයි…. අප‍්‍රමාණයි. ඒ සැමෙකක්ම යළි යළිත් කියා පෑවේ එහි අසම්පූර්ණත්වයම මිසක අනෙකක් නොවන බව බොහොම පැහැදිලි කාරණාවක්. පරිපූර්ණ වූ විද්‍යාවක සේයා මාත‍්‍රයකුදු විද්‍යාමාන කිරීමට අපොහොසත් මේ තාක්ෂණයට නම් ගමන තව බොහෝ දුරයි. ලොව පවතින තෙවැදෑරුම් වූ යතාර්ථවාදී විද්‍යාවන් සාක්ෂාත් කොට නැණැති පිනැතියන් වෙනුවෙන්ම ලොව හමුවේ තැබූ තුන්කල් නුවණින් ලොව දුටු ඒ අසිරිමත් ප‍්‍රඥා මහිමය තුලින් දුටු හෙට දවස පිළිබඳ සිදු කළ හෙළිදරව්ව සැබැවින්ම අත්භූතයි…. ආශ්චර්යයි…. ලොව පවතින සියළු දේ ඇති සැටියෙන්ම දන්නා-දක්නා සුවිශේෂී වූ අසම සම සබ්බඤ්ඤුත ඥාණයන් ද, කාලත‍්‍රයටම අයත් සියළු දෑ ආවරණ රහිතව දන්නා-දක්නා අසිරිමත් වූ, ශේෂ්ඨ අනාවරණ ඥාණයන් ද දරා වැඩ සිටීමට තරම් මේ උත්තම මනුෂ්‍යරත්නය භාග්‍යවන්ත වුනා. පුණ්‍යවන්ත වුනා. ඒ පැණවත්, භගවත් පින් මහිමය අමා සදහම් වරුසාවක් වී තුන්ලොව අමා දම් සිසිලෙන් නිවා සනසවාලූව. පුණ්‍ය ගංගාවක් වී අමා පැන් බෙදමින් තුන්ලොව සිසාරා ගලා ගියා. ලොවින් සැගවගත් අතීත, වර්තමාන, අනාගත තතු විවර කරමින්…..

මේ ලෝකයේ ආරම්භය ගැන සොයන්න පරීක්ෂණ ඇරඹුනේ මීට සියවස් ගණනාවකට කලින්. තවමත් ඒ පරීක්ෂණ පැවැත්වෙනව. හැබැයි ඒව හොයන්න පටන් ගත්ත අය මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා. මිනිසාගේ ආරම්භය ගැන කල්පිත ඉදිරිපත් කරමින් වෙහෙසුනු චාල්ස් ඩාර්වින් හා අනුගාමිකයන් කපා දැමූ ඉනි ගඟ පුරාම… මින් දෙදහස් පන්සිය වසරකට පමණ මත්තෙන් සැවැත් නුවර පූර්වාරාමයේදි දෙසා වදහළන්නට යෙදුන අග්ගඤ්ඤ සූත‍්‍රය මේ අයට අහන්න, කියවන්න ලැබුන නම්….. විශ්වයේ අසිරිමත් උපත, මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භය, පරිණාමය මේ තරම් පැහැදිලිව, නිරවුල්ව සඳහන්ව ඇති විද්‍යා ප‍්‍රබන්ධයක් වත් ඔබට කියවන්න ලැබිල තියෙනව ද? යම් කලෙකදී පෘථිවිය ආසන්න වා තලයේ ආලෝක ලෙස ජීවත්වන මේ සත්වයන් තෘෂ්ණාව නිසාම ගොරෝසු ශරීර බවට පරිණාමනය වී මෙතක් ආ ගමන සවිස්තරව, නිවැරදිව දැකීමේ දැනීමේ දෙසීමේ ඥාණය  බුදු වරයකු පමණක්ම සතු වන්නක්. මින් අනූ දෙකල්පයකට මත්තෙහි හිඳ ලොව පහල වී වදාළ සත්බුදු වරුන්ගේ විවරණය සැබැවින්ම අසිරි දනවන්නක්. එදා මිනිසුන්ගේ ආයුෂ, දිවි පැවැත්ම, සිතුම් පැතුම් පවා ඉදිරිපත් වන්නේ ඉතා විශ්මිත අයුරින්. ජාතක කතා 550 ක් තුළිනුත්, අතීත කතා දැක්වෙන සූත‍්‍ර-විනය තුළිනුත් යළි යළිත් ප‍්‍රකට වන්නේ ඒ අප‍්‍රමාණ ප‍්‍රඥා මහිමයයි.

අතීතතයෙන් ඇරඹ, වර්තමානය හරහා අපි පියනගන්නේ අනාගතයට. ලෝකයේ ඉදිරි ගමන, අපේ හෙට දවස වගේම මේ යුගයේ බොහොම ප‍්‍රසිද්ධ මාතෘකාවක් වන ලෝක විනාශය ගැනත් බුදු නුවණින් දැක අප හට වදාරනු ලැබුවා මහා කරුණාවෙන් ම. චක්කවත්තී සීහනාද සූත‍්‍රය කියන්නෙ කාලත‍්‍රය සිසාරා ගිය අති විශිෂ්ඨ දුලභ ඝනයේ දේශනාවක්. කල්ප සියයක පමණ අතීතයේ වසර 80,000 ක් පමණ වූ  මිනිසාගේ පරම ආයුෂ අඩුවෙමින් ගොස් එය වසර 10 දක්වා අඩු වන ආකාරයත්, මිනිසාගේ ගුණ දම් පිරිහී, අසද්ධර්මය ඉස්මතු වී, අධර්ම රාගය, විෂම ලෝභය බලවත් වී මෙම ආයු පිරිහීම සිදුවන බවත්, පරම ආයුෂය වසර 10 වන යුගයේ දී එකිනෙකා ගහමරා ගැනීම නිසා සිදුවන අති විශාල මිනිස් සංහාරයක් ගැනත් මෙහිදී භාග්‍යවතුන් වහන්සේ වදාරනු ලබනව. වසර 2500 කට කලින් මේ මිහිතලයේ මිනිසකුගේ පරම ආයුෂය අවුරුදු 120ක්. නමුත් අද….. අවුරුදු 70යි 80 යි. මේ විදියට මේ පිරිහීම අවුරුදු 10 දක්වාම යනව. මේ මහා භද‍්‍රකල්පය තුලදීම. ඒ කාලෙ අවුරුදු දහයක් වෙනකොට ඉස්කෝල ගිහිල්ල, රස්සාවක් කරල, කසාද බැඳල, ළමයි හදල, ළමයින්ගෙ ළමයිත් බලල, වයසට ගිහිල්ල මැරිලත් යනව. ඔක්කොටම තියෙන්නෙ අවුරුදු 10යි… ඒ වෙනකොට මේ ලෝකෙ සද්ධර්මයක් නැහැ. කිසි කෙනෙක් එහෙම දෙයක් ගැන දන්නෙවත් නැහැ. මනුෂ්‍ය ගුණ දහම් කියල දෙයක් ඉතිරි වෙලා නැහැ. අධර්මවාදීන්ගේ ග‍්‍රහනයට මුළු ලෝකයම නතු වෙනවා.

මේ විදියටම සොබාදහමත් පිරිහෙනව. මිනිස් ක‍්‍රියාකාරකම් නිසාම. එළවළු, පලතුරු වල රසය නැත්තටම නැති වෙලා යන කලක් ඉදිරියෙදි එනවා. පැලයක් හිටවල ඵලයක් ලබන්න බැරි තරමටම මේ පෘථිවි සාරය අතුරුදහන් වෙනවා. මිනිස්සුන්ට කටට රහට කෑමක් කන්න බැහැ. කන්න කෑමත් නැහැ. මිනිස්සු බොහොම ඉක්මනට ලෙඩ රෝග වලට ගොදුරු වෙනව. ලූණු ඇඹුල් ඇතුව කෑමක් කන්න බැහැ. තෙල් මිරිස් දාපු කෑමක් කන්න බැහැ. දිරවගන්න බැහැ. කෑවොත් ලෙඩ වෙනව. මිනිස්සු හොයන්නෙ කෙඳි සහිත ආහාර… ෆයිබර්. ඉදිරියෙදි ලෝකයේ ඉතිරි වෙන රසවත්ම ආහාර වෙන්නෙ මේව. නිකමට බලන්න ඔබ අවට ලෝකයෙ මේ ලකුණු පහල වෙලා නැද්ද කියල. බලන්න අද වෛද්‍ය වරයෙක් ළගට ගිහිල්ල එයාල නීරෝගී දිවියකට අනුමත කරන්නෙ මොන විදියේ ආහාරද කියල.

මේ සියළු කරුණු කාරණා වලට මූල බීජය වෙන්නෙ මිනිසාගේ ආධ්‍යාත්මික පරිහානිය. කරුණාව, දයාව, මෛත‍්‍රිය, අනුකම්පාව මිනිස් හදවත් තුළින් ගිලිහිලා ගියාම ඒ ලෝකය තුළ ධර්මයට ඉඩක් නැහැ. රාගය, ද්වේශය, මෝහය විසින් මුළු මිනිස් සංහතියම වෙලා ගන්නව. බුදුරජාණන් වහන්සේ විසින් මස් වැදැල්ලකට, ඇට කැබැල්ලකට, ගිනි අගුරු ගොඩකට, හුළු අත්තකට, හීනයකට උපමා කළ කාමය ට මේ සමාජය තුළ තියෙන්නෙ කොයිතරම් ඉහළ ඉල්ලූමක් ද…. බලන්න අද රාගය නිසා මිනිස්සු කොයි තරම් අවුල් ජාලයක පැටලිලා ඉන්නවද කියල. ඉදිරියෙදි මේ තත්ත්වය බොහොම දරුණු වෙනවා. රාගයෙන් මුසපත් වන මිනිස් සමාජය බල්ලො බළල්ලූ වගේ හැසිරෙන්න ගන්නව. අම්මල, පුතාල, තාත්තලල, සහෝදර, සහෝදරියො….. කිසිම භේදයක් නැතුව. තැනක් නොතැනක් නැතුව. බලන්න දිනපතා පුවත්පතක් අරගෙන බුදු වදන අසත්‍යයක් ද කියල. අපි හෙට දවසෙදි පිය නඟන ලෝකය මීට සිය දහස් ගුණයකින් දරුණුයි. අපත් එහිම ගොදුරක් විනා, ඉන් මිදී ගත් සුපුන් සඳක් නම් නෙවෙයි…. තවමත්.

පසේනදී කොසොල් රජතුමා දැකපු සිහින 16 ගැන අපි අහල තියෙනවනෙ…. දැන් බොහොමයක් දෙනාට මතක නැති වුනාට. කොසොල් රජතුමා දැක්කෙ හීනෙ විතරයි. ඒත් ඒ සිහින එකින් එක විවරණය කරන්නට යෙදුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන්නට යෙදුන අනාගත ලෝ තතු සැබැවින්ම විශ්මිතයි. අනාගත රජවරුන්ගේ පිරිහීම, පාලන තන්ත‍්‍රයේ පිරිහීම, නීතියේ වල් වැදීම, එය යටත් වැසියන්ට බලපාන ආකාරය, ඒ තුළින් සමාජයේ ඉහළ යන අපරාධ, ධනය නිසි ලෙස බෙදී නොයාම නිසා ඉහළ යන සොර සතුරු උවදුරු…. අද අපි මේව ප‍්‍රායෝගිකව අත්දකින්නෙ නැත් ද? විෂම ලෝභය නිසා අද කොයි තරම් දෙනා දුසිරිතට යොමු වෙලා ද… හෙට දවසේ මෙලොව රැඳුනොත් අපිත් පිය නඟන්නේ මේ රුදුරු, බිහිසුනු ලෝකය තුළටමයි.

මිනිසුන්ගේ ආයුෂ අඩුවන කාලයේ දැඩි සේ බලවත් වන විෂම රාගය ගැනත්, එය සිදුවන ආකාරය ගැනත් බුදුරජාණන් වහන්සේ මෙහිදී විස්තර කරනව. ළමා වයසේ කුඩා ගැහැණු*පිරිමි ළමයි සංවාසයේ යෙදෙනව. දරුවො ලැබෙනව ළමා වියේදිම. සියවස් කිහිපයක් ඈතට දිවෙන ලේඛනගත ලෝක ඉතිහාසයේ වයස අවුරුදු 12ට අඩු මව්වරුන් 35ක් පමණ පිළිබඳ වාර්තා වෙලා තියෙනව. එම අඩු වයස් උපත් 35 අතරින් 23ක්ම සිදුවී තිබෙන්නෙ වසර 2000 – 2010 දක්වා කාලය තුළ. බලන්න ලෝකයේ දියුණුව…

නිරන්තරයෙන් හැම දෙයක් ගැනම පරීක්ෂණ සිදු කරන එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර අවුරුදු කීපයක ඉඳල උභතෝකෝටිකයකට මැදි වෙලා. මේක හුගක්ම බලපාල තියෙන්නෙ ළමා වෛද්‍ය වරුන්ට. අම්මල දොස්තරට ඇවිත් කියනව මගේ දුවට තවම අවුරුදු පහයි. ඒත් මේ ළමයගෙ පියයුරු වැඩිල. තවත් පිරිසක් කියනව මගේ දුවට අවුරුදු හතයි. වැඩි වියට පත්වෙලා. දොස්තරල බෙහෙත් දෙන එක පැත්තක තියල මේ ගැන හොයන්න ගත්ත. තාමත් හොයනව. ඒත් හොයාගත්ත කිසිවක් නැහැ. එයාල හොයා ගත්ත එකම දේ තමයි මේක සීඝ‍්‍රයෙන් ඉහළ යන ප‍්‍රවණතාවක් කියල. ඉතින් ඔය දේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මීට දෙදහස් පන්සිය වසරකටත් කලින් දාරුක්ඛන්දෝපම සූත‍්‍රයෙදි. ආයුෂ අඩු වෙමින් පිරිහීගෙන යන මිනිසුන් තුළ ඇතිවෙන මූලික ලක්ෂණ මේව.

අනාගත ලොව තුළ අපි දකින සුභ සිහින ගැන දැන් මොකද හිතෙන්නෙ….? මේ සසර ගමන අතිශය බියකරුයි. අපට කොහේ කොතැනක යන්න වේවිදැයි අපි දන්නෙ නැහැ. රැස් කරගන්නට යෙදුනු කළු-සුදු කර්මයන් එය තීරණය කරාවි. නමුත් අපි ඒ වෙනුවෙන් යම් ආයෝජනයක් කළ යුතුයි. සුගති ලෝක අතරින් පහලින්ම තියෙන ලෝකයේ තමයි අපි මේ ඉන්නෙ. මෙතනින් පහල තියෙන්නෙ ඔක්කොම දුකින් අගතියට ගිය දුගති. මේ ලෝකය සුගතියක් වුනත් පිරිහෙන හෙට දවස තුළ යහපතට ඉඩක් ඇත්තේම නැහැ. සද්ධර්මය අංශු මාත‍්‍රයකවත් රැකෙන්නෙ නැහැ. හෙට දවසේ ඒ අසත්පුරුෂ ලෝකය තුළ අධර්මවාදීන්ගේ ගොදුරක්ව අසරණව දුගතිගාමී වනවා හැරෙන්නට මිනිස් ලොව තුළ මිනිසාට තියෙන රැකවරණය බිංදුවටත් අඩුයි.

සියළු බුදු වරුන් නිතැතින්ම අගය කළේ අප‍්‍රමාදයේ ගුණමයි. ඉතින් ඒ උතුම් බුද්ධ වචනය අනුව යමින් මෙලොව පරලොව යහපත, ආරක්ෂාව සලසා ගැනීමමයි අප විසින් නොපමාව සිදු කළ යුත්තේ. කවුද දන්නෙ අපි හෙට මැරෙයිද කියලා. මිනිස් ලෝකය පිරිහෙන මේ යුගයෙදි මැරිල ආපහු මෙහෙ එන්න වුනොත් ඒක මහා අවාසනාවක්. මෙතනින් පහලට වැටුනොත් ඊටත් වඩා  අවාසනාවක්. උතුම් ශ‍්‍රී සම්බුද්ධ ශාසනයක් පවතින යුගයක මෙලොව පහල වෙන්න ලැබීමෙන් ලද අති දුර්ලභ භාග්‍යය අපි වටහා ගන්න  ඕන. ඒ චතුරාර්‍ය සත්‍ය ධර්මය ඒ ආකාරෙන්ම දෙසා වදාරණ කළ්‍යාණමිත‍්‍රයන් මුණගැසීමෙන් අප ලද භාග්‍ය අපි වටහා ගන්න  ඕන. මේව අපට හැමදාම, හැම තැනදිම ලැබෙන දේවල් නෙවෙයි. බොහොම සුළු කාලයකට මතු වුන වාසනාවක්, නිධානයක්. මේක වටහා නොගෙන ප‍්‍රමාදයට පත් වුනොත් අපිත් හෙට මේ ලෝකෙ ඉපදිලා තිරිසන්නු වගේ හැසිරේවි. ඇන කොටා ගනීවි. ගහ මරා ගනීවි. ඉරිසියා කරාවි. හොරකම් කරාවි. හිරේ විලංගුවේ වැටේවි. අපා දුක් විඳීවි. ඔබ එයට සූදානම් ද….?

විකල්ප දෙකක් තියෙනවා. අප‍්‍රමාදීව ධර්මයේ හැසිරිලා, පින් රැස් කරගෙන, කුසල් වඩලා අපමණ සැප සහිතව සුගතිගාමී වෙන්න පුළුවන්. එහෙම නැති නම් ඔය යන විදියටම මුකුත්ම නොකර ගිහිල්ල පිරිහෙන මනුස්ස ලෝකයට හෝ එතනින් පහලට යන්නත් පුළුවන්. තීරණය බුද්ධිමත් ඔබ සතුයි….. අප‍්‍රමාදව.

- ධීවන්ත දසනායක -

තුල්‍ය වූ දසබල ඥාණයෙන් පිරිපුන්
කංඛ වූ සිව් විශාරද ඥාණයෙන් අගතැන්
අප්පමෙය්‍ය ව සියළු දේ දත්  සියළු කල් දුටු

අඛිල වූ…
අක්ඛදස්ස වූ…
අප්පටිසම වූ…
සිරිමත්, භාග්‍යවත් මනුෂ්‍යරත්නයට නමස්කාර වේවා…!

ඉර –හඳ –තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ…

$
0
0

‘නො මැරී ජීවත් වීම’ කියන්නේ යුගයෙන් යුගයට නො වෙනස් ව පැවතගෙන ආව ප‍්‍රාර්ථනාවක්. ඒ නිසා ම මැරෙන එක කොහොම හරි වළක්වන්න දුරාතීතයේ සිට ම මිනිස්සු ක‍්‍රම සහ විධි සෙව්වා. පාරාවරුන්ගේ අමරණීයත්වයේ සිහිනය දක්වා දිව ගියේ ඒ නො මැරී සදාතනික ව ජීවත් වීමේ වුවමනාව ම තමයි.

ඒත් ඉතින් නො මැරුණු කෙනෙක් ලෝකයේ කොහේවත් හොයාගන්න නැහැ. ‘අමර’ලත් හැමෝම නො වැරදී ම මිය ගියා. අනිත් අය ගැන කවර කථා ද?

ඒත් ඔන්න ආයෙමත් ‘අමර’ කෙනෙක් වෙන්න අපි ජීවත් වෙන ලෝකයේ එක්තරා මිනිසෙක් සූදානම් වෙනවා. මෙවර අමරණීයත්වයේ සටනට පිවිස සටන් වදින්නේ රුසියානු කෝටිපතියෙක්. ඔහු ‘දිමිත‍්‍රි ඉට්ස්කොච්’. තිස් එක් හැවිරිදි වියේ පසුවන දිමිත‍්‍රිගෙ එකම ඉලක්කය ඔහු පසුගිය දිනයක මාධ්‍යය වෙත හෙළිදරව් කළා. ඔහුගේ බලාපොරොත්තුව වෙන්නේ නව තාක්ෂණය ඔස්සේ නිපදවන කෘත‍්‍රිම සිරුරකට මොළය බද්ධ කරවාගෙන සදාතනිකත්වයට පත් වීම. විද්‍යා ප‍්‍රබන්ධයක් වගේ දැනෙන මේ කථාවට ඔහු තවදුරටත් පැහැදිලි කිරීම් එකතු කර තිබුණා.

ඔහුට අනුව නම් අභ්‍යවකාශය ජයගත් අභ්‍යවකාශ මධ්‍යස්ථාන, අයිෆෝන්, න්‍යෂ්ටික සබ්මැරීන ආදි අති සූක්ෂම, අති දියුණු තාක්ෂණික උපකරණ කිසිවක් මිනිස් සිරුරේ පවතින භෞතික හැකියාවන් ඉක්මවා යන්නට සමත් වී නැහැ. ඒ නිසා එවන් නිර්මාණයන් පරයන සහ සාමාන්‍ය මිනිස් සිරුරක පවතින සීමාවන් ඉක්මවා යන කෘති‍්‍රම සිරුරක් නිර්මාණය කළ යුතු වෙනවා.

එලෙස නිර්මාණය කරන නව සිරුරට ඉතා අධික උෂ්ණත්වයක්, ඉතා ඉහළ පීඩනයක් දරා ගැනීමට වගේ ම අති ප‍්‍රබල විකිරණවලට පවා ඔරොත්තු දීමට හැකිවිය යුතු බවයි ඔවුන්ගේ අදහස. මේ අරමුණ මුදුන් පමුණුවා ගන්නට බලාපොරොත්තු වන්නේ වර්ෂ 2045 දී. ‘ග්ලෝබල් ෆියුචර් කොන්ග‍්‍රස්’ යන නමින් පිහිටුවා ගත් පදනමක් යටතේ ලොව පුරා අනුගාමිකයන් බොහෝ පිරිසක් එකතු කරගෙන ඔහු මේ වනවිටත් 2045 දී අමරණීය වීමේ සිහිනය බෙදා හදා ගනිමින් සිටිනවා.

දැනට ඔවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ 2015 වසර වන විට මිනිස් මනස පරිගණකගත කර ගැනීම. ඒ සඳහා කෘත‍්‍රිම මිනිස් සිරුරක් නිර්මාණය කිරීමේ සංකීර්ණ ක‍්‍රියාවලියට පවා ඔවුන් අත පොවා අවසන්. කෘත‍්‍රිම සිරුරක් තුළ තමන්ට සදාතනිකව ජීවත් වෙන්නට පුළුවන් කියා විශ්වාස කරන දිමිත‍්‍රි කෘත‍්‍රිම සිරුරකට ඇතුළු වී ‘අමර’ වීම හෝ ස්වභාවික සිරුරේ හිඳ මරණයට පත්වීම එකිනෙකාට ස්වාධීනව තීරණය කිරීමේ ඉඩකඩකුත් ලබා දෙනවා. 2045 වන විට අපි නො මැරී සිටියොත් (ඒ වගේ ම දිමිත‍්‍රි ඇතුළු අනුගාමික පිරිසත් නො මැරී සිටියොත්) මේ අමරණීයත්වයේ සිහිනයට කුමක් සිදු වේ ද? යන්න දැන ගන්න අපටත් හැකි වේවි.

ලෝ ප‍්‍රකට හොලිවුඞ් සිනමාකරු ජේම්ස් කැමරන්ගේ ‘ඇවටර්’ චිත‍්‍රපටයේ තේමාව දිමිත‍්‍රිලගේ මේ අමරණීය වීමේ ව්‍යාපෘතියට අතිශයින් සමානයි. ඒ නිසා ම ඔවුන් මරණයෙන් ගැලවීම පිණිස නිර්මාණය කරන්නට යන කෘත‍්‍රිම සිරුර හඳුන්වන්නෙත් ඇවටර් නමින්. (මේ නම අප විසින් ‘අවතාර’ යන වචනය ශබ්ද කරන ආකාරයටත් යම් සමානකමක් දක්වනවා නේ ද?)

මිනිස් පරිණාමය තුළ හමුවුණ අමරණීය ම සන්ධිස්ථානය බවට මේ අමරණීය වීමේ ව්‍යාපෘතිය පත්වනු ඇති බව තමයි එය කෙරෙහි උනන්දුවක් දක්වන සියල්ලන්ගේ ම අදහස…

කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් වැය කරමින්, සුවිශේෂී තාක්ෂණයක් උපයෝගී කර ගනිමින් ඔවුන් සිදු කරන මේ දේ ඇතැම් විට සාර්ථක වෙන්න පුළුවන් කියලා හිතන පිරිසක් වගේ ම සාර්ථක වේවා! යැයි පතන පිරිසකුත් ලෝකයේ ඉන්නවා. උපන්නා වූ සියලූ සත්වයන් ඒකාන්ත වශයෙන් ම මරණය උරුම කරගෙන සිටින බව මනාව පෙන්වා දෙන දහමක් අසන්නට නො ලැබෙන ඔවුන් නො මැරී සිටීමක් ගැන එවන් විශ්වාසයක් තැබීම පුදුම වෙන්න කාරණයකුත් නෙමෙයි.

අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, ප‍්‍රණීත වේවා, දුර වේවා, ළඟ වේවා සියලූ රූප අනිත්‍ය බව, තම වසඟයේ පැවැත්විය නො හැකි බව, දුක් සහගත බව සම්බුදු දහම සවනට නො වැකුණ කවරෙක් නම් දැන ගන්න ද? ඔවුන්ට මිනිස් මොළය පරිගණකයටකට ගන්න පුළුවන් වෙයි. මොළය කෘත‍්‍රිම සිරුරකට බද්ධ කරවා පවත්වා ගන්නත් යම් දිනෙක පුළුවන් වෙයි. ඒත් ඒ කිසිවක් ඔවුන්ට සදාතනිකව පවත්වා ගන්න බෑ. කවදා හෝ දවසක ඒ සියල්ල කාලයේ පහර දීමට හසුවන බව සිකුරුයි. ලෙයින්, මසින් නෙමෙයි, ගලින් යකඩින් කළත් ඒ සියල්ලේ විනාශය නියතයක්.

ඔවුන්ට එක දෙයක් කරන්න පුළුවන් වෙයි. ඒ තමයි එන්න එන්න ම අඩු වෙවී යන ආයුෂ වර්ධනය කර ගන්න එක. දැන් අවුරුදු හැටක් හැත්තෑවක් ජීවත් වෙන එක අවුරුදු සියයකට එහා අගයකට තාක්ෂණික මෙවලම් ඔස්සේ යොමු කරන්න ඔවුන්ට හැකි වේවි. ඒත් මරණයෙන් නම් ගැලවීමක් නෑ. වසර දහස් ගණනින් ආයුෂ තිබුණ මිනිස්සු පවා මරණයට පත් වුණා. කෝටි ප‍්‍රකෝටි ගණන් වුණ දිව්‍ය ආයුෂ තිබෙන දෙව් බඹුන් පවා කම්ඵල පරිදි මරණයට පත්වෙනවා. එහෙම එකේ අවුරුදු සියයක් හමාරක් ජීවත් වෙලා මියැදෙන එක ගැන කියන්නවත් දෙයක් නෑ.

ඒ කොතැන වුණත්, කාට වුණත් ඒකාන්තයෙන් ම මරණය උරුම වෙනවා. ලෝකයා නො දන්න මේ ජීවිත කථන්දරය ගැන සාරිපුත්ත මහ රහතන් වහන්සේ වරෙක හරි අපූරු හෙළිදරව්වක් කළා. උන්වහන්සේ වදාළා, ‘‘උපන් සත්වයාට ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් දෙපැත්තෙන් ම තිබෙන්නේ මරණය ම මිස නො මැරී සිටීමක් නම් නෙමෙයි” කියලා. සත්‍යවාදී සම්බුදු සමිඳුන්ගේ ළයෙහි උපන් ශ‍්‍රාවක පුතණුවන්ගේ ඒ සිංහනාදයේ අසිරිය බලන්න…!

ගෙවා දමන ජීවිතයේ දෙපස බලනකොට ඒකාන්තයෙන් ම මරණය මුණ ගැසෙනවා. සිදු වෙන්නේ කවදා ද? කියන්න බැරි වුණාට කවදා නමුත් එය සිදුවන බව නම් නියතයි. උපන්නා වූ සියලූ සත්වයන් එහෙව් ඉරණමකට ලක් වී සිටිය දී තමයි දිමිත‍්‍රිලා අමරණීය වෙන්න නො වරදින බෙහෙත් හොයන්නේ. ඔවුන් නො දැන සිටියාට ජීවිතය මරණයෙන් කෙළවර වීමේ සර්වකාලීන පොදු උරුමය අපේ මිනිස්සු දැනගෙන හිටියා. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් ”ආවොතින් යා යුතු ය. නො ගොසින් යළි එනු බැරි ය. මේ ලොව ඇත්තේ යාම්-ඊම් පමණකි.” කියා සටහන් තැබුවේත් ඒ සත්‍යය ම යි.

හැබැයි මේ ලොව යාම්-ඊම් අතර කළ හැකි ඉතා වටිනා දේවලූත් තිබෙනවා. ඒ ඉතා වටිනා දේවල් හරියට කරන කෙනා නො වැරදී ම අමරණීය වෙනවා. නො මැරෙන කෙනෙක් බවට පත් වෙනවා. උපත් විපත් හැම දෙයකින් ම සදහට ම නිදහස් වෙනවා. කවුද ඒ කෙනා?

ඒ තමයි භව රැහැන් සුණු විසුණු කළ කෙනා. උපතක් කරා යොමු කරන ආශ‍්‍රවයන් සහමුලින් ම ප‍්‍රහාණය කළ කෙනා. කිසිවකට නො ඇළුණ කෙනා, නො ගැටුණ කෙනා, මුළා නො වුණ කෙනා… දුක නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරපු කෙනා. දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය ප‍්‍රහාණය කළ කෙනා. දුක නැති කිරීම නම් වූ ආර්ය සත්‍යය සාක්ෂාත් කළ කෙනා. දුක නැති කිරීමේ මඟ නම් වූ ආර්ය සත්‍යය ප‍්‍රගුණ කරපු කෙනා. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ, ශාන්ත වූ, ප‍්‍රණීත වූ නිවනින් සැනසෙන ඛීණාශ‍්‍රවයන් වහන්සේ, සම්බුදු ළය මඬලෙහි උපන් රහතන් වහන්සේ… එක් සම්බුදු බණ පදයක් තුළ මරු පරදවා ජයගත් රහතන් වහන්සේලා දහස් නමක් වැඩ සිටිනවා.

නො මැරී සිටින්නට කළ යුත්තේ ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීම ම යි. දිමිත‍්‍රිලා වුණත්, අප වුණත් කළ යුත්තේ එයයි. වීරියෙන් යුතුව, ප‍්‍රඥවෙන් යුතුව ඒ සම්බුදු ගමන් මෙඟේ නිසි ලෙස ගමන් කරනවා නම් 2045 වෙනකල් ඉන්න ඕන නෑ, හරියට කළොත් දවස් හතකුත් හොඳට ම ඇති කියලයි තථාගතයන් වහන්සේ වදාළේ.

ඒ දේ හරියට කළොත් ඉර හඳ තරු පවතින තුරු විතරක් නෙමෙයි, ඉර හඳ තරු නැතිව ගියත් අපි මැරෙන්නෙ නෑ…!!!

‘‘අප්පමාදෝ අමතපදං
පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති
යේ පමත්තා යථා මතා”

‘‘අප‍්‍රමාදී ව සීල, සමාධි, ප‍්‍රඥ වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසඟ වෙලා ප‍්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නේ ආයෙ ආයෙම මරණය විතරයි. අප‍්‍රමාදී ව ධර්මයේ හැසිරෙන උදවිය අමරණීය වෙනවා. ප‍්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මළකඳන් වගේ තමයි.”
(ධම්ම පදය – අප්පමාද වර්ගය)

 

ඖෂධ පාත‍්‍රයකින් මුනිරජුන් පුද දෙමු

$
0
0

අප පිවිසුණේ අනුරපුර මහමෙව්නා උයනේ උඩ මළුව වෙතටයි. දෙවියන්ට පි‍්‍රය වූ තිස්ස නිරිඳුන් විසින් රාජ කිරීටයෙන් අභිෂේක කරවා ලක්දිව බුදු සසුනට පූජා කරමින් පුදසත්කාර කරනු ලැබුයේ ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් ප‍්‍රදක්ෂිණා කොට වන්දනා කිරීමෙන් අනතුරුව බෝ සමිඳුන් අභියස අපි මඳ වේලාවක් විවේකයෙන් රැඳී සිටියෙමු.

පසෙකින් කණ වැකුණේ යාදිනි හඬකි. ඔහු ද අප මෙන් ම ලෙඩ වෙන, දිරන, වැනසෙන කයක් උරුම කරගෙන සිටියෙකි. නමුත් ඔහු පැතුවේ ‘‘ලෙඩ නො වේවා!” කියා ය. තෙරුවන් ගුණ කැටි කොට සැරසූ කොඩි වැලක්, ධජයක්, මනරම් කංචුකයන් වෙනුවට බෝධි ප‍්‍රාකාරය වටා වූයේ දරුවන්ගේ, වැඩිහිටියන්ගේ නම් සහිත ව ‘සියළු රෝග දුරු වේවා!’, ‘සියලූ කටයුතු සඵල වේවා!’ ආදී ලෙසින් සටහන් වූ කොඩි වැල් ය. එකී පැතුම් මා තුළ ද තිබිණි. වෙනසකට වූයේ එය සිදුකළ ආකාරය යි. නමුදු අවසන ඔහුගේ ද මාගේ ද පැතුම එක ම විය.

මම වෙනසට හේතුව විමසීමි. සැබැවින් ම කලණ මිතුරු ඇසුර සැබැවින් ම වාසනාවන්ත ය. ලෙඩ දුක් පිරි ජීවිතයක් ලබා සිටින්නවුන්ට ලෙඩ දුකින් අත්මිදෙන මඟ කියා දෙන්නේ සැබැවින් ම ඒ කලණ මිතුරාණෝ ය. පරම පූජනීය කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසූ මහා ශ‍්‍රාවකයන් වහන්සේලා අතර අල්ප ආබාධ ඇති භික්ෂුන් වහන්සේලා අතුරින් අග‍්‍රස්ථානය හිමි වූයේ බක්කුල මහ රහතන් වහන්සේට ය.
අවුරුදු 160ක් පරමායුෂ වැළඳූ උන්වහන්සේට උණ සෙම්ප‍්‍රතිශ්‍යාවක් වත් ජීවිත කාලය පුරා වැළඳී තිබුණේ නැත. මේ කරුණ මෙසේ සිදු වූයේ යාතිකා කොට හෝ කොඩිවැල් හෝ ග‍්‍රහ වස්තූන්ට පුද පූජා දී නො වේ. උන්වහන්සේගේ පෙර ආත්මභවයක දී බුදුරජාණන් වහන්සේ සහ මහ රහතන් වහන්සේලා උදෙසා ඖෂධ පූජා කොට සිදු කළ දැහැමි ප‍්‍රාර්ථනාවක ප‍්‍රතිඵලයක් ලෙසට ලද ආනිසංසයකි.

එසේ නම් නිරෝගී බව කැමති අපි කුමක් කළ යුතු ද?

දෙතිසක් මංගල ලකුණින් යුතු වූ බුදු සමිඳුන් අද ජීවමානව අපට දැකගන්නට නො ලැබුණත් උන්වහන්සේගේ ශී‍්‍රමත් ධාතූන් වහන්සේලා ජීවමානව අදටත් වැඩ සිටිති. ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ විරාජමානව වැඩ හිඳිමින් ලෝසතට සම්බුදු ගුණ සිහිපත් කරමින් සිත්සතන් සුවපත් කරවයි. ඉතින් නිරෝගී බව පතමින් ලියූ කොඩිවැල් හෝ යාදිනි වෙනුවට උතුම් ධාතූන් වහන්සේලාට, උතුම් සඟ රුවනට ඖෂධ පූජා කිරීමෙන් එහි ආනිසංසයන් අප ජීවිත තුළට ද කැඳවාගන්නට, කුසල් දහම් වඩන්නට එදා මෙන් ම අද ද අපට අවස්ථාව පවතී.

මේ උතුම් පුණ්‍ය කර්මය පිළිබඳ ව පින්වත් වෙද මහත්මයකු හා අප යෙදුනු පිළිසඳරක් ඇසුරින් සකස්කොට ගත් විශේෂ කරුණු කිහිපයක් මෙලෙස ඔබ හමුවේ දක්වන්නෙමු.

‘‘ඖෂධ සකස් කරන්නේ ගිලන් වුණ අයගේ සුවපත් භාවයටයි. ඉතින් ගිලානෝපස්ථානය කියන්නේ බුද්ධෝපස්ථානය හා සම කටයුත්තක් ලෙස තමයි බුදුරජාණන් වහනසේ දේශනා කළේ. ඒ කියන්නේ ගිලන් වූ කෙනෙකුට ඇප උපස්ථාන කරනවා කියන්නේ දස මරසෙන් පරදවා තුන්ලොව ජයගත් අපගේ බුදු සමිඳුන් හට ඇප උපස්ථාන කරනවා කියන එකයි. ගිරිමානන්ද සූත‍්‍ර දේශනාවේ මිනිසුන් හට වැළඳෙන රෝග පීඩාවන් ගැන උන්වහන්සේ කරුණාවෙන් දේශනා කළා. වා, පිත්, සෙම් කෝප වීම් නිසා තමයි බොහොමයක් රෝග වැළඳෙන්නේ. ඒ වගේ ම විෂමාකාර වූ අද සමාජයේ අනෙකුත් රෝගාබාධයන්ගේ වැඩිවීමක් මිසක් අඩුවක් නම් දක්නට ලැබෙන්නේ නැහැ.

ඖෂධ සූදානම් කිරීම උතුම් කටයුත්තක් නිසා අපි බොහෝම පිරිසිදුව, ගෞරවයෙන් යුතු ව තමයි මේ කටයුතු ඉටුකරන්න ඕනි. හැම ඖෂධයක් ම සකස් කරන්නට පෙර සිට ම ‘‘සියළු සත්වයෝ සුවපත් වෙත්වා!” කියන පින් සිතුවිල්ල මුදුන් පත් කරගන්න ඕනි. පූජා කිරීම සඳහා පාත‍්‍රයක් හෝ පිරිසිදු වට්ටියක් තෝරා ගැනීම සිදුකරන්න ඕනි. පාත‍්‍රය හොඳින් කහ වතුරින් හෝ සුවඳ පැනින් සෝදා පිරිසිදු කර තමන්ට රිසි සේ සරසා ගන්න පුළුවන්.

ඖෂධ ලබාගන්න කලින් ඉඳලා ගස් වැල්වලට අපි ගරු බුහුමන් කරන්න ඕනි. ඒ වගේ ම ඖෂධ ලබා ගන්න පෙර සිට ම ඖෂධ සකසා අවසන් වනතුරු ම බුදුගුණ සිහි කිරීම ගොඩක් වටිනවා.

ගස් වැල්වලින් හෝ වෙළඳපලින් අවශ්‍ය කරන ඖෂධ වර්ග ලබාගෙන පිරිසිදු වතුරින් සෝදා හොඳින් වියළා ගන්න. ඖෂධ තෝරා ගන්නේ විශේෂ වට්ටෝරුවකට අනුව නම් එම ඖෂධ එක වට්ටියකට හෝ පාත‍්‍රයකට එන අයුරින් සකසා ගන්න පුළුවන්. විශේෂ වට්ටෝරුවක් නැති නම් තමන්ට රිසි සේ පිළිවෙළකට අලංකාරවත් ලෙසින් අන් අයගේ සිත් පහදින අයුරින් සකස් කරගන්න. යම් යම් රෝගයන්ට ගැළපෙන ඖෂධ වට්ටෝරු වෙන වෙනම සකසා ගන්නත් පුළුවන්. ශාක කොටස් වගේ ම වෙළඳ පොළින් අවශ්‍ය බෙහෙත් තෙල් වර්ග, බාම් වර්ග, දියර වර්ග මේ ඖෂධ මංජුසාවට එකතු කරගන්න අපිට පුළුවන්. මේ වටිනා පින්කම තනිවම සූදානම් කරනවාට වඩා නිවසේ ලොකු කුඩා සෑම දෙනා ම එකතු වී බුදුගුණ සිහි කරමින් මේ කටයුතු කරනවා නම් එය බොහෝ ම වටිනවා. ඉතින් මේ අයුරින් තමයි බුද්ධෝපස්ථානයක් සඳහා අපි ඖෂධ මංජුසාව පිළියෙළ කරන්න ඕනි.

බුදු සමිඳුන් සිහිපත් කරමින් නිවසේ හරි, ධාතූන් වහන්සේලා වැඩ සිටින සෑ රජුන්ට හරි, පූජනීය ස්ථානයකට හරි, ගිලන් වෙලා සිටින පින්වත් ස්වාමීන් වහන්සේ නමකට හරි, උතුම් ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා හරි සිත පහදවා ගෙන සකසා ගත්ත ඖෂධ මංජුසාව පූජා කිරීම කරගන්න පුළුවන්. මේ ඖෂධවල ගුණයෙන් සියලූ දෙනා සුවපත් වෙත්වා! සියලූ සත්වයෝ සුවසේ සිල් ගුණදම් පුරත්වා! කියන උදාරතර කරුණාවෙන් යුතු ව තමයි ඖෂධ පූජාවන් සිදු කරන්නට ඕනි.

වයසට යන ස්වභාවය ම, ලෙඩ වෙන ස්වභාවය ම උරුම කරගෙන සිටිනා අපට වටිනා ඖෂධ මංජුසාවක් සකසා උතුම් තෙරුවන් කෙරෙහි පහන් සිතින් පුද දෙන්නට හැකි ය. අපල දුරුවන්නට, රැකී රක්ෂා සරු කරන්නට බෝ මළුව වටා කොඩි වැල් එල්ලනවා වෙනුවට උතුම් තෙරුවන් ගුණ අර්ථවත් ව මෙවන් ඖෂධ පාත‍්‍රයක් පූජා කරගන්නට හැකි නම් එය කෙතරම් වටින්නේ ද? තෙරුවන් ගුණ සිත තුළ රඳවා ගනිමින් සැමදෙනා එකතු වී කරන මහඟු පින්කමෙන් නිවසේ සෑම දෙනාගේ ම සිත් සතන් සුවපත් කරගන්නට අප සැම දෙනාට මෙයින් අවස්ථාවක් උදා වේ. එලෙසින් ම එදවස බක්කුල මහ රහතන් වහන්සේ සිදු කළ උතුම් පුණ්‍ය කි‍්‍රයාවේ ආනිසංසයන් ලෙසින් උන්වහන්සේ උතුම් ජීවිතයක් උදාකර ගත්තා සේ ම අපට ද මෙම මහඟු පුණ්‍යකර්මයේ බලයෙන් උතුම් ජීවිතයක් කරා පිය නගන්නට වාසනාව උදා වේවි.

තවත් කුමට ද ලෙඩදුකින් අත් මිදෙන්නට යාතිකා පද වැල්…?

රෝග පීඩා බැහැර වේවා! සැමට සුවසෙත උදා වේවා!

අතදුන් සියළු දෙන හට පුණ්‍යානුමොදනා වේවා!

සියලූ සත්වයෝ සුවපත් වෙත්වා!

බුදුපාමොක් සඟරුවන පුදන්නට මිහිරි ගිලන්පස

$
0
0

ආමිස පූජාවෙන් ද ප‍්‍රතිපත්ති පූජාවෙන් ද ලොව පිදුම් ලබන උත්තම මුනිදාණෝ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ම ය. එවන් පූජාවන්ගෙන් අග‍්‍ර වූ පින්ඵල නෙළාගැනීමට තරම් භාග්‍යවන්ත වන්නේ ඒ සමිඳුන් සරණ ගිය ශ‍්‍රාවකයන් ම ය.

සැදැහැ සිත් උපදවා ගෙන ගෞරවයෙන් කරන පූජාවන්ගේ ආනිසංස අපට කියන්නේ දෙව් සැප විඳින දෙවිවරුන් ය. විටක ඔවුන් පූජා කළේ එක කැවුමක් පමණි. තවත් විටක එක් උක් ගසක් පමණි. මහත් සැප ඇති, මහත් බල ඇති දිව්‍ය ආනුභාවයන් ලබන්නට තරම් ඒ පින මෝරා ගියේ කළ පූජාවත් සමඟ සිතේ පැහැදීමත් එක්වූ නිසා ම යි.

අග‍්‍ර වූ පිනක් කරන්නට අවස්ථාව උදාවන්නේ ද ඉතා කලාතුරකිනි. කල්ප සියයක් ඇතුළතත් බුද්ධ ශාසන අපට හමුවන්නේ අවස්ථා හතක දී පමණි. බුදු සසුනක දී ම මිස අබුද්ධෝත්පාද කාලයක අග‍්‍ර වූ පින්ඵල නෙළන්නට නො හැකි ය. බුද්ධ ශාසනයක් නැති විට තෙරුවන ගැන අසන්නට ලැබෙන්නේ ද නැත. තෙරුවන ගැන අසන්නටවත් නැති කලෙක අග‍්‍ර වූ පින් කෙසේ නම් රැස් කරන්න ද?

භාග්‍යවතුන් වහන්සේ වදාළේ ජීවමාන සම්බුදු රජුන්ට කරන පූජාවක් සේ සලකා කරන පූජාවන්ගේ සමවිපාක ඇති බවයි. කාලයකට සීමා වූ ධර්මයක් නො වන නිසා ඒ කරුණ මේ මොහොතටත්, අනාගතයටත් එපරිද්දෙන් ම වලංගු වේ. ඒ ලෙසට ම බුදුරජුන් ප‍්‍රමුඛ ආර්ය මහා සඟරුවනට දෙන දානය ද මහත්ඵල ය, මහානිසංස ය.

විකාල භෝජනයෙන් වැළකී දිවිහිමියෙන් සිල් රැකගෙන වාසය කරනා තථාගත ශ‍්‍රාවකයන් උදෙසා කළ හැකි සංඝෝපස්ථාන ම ය පූජාවෙකි, ගිලන්පස පූජාව. භාග්‍යවතුන් වහන්සේ විසින් ම අනුදැන වදාළ අෂ්ටපාන පූජාවන් ගැන අප අසා ඇත. මේ පානයන් අට ගැනත්, ගිලන්පස වශයෙන් සකසා ගත හැකි අනෙකුත් පානයන් ගැනත් සඳහන් වන්නේ විනය පිටකයට අයත් මහාවග්ග පාළිය නම් උතුම් ග‍්‍රන්ථයේ ය.

අපගේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා මේ අයුරින් ඒ පිළිබඳ වදාළ සේක.

‘‘මහණෙනි, අඹ පැන්, දඹ පැන්, ඇටකෙසෙල් පැන්, මස්කෙසෙල් පැන්, මී පැන්, මිදි පැන්, ඕලූ පැන්, බොරලූදමුනු පැන් යන අටවැදෑරුම් පැන් අනුදනිමි. මහණෙනි, ධාන්‍ය ඵලරසය හැර සියලූ ඵලරස අනුදනිමි. මහණෙනි, පිසූ පලා කොළ රසය හැර දිය හා මුසුකොට මිරිකාගත් සියලූ කොළ රස අනුදනිමි. මහණෙනි, මීපුප්රසය හැර සියලූ මල්රස අනුදනිමි. මහණෙනි, උක්රසය (උක්ඉස්ම) අනුදනිමි”

එසේ නම් යම්තාක් පලතුරු ඇත් ද ඒ සියලූ පලතුරු යුෂදිය හා මුසුකර බුදුරජුන්ට පූජා කරගැනීමට අපට හැකියාව ඇත. ගිලන්පස, පූජා කිරීම සඳහා පහසුවෙන් හා ක්ෂණිකව සාදාගත නමුත් ගිලන්පස සැකසීමේ දී සැලකිය යුතු කාරණා කිහිපයක් ම ඇත.

පානය සකසන්නේ මිනිස් සමාජයේ වෙසෙනා අග‍්‍ර වූ පිරිස වන තථාගතයන් වහන්සේ ප‍්‍රමුඛ ආර්ය මහා සඟරුවන උදෙසා බැවින් පිරිසිදුකම ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වේ. ගිලන්පස සකසන ස්ථානයෙහි උඩුවියන් බැඳ තිබීම යහපත් ය. පානය සකසන පිරිස බුදුගුණ මෙනෙහි කරමින් වැඩයෙහි නිරත වීම පානය මනා ලෙසත්, ගෞරවාන්විත ලෙසත් සකසා ගැනීමට උදව් වේ. බොහෝ පලතුරු කෘත‍්‍රිම ව ඉදවීම වර්තමානයේ බහුල ව සිදුවන බැවින් ස්වාභාවිකව ඉදුන නැවුම් පලතුරු තෝරා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. පානය සැකසීමට යොදා ගන්නා ජලය උතුරවා නිවා ගැනීමෙන් අනතුරු ව පෙරා භාවිතය සුදුසු ය. අවශ්‍ය පමණට සීනි සහ ලූණු යොදා ගැනීමෙන් පසු පලතුරුවල කෙඳි ආදි කැබලි සහිත දේ ඉවත්වීම පිණිස නැවත පෙරාගත යුතු වේ. විශේෂයෙන් ම විකාලයේ දීත් පූජාවන බැවින් පානයේ කැබලි මුසු නො වීමට අතිශය විමසිලිමත් විය යුතු ය. වර්තමානයේ පරිභෝජනයට ඇති ආහාරයන්ගේ ගුණාත්මක බව පහළ ගොස් ඇති බැවින් ගුණාත්මක අතින් උසස් පලතුරු හා කොළ යුෂ තෝරා ගැනීම සුදුසු වේ. පානය සකසා ගැනීමෙන් අනතුරු ව ප‍්‍රසන්න වූ රසයක් තිබේදැයි පරීක්ෂා කිරීම වටී. එයින් ගිලන්පස ඉඳුල් නො වේ.

මුල සිට ම මසුරු මල දුරුකරමින් ඉතා ශ‍්‍රද්ධාවෙන් යුතු ව අප විසින් සකසා ගන්නට යෙදුණ ගිලන්පස පූජාකරගන්නා මොහොතේ දීත් එ් සිත එ් ආකාරයෙන් ම රැුක ගත ය. ලස්සන මල්කරුවෙක් ලස්සන ලස්සන මල් නෙළන්නා සේ ගෞතම බුදු සසුන තුළ අප විසින් කරන්නා වූ ආමිස පූජාවන් අතරට අෂ්ටපාන සහිත ගිලන්පස පූජාවෙන් ද පින් රැුස්කර ගෙන, ධර්මාවබෝධය පිණිස ම එ් පිනත් උපකාරී වේවා!යි අපි ප‍්‍රාර්ථනා කරමු.

- නදී -

සැබෑ ධනය නම් ආර්ය වූ ලොව්තුරා දහමයි

$
0
0

බුදුරජාණන් වහන්සේ තුළ පැවති අතිශයින් ම විස්මිත වූ අවබෝධය ගැන ඔබ තුළ ශ‍්‍රද්ධාවක් ඇති වෙන්නට නම් ඔබ අනිවාර්යයෙන් ම බුද්ධ දේශනා කියවිය යුතු යි. එවිට ය බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කවර ධර්මයක් ද යන කරුණ පිළිබඳ ව යම්කිසි වටහා ගැනීමක් ඇති කරගත හැකි වන්නේ.

ධර්මයෙහි ගුණ හයක් තිබේ. පළමුවෙනි ගුණය ස්වාක්ඛාත ගුණයයි. අක්ඛාත යනු ප‍්‍රකාශ කිරීමයි. ස්වාක්ඛාත යනු ‘මනාකොට දේශනා කරන ලද්දේ ය’ යන්නයි. සැබැවින් ම එහි තේරුම කුමක් ද? එනම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ආරම්භයත් කල්‍යාණ වූ දෙයකි. එහි මැදත් කල්‍යාණයි. එහි අවසානයත් කල්‍යාණයි. පැහැදිලි අර්ථයෙන් යුක්ත යි. පැහැදිලි වචනවලින් යුක්ත යි. ජීවිතාවබෝධය පිණිස, නිවන පිණිස, ඍජු ව ම යොමු කරවන ගමන් මාර්ගය පිළිබඳ ව පැහැදිලි විග‍්‍රහයකින් යුක්ත යි. එනිසයි තථාගත ශ‍්‍රී සද්ධර්මය ස්වාක්ඛාත වන්නේ. එය කොතරම් සත්‍යයක් ද කියා ඔබට තේරුම් ගත හැකි වන්නේ උතුම් බුද්ධ දේශනා කියවා ඒ ගැන නුවණින් විමසන්නේ නම් පමණි.

එමෙන් ම බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය සන්දිට්ඨික ගුණයෙන් යුක්ත යි. සන්දිට්ඨික යනු ඉහාත්මය හෙවත් මේ ජීවිතයේ දී ම ප‍්‍රතිඵල ලබා ගත හැකි බවයි. මේ ධර්මය සන්දිට්ඨික ගුණයෙන් තොර නම් ලොව කිසිවෙකුට කිසි කලෙක මාර්ග ඵල ලැබිය නො හැකි ම ය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැතිරුණු සෑම දේශයක ම මග ඵල ලාභීන් පහළ වූයේ ධර්මයෙහි ඇති සන්දිට්ඨික ගුණය නිසා ම ය. මේ සන්දිට්ඨික ගුණය ගැන බුදු මුවින් වදාරණ දෙය ගැන බලන්න.

‘‘පින්වත් රාජකුමාරය, එක් ? දවාලක් තිබේවා. මේ පංචපධානීය අංගවලින් සමන්විත වූ භික්ෂුවක් සිටිනවා නම්, ලොවට නායකත්වය දෙන තථාගතයන් වහන්සේ නමකගේ ඇසුර ලබන ඒ භික්ෂුවට සවසට අනුශාසනාව ලැබෙනවා. පසුව දා උදේ වන විට විශේෂ අධිගමයකට පත්වෙනවා. උදේ අනුශාසනාව ලැබෙනවා. සවස් වන විට විශේෂ අධිගමයකට පත්වෙනවා.”
- බෝධිරාජකුමාර සූත‍්‍රය (ම.නි. 2)

අද වන විට එම සන්දිට්ඨික ගුණය ගැන කතා කිරීම පවා නින්දා ලබන තත්ත්වයට පත් වී ඇත. සසුනෙහි පිරිහීම කොතරම් ද යන්න එයින් මැනැවින් පෙනී යයි. අඩු ගණනේ මෙම ධර්මයෙහි සන්දිට්ඨික ගුණය ගැන ශ‍්‍රද්ධාවවත් තිබිය යුතු ය. මහා සතිපට්ඨාන සූත‍්‍රයෙහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ උන්වහන්සේ වදාරණ අයුරින් යම් භික්ෂුවක් ප‍්‍රතිපත්තියෙහි යෙදුණහොත් සත් දිනක් ඇතුළත දී අරහත්වයට පත්වීම හෝ අනාගාමී බවට පත්වීම හෝ සිදුවන බවයි. බෝධිරාජකුමාර සූත‍්‍රයේ දී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ උන්වහන්සේ උදේ වරුවේ උපදෙස් දෙන සේක. සවස් වන විට ඒ උපදෙස් ලැබූ භික්ෂුව මාර්ගඵලාවබෝධය ලබයි.

මේ සඳහා අනිවාර්යෙයන් ම තිබිය යුතු කුසලතා පහක් ගැන එම සූත‍්‍රයෙහි දී බුදුරජාණන් වහන්සේ වදාරණ සේක. එනම්, භික්ෂුව තුළ ශ‍්‍රද්ධාව තිබිය යුතු ය. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ව පහන් සිතින් යුතු අදහාගැනීමක් තිබිය යුතු ය. එමෙන් ම නීරෝග කෙනෙක් විය යුතු ය. එමෙන් ම සට කපට, මායා නැති තමන්ගේ සැබෑ ස්වභාවය සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ විවෘතව කතා කරන කෙනෙක් විය යුතු ය. එමෙන් ම අකුසල් ප‍්‍රහාණය කිරීමටත්, කුසල් උපදවා ගැනීමටත් අවබෝධයෙන් යුතු වූ අධිකතර වීරියක් තිබිය යුතු ය. එමෙන් ම විදර්ශනා ප‍්‍රඥාව මුහුකුරවා ගත හැකි ආකාරයේ තියුණු යෝනිසෝමනසිකාරයක් තිබිය යුතු ය. මෙවැනි ලක්ෂණයන්ගෙන් යුත් පුණ්‍යවන්තයන් අද නැතැයි කීම මිනිස්කමට කරන නිගාවකි. මෙවැනි අය ස්වල්ප වශයෙන් හෝ සිටිය හැකි ය. එවැනි අයට පවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්නට නො ලැබුණහොත් ඔවුන් ද පිරිහෙනු ඇත. බුදුරජාණන් වහන්සේ වදාළේ,
‘‘සන්ති භික්ඛවේ අප්ප රජක්ඛ ජාතිකා. අස්සවණතෝ ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ”
‘‘පින්වත් මහණෙනි, කෙලෙස් අඩු සත්වයෝ සිටිති. ඔවුන් හට චතුරාර්ය සත්‍ය ප‍්‍රකාශිත ධර්මය අසන්නට නො ලැබුණහොත් ඔවුහු පිරිහී යන්නාහ. ඔවුන් හට ධර්මය අසන්නට ලැබුණහොත් ඔවුහු අවබෝධ කරන්නාහ.”
වශයෙනි. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි යම් ශ‍්‍රාවකයෙකු තුළ සැබෑ ගෞරවයක් තිබේ නම්, එම ශ‍්‍රාවකයා විසින් කළ යුත්තේ ඒ ධර්මයෙහි ඇති ගුණාත්මක වටිනාකම ඉස්මතු කොට පෙන්වීම නො වේ ද? එම නිසා සද්ධර්මය තුළ තිබෙන සන්දිට්ඨික ගුණය කුමක් ද යන්න ගැන දැනගැනීමට ඔබට බෝධිරාජකුමාර සූත‍්‍රය ම ප‍්‍රමාණවත් ය.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලික ගුණයෙන් යුක්ත ය. කෙනෙකුට එම ධර්මය කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති වුවහොත් ඔහු තුළ ධර්මයෙහි හැසිරෙන්නට කැමැත්තක් ඇති වේ. එවිට කලණ මිතුරන් සොයාගෙන යයි. කලණ මිතුරන්ගේ ඇසුරින් ධර්මය අසයි. ධර්මයේ හැසිරෙන්ට වීරිය කරයි. එවිට ඔහු දුසිල් බවින් අත්මිදෙයි. අකුසලයෙන් මිදෙයි; පස්පවින් මිදෙයි; සිල්වත් වෙයි; කුසල් වඩයි. දාන, ශීල, භාවනා ආදි පුණ්‍යක‍්‍රියාවල යෙදෙයි. මෙය ධර්මයෙහි ඇති අකාලික ගුණයක් නො වේ ද? එමෙන් ම පින්වත් කෙනෙකුට කාමයෙන් වෙන්ව, අකුසලයෙන් වෙන්ව, විරාගී ප‍්‍රීතියෙන් යුතු ව සමාධි සැපයක් පවා උපදවා ගත හැකි ය. එමෙන් ම පින්වත් කෙනෙකුට විදර්ශනා ප‍්‍රඥාව තුළින් හේතු ඵල දහම විනිවිද දැක්ක හැකි ය. ඒ සියල්ල ධර්මයෙන් ලැබිය හැකි අකාලික ගුණයන් නො වේ ද?

එවැනි සන්දිට්ඨික, අකාලික ගුණ තිබෙන මේ ධර්මයට කෙනෙක් හිතා මතා නින්දා අපහාස කළහොත්, ගැරහුවහොත්, එම ගුණයන් හෑල්ලූ වන ආකාරයට හෙළා දුටුවහොත් ඔවුන්ට බොහෝ පව් සිදුවීම වැළැක්විය නො හැකි යි. එමෙන් ම උපනූපන් ආත්මවල දී අහේතුක ප‍්‍රතිසන්ධිය ලබන්නටත් හේතු වනු ඇත. එමනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගැරහීම යනු බලවත් පාපයක් බව අප තේරුම් ගත යුතු ය.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒහිපස්සික ගුණයෙන් යුක්ත යි. ඒහිපස්සික යන්නෙහි තේරුම ‘ඇවිත් බලන්න’ යන්නයි. ඇවිත් බැලිය හැකි ධර්මයක් තේරුම් ගැනීමට ‘‘අපට පින් මදිය, අපට පින් නැත. ඒ සඳහා සසරේ බොහෝ ඇවිද යා යුතු ය. අනන්ත වාරගණනක් ඉපිද ගිය පසු අපට ධර්මය අවබෝධ වන්නේ ය” කියා අප පසු වුවහොත් එය අයත් වන්නේ බුදු දහමට නො වේ. ඒ මක්ඛලී ගෝසාලගේ මතය යි. එම මතය දරන බොහෝ උදවිය දැන් හිරි ඔතප් කිසිවකින් තොරව එය කියනු අපට අසන්නට ලැබේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හිරු සඳු දෙකටත් වඩා ප‍්‍රභාෂ්වර දෙයකි. උන්වහන්සේ වදාළේ තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්ම විනය බබළන්නේ විවෘත වූ විට බවයි. සැඟවුණ විට නො වන බවයි. මෙම ධර්මය තුළ රහසේ උපදෙස් දීම, රහසේ උපදෙස් ගැනීම නැත. එසේ තිබුණා නම් එය අයිති වන්නේ උපනිෂද් ධර්මයටයි. උපනිෂද් ධර්මය යනු වේදාන්තයයි. එනම් වේදයෙහි අවසාන කොටසයි. බ‍්‍රාහ්මණයින් තම ශිෂ්‍යයන්ට ගුරු මුෂ්ටි වශයෙන් සඟවාගෙන උගන්වන ධර්මය උපනිෂද්වල ඇතුළත් වේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගුරුමුෂ්ටි කිසිවක් නැති දෙවි මිනිසුන් ඉදිරියෙහි ඉතා පැහැදිලිව එළිපෙහෙලි කරන ලද පරම ප‍්‍රභාෂ්වර ධර්මයකි. එසේ නො වන්නේ නම්, ධර්මය සංගායනා කළ හැකි ද? රහස් බණ සංගායනා කළ නො හැකි ය. වාචනා කිරීම ද කළ නො හැකි ය. අන් අයට ඇසෙන බැවිනි. එනිසා යම් තැනක රහස් බණක් ඇද්ද, රහස් උපදෙස් ඇද්ද, රහසේ උපදෙස් ගෙන පිළිපැදීමක් ඇද්ද එය සැක කළ යුතු දෙයකි. බුද්ධ දේශනාවේ තිබෙන්නේ ඇවිත් බලන්න යැයි කිව හැකි, ඕනෑ ම කෙනෙකු ඉදිරියේ නිර්භයව පෙන්වා දිය හැකි යථාර්ථවාදී ධර්මයකි. ඒ බව සූත‍්‍ර දේශනා තුළින් ඔබට ම මැනැවින් පසක් කරගත හැකි ය.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕපනයික ගුණයෙන් යුක්ත යි. එනම් ධර්මයෙහි විස්තර වන්නා වූ යම් සීලස්කන්ධයක් ඇද්ද, එය තමා තුළට පමුණුවා ගත යුතු ය. ධර්මයෙහි විස්තර වන්නා වූ යම් සමාධි ස්කන්ධයක් ඇද්ද, එය ද තමා තුළට පමුණුවා ගත යුතු ය. ධර්මයෙහි විස්තර වන්නා වූ යම් ප‍්‍රඥා ස්කන්ධයක් ඇද්ද එය තමා තුළට පමුණුවා ගත යුතු ය. ධර්මයෙහි විස්තර වන්නේ ප‍්‍රගුණ කළ යුතු දෙයක් පිළිබඳ ව යි. එය තම තමා විසින් ප‍්‍රගුණ කිරීම කළ හැකි වන්නේ එහි ඇති ඕපනයික ගුණය නිසා ය.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ගුණයෙන් යුක්ත යි. එනම් මේ ධර්මයට විවිධාකාර පුණ්‍යගුණයන්ගෙන් යුතු අය පැමිණෙති. ඔවුන් තුළ ධර්මයෙහි හැසිරීමෙහිලා විවිධාකාර කුසලතාවයන් ඉස්මතු වේ. ඒ හේතුව නිසා එකම ධර්මය අසන සමහර කෙනෙක් සෝවාන් වෙති. ඇතැම් කෙනෙක් සකෘදාගාමී වෙති. ඇතැම් කෙනෙක් අනාගාමී වෙති. ඇතැම් කෙනෙක් අරහත්වයට පත්වෙති. එයින් පැහැදිලි වන්නේ ධර්මයෙහි අවබෝධය ඇති වන්නේ එක එක්කෙනා තුළ වෙන වෙනම බවයි. බුද්ධිමත් උදවිය විසින් තම තම නැණ පමණින් එම ධර්මය අවබෝධ කරගත යුතු බව පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ගුණයයි.

මෙබඳු ගුණයෙන් සපිරි උතුම් බුද්ධ වචනය මෙවැනි යුගයක දී තමන්ගේ භාෂාවෙන්, තේරෙන වචනවලින් අවබෝධ කරගන්නට ලැබෙන්නේ නම් එය කොතරම් වාසනාවක් ද? එනිසා මේ උතුම් බුද්ධ දේශනා සුලභ වීම යනු මිනිස් ලොවට ඇතිවන ලාභයක් ම ය. එහි අර්ථ මැනැවින් තේරුම් ගත හැකි වීම මිනිස් දිවියට ආලෝකයක් ම ය. මජ්ඣිම නිකායෙහි ඒසුකාරී සූත‍්‍රයෙහි දී බුදුරජාණන් වහන්සේ ‘‘පින්වත් බ‍්‍රාහ්මණය, මනුෂ්‍යයා හට තමන්ගේ ම ධනයක් හැටියට මා පණවන්නේ ආර්ය වූ ලොව්තුරා දහමයි” යනුවෙන් වදාළ සේක. එසේ නම් මනුෂ්‍යයාට ස්වකීය ධනයක් ලෙස ආර්ය වූ ලෝකෝත්තර ධර්මයක් ලබාගත හැක්කේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මිස වෙන කුමකින් ද?

ධාර්මික වෘත්තිය සහ සුගති මඟ

$
0
0

අප මිනිස් ලොව ඉපිද සිටින්නේ ඉතාමත් සුළු කලකටයි. නමුත් මේ සුළු කාලය තුළ දී බොහෝ දේ කරන්නට තියෙනවා. එනිසා අපට සිතෙන්නේ ගොඩක් කාලය තියෙනවා කියලයි. නැහැ, ඇත්තෙන් ම අපට තියෙන්නේ සුළු කාලය යි. මේ සුළු කාලයේදී අප ලද මිනිස් ජීවිතයේ යම්කිසි සාර්ථකත්වයක් ලබාගන්න ඕනෑ. සැපවත් ලෙස ජීවිතය ගත කරන්නට ඕනෑ. පිං රැස්කර ගන්නටත් ඕනෑ. සතර අපායට නො වැටෙන සේ ජීවිතය රැකගන්නටත්, මරණින් මතු සුගතියේ උප්පත්තිය ලබන්නටත්, සසරින් එතෙර වන වැඩපිළිවෙලක් ඇති කරගන්නටත් ඕනෑ.

අඹු දරුවන් පෝෂණය කරමින් ගිහි ගෙදර වාසය කරන පිරිස කැමති විය යුතු කාරණා 5ක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. එනම්,
1. ඔවුන් ඉඩකඩම්, මිලමුදල්, වතුපිටි, යානවාහන ආදි භෝග සම්පත් ලැබීමට කැමති විය යුතු ය
2. ජීවිතය පිළිබඳ ව අවබෝධයක් ලබමින් ප‍්‍රඥාවන්ත ව ජීවිතය ගත කිරීමට කැමති විය යුතු ය
3. ‘හොඳින් අධ්‍යාපනය ලබන්නේ’ යයි කැමති විය යුතු ය
4. ‘හොඳ රැකියාවක් කරන්නෙමි’යි කැමති විය යුතු ය
5. තමන් කරන රැකියාව අතර මඟ කඩාකප්පල් නො කර අනාගත අපේක්‍ෂාවන් ඉටු කරගන්නා තෙක් ම තෘප්තිමත් ව අවසානයක් දක්වා කරන්නෙමි’යි කැමති විය යුතු ය
(ඛත්තිය සූත‍්‍රය – අං. නි.)

ඉහත සඳහන් සියලූ අපේක්ෂා ඉටු කර ගැනීමට ගිහි ශා‍්‍රවකයන් කල්පනා කළ යුතු ය. රටක් තුළ නොයෙක් නොයෙක් රැකි රක්ෂා සිදු කරමින් ආදායම් උපයන විශාල පිරිසක් සිටිය ද එම රැුකියාවන් මුල් කොට තෘප්තියක්, සතුටක් ලබන පිරිස අල්ප ය. එයට ප‍්‍රධාන හේතු සාධකය වී ඇත්තේ පාරිශුද්ධ අරමුණක් තුළ තම රැකියාව රඳා නො පැවතී ම ය.

බොහෝ දෙනෙකු ආදායම් ඉපයීමට පෙලඹී සිටින්නේ මිථ්‍යා ක‍්‍රම අනුගමනය කොටගෙන ය. එනම් මත්ද්‍රව්‍ය හා මත්කුඩු වෙළෙඳාම, අවි ආයුධ වෙළෙඳාම, තමා විසින් සතුන් මරා මස් විකිණීම, කිරුම් මිනුම් මඟින් වංචා කිරීම, වැඩි මිලට බඩු විකිණීම, මිනිසුන් විකිණීම, වෙනත් අයගේ නම් දමා ලාභය තමන්ට හරවා ගැනීම, මිනිසුන් බිය වද්දා කප්පම් ගැනීම ආදි දේවල් ය. මිථ්‍යා ආජීවය කියා ධර්මයේ සඳහන් වන්නේ ද එය ම ය.

තමා කරන වෘත්තිය කුමක් වුවත් එමඟින් තෘප්තියක්, සතුටක්, සැනසීමක් ලැබීමට නම් සාධාරණ ක‍්‍රම මඟින් ආදායම් උපයාගත යුතු ය. ආදායම් උපයා ගැනීම හා ලාභ ලැබීම පමණක් රැකියාවේ මූලික අපේක්ෂාව නො විය යුතු ය. තම ආයතනයට, සමාජයට හා මුළු මහත් රටට ම යහපතක් සිදුවන ආකාරයට තම රැකියාව කළ යුතු ය. මෙසේ ධාර්මිකව උපයන ආදායමෙන් අඹුදරුවන් පෝෂණය කරමින් කර්මඵල අදහා ගෙන මුළු හදවතින් ම තෙරුවන් සරණ ගොස් සංසාර විමුක්තිය ගැනත් කල්පනා කරන අයට දෙවියන් පවා වඳින බව ධර්මයේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ ධාර්මිකව රැකීරක්‍ෂා කර උපයන ආදායමෙන් සිත පහදවා ගෙන දන් දෙන තැනැත්තා දෙලොව ම ජය ගන්නා බවයි.

ධර්මානුකූල ව රැකීරක්‍ෂා කරමින් තමා උපයන මුදල කොටස් 04 කට බෙදිය යුතු ය.
1. පළමු කොටස ආහාරය සඳහා ය.
2. දෙවැනි කොටස ආදායම් මාර්ගයකට යොමු කළ යුතු ය.
3. තෙවැනි කොටස ද ආදායම් මාර්ගයකට යොමු කළ යුතු ය.
4. හතර වැනි කොටස ආපදාවක දී ගැනීමට තැන්පත් කර තබා ගත යුතු ය.

මෙසේ ධාර්මිකව රැකීරක්‍ෂා කරමින් ආදායම් උපයමින් සියලූ දෙනා කෙරෙහි මෛතී‍්‍රය සහගත ව කටයුතු කරන පුද්ගලයාට ජීවිතයේ සැඳෑ සමයේ දී තම ආදායම් ඉපැයූ ආකාරය, ජීවිතය ගත කළ ආකාරය පිළිබඳ ව විමසද්දී සතුටු වීමේ හැකියාව ඇත. අවාසනාවකට එබඳු වාසනාවක් රැකීරක්‍ෂා කරන බොහෝ පිරිසකට උදාවී නො මැත. අසරණ රෝගීන් කෙරෙහි කරුණාවක් නොමැති, පණ අදින රෝගීන් පසෙක දමා සිය මඩිය තරකර ගැනීමේ අටියේ නිරතුරු වැඩ වරණ හෙදියන්ට, දොස්තරවරුන්ට එම වාසනාව නැත. වැඩ කටයුතු මඟහරිමින් සේවය නො කර ආදායම් ලබන ඇතැම් සේවකයන්ට ද එම වාසනාව නැත. සේවකයන් කෙරෙහි කරුණාවක් නැති නිවාඩු දිනවල පවා අඩු මුදලට වැඩ ගන්නා සේවා යෝජකයන්ට එම වාසනාව නැත. පරණ කෑම නැවත රත් කර කර මේසයට යවන හෝටල් හිමි කරුවන්ට ද එම වාසනාව නො මැත. අසැබි වචන තෙපලමින් කරමින් ටියුෂන් දෙන දිසාපාමොක්ලාට ද එම වාසනාව නැත. හොරට බඩු කිරන, පරණ බඩු අලූත් ලේබල් දමා විකුණන කඩ හිමියන්ට ද එම වාසනාව නැත. අසභ්‍ය වීඩියෝ පට, පත්තර විකුණන, ඒවා නිෂ්පාදනය කරන පිරිසට ද එම වාසනාව උදාවී නො මැත. ‘විදෙස් රැකියාවන් ලබා දෙමි’ කියා මුදල් පැහැරගෙන යන වංචකයන්ට ද එම වාසනාව නැත. ‘වැඩි පොලියක් ලබා දෙනවා’ කියමින් මුදල් ලබා ගෙන මුදල් සියල්ල සොරකම් කරන මිනිසුන්ට ද මේ වාසනාව උදාවී නො මැත.

මේ හේතුවෙන් රැකියා නියුක්තිකයන්ට තම රැකියාව මුල් කොට ජීවිතයට සතුටක් ලැබීමේ, පින් දහම් රැස්කර ගැනීමේ අවස්ථාව මඟ හැරී ඇත. අවසානයේ රැකියාවෙන් ලැබී ඇත්තේ භවභෝග සම්පත් හා තම සිතට අසහනය, අසතුට ජනිත කරවන අකුසල් ගොඩක් පමණි.

තමා කරගෙන යන රැකීරක්‍ෂා ව්‍යාපාර කඩාකප්පල් වීමටත්, ලබා ඇති ධනය පිරිහීමටත් හේතුවන කාරණා මච්ඡරිය සූත‍්‍රයේ සඳහන් වේ.
1 නින්දාරාමතා – බොහෝ කොට නින්දේ ඇලී සිටීම, කම්මැලි ගතිය, රැකියාවක් කිරීමට ඇති අලස බව
2 සංඝණිකාරාමතා – පිරිසේ ඇලී ගැලී වාසය කිරීම, රැකියාව සිදුකිරීමට ඇති කාලයේ පිරිස් සමඟ එකතුවී විනෝද වෙමින් වැඩ කටයුතු මඟහැරීම.
3 දෝවචස්සතා – ධර්මයට කීකරු නැති බව, එනම් ධාර්මිකව රැකියාව කිරීමට, සිල්වත්ව ජීවත් වීමට, බුදු දහමෙන් නිර්දේශ කොට ඇති අවවාදවලට අකමැති වීම.
4 පාපමිත්තතා – තමාට සහ අන් අයට අයහපත පිණිස කටයුතු කරන බේබද්දන්, සොරුන් ආදි පාපමිත‍්‍රයන් ඇසුරු කිරීම, මිල මුදල් නාස්ති කිරීම.

මේ කටයුතුවලින් තොර ව එනම් නින්දේ ඇලී නො සිටීම, ධර්මයට කීකරුව ධාර්මිකව ආදායම උපයමින්, සිල්වත්ව ජීවිතය ගත කරමින් තමාගේ මෙන් ම අන් අයගේ ද යහපතට හේතුවන කලණ මිතුරන් ඇසුරු කරමින් කටයුතු කිරීම නිසා පුද්ගලයෙකුට භවභෝග සම්පත්වලින්, රැකී රක්‍ෂා කටයුතුවලින් දියුණු විය හැකි බව බුදුරජාණන් වහන්සේ පෙන්වාදී ඇත.

මෙසේ අවබෝධයෙන් යුතු ව සම්මා දිට්ඨියට පැමිණි පුද්ගලයාගේ ප‍්‍රධාන අරමුණ වනුයේ සීල, සමාධි, ප‍්‍රඥා දියුණු කොට සසරින් මිදීම ය. එ් සඳහා ඔහු හික්මිය යුත්තේ සීල, සමාධි, ප‍්‍රඥාවලින් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ය. මෙබඳු උදාර අරමුණක් ඉටුකර ගැනීමට නම් පාරිශුද්ධ ජීවිතයක් තමා තුළ ඇතිකර ගත යුතු ය. එම නිසා ඔහු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පස්වෙනි අංගය වශයෙන් සැලකෙන සම්මා ආජීවයෙන් හෙවත් පිරිසිදු දිවි පැවැත්මකින් යුක්ත විය යුතු ය.

ඔහු මෙසේ පව් කරන, පවට අනුබල දෙන ජීවන රටාවක් තුළ සමථ විදර්ශනා වැඩිය නො හැකි නිසා ධාර්මිකව රැකී රක්‍ෂා කරමින්, වෙළෙඳාම් කරමින් ආදායම් උපයයි. එම නිසා තම රැකියාව මුල්කොට ඔහුට පී‍්‍රතියක් සතුටක් ලැබිය හැකි වේ. ඔහුගේ එක ම අරමුණ තම රැකියාවෙන් කෙසේ හෝ ආදායම් ඉපයීම නො ව රැකියාවේ වගකීම් ඉටුකරමින් ආයතනයටත් ජනතාවටත් හැකි උපරිම ආකාරයෙන් සේවය කරමින් ජීවිතයට පින් දහම් රැස්කර ගැනීම ය.

ඒ නිසා නිතර ම තම ආයතනයේ සේවකයන් කෙරෙහි ද, ස්වාමියා කෙරෙහි ද, තමාගෙන් සේවය ලබන පාරිභෝගිකයන් කෙරෙහි ද මෛතී‍්‍ර සහගතව කතාබහ කරන ඔහු ඒ සියලූ දෙනා කෙරෙහි ම මනසින් ද මෛතී‍්‍ර වැඞීමට පුරුදුවෙයි.

තම ආයතනයේ සේවකයන් මෙන් ම අනෙකුත් ආයතනවල සේවකයන් ද, පාරිභෝගිකයන් ද දුක්පීඩා විඳින අවස්ථාවල දී මේ අය දුකින් මිදෙනවා නම් කොච්චර හොඳයි ද? යන අදහසින් කටයුතු කරයි. ඔවුන්ට සහන සලසා දෙයි. එවිට ඔහු තුළ වැඩෙන්නේ කරුණාවයි.

එමෙන් ම තම ආයතනයේ සේවකයන්ගේ මෙන් ම අනෙකුත් ආයතනවල සේවකයන්ගේ ද, ගනුදෙනුකරුවන්ගේ ද, දියුණුව දැක සතුටු වෙයි. දියුණුවට අනුබල දෙයි. එවිට ඔහු තුළ මුදිතාව වැඩෙයි.
කර්මයට අනුව සැපදුක් උරුමකොට කර්මය ම දායාදය කොට සිටින සියලූ දෙනා කෙරෙහි ම මධ්‍යස්ථව බලා කටයුතු කරන විට පවතින්නේ උපේක්‍ෂාවයි.

තමන් ධාර්මිකව උපයාගත් ආදායමෙන් කර්මඵල සලකා පිනට දහමට යොදවමින් ‘‘තමන් මසුරු මලින් පීඩා විඳින ජනතාව අතර මසුරු මල බැහැර කළ ත්‍යාගශීලී කෙනෙක් නො වේ දැයි” සිතමින් සතුටු වේ. එවිට ඔහු තුළ වැඩෙන්නේ චාගානුස්සතිය යි. මෙසේ තම වෘත්තිය මුල්කොට භාවනා වඩමින් ජීවිතයට පින් දහම් රැස්කර ගැනීමට රැකියාවක නියුතු සියලූ දෙනාට ම හැකි ය. මෙසේ මෛතී‍්‍ර සහගත ව කටයුතු කරන විට,
1. රටට ජනතාවට ආදරය කරන රජයේ සේවකයන්,
2. පාරිභෝගිකයන් කෙරෙහි කරුණාවන්ත වෙළෙඳුන්,
3. මගීන්ට කරුණාව ඇති රියදුරන් හා කොන්දොස්තරවරු,
4. රෝගීන් කෙරෙහි කරුණාවන්ත වෛද්‍යවරුන්, හෙදියන්, රෝහල් සේවකයන්,
5. සේවකයන් හා ගනුදෙනුකරුවන් කෙරෙහි කරුණාවන්ත සේවා යොජකයන් ආදීන් බිහිවනු ඇත.

ඉහත සඳහන් බුද්ධානුශාසනාවන් ඉතා ම ගෞරවයෙන් පිළිගෙන ඒ අනුව රැකී රක්‍ෂා කරන බෞද්ධයෝ දිනෙන් දින ලෞකික ජීවිතයේ ඉහළට ම යති. එපමණක් නො ව ඔවුන් ධාර්මිකව ලෝකෝත්තර දියුණුව කරා ද යති. පරලොවදී සුගති ලෝකවල උපදී.

මේ ආකාරයට දෛනික ජීවිතයට බුදු සමිඳුන් වදාළ ධර්මය එක්කර ගනිමින් මේ ජීවිතය ඉතාමත් සාර්ථක කරගැනීමේ ඒ දුර්ලභ වාසනාව උදාවනු නො අනුමාන ය. මේ ජීවිතයේ දී සාර්ථක වූ ජීවිතය පරලොවදී සාර්ථක වීම කිසිවෙකුටත් වලකාලිය නො හැක. මෙම අකාලික වූ දහම ඔබේ ජීවිතයටත් ගළපාගැනීමේ වාසනාව උදා වේවා!

ජීවිකාවේ සටහන
අමල් කරුණාරත්න

විඩාව –නින්ද දුරලා ප‍්‍රබෝධමත් වෙමු

$
0
0

1. ප‍්‍රමාණවත් නින්දක් නො ලැබීම
මෙය ඔබගේ ශරීර සෞඛ්‍යට මෙන් ම මානසික ඒකාග‍්‍රතාවයට අහිතකර ලෙසින් බලපායි. නිදාගැනීම ක‍්‍රමවත්ව නියමිත කාල සීමාවක සිදු කිරීමත් ජංගම දුරකථන පරිගණක විශේෂයෙන් ක්‍ෂුද්‍ර පරිගණක (Laptop” palmtop computers), රූපවාහිනීයන්ත‍්‍ර යනාදිය නිදන කාමරයෙන් ඉවත් කිරීමත් ප‍්‍රමාණවත් සුවපහසු නින්දක් සඳහා උපකාරී වෙයි.

2. නින්දේ දී ශ්වසනයට බාධා වීම (Sleep Apnea)
සමහර පුද්ගලයන් තමන් ප‍්‍රමාණවත් නින්දක් ලබන බව සිතුව ද සමහර අවස්ථාවල දී රාත‍්‍රිය පුරාවට ශ්වසනය කෙටි කාලීන ව නැවතීම සිදු වේ. එම අවස්ථාවල මොහොතකට නින්දෙන් අවදි වීම සිදු වුවත් ඒ පිළිබඳ අවධානයක් යොමු නො වේ. එනිසා ඒ ගැන මතකයක් ද නැත. නමුත් එලෙස කොපමණ නිදා ගත්ත ද ඒ කාලය තුළ සුවපසු නින්දක් නො ලැබේ.
සිරුරේ බර අඩු කරගැනීම, දුම්පානයෙන් වැළකීම, හොඳින් වාතාශ‍්‍රය ලැබෙන පරිදි නිදන කාමරය සකසා ගැනීම, නිවැරදි ඉරියව්වෙන් නිදා ගැනීම වැනි ක‍්‍රියාකාරකම් මඟින් සුවපහසු නින්දකට ඇති ඉහත සඳහන් බාධාව ඉවත් කරගත හැකි වේ.

3. ප‍්‍රමාණවත් ඉන්ධන නො මැති බව
ඉතා සුළු වශයෙන් ආහාර ගැනීම අධික වෙහෙසට හේතුවක් වන අතර වැරදි ආහාර පුරුදු ද ගැටලූ සහගත තත්වයන් ඇති කරයි. සමබර ආහාර වේලක් ගැනීම ඔබගේ රුධිර සීනි මට්ටම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමටත් රුධිර සීනි මට්ටම පහත ගිය විට අලසබව ඇති වීම වළක්වා ගැනීමටත් උපකාර වෙයි.

සමබර උදෑසන ආහාර වේලක් එක්කර ගැනීම විශේෂ වැදගත් අවශ්‍යතාවයකි. මෙහි දී ආහාර වේලට ප්‍රෝටීන් සහිත ආහාර එක්කර ගැනීම ද වැදගත් ය. අනෙකුත් ආහාර වේල ද නියමිත පරිදි ක‍්‍රමවත් පිළිවෙළකට ගැනීම ශරීරයට අවශ්‍ය ශක්තිය නිසි පරිදි ලබා ගැනීමට උපකාරී වෙයි.

4. නිරක්තිය (Anemia)    
සිරුරේ ප‍්‍රමාණවත් ව නිරෝගී රතු රුධිර ෙසෙල නො මැති වීම නිරක්තිය යි. මේ සඳහා වකුගඩු ආබාධ, සිරුරෙන් අධික ව රුධිර වහනය, දුර්වල ආහාර වේල්, විටමින් ඊ12 ඌණතාවය, යකඩ ඌණතාවය, ෆෝලික් අම්ල ඌණතාවය, මත්පැන් භාවිතය ආදී නොයෙක් ඍජු හෝ වක‍්‍ර හේතුන් බලපායි. විශේෂයෙන් කාන්තාවන්ගේ අධික විඩාබර ගතියට හේතු වන්නකි, නිරක්තිය.
මෙයින් මිදීම සඳහා නිසි පෝෂක ආහාරයට එකතුකර ගැනීමත්, වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් කළ හැකි ය.

5. විෂාදය  (Depression)
මෙය මානසික අසමතුලිතතාවයක් වුවත් අධික විඩාව, හිසරදය, ආහාර අරුචිය ආදී විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. ඔබට සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් නිසි වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු විය යුතු ය.

6. මන්දතයිරොයිඩතාව (Hypothyroidism)
ප‍්‍රමාණවත් ලෙසින් තයිරොයිඞ් හෝමෝන තයිරොයිඞ් ග‍්‍රන්ථිය මඟින් නිපද නො වීම නිසා ඇතිවන තත්වයකි. එම හෝමෝන පරිවෘද්‍රිතිය පාලනය කරයි. තයිරොයිඞ් ග‍්‍රන්ථිය නිසි පරිදි ක‍්‍රියා නො කිරීම නිසා පරිවෘත්තිය ශීඝ‍්‍රතාවය අඩු වී අලස බව, විඩාව, නිදිමත ඇති වේ. රුධිර පරීක්ෂාවක් මඟින් මේ පිළිබඳ ව නිගමනයකට පැමිණිය හැකි අතර නිසි වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු වීම ද කළ හැකි ය.

7. වැඩිපුර කැෆෙන් භාවිතය
කැෆෙන් මධ්‍යස්ත මාත‍්‍රාවලින් භාවිත කිරීමෙන් පරීක්ෂාකාරී බව, ඒකාග‍්‍රතාවය වැඩි කරන බව සඳහන් වන නමුදු වැඩිපුර භාවිතයෙන් හෘද ස්පන්දනය, රුධිර පීඩනය, කලබලකාරී බව වැඩි වීම සිදු වෙයි. එලෙස ම සමහර පුද්ගලයන්ගේ විඩාබර ගතිය වැඩි වීම ද සිදු වෙයි.
එනිසා කෝපි, තේ, චොක්ලට්, පැණි බීම වැනි කැෆෙන් අඩු ආහාර පාන භාවිතයට ගැනීම ක‍්‍රමයෙන් අඩු කිරීම වැදගත් ය.

8. මූත‍්‍රා මාර්ගයේ ආසාධන (Urinary  tract  infection)
මූත‍්‍රා දැවිල්ල වැනි ප‍්‍රකට රෝග ලක්ෂණ නො මැති ව ම මූත‍්‍රා මාර්ගයේ ආසාදන තත්වයන් ඇති වී තිබිය හැකි ය. එවිට අධික විඩාබර ගතිය එක ම රෝග ලක්ෂණය වන අවස්ථා ඇත. මූත‍්‍රා පරීක්ෂාවක් මඟින් මේ පිළිබඳ ව නිගමනය කළ හැකි අතර මූත‍්‍රා මාර්ගයේ ආසාදනයට නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම මඟින් විඩාව ද දුරු වී යයි.

9. දියවැඩියාව (Diabetes)
දියවැඩියා රෝගය නිසා ද දිගුකල් පවතින අධික විඩාබර ගතියක් හට ගන්නට පුළුවන. එවිට එම රෝගයට නිසි ප‍්‍රතිකාර කිරීමෙන් එනිසා හටගත් විඩාව ද දුරු කර ගත හැකි ය.

10. විජලනය (Dehydration)
විඩාව විජලනයේ ලක්ෂණයක් විය හැකි ය. ඔබ කුමන ආකාරයේ රැකියාවක් කළ ද කුමන ක‍්‍රියාකාරකම්වල යෙදුණ ද ප‍්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ඔබට පිපාසය ඇති වන්නේ යම් විජලන තත්වයක සිටින විට ය. දවස පුරා ප‍්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම විජලනය වළක්වා ගෙන එනිසා ඇති වන වෙහෙස දුරුකර ගැනීමට උපකාරී වෙයි.

11. හෘද රෝග
නිවස පිරිසිදු කිරීම, මිදුල අතුගෑම වැනි දෛනික කටයුතුවල නිරත වනවිට ඔබට වෙහෙසක් දැනේ නම් ඔබගේ හෘදය මනා ලෙස ක‍්‍රියාකාරී නො වීම ඊට හේතු වන්නට පුළුවන. එවැනි අවස්ථාවල දී නිසි වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් ය.

12. වැඩ මුරය වෙනස් වීම නිසා නින්දට බාධා ඇති වීම (Shift work sleep disorder)
රාත‍්‍රී වැඩමුරය හෝ වැඩමුරය මාරු වීම ඔබගේ ජෛව ඔරලෝසුවේ (internal  clock) ක‍්‍රියාකාරීත්වය වෙනස් කරයි. එවිට ඔබ අවදියෙන් සිටිය යුතු අවස්ථාවල ඔබට වෙහෙසක් ඇති විය හැකි අතර දහවල් නිදා ගැනීමේ අපහසුතා ද ඇති විය හැකි ය.

මෙවැනි ගැටළු මඟහරවා ගැනීම සඳහා ඔබට විවේකය අවශ්‍ය අවස්ථාවල දී දිවා එළියට විවෘත වීම සීමා කළ හැකි ය. මේ සඳහා ඔබගේ කාමරය තුළ අඳුරු, නිශ්ශබ්ද, සිසිල් පරිසරයක් සකස් කර ගැනීම කළ හැකි ය. මෙවැනි උපක‍්‍රම ද අසාර්ථක නම් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු ය.

13. ආහාර ආසාත්මිකතා (Food  allegies)
සමහර ආහාර ආසාත්මිකතා නිසා ද නිදිබර ගතිය ඇති වේ. ආහාර ගැනීමෙන් පසු ඔබගේ වෙහෙසකර බව, නිදිබර ගතිය තීව‍්‍ර වේ නම් යම් කිසි ආහාර ආසාත්මිකතාවක් ඊට හේතු වන්නට පුළුවන. එවැනි ආහාර මඟහැරීම කළ හැකි අතර ආහාර ආසාත්මිකතාව පිළිබඳ වෛද්‍ය පරීක්ෂණයක් මඟිනුත් මේ පිළිබඳ නිගමනයකට පැමිණිය හැකි ය.

14. නිදන්ගත විඩාබර බව (Chronic  fatigue  syndrome) සහ මාංශ පේශි සහසම්බන්ධක පටකවල වේදනාව (Fibromyalgia)
ඔබගේ දෛනික කටයුතු කළමනාකරණය කරගත නො හැකි ලෙසින් වෙහෙසකාරී බව මාස හයක් හෝ ඊට වැඩි කාලයක් පවතී නම් එය ඉහත හේතු නිසා විය හැකි ය. නො කඩවා පවතින අධික විඩාබර බව ඉහත රෝගාබාධ දෙකෙහි ම රෝග ලක්ෂණයකි. මෙම රෝගීන්ට තමන්ගේ දෛනික කාල සටහන ක‍්‍රමානුකූල ව වෙනස් කිරීමෙනුත්, සුවපහසු නින්දක් ලබා ගැනීමෙනුත්, ව්‍යායාම මඟිනුත් මෙම තත්වය මඟහරවා ගැනීමට කල්යත් ම හැකියාව ලැබේ.

15. මෘදු වෙහෙසකර බවින් මිදීම
ඉතා දැඩි නො වන වෙහෙසකර බවට හේතුව නිසි පරිදි ව්‍යායාම නො ලැබීම විය හැකි ය. එනිසා තම දෛනික ක‍්‍රියාකාරකම්වලට විනාඩි විස්සක පමණ ක‍්‍රමානුකූල ව්‍යායාමක් එකතු කරගත හැකි ය. එමඟින් මෘදු වෙහෙසකර බවින් මිදෙන්නට අවස්ථාව උදාවන බව පර්යේෂණ මඟින් අනාවරණය වී ඇත.

මේ අයුරින් විඩාබර බවට (Fatigue) සහ නිදිබර ගතියට (Sleepiness) හේතු සහ එම හේතු නසන ක‍්‍රම නොයෙක් පර්යේෂණ මඟින් ලොවට ඉදිරිපත් වී ඇතත් තිසරණ සරණ ගිය පිරිසක් වශයෙන් ලොව අසමසම පර්යේෂකයාණන් වහන්සේ වන අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ පිළිබඳ කුමක් වදාළ සේක් දැයි දැනගන්නට ලැබේ නම් කෙතරම් ලාභයක් ද? මහා කාරුණික උන්වහන්සේ නොයෙක් අයුරින් නින්ද ගැන වදාළ සේක. අංගුත්තර නිකායේ මෙත්තානිසංස සූත‍්‍රයේ දී මෛත‍්‍රී භාවනාව කරන පුද්ගලයෙකුට ලැබෙන ආනිසංස ලෙස පෙන්වා වදාළ කරුණු 11 අතර සැප සේ නිදා ගැනීම, සැපසේ අවදි වීම, නිදා සිටින විට නපුරු හීන නො දැකීම ආදිය ඇතුළත් වේ.

එසේ ම උන්වහන්සේ මහා සතිපට්ටාන සූත‍්‍රයේ ධම්මානුපස්සනාව යටතේ පංච නීවරණ භාවනාව තුළින් ථීනමිද්ධ නීවරණය පිළිබඳ ව පෙන්වා වදාළේ මෙසේ ය. කායිකව හා මානසිකව පවතින වෙහෙස හා අලසකම (ථීනමිද්ධය) තමා තුළ පවතින කල්හි, එය මා තුළ පවතී යයි මනා කොට දැන ගනී. ථීනමිද්ධය නො පවතින කල්හි මා තුළ නො පවතී යයි මනාකොට දැන ගනී. යම් ආකාරයකින් හීන වීර්යෙන් යුතු ව කටයුතු කිරීම නිසා තමා තුළ හට නො ගත්තා වූ ථීනමිද්ධය හට ගන්නේ වේ ද එය ද මනාකොට දැන ගනී. යම් ආකාරයකින් සතර සතිපට්ටනයේ වීර්යෙන් යුතු ව සිත මනා ව පිහිටුවා ගැනීම නිසා කලින් හට ගෙන තිබුණා වූ ථීනමිද්ධය ප‍්‍රහීණ වී යන්නේ වේ ද එය ද මනාකොට දැන ගනී. යම් ආකාරයකින් ප‍්‍රහීණ වී ගියා වූ ථීනමිද්ධය මතු කිසි කලෙකත් හට නො ගන්නේ වේ ද එය ද මනාකොට දැන ගනී. ථීනමිද්ධය හට ගන්නේ අයෝනිසොමනසිකාරයත් ප‍්‍රමාදයත් නිසා බව උන්වහන්සේ පේනවා වදාළ සේක. මේ අයුරින් උන්වහන්සේ සොඳුරු පර්යේෂණයකින් සදාතනික පිළිසරණ සැලසෙන හෙළිදරව්වක් කළ සේක.

එසේ ම මහා කාරුණිකයන් වහන්සේ දන්ත භූමි සුත‍්‍රයේ දී මෙසේ වදාළ සේක. ‘‘දැන් ඉතින් නිදි වරා ගෙන භාවනා කරන්න ඕනේ” (එහි ත්වං භික්ඛු ජාගරියන් අනුයුත්තෝ විහරාහි). දවස පුරා සක්මන් කර කර, වාඩි වෙවී පුහුණු වෙන්න කියනවා. රාත‍්‍රියේ ප‍්‍රථම යාමයේ රෑ 10 වෙනකම් එහෙම කරන්න කියනවා. රෑ 10 සිට 2 – 3 වෙනතුරු හාන්සි වෙන්න කියනවා. සිංහ සෙයියාවෙන් මම සිහියෙන් ම නිදා ගන්නවා, සිහියෙන් ම අවදිවෙනවා කියල හොඳ සිහියෙන් හාන්සි වෙන්න කියනවා. නැවත පාන්දර ම අවදි වෙලා අයෙමත් සක්මන් කරන්න, භාවනා කරන්න කියනවා. එයා මෙතෙන්ට එන්න කලින් සිල්වත් වුණා කියනවා, ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තා කියනවා, ආහාරයේ පමණ දැන ගත්තා කියනවා. කෙතරම් සොඳුරු මඟ පෙන්වීමක් ද? මේ සදහම් සයුරෙන් දිය බිඳක් පමණි. කෙතරම් පිරිපුන් පර්යේෂණයක් ද? අපටත් ඒ අසහාය මාර්ගෝපදේශකයාණන් වහන්සේ වදාළ සොඳුරු මඟ යන්නට වාසනාව උදා වේවා..!

සදහම් ඇසුර : පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සිතට සුව දෙන භාවනා, ඒ අමා නිවන් සුව බොහෝ දුර නො වේ ග‍්‍රන්ථ ඇසුරිනි.

සුව සටහන
පියුම්නිල් ගමගෙදර

 

 

 

 

 

 

 


අරියවංස උත්සවය

$
0
0

පුන ච පරං, මේඝිය, භික්ඛු යායං කථා අභිසල්ලේඛිකා චේතෝවිවරණසප්පායා ඒකන්තනිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති, සෙය්‍යථීදං අප්පිච්ඡකථා, සන්තුට්ඨිකථා, පවිවේකකථා, අසංසග්ගකථා, වීරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථා ඒවරූපාය කථාය නිකාමලාභී හෝති අකිච්ඡලාභී අකසිරලාභී. අපරිපාකාය, මේඝිය, චේතෝවිමුත්තියා අයං තතියෝ ධම්මෝ පරිපාකාය සංවත්තති.

පින්වත් මේඝිය, තව කරුණක් තියෙනවා. මෙන්න මේ විදිහේ කථාවක් තියෙනවා. ඒ කථාවලින් කෙලෙස් තුනී කරනවා. සමථ විදර්ශනාවලට උපකාර වෙනවා. අවබෝධයෙන් යුතුව කලකිරීම පිණිස උපකාර වෙනවා. විරාගය ඇති වෙනවා. ඇල්ම නිරුද්ධ වෙනවා. සංසිඳීම ඇති වෙනවා. ආර්ය සත්‍යය අවබෝධය ඇති වෙනවා. මෙන්න මේවා තමයි ඒ කථා. අල්පේච්ඡ ජීවිතය ගැන කථාව, ලද දෙයින් සතුටු වීම ගැන කථාව, හුදෙකලා විවේකය ගැන කථාව, පිරිස හා එක් නො වී සිටීම ගැන කථාව, පටන් ගත් වීරිය ගැන කථාව, සීලය ගැන කථාව, සමාධිය ගැන කථාව, ප‍්‍රඥාව ගැන කථාව, විමුක්තිය ගැන කථාව, විමුක්ති ඤාණ දර්ශනය ගැන කථාව. මෙවැනි උතුම් කථාවන් තමන්ට කැමති පරිද්දෙන් අහන්න ලැබෙනවා. පහසුවෙන් අහන්න ලැබෙනවා. නිතර නිතර අහන්න ලැබෙනවා. පින්වත් මේඝිය, නො මේරූ චිත්ත විමුක්තිය මේරීම පිණිස, මෙන්න මේ තුන්වෙනි කරුණ උපකාර වෙනවා.
(මේඝිය සූත‍්‍රය – ඛුද්දක නිකාය)

බුදු සසුනක ඵල ලබනු කැමති ශ‍්‍රාවකයා නිරන්තරයෙන් ම දස කථාවේ යෙදී වාසය කළ යුතු ය. පංච උපාදානස්කන්ධ ආයතන ධාතුවලින් යුත් සියලූ සංස්කාරයන් කෙරෙහි, අවබෝධයෙන් ම කලකිරිම පිණිස පවතින, නො ඇල්ම පිණිසත්, ඇල්ම නිරුද්ධ වීම පිණිසත්, කෙලෙස් සංසිඳීම පිණිසත් පවතින, විශේෂ ඥානය උපදවාලන, චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරදෙන, නිවන පිණිස පවත්නා දස කථාව හේතු කරගෙන ගිහි පැවිදි ශ‍්‍රාවක සැම ඒකාන්ත ශාන්තිය උපදවා ගනිති. ඒකාන්ත සැනසීම උපදවා ගනිති. උතුම් වූ ධර්මදේශනාව පවතින්නේ දස කථාව පැවැත්වීම පරම කරගෙන ය. උතුම් වූ ධර්මශ‍්‍රවණය පවතින්නේ ද දස කථාව ශ‍්‍රවණය වීම පරම කර ගෙන ය. ඒ ආදි වූ කල්‍යාණ කතාවන්ගෙන් සපිරි අතීත මුතුන් මිත්තන් අතර මහත් වූ ප‍්‍රසිද්ධියට පත් මහෝත්සවයක් ලෙස අරියවංස උත්සවය හැඳින්විය හැකි ය. අද කඨින පින්කමක් යම් තාක් උත්කර්ශවත් ව පැවැත්වේ ද.. බුද්ධපූජාවක්, බුද්ධ වන්දනාවක් යම් තාක් උත්කර්ශවත් ව පැවැත්වේ ද… එදා රහතුන් වැඩ සිටි සමයේ දී මෙම අරියවංස උත්සවය උත්කර්ශවත් ව පැවැත්විණ. අරියවංස උත්සවය යනු වෙන කිසිවක් නොව, අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පවතින අරියවංස සූත‍්‍රය ඇසුරින් සිදු කරන ධර්ම දේශනාව ශ‍්‍රවණය කරන්නා වූ දිනය ම එ් නමින් හැඳින්විණ.

අරියවංස සූත‍්‍රය දේශනා කිරීම පුරාණ ලංකාවේ ඉතා ජනප‍්‍රිය මහෝත්සවයක් ව පැවති බව පාළි අට්ඨකතාවලින් ද සෙල්ලිපිවලින් ද හෙළි වී තිබේ. ව්‍යවහාරික වර්ෂ 5 වැනි සියවසට පෙරත්, ඉන්පසුවත් මෙම සූත‍්‍රය දේශනා කරන දිනය රාජරාජමහාමාත්‍යාදීන්ගේ දන්වැට, ගම්වර පූජා ආදියෙන් පූජෝපහාරයන්ට ලක්වීමෙන් ම මෙය කෙතරම් ජනප‍්‍රිය දිනයක් වීදැයි සිතාගත හැකි ය.

ව්‍යවහාරික වර්ෂ 269 – 291 දක්වා ලක්දිව පාලනය කළ වෝහාර තිස්ස රජතුමා පිළිබඳ මහාවංශ කතුවරයා විසින් මෙබඳු සටහනක් තැබෙයි.

‘ඒ තෙමේ සද්ධර්ම ගෞරවයෙන් මුලූ ලක්දිව ආර්යවංශ දේශනා කරවා තන්හි තන්හි දන්වැට තැබ්බ වී ය’
(36 පරි, 38 ගාථාව – මහාවංශය)

එමෙන් ම, ව්‍යවහාරික වර්ෂ 4වැනි සියවසේ දී වවුනියාව ප‍්‍රදේශයේ පවතින තෝනිගල සෙල්ලිපියේ ‘දේවයා’ නම් තැනැත්තෙකු විසින් අරියවංස ධර්මය දෙසන මහ සඟනට දන්පැන් පිදීමට කළ නියමයක් සහ උතුරුමැද පළාතේ ‘ලබුඇටබැදිගල’ පිහිටි ව්‍යවහාරික වර්ෂ 5 වැනි සියවසේ සෙල්ලිපියක දී, ‘සිරිනක’ නැමැත්තෙකු විසින් අරියවංස දේශනා පැවැත්විම උදෙසා සිදුකළ ධන පරිත්‍යාගයක් ද පිළිබඳ තොරතුරු හෙළිදරව් වී ඇත. මෙයින් පෙනෙන්නේ වත්මනෙහි විවිධාකාර පූජෝත්සව නිසා වැළලී ගියාවූත්, අතීත රජදරුවන් විසින් පුදපූජා සිදුකරමින් රැකගත්තා වූත් අරියවංස දේශනාව ලබා තිබූ කීර්තියේ අනුහස යි.

මෙම සූත‍්‍ර ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට දේශනා කළ ධර්මයක් වුව ද, අතිත රහතන් වහන්සේලා එය ගිහි උවසු උවැසියන්ටත් ගැළපෙන පරිදි දස කථාව ම ඉස්මතු කරමින් දේශනා කළෙන්, එය උභය පාර්ශවය තුළ ම මහත් භක්ත්‍යාදරයකට පත් විය. දීඝභාණක මහා අභය ස්ථවිරයන් වහන්සේ පැවැත් වූ අරියවංස දේශනාවක් ශ‍්‍රවණය කිරීමට එක්තරා තරුණ මවක් තම අතදරුවාට තන කිරි පොවමින් ම පස්යොදුනක් ගෙවා ධර්ම මණ්ඩපයට ළඟාවූ බව අංගුත්තර නිකාය අට්ඨකතාවේ සඳහන් වේ. එමෙන් ම අනුරපුර සිට මාගම දක්වා වූ දීර්ඝ මාර්ගය ගෙවාගෙන ඇතැම් විචිත‍්‍ර භාණකයන්ගේ අරියවංස දේශනා ශ‍්‍රවණයට ගිහිපැවිදි පිරිස් ගමන් කළ බව වංශකතාවලත්, අටුවා සාහිත්‍යයේත් සඳහන් ය.

අරියවංස දේශනාව පැවැත්වෙන දිනය උත්සවයකි. එම උත්සවය පැවැත්වූයේ වසරේ කිනම් කාලයේ දී දැයි නිශ්චිත ව ම පැවසිය නො හැකි ය. නමුත් එය ස්ථානයෙන් ස්ථානයට වෙනස් වූ දිනයකින් යුතුව සෑම තැනක ම පාහේ පැවැත්විණ. මාගම මහාවාපි විහාරයේ වසරකට වරක් ද, දිඹුලාගල විහාරයේ හය මසකට වරක් ද, අරියවංස දේශනාව පැවැත් වූ බව රසවාහිනී ග‍්‍රන්ථයේ සඳහන් ය. එමෙන් ම එක්තරා විහාරයක විසු භික්ෂූන් වහන්සේලා තිස්නමක් වස්කාලය පුරාවට ම දෙසතියකට වරක් එළැඹෙන උපෝසථ දිනයේ රාත‍්‍රිය පුරාවට අරියවංස දේශනාව සිහිපත් කරමින් ධර්ම සාකච්ඡා කළ බව අංගුත්තර නිකාය අට්ඨකතාවේ සඳහන් ය. දේවගිරියේ ද වසරකට වරක් පැවැති මෙම උත්සවය පිළිබඳ කාල නියමයකින් යුතු සඳහනක් පවතින්නේ තෝනිගල සෙල්ලිපියේ ය. එහි සඳහන් පරිදි අරියවංස සූත‍්‍රය දේශනා කළ යුත්තේ සෑම වස්කාලයක ම නිකිණි මස පුරපසේ දොළොස්වක දා යැයි නියම කොට පනවා තිබේ. වංශකතා දෙස අවධානය යොමු කරද්දී, වත්මනෙහි කඨින පුණ්‍යෝත්සවය මෙන් එකල ජනප‍්‍රිය වූයේ අරියවංස උත්සවය යැයි යමෙකු පැවසුවහොත් එය වරදක් නො වේ. එය ලක්දිව පමණක් නොව අශෝක රජ දවස දඹදිව ද ජනප‍්‍රිය වූ උත්සවයක් බවට ඉඟි කළ හැකි සාක්ෂි පවතී. එසේ තිබිය දී පවා මෙම උතුම් සිරිත අප වෙතින් ගිලිහී ගියේ අවාසනාවකට ය. ඊට හේතු කාරණා තවමත් අභිරහසකි.

අශෝක අධිරාජයාගේ සිතුම් පැතුම් හෙළිදරව් වන ටැම්ලිපි අතරින් ‘භාබ්රු’ ලිපියෙහි.. ‘අලියවසානි’ යන්නක් ගැන සඳහන් වේ. එහි දී සිව්වනක් පිරිස විසින් පුරුදු කළ යුතු ගුණ ධර්මයන් පිළිබඳ ව රහතන් වහන්සේලා ගේ උපදෙස් පරිදි කළ සටහන් පාඨ අටක් අතරේ එක් පේළියක මෙම ‘අලියවසානි’ ධර්මය සිහිකළ යුතු ය යන පාඨයක් සඳහන් වේ. නිශ්චිත ව ම පැවසිය නො හැකි වුවත් මේ පවසන්නේ ‘අරියවංස’ ධර්මය ම නො වේ දැයි ප‍්‍රශ්න කිරීම වටී. එය එසේ වුවහොත් මේ උතුම් චාරිත‍්‍ර ධර්මය අප වෙතට ලැබුණේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ය.

ඒ සා ප‍්‍රණීත වූ අරියවංස සූත‍්‍රය නම් කුමක් ද? අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් අරියවංස සූත‍්‍රයේ සිංහල අර්ථය මෙයින් කියවා දැනගත මැනව.

මහණෙනි, මේ අරියවංස ප‍්‍රතිපදාවෝ සතරකි. මෙම අරියවංස ප‍්‍රතිපදාව අග‍්‍ර යැයි දත යුත්තේ ය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ ය. බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ ය. පෞරාණික දෙයක් බව දත යුත්තේ ය. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ ය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයකි. මෙකල්හි ද බැහැර නොකරන දෙයකි. අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ‍්‍රමණබ‍්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයකි. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ වෙයි. එනම් ලද සිවුරකින් සතුටු වෙයි. ලද සිවුරකින් ලබන සතුට පිළිබඳ ව වර්ණනා කරන්නේ වෙයි. සිවුරක් උදෙසා භික්ෂූන් හට අයෝග්‍ය වූ නොසරුප් දෙයකට නොපැමිණෙයි. සිවුරක් නොලැබුණේ වුව ද එයින් කම්පා නොවෙයි. සිවුරක් ලැබුණේ වුව ද එහි දැඩි ආශා ඇත්තේ නොවෙයි. එයින් මුසපත් නොවී, එහි නොබැසගෙන, ආදීනව දකිනා සුළු ව එහි ඇල්ම දුරු කරන ප‍්‍රඥාවෙන් යුක්ත ව පරිහරණය කරයි. ඒ ලද සිවුරෙන් සතුටු වීම හේතුවෙන් තමා හුවා නොදක්වන්නේ වෙයි. අනුන් හෙළා නොදකියි. ඒ භික්ෂුව ලද සිවුරෙන් සතුටු වීමට දක්ෂ වූයේ, අලස නොවූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ භික්ෂුව ඉතා පැරණි වූ, අග‍්‍ර යැයි දන්නා ලද, ආර්ය වංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.

තව ද මහණෙනි, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ වෙයි. එනම් පිඬු සිඟීමෙන් ලත් ආහාරයකින් සතුටු වෙයි. පිඬු සිඟීමෙන් ලත් ආහාරයකින් ලබන සතුට පිළිබඳ ව වර්ණනා කරන්නේ වෙයි. ආහාරයක් උදෙසා භික්ෂූන් හට අයෝග්‍ය වූ නොසරුප් දෙයකට නොපැමිණෙයි. පිඬු සිඟීමෙන් ලත් ආහාරයක් නොලැබුණේ වුව ද එයින් කම්පා නොවෙයි. පිඬු සිඟීමෙන් ලත් ආහාරයක් ලැබුණේ වුව ද එහි දැඩි ආශා ඇත්තේ නොවෙයි. එයින් මුසපත් නොවී, එහි නොබැසගෙන, ආදීනව දකිනා සුළු ව එහි ඇල්ම දුරු කරන ප‍්‍රඥාවෙන් යුක්ත ව පරිහරණය කරයි. ඒ පිඬු සිඟීමෙන් ලත් ආහාරයෙන් සතුටු වීම හේතුවෙන් තමා හුවා නොදක්වන්නේ වෙයි. අනුන් හෙළා නොදකියි. ඒ භික්ෂුව පිඬු සිඟීමෙන් ලත් ආහාරයෙන් සතුටු වීමට දක්ෂ වූයේ, අලස නොවූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ භික්ෂුව ඉතා පැරණි වූ, අග‍්‍ර යැයි දන්නා ලද, ආර්ය වංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.

තව ද මහණෙනි, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ වෙයි. එනම් ලද නවාතැනකින් සතුටු වෙයි. ලද නවාතැනකින් ලබන සතුට පිළිබඳ ව වර්ණනා කරන්නේ වෙයි. නවාතැනක් උදෙසා භික්ෂූන් හට අයෝග්‍ය වූ නොසරුප් දෙයකට නොපැමිණෙයි. නවාතැනක් නොලැබුණේ වුව ද එයින් කම්පා නොවෙයි. නවාතැනක් ලැබුණේ වුව ද එහි දැඩි ආශා ඇත්තේ නොවෙයි. එයින් මුසපත් නොවී, එහි නොබැසගෙන, ආදීනව දකිනා සුළු ව එහි ඇල්ම දුරු කරන ප‍්‍රඥාවෙන් යුක්ත ව පරිහරණය කරයි. ඒ ලද නවාතැනෙන් සතුටු වීම හේතුවෙන් තමා හුවා නොදක්වන්නේ වෙයි. අනුන් හෙළා නොදකියි. ඒ භික්ෂුව ලද නවාතැනෙන් සතුටු වීමට දක්ෂ වූයේ, අලස නොවූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ භික්ෂුව ඉතා පැරණි වූ, අග‍්‍ර යැයි දන්නා ලද, ආර්ය වංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.

තව ද මහණෙනි, භික්ෂුව භාවනාවට ආශා කරන්නේ වෙයි. භාවනාවෙහි ඇලූණේ වෙයි. කෙලෙස් ප‍්‍රහාණයට ආශා කරන්නේ වෙයි. කෙලෙස් ප‍්‍රහාණයෙහි ඇලූණේ වෙයි. භාවනාවට ආශා කිරීම, භාවනාවෙහි ඇලී සිටීම, කෙලෙස් ප‍්‍රහාණයට ආශා කිරීම, කෙලෙස් ප‍්‍රහාණයෙහි ඇලී සිටීම හේතුවෙන් තමා හුවා නොදක්වන්නේ වෙයි. අනුන් හෙළා නොදකියි. ඒ භික්ෂුව එම කරුණෙහි දක්ෂ වූයේ, අලස නොවූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ භික්ෂුව ඉතා පැරණි වූ, අග‍්‍ර යැයි දන්නා ලද, ආර්ය වංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.

මහණෙනි, මේ වනාහී අරියවංස ප‍්‍රතිපදාවෝ සතරයි. මෙම අරියවංස ප‍්‍රතිපදාව අග‍්‍ර යැයි දත යුත්තේ ය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ ය. බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ ය. පෞරාණික දෙයක් බව දත යුත්තේ ය. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ ය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයකි. මෙකල්හි ද බැහැර නොකරන දෙයකි. අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ‍්‍රමණබ‍්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයකි.

මහණෙනි, මේ සතර අරියවංශ ධර්මයෙන් යුක්ත වූ භික්ෂුව පෙරදිග දිශාවෙහි වාසය කරයි නම්, තෙමේ ම කුසල් දහම්හි නොඇලීම නම් වූ අනභිරතිය මැඩ නැගී සිටියි. ඒ අරතිය විසින් භික්ෂුව යටපත් නොකරයි. බටහිර දිශාවෙහි වාසය කරයි නම්, තෙමේ ම කුසල් දහම්හි නොඇලීම නම් වූ අනභිරතිය මැඩ නැගී සිටියි. ඒ අරතිය විසින් භික්ෂුව යටපත් නොකරයි. උතුරු දිශාවෙහි වාසය කරයි නම්, තෙමේ ම කුසල් දහම්හි නොඇලීම නම් වූ අනභිරතිය මැඩ නැගී සිටියි. ඒ අරතිය විසින් භික්ෂුව යටපත් නොකරයි. දකුණු දිශාවෙහි වාසය කරයි නම්, තෙමේ ම කුසල් දහම්හි නොඇලීම නම් වූ අනභිරතිය මැඩ නැගී සිටියි. ඒ අරතිය විසින් භික්ෂුව යටපත් නොකරයි. එයට හේතුව කුමක්ද? ඒ නුවණැති භික්ෂුව භාවනාවෙහි අරතිය ත්, කාමයෙහි රතිය ත් මැඩලීමට හැකියාව ඇති නිසාවෙනි.

වීර පුද්ගලයා ව අරතිය විසින් නොමඩිනු ලැබේ. අරතිය යනු වීරයා ව යටපත් නොකරන දෙයකි. වැලිදු නුවණින් එඩිතර වූ තැනැත්තා අරතිය මැඩලයි. නුවණින් එඩිතර තැනැත්තා වනාහී අරතිය මැඩලන්නෙකි.

සියලූ කර්මයන් අත්හැර සිටිනා කෙලෙස් දුරැලූ රහතන් වහන්සේලාගේ විමුක්තිය කවරෙක් නම් වළකයි ද? දඹරන් නිකක් සෙයින් බබළන ඒ රහතුන්ට ගරහන්නට කවුරුන්ට හැකිවෙයි ද? දෙවියෝ පවා ඔහුට පසසත්. බ‍්‍රහ්මරාජයා විසිනුත් පසසනු ලද්දේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

අරියවංස සූත‍්‍රය නිමා විය.

පූජනීය කිරිබත්ගොඩ ක්‍දාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්තනය කරන ලද අංගුත්තර නිකාය 02 පොත් වහන්සේගෙන් උපුටා ගන්නා ලදී.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද,
අතීත මහ රහතන් වහන්සේලා විසින් රැය පහන් වන තුරා සිදුකළ ධර්ම දේශනාවක් වශයෙන් විවරණය කරන ලද,
රාජ රාජමහාමාත්‍යාදීන් විසින් දන්වැට පවත්වා උත්සවශ‍්‍රීයෙන් සංවිධානය කරන ලද,
පැරණි සිංහලේ සෑම පළාතකින් ම පැමිණි භික්ෂු-භික්ෂුණී-උපාසක-උපාසිකා යන සිව්වනක් පිරිසගේ රැස්වීමෙන් ශ‍්‍රවණය කරන ලද
ගිහි-පැවිදි දෙපිරිසගේ ම ජීවිතය අල්පේච්ඡ වූත්, ලද දෙයින් සතුටුවන සුලූ වූත්, භාවනාවේ යෙදී වාසය කිරිමට උනන්දු කරන්නා වූත්
දස කථාව ම පරම කොට ගත් ජීවිතයක් බවට පරිවර්තනය කරලූ මෙම අරියවංස උත්සවශ‍්‍රීහු යළිදු දක්නට ලැබේවා! යි
ශාසනාභිවෘද්ධිකාමී සිතින් යුක්ත ව ප‍්‍රාර්ථනා කරම්හ.

– විශ්ව -

සුපහන් සිතින් පින් කරනට…

$
0
0

කුඹුරක අස්වැන්නක් ලබන්නට අප වැය කරන දේ කොතෙක් ද? ධනය, කාලය, ශ‍්‍රමය කැපකොට එහි අස්වැන්න ලබන මොහොතේ දී ඒවා සිදුරු සහිත මලූවල ඇසුරුවොත් සිදුවන්නේ කුමක්ද…? අවාසනාවකි… ධනය, කාලය, ශ‍්‍රමය කැප කරමින් අප කරනා ඇතැම් පින් අපතේ යන්නේ ද කුඹුරේ අස්වනු ගෙට ගන්නට පෙර ම අපතේ යන්නා සේ ය. වටිනා අවස්ථාවකැයි සිතා පින් රැස් කර ගන්නට වෑයම් කළ ද අපගේ ජීවිතවල ම පවතින ඇතැම් සිදුරු නිසා, මහත් පිනක් වෙනුවට අවසානයේ ඉතිරි වන්නේ කුඩා පිනකි. රැස් කර ගන්නා සෑම පිනක් ම බලවත් පිනක් බවට පත් කර ගැනීමට තරම් අප දක්ෂ මෙන් ම උපක‍්‍රමශීලී විය යුතු ය.

මරණයට ගෙන යන ගවයෙකු සේ අප ද දිනෙන් දින ළං වන්නේ මරණයට ය. සුගතියේ දොර එක් පසෙක ද සතර අපායේ දොරටු තවත් පසෙක ද විවෘතව ඇත. යා යුතු ඉසව්වට මඟ සකසා ගත යුත්තේ අප විසින් ම ය. පුණ්‍ය මාවත සුගතියට ඇති පැහැදිලි ම මාවතයි. අප පින් රැස් කර ගන්නට සූදානම් වන බොහෝ විට සිතට එන ලෝභය, ද්වේෂය, මෝහය, ඉරිසියාව, ගුණමකුකම, කළ ගුණ නොදත්කම, මසුරුකම, මාන්නය වැනි අකුසල් සිතිවිලි මඟ අවුරන කටු පඳුරු සේ ය; ගල් බොරළු සේ ය. භයානක මඩ ගොහොරු සේ ය. ඒවා මඟ හරිමින් සුන්දර පිනක් ජීවිතයට ළඟා කර ගැනීමට නම් අප භාග්‍යවතුන් වහන්සේ වදාළ දහමට කීකරු විය යුතු ය.
සුපේෂල හද මඩලක උපන් මහා කරුණාවෙන් අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැපයට කියන්නා වූ තවත් නමක් වේ නම් ඒ ‘පින’ යයි පවසා වදාළේ අප කෙරෙහි වූ අපමණ දයාවෙන් යුක්තව ම ය. සුළු පිනක් යයි සිතා අත් නො හැර සියලූ පින් අප කරා ළඟා කර ගත යුතු යයි අප උගත්තේ ඒ උත්තම මුනි දහම තුළිනි.

මේ සටහන ඔබට කියවන්නට ලැබෙනුයේ දන් දීමෙන්, සිල් රැකීමෙන්, බණ භාවනා කිරීමෙන් ජීවිතය මේ වන විටත් පිනෙන් පිරී ඉතිරී ඇතැයි ඔබ සිතන මොහොතක විය හැකි ය. එපමණක් නොව ඔබ වෙහෙර විහාර පිළිසකර කිරීමට කෙතරම් මුදල් පරිත්‍යාග කර තිබේ ද? සහභාගි වූ ශ‍්‍රමදාන කටයුතු ගණනින් කිව හැකි ද? කෙතරම් චෛත්‍ය වන්දනා කර තිබේ ද? බෝධි පූජා… බුද්ධ වන්දනා… රැස් කර ගත් පින් කෙළවරක් නැති තරම් ය. ඒ ඔබ ඔබගේ පිනට නො දැනුවත්කමෙන් දුන් තක්සේරුව යි. නමුත් සැබෑ ලෙස ම ඒ සෑම මොහොතක දී ම පරිපූර්ණ වශයෙන් ඔබගේ ජීවිතයට පිනක් රැස්වූවාදැයි පසු විපරම් කිරීම යහපත පිණිස පවතින්නේ ය.

අපට ඇති ලොකුම බාධාව නම් ‘පින’ අතරතුර ‘මම’ ඉස්මතු කර ගැනීමට උත්සාහ දැරීම ය. මෙය හොඳින් පිරික්සා බලන තුරු එය අප සිත තුළ තිබෙන බව වත් අපට නො පෙනේ. මොහොතක් සිතන්න, ඔබ ශ‍්‍රමදානයකට ගිය විට මුලින් ම බලන්නේ පැමිණ සිටින්නේ කවුරුන් ද?, නො පැමිණ සිටින්නේ කවුරුන් ද? කියා නො වේ ද? එය පසෙක තබා කරන්නට ඇති වැඩ කොටස සොයා බලන්නේත්, අන්‍යයන් කරන තුරු නො සිට තමාගේ කටයුත්තක් යයි සිතා එය මනා කොට අවසන් කර සතුටු වන්නේත් අතලොස්සකි. එපමණක් නොව ‘මම විතරයි හැමදාම ශ‍්‍රමදානෙට එන්නේ… මට විතරයි ශාසනික ඇල්මක් තියෙන්නේ’ යයි සිතමින් තමාට ම ලකුණු දා ගත් අයුරු ඔබට මතක ද? ඉන් නො නැවතී… කවුරුන් හෝ සමග එක්ව මෙසේ ද ඔබ කියන්නට ඇත. ‘‘අනේ මේ පිනක වටිනාකම තේරෙන්නේ නැති හැටි… බුද්ධ ශාසනයක් ලැබුණු මොහොතේවත් පිනක් කර ගන්න දන්නේ නෑනේ…” හොඳින් විමසා බලන්න, සැබැවින් ම ඔබට අවශ්‍ය වූයේ තමා ව ඉස්මතු කර දැක්වීමට නො වෙ ද කියා.

‘‘හොඳට පින් දහම් කරන කෙනා තමයි මෙලොව දී සතුටු වෙන්නෙ. පරලොව දීත් සතුටු වෙන්නෙ ඔහු ම යි. දෙලොව දී ම ඔහු සතුටු වෙනවා. මං ගොඩක් පින් කරගත්තා කියලා සතුටු වෙනවා. සුගතියේ ඉපදුණාට පස්සේ ගොඩක් සතුටු වෙනවා.”
(ධම්ම පදය )

භාග්‍යවතුන් වහන්සේගේ දහම තුළ සුගති රැකවරණය පිණිස පින පිළිබඳ ව දේශනා කොට වදාළ බව සැබවි. නමුදු එම උතුම් දහමෙහි කෙළවර අමෘතය බඳු වූ නිර්වාණය ම ය. එබැවින් පිරිසිදු ශ්‍රී සද්ධර්මය මුණ ගැසුන මේ මොහොතේ නුවණ හසුරුවමින් පින් රැස් කර ගැනීමට අප කල්පනාකාරී විය යුතු ය. එපමණක් ද නො ව එය ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ඉවහල් කර ගැනීමට තරම් ප‍්‍රබල පිනක් බවට පත් කර ගත යුතු ය.

උතුම් මුනි දහමෙහි හැසිරීම වර්තමාන සමාජය තුළ දුෂ්කර කටයුත්තකි. පින ඒ සඳහා අත් වාරුවක් කරගත යුත්තේ එහෙයිනි. දුෂ්කර පර්වතයක් තරණය කිරීමට ශක්තිමත් අත් වැටක් අවශ්‍ය ය. නැතිනම් පර්වතය මුදුනට නැග ගන්නට නො ලැබෙනවා සේ ම ආපසු පෙර සිටි තැනට ම වැටෙන්නට ද ඉඩ ඇත. එසේ ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම වැනි දුෂ්කර ඉලක්කයක් කරා යාමට අපගේ පින ද ශක්තිමත් කර ගත යුතු ය. ඔබ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වුව ද ළඟා කර ගන්නා පින තුළ ‘මම’ සෙවීම නතර කළ දින ඔබ ශක්තිමත් පිනක උරුමකරුවෙකු වනු ඇත.

අපගේ පෙර බොදු උපාසක පිරිස් නිරන්තරයෙන් තම ජීවිත පිනෙන් පුරවා ගැනීමට උපක‍්‍රමශීලී වූ බව පෙනේ. ඒ තුළ ගැබ්ව ඇත්තේ අහිංසකත්වයේ ඡායාවකි. ‘මම’ ඉස්මතු කිරිමේ වුවමනාවක් නො තිබු සේ ය. ඒ සෙවණැල්ලේ පහස අප ලද යුතු ම යුගය මෙය බව මට හැෙඟ්. එක් ගම් පියසක මා දුටු සුන්දර දසුනකි. එනම් ගෙවත්තෙහි පොල් ගස් කිහිපයක් වන අතර එක් ගසක ‘පින්’ කියා සටහන් කර තිබේ. එයට කියන්නේ ‘පින් පොල් ගස’ කියා ය. එහි එලදාව ගෙදර ප‍්‍රයෝජනයට නො ගන්නා අතර එම ගසට සත්කාර කරනුයේ ද එය පිනට වෙන් කළ ගසක් යන සිතිවිල්ල ඇතිව ය. දානයක් සකසන විට එයට පොල් සැපයෙන්නේ පින් පොල් ගසෙනි. ඇතැම් විට ගමේ විහාරස්ථානයේ අවශ්‍යතාවයකට මුදල් වුවමනා වු විට ගමේ සියලූ ම ගෙවතුවල ‘පින් පොල්’ කඩා විකුණා මුදල් ගෙන එ් සඳහා යොදවයි. කෙතරම් අහිංසක, අව්‍යාජ, සුපින්වත් වෑයමක් ද?
එ් නිවෙස්වල ම මුළුතැන්ගෙයි තිබු ‘මිටි හාල් මුට්ටිය’ පිළිබඳ ව සටහනක් නො තබා ම බැරි ය. සහල් ගැනීමට පෙර නෑඹිලියට ගත් හාල්වලින් මිටක් ගෙන හැම විට ම කුස්සියේ වෙනම තබා ඇති මුට්ටියකට දමයි. මෙය නමින් ‘මිටි හාල් මුට්ටිය’ වේ. මට සිහි වන්නේ බුදුරජාණන් වහන්සේ අපට සෑම විට ම ‘‘දන් දීම පිණිස සෝදා ගත් අත් ඇතිව සිටින්නට” දේශනා කළ බව ය. එකල අපේ මව්වරුන්ට වුවමනා වුයේ කාට හෝ පෙනෙන්නට යමක් දීමට නො ව, ප‍්‍රසිද්ධ වන්නට නො ව, නම කියවා ගන්නට ද නො ව, නිවසට ඉල්ලාගෙන පැමිණෙන කාට හෝ ‘‘නෑ.. බෑ..” නො කියා යමක් දෙන්නට ය. සැබවින් ම මොවුන් සෑමවිට ම දන් දීම සඳහා සෝදා ගත් අත් ඇතිව සිටියහ. අද අපට බොහෝ විට නිවසේ දොරකඩ ළඟට පැමිණෙන මෙවන් පින ද මග හැරී යන්නේ අපගේ සිත සුන්දර එකක් කර ගන්නට අප අපොහොසත් වීමේ ප‍්‍රථිඵලයක් වශයෙනි.

පිනක් කර ගන්නට ඉඩක් ලද මොහොතේ දී අන් අය හෙලා දකිමින් තමා ඉස්මතු කර පෙන්වීමෙන් අත් වෙන වාසියක් නම් නැත්තේ ම ය. ඉන් සිදු වන්නේ පින තව තවත් දුබල වීම ය. අන් අයගේ පින සුළු කොට සලකා පහතට හෙලා කතා කරන අප අපගේ පින ම ඉස්මතු කරමින් පෙන්වීමට කැමති නො වේ ද? අන් අයගේ ගුණ මකා දමන්නේ ද ඒ හේතුවෙනි.

ඛුද්දක නිකායට අයත් පේතවත්ථු-විමානවත්ථු නම් උතුම් ග‍්‍රන්ථ රත්නයේ එක් පේ‍්‍රතයෙක් තමාට සුන්දර සිරුරකුත්- ඌරකුගේ කටකුත් ලැබීම පිළිබඳ මෙසේ විස්තර කරයි.

‘‘මං කයින් සංවර වෙලා හිටියා.. නමුත් වචනයෙන් අසංවර වෙලයි හිටියේ. පින්වත් නාරද ස්වාමීන් වහන්ස, ඔබට පෙනෙන මේ ලස්සන පැහැපත් ශරීරය ලැබුණේ කයෙන් පින් කිරීම නිසයි. පින්වත් නාරද ස්වාමීන් වහන්ස, දැන් ඔබ වහන්සේ ම මේ ශරීරය දැක්ක නෙව, දැන් මං ඔබට කියන්නේ මේකයි. වචනයෙන් පවු විතරක් කර ගන්නෙපා. ඌරු කටක් නම් තියෙන කෙනෙක් වෙන්න එපා…”

අවබෝධයෙන් ම පින් රැස් කර ගන්නට තිබෙන අවස්ථාව මඟ හැරගෙන අනුන්ගේ ගුණ මකමින් අප අත් කර ගන්නට සැරසෙන්නේද මෙවන් ඉරණමක් ම මිස වෙන කුමක්ද?

නිරන්තරයෙන් අප අන්‍යන්ගේ ගුණ ම දැකීමට පුරුදු විය යුතු ය. දුතිය ආඝාතපටිවිනය සුත‍්‍රයේ දී සාරිපුත්තයන් වහන්සේ දේශනා කොට වදාළේ පාංශුකූල සිවුරු සකසා ගැනීමේ දී, ඉවත ලන රෙදි කැබලි අහුලාගෙන භාවිතයට ගත නො හැකි කොටස පයින් පාගා ඉවත් කර ප‍්‍රයෝජනවත් කොටස පමණක් ගන්නා සේ පුද්ගලයන්ගේ දුර්ගුණ නො සිතා ඔහු සතු යහපත් ගුණ ම සිහි කළ යුතු බවයි. මෙසේ සෑම විට ම ජීවිතයේ අංගයක් කොට සිතමින් අන්‍යන්ගේ ගුණ ම දැකීමට පුරුදු වන්නේ නම් අප කරන සෑම පිනක් ම සුපහන් සිතකින් යුතුව කරන පිනකි.

මුගලන් රහතන් වහන්සේ දෙව්ලොව චාරිකාවේ වඩින විට සුන්දර දිව්‍ය විමානයක් දැක එම දෙව්දුවගෙන් එහි උපන් පුණ්‍ය විපාකය විමසා සිටි කල්හි ඇය පවසා සිටියේ බුදුරජුන්ට පුර්වාරාමය කරවු ඇගේ යෙහෙළියගේ එම පින දැක සංතෝෂයට පත්ව ඒ පින අනුමෝදන් ව මරණින් මතු මෙවන් වු විපාක ලද බවයි.

ඇය එම අවස්ථාවේ තමන්ගේ හිත රැක ගැනීමෙන් ලැබු ප‍්‍රතිඵලය එයයි. අපට ද අන් අයගේ යහපත් කටයුතු දැක සංතෝෂයට පත් විය හැකි ය. එවිට අපට ද එම පිනෙහි සම විපාක ලැබෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

මොහොතින් මොහොත ආයුෂ ගෙවී ගොස් අප ළං වනුයේ මරණයට ය. කෙස්, දත්, දිරාපත් වෙමින් පවති. හම රැළි වැටෙමින් පවතී, නොයෙක් ව්‍යාධීන් නමැති කුරුල්ලෝ මේ කයෙහි බිජු දමමින් පවතී. ජරා මරණ ඉදිරියේ මෙවන් වු අසරණ බවකට පත්ව සිටින අප අනුන්ගේ ගුණ මකමින් කරනුයේ කොතරම් විහිළුවක් ද?

අපගේ නම හඬ නගා කියන්නට වුවමනා නැත. අන් කිසිවෙක් දැන ගන්නට වුවමනා නැත. සියල්ලන්ට ම වඩා ඉහළින් ඉන්නට වුවමනා නැත. භයානක සසර ගමනක වැටී අසරණ ව සිටින අපට අවශ්‍ය වන්නේ සරණක් සලසා ගැනීම ය. කරන සෑම පිනක් ම එ් සඳහා උපකාර වේවා! යන අදහසින් ම පින් කරන්නේ නම් ඉහත කී සියල්ල පුහු දේ බවට ඔබ තුළින් ම පෙනී යන්නට පටන් ගනු ඇත.

සවන් සැනසෙන අමා දම් බිඳු
දිනෙන් දින සවනත වැකේවා..!
ඔබත් සුපසන් සිතක් ලැබගෙන
පිනෙන් සතුටුව නිවීයේවා..!

සටහන
ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරී
තේජා දිල්රුක්ෂි දයාරත්න

දුක සේ නමුත් කුසල් වඩන්න

$
0
0

පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේ වදාළා, ‘‘සමහර දුක් තියෙනවා ඒවා පුරුදු කළාට කමක් නෑ. ඒ දුක් සේවනය කිරීමෙන් අකුසල් පිරිහෙනවා, කුසල් වැඩෙනවා. මහණෙනි, මම මේක දැකලා නැත්නම්, දන්නේ නැත්නම්, නුවණින් ප‍්‍රත්‍යක්ෂ නො කොට කියන්න ගියොත්, හරියනව ද?” භික්ෂූන් වහන්සේලා ප‍්‍රකාශ කළා, ‘‘ඒක හරියන්නේ නෑ” කියලා. එහෙනම් දැනගෙන, දැකලා, ප‍්‍රත්‍යක්ෂ කරලා, නුවණින් අවබෝධ කරලා, ප‍්‍රඥාවෙන් ස්පර්ශ කරලයි, බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වා දෙන්නේ. ‘‘සමහර දුක් තියෙනවා ඒවා සේවනය කළාට කමක් නෑ.” අපි දන්නවා සමහරු ඉන්නවා බොහෝම දුක සේ ජීවත්වෙන. දැන් එයාට හොරකම් කළොත් සැප සේ ඉන්න පුළුවන්. නමුත් එයා හොරකම් නො කර දුක සේ ඉන්නවා. සල්ලාල වුණොත්, එයාට බොහොම හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්. එයා සල්ලාල වෙන්නේ නැතුව දුක සේ ඉන්නවා. එයාට හොඳට සල්ලි හම්බකරන්න පුළුවන් ඔය කසිප්පු ජාවාරමකට, මත්පැන් ජාවාරමකට සම්බන්ධ වුණොත්. ඒත් මෙයා එ්වා කරන්නේ නෑ. මෙයා අමාරුවෙන් එදිනෙදා ජීවිතය දුක සේ ගෙවනවා. එ් නිසා මෙයාට කුසල් වැඩෙනවා. අකුසල් පිරිහෙනවා.

දැන් භික්ෂූන් වහන්සේලාටත් එහෙමයි. ස්වාමීන් වහන්සේලාට බොහෝම සරල ව, චාම් විදිහට ජීවිතය ගෙවා ගන්න පුළුවන්. හැබැයි දුකයි. නමුත් දුක් වුණාට කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. නමුත් කෙනෙකුට අධාර්මික ව්‍යාපාරයක් කරන්න පුළුවන්. ඒත් ඒවා කළා ම, අකුසල් වැඩෙනවා. කුසල් පිරිහෙනවා. නමුත් එවැනි තැනකදීත්, ඒ වගේ දේවල් නො කර දුක සේ හිටියත් එයාට පාඩුවක් නෑ. මොකද හේතුව, කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘අන්න ඒ දුක තෝරාගත්තාට කමක් නෑ” කියලා. එහෙනම් මෙතැන දී අපි එක දෙයකට වැඩි අවධානයක් යොමු කළ යුතු යි, ඒ තමයි, කුසල් අකුසල් ගැන. යමක් කරා ගිහින් අකුසල් වැඩෙනවා නම්, කුසල් පිරිහෙනවා නම්, අපි ඒක අත්හරින්න ඕනි. යමක් කරා ගිහින් කුසල් වැඩෙනවා නම් අකුසල් පිරිහෙනවා නම් අන්න ඒක අපි දියුණු කරගන්න ඕනි.

බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාළා ‘‘මහණෙනි, මධ්‍යස්ථ විඳීමක් තියෙන උපේක්ෂාවක් තියෙනවා. ඒ උපේක්ෂාව තුළ ඉන්න ගියොත් අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා.” ඒ තමයි, සාමාන්‍ය ජීවිතයේ තියෙන මෝහයෙන් වැඩ කරන එක. ඉතින් උන්වහන්සේ අවබෝධයෙන් දැන ගෙනයි, ‘‘ඒක එහෙම වෙනවා” කියලා දේශනා කළේ. දැන් සාමාන්‍ය ජීවිතේ ගත කරන මනුස්සයෙක්, මොන තරම් මධ්‍යස්ථ ව හිටියත් එයාට අකුසල් පිරිහීම, කුසල් වැඞීම සිදු වෙන්නේ නෑ. එහෙම වෙන්න නම් සමාධියක් තුළ හිත දියුණු කරන්න ඕනේ. එතකොට අකුසල් පිරිහෙනවා, කුසල් වැඩෙනවා. අපි විදර්ශනාව තුළ, හිත මධ්‍යස්ථ කරන්න ඕනි. අන්න එතකොට අකුසල් පිරිහෙනවා, කුසල් වැඩෙනවා. ‘‘ඒක කරන්න” කියනවා.

බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාළා, ‘‘මහණෙනි, මධ්‍යස්ථ විඳීම් තියෙන උපේක්ෂාවක් තියෙනවා. ඒ උපේක්ෂාව නිසා අකුසල් පිරිහෙනවා. කුසල් වැඩෙනවා. මේ කාරණය මම ප‍්‍රඥාවෙන් අවබෝධ කරලා නැත්නම්, දැකලා නැත්නම්, සාක්ෂාත් කරලා නැත්නම්, ප‍්‍රඥාවෙන් ස්පර්ශ කරලා නැත්නම්, මා විසින් ප‍්‍රකාශ කරන එක සුදුසු ද?” ‘‘එහෙම හොඳ නෑ, ස්වාමීනී” කියලා භික්ෂූන් වහන්සේලා පිළිතුරු දුන්නා. ‘‘මහණෙනි, යම්, මධ්‍යස්ථ විඳීමක් නිසා අකුසල් පිරිහෙනවා නම්, කුසල් වැඩෙනවා නම්, එය සේවනය කරන්න කියලා මම කියන්නේ ප‍්‍රඥාවෙන් අවබෝධ කරලා ම යි.”

මේ දහම් කරුණු ඔබ හැමදෙනාට ම උතුම් ධර්ම අවබෝධ කර ගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!

හැම දෙනාට ම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය!

ගෞතම සසුනේ පිහිට ලබමු

$
0
0

ඔබ ශ‍්‍රද්ධාවට පැමිණිය යුත්තේ ගෞතම බුදු සමිඳුන් ගැන ය. ගෞතම බුදු සමිඳුන් වදාළ ශ‍්‍රී සද්ධර්මය ගැන ය. ගෞතම බුදු සසුන තුළ මාර්ගඵල ලැබූ උතුම් ශ‍්‍රාවක සඟරුවන ගැන ය. ඔබ තවමත් මේ තුනුරුවන් හඳුනාගෙන නැත්නම්, ඔබ කොතෙක් වාරයක් වචනවලින් තෙරුවන් සරණ ගිය ද, ඔබේ හදවත තුළ තිසරණය නොපිහිටයි. එවිට ඔබට රැකවරණයක් නැත.

යම් හෙයකින් ඔබ පතන්නේ මෛත‍්‍රී බුදු සසුන නම්, ඔබ තිසරණය ලබන්නට පතාගෙන සිටින්නේ ඒ මෙතේ බුදු සසුනේ මිස, දැන් ඔබට මුණ ගැසී තිබෙන ගෞතම බුදු සසුනේ නොවේ. ඔබ එබඳු කෙනෙක් නම්, ඔබට පරම දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය අහිමි වී යන්නේ ඉතාමත් අවාසනාවන්ත ලෙස ය. මෛත‍්‍රී බුදු සමිඳුන් ලොව පහළ වන්නේ මිනිස් ආයුෂ වර්ෂ අසූදහස දක්වා වර්ධනය වූ කාලයක බව අපගේ ගෞතම බුදු සමිඳුන් ඉතා පැහැදිලි ලෙස චක්කවත්තී සීහනාද සූත‍්‍රයේදී දේශනා කොට වදාරා තිබේ. එසේ නම් ඒ සා දීර්ඝ කාලයක් තුළ ඔබට අපා දුකක නොවැටී, සුගතියේ ම රැුඳී සිටිමින් දෙව් මිනිස් දෙගතියෙහි පමණක් සැරිසරමින්, මෛත‍්‍රී බුදු සමිඳුන් මුණ ගැසෙනා තුරා සුවසේ සිටිය හැකි යැයි සිතිය හැකි සහතිකය කුමක්ද? වගකීම කුමක්ද? එබඳු ආරක්ෂාවක් ගැන කියැවෙන බුද්ධ දේශනාවක් නැත. ඇත්ත වශයෙන් ම මේ ගෞතම බුද්ධ ශාසනය තුළ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමේ අදහස කෙනෙක් තුළ නැත්නම්, ඔහු ගෞතම බුදු සමිඳුන්ගේ ශ‍්‍රාවකයෙක් නම් නොවේ. ඔහු ශ‍්‍රාවක ප‍්‍රතිරූපකයෙකි. එනම් ශ‍්‍රාවක වේශයෙන් සිටිනා කෙනෙක් පමණි. මෛත‍්‍රී බුදු සසුන පැතීම නිසා කිසිවෙකු තමන් තුළ අවබෝධයෙන් ඇති කරගත් සම්මා දිට්ඨියක් නැත. එම නිසා ප‍්‍රායෝගිකව යථාර්ථයක් බවට පත් කරගත නොහැකි මෛත‍්‍රී බුදු සසුන පැතීමේ සිහිනය අත්හැර දමා ගෞතම බුදු සසුන වෙත පැමිණීමට තරම් නිහතමානී බුද්ධියක් ඇති කරගැනීම පිණිස ගිහි පැවිදි බෞද්ධ ජනතාව දැන්වත් සිහි නුවණ උපදවා ගත යුතුය.

ගෞතම බුදුරජාණන් වහන්සේ අපගේ එක ම කල්‍යාණ මිත‍්‍රයාණෝ ය. මාර්ගෝපදේශකයාණෝ ය. මහා කාරුණිකයාණෝ ය. සදාදරණීය වූ ශාස්තෘවරයාණෝ ය. බුද්ධත්වය ගැන මුළුමනින් ම දැන වදාළේ එය සාක්ෂාත් කරගත් බුදු සමිඳාණෝ ම පමණි. සසරේ ගමන් කරන සත්වයෙක් කෙමෙන් කෙමෙන් පාරමී ධර්මයන් මුහුකුරා ගොස් දෙතිස් මහා පුරිස ලක්ෂණ ඇතිව ජීවමාන මනුෂ්‍යරත්නයක් ලෙස බුද්ධත්වයට පැමිණීම මිනිස් ඉතිහාසයේ සිදුවන අතිශයින් ම ආශ්චර්යවත් වූ විස්මිත වූ අද්භූත වූ අසාමාන්‍ය වූ අද්විතීය වූ අචින්තනීය වූ සිදුවීමකි. ඒ බුද්ධත්වය පිණිස ශ‍්‍රාවකයන්ව උනන්දු කරවා මේ කෙළවරක් නොපෙනෙන සසරට ඇද දැමීමේ එක බුද්ධ දේශනාවක් වත් අපට හමු නොවේ. යම් කෙනෙකුට බුද්ධත්වය ප‍්‍රාර්ථනා කරගෙන පෙරුම් දම් පුරාගෙන සතර අපායේ නොවැටී යෑමේ ප‍්‍රායෝගික හැකියාවක් තිබේ නම් මහා කාරුණික බුදු සමිඳාණෝ එය නිසැකව ම පවසන සේක. නමුත් උන්වහන්සේ වදාළේ ඇසිපිය හෙලන මොහොතක් වත් භවය වර්ණනා නොකරන බවයි. සමස්ත බුද්ධ ධර්මය ම ‘අප‍්‍රමාදය’ යන වචනය තුළට බහාලිය හැකි බවයි. එසේ තිබියදී සියවස් ගණනක් මුළුල්ලේ සාම්ප‍්‍රදායික ලෙස ඇතැම් ගිහි පැවිදි ධර්මධර උතුමන් පවා බුදු බව පතන බෝසත්වරුන් ලෙස පෙනී සිටීමෙන් පැහැදිලි වන්නේ ගෞතම බුදු සසුනෙන් පරිබාහිර වූ මහායාන මතයන් තුළ ඔවුන් සිර වී සිටින බවයි. ඒ  බුදු බව පතන පිරිස් ද අහිමි කරගන්නේ ඉතා දුර්ලභ ලෙස තමා වෙත ලැබුණ ක්ෂණ සම්පත්තියයි. නිහතමානීව ශ‍්‍රාවකත්වයට පැමිණීමේ නොහැකියාව පමණි එයින් පිළිබිඹු වන්නේ. නමුත් සියලූ දෙනා ශ‍්‍රාවකත්වය ලබාගන්නේ තෙරුවන් සරණ යෑමෙනි. පැවිදිවීමේදී පවා පැවිදි අපේක්ෂකයන් ස්වාමීන් වහන්සේලාගෙන් සිවුරු ඉල්ලන්නේ ‘සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්චකරණත්ථාය’ කියා ය. එනම් සියලූ දුකින් නිදහස් වී අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස කියා ය. එහෙත් පැවිදි වූ පසු කෙනෙක් ඊට හාත්පසින් ම එකඟ නොවූ බුදු බව පැතීමේ විලාසිතාවට ගොදුරු වෙති. තවත් සමහරු දේශපාලනය කරති. තවත් සමහරු ශ‍්‍රමණ ජීවිතයකට කිසිසේත් යෝග්‍ය නොවන අශ‍්‍රමණ කටයුතුවල යෙදෙමින් සිටිති. ගෞතම බුදු සසුන අතුරුදහන් වීමට ඔවුන්ගේ ක‍්‍රියා කලාපය ප‍්‍රබල සාධකයක්ව පවතී.

එමෙන්ම තමන් පැවිදි වුණ යම් උතුම් අරමුණක් ඇද්ද, ඒ උතුම් අරමුණ වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමේ පරම පිවිතුරු චේතනාව තුළ දිගට ම රැඳී සිටින සැබෑ ම වූ ශ‍්‍රමණයන් වහන්සේලාගෙන් ද මේ දහම් දිවයින තවමත් හිස් නැත. ගෞතම බුදු සසුන ශෝභමාන වන්නේ අන්න ඒ ශාක්‍ය පුත‍්‍ර වූ ශ‍්‍රමණයන් වහන්සේලාගෙන් හා මේ ගෞතම බුදු සසුන තුළදී ම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමේ කුසලච්ඡන්දය ඇති ගිහි උපාසක උපාසිකාවන් නිසා ය. ගෞතම බුදු සසුන රැකගත හැක්කේ ද ඔවුන්ට පමණි. ගෞතම බුදු සසුනෙන් ප‍්‍රයෝජන ලබාගත හැක්කේ ද ඔවුන්ට පමණි. ගෞතම බුදු සසුන බැබළවිය හැක්කේ ද ඔවුන්ට පමණි. දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය තුළ පිළිසරණ ලබාගත හැක්කේ ද ඔවුන්ට පමණි. එම නිසා මෛත‍්‍රී බුදු සසුන පැතීමත්, තමන් බුදුවන්නට සිතීමත් වැනි ප‍්‍රායෝගික නොවන සිහිනයන්හි නොරැඳී ගෞතම බුදුරජුන් වදාළ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්නට නුවණැත්තෝ සිත් යොමත්වා!

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !

හිත රැකගන්න නම් ගුණ හිතන්න

$
0
0

පින්වතුනේ, පින්වත් දරුවනේ,

කුසල් දහම් උපදවා ගැනීමේ දී ප‍්‍රමාද වෙන්න එපා. අපි ටික ටික නමුත් කුසල් උපදවා ගන්න මහන්සි ගන්න ඕන. මොකද, කුසල් උපදවා ගන්න ප‍්‍රමාදවීම තමයි අකුසල් වැඩෙන්න උපකාර වෙන්නේ. එ් නිසා ප‍්‍රමාද නො වී අඩුම තරමේ කුසල් වැඩීම පිණිස සිතක්වත් උපදවා ගන්න මහන්සි වෙන්න.

අපි කියමු මෙහෙම. ඔන්න ගුණවත් කෙනෙකුට කවුරු හරි කෙනෙක් අපහාස කරනවා. එයාගේ ගුණ මකනවා. එතකොට එයා ‘මම නම් ගුණමකු නො වී ඉන්න ඕන’ කියලා හිතක් උපදවාගෙන ඉන්න ඕන. එ් වගේ ම අපි ඉස්සරහා කවුරු හරි කෙනෙක් තව කෙනෙකුගේ ගුණ මකනවා. එ් වෙලාවට අපි එ්කට හූමිටි තියෙන්නේ නැතුව එයාගේ ගුණ හිතන්න ඕන. එ්ක අපිත් එ් ගොඩට ම නො වැටෙන්න, අපේ හිත රැකෙන්න උපකාරී වෙනවා. මොකද, අපි කුසලයක් උපදවාගෙන තියෙනවා. සිතක් උපදවාගෙන තියෙනවා. අපි එ් විදිහට සිතක් උපදවා ගත්තේ නැත්නම් එතැන දී ප‍්‍රමාද වෙලා අරකට හූමිටි තියෙන්න පුළුවන්. එ් අහක යන කුණු ගොඩවල්නේ. මේවා ඕනතරම් වෙන්න පුළුවන්. හැබැයි එ්කෙන් පස්සේ පසුතැවිලි වෙන්න වෙන්නේ තමන්ට.

එ් නිසා මේක හොඳට ම තේරුම් ගන්න. සමහර විට පාපමිත‍්‍ර ආශ‍්‍රයෙන් කෙනෙකුට මේ වගේ දේවල් වෙන්න පුළුවන්. එයින් බේරෙන්න නම් එයා පාප මිත‍්‍රයන් අත්හරින්න ඕන. එහෙම හැකියාවක් අපි ඇතිකර ගන්න ඕන. එහෙම ඇතිකර ගත්තොත් තමයි අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිටක් ලබාගන්න පුළුවන් වෙන්නේ.

අපට ලැබුණු මේ මිනිස් ජීවිතය තුළ සමහර විට අපේ මේ ඥානය පුංචි එකක් වෙන්න පුළුවන්. හැබැයි, පුංචි ඥානයෙන් වුණත් යම්කිසි පිහිටක් ඇතිකර ගන්න පුළුවන්. දෝෂය පුංචි වුණත් සමහර විට එ් දෝෂය විශාල අනතුරක් කරන්න පුළුවන්. එ් කියන්නේ ලොකු නැවක් ගිල්වන්න පුංචි සිදුරකට පුළුවන්නේ. එ් වගේ ම අපේ ජීවිතවල ඇතිකර ගන්නා වූ පොඩි දුර්වලකමක් අපිට විශාල අයහපතක් ළඟාකර දෙන්න පුළුවනි.

සමහර විට කෙනෙක් තව කෙනෙකුගේ ඇද කුද කතා කරනවා. අපිත් එ් වෙලාවට කන හේත්තු කරගෙන ‘‘ආ… එහෙම ද…? ඇත්ත ද? මං මීට කලින් දන්නේ නෑනේ…” කියලා අහක යන සිදුරු තමන් ඇදලා ගන්නවා. මෙහෙම දේවල් වෙනවානේ. කිසි දවසක එහෙම කරන්න එපා. එ් නිසා හොඳට මතක තියාගන්න ඕන, අපි මේ ධර්මය ඉගෙන ගැනීමේ දී ධර්මය විතරක් ඉගෙන ගන්න දක්ෂ වෙන්න ඕන. ධර්මය ඉගෙන ගන්න දක්ෂ වුණොත් විතරයි එයාගේ ජීවිතයේ වටිනාකම තියෙන්නේ. නැත්නම් ධර්මය ඉගෙන ගන්න ආවට වෙන සිද්ධියක් නිසා ඔබේ අරමුණ වෙනස් වෙන්න පුළුවන්.

අපි මෙහෙම කියමු. ඔන්න ඔබ ගොඩක් දුර ඉඳලා මහන්සි වෙලා පාන්දර දෙකට තුනට නැගිටලා අමාරුවෙන් මෙහෙ එනකොට ඔන්න මඟ දී යාළුවෙක් හමුවෙනවා. එයත් ඔන්න මෙහේ ඇවිත් ගාණට එකතුවෙනවා. ඊට පස්සේ මහා කුණුගොඩවල් කියනවා. දැන් වැඩසටහන ඉවර වෙලා ගෙදර ගියාට පස්සේ ඔළුවේ තියෙන්නේ අරයා කියපු ටික. එහෙම වෙන්න පුළුවන්නේ. මේවා හරි අනතුරුදායකයි. මේ දේවල් මනුෂ්‍යයන්ට ඕනතරම් වෙන්න පුළුවන්.

එ් නිසා අපි හොඳ සිහියෙන් ඉන්න ඕන. තමන් එන්නේ එ්කට නෙවෙයි. තමන් එන්නේ ධර්මය අහන්නයි. තමන් එන්නේ ධර්මය අහලා ධර්මය ඉගෙන ගන්නයි. එ් ධර්මය දේශනා කළේ එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි. එ් දේශනා කළා වූ ධර්මය තමන්ගේ හිතේ පිහිටුවාගෙන තමන් එ්ක ඇතිකර ගන්න ඕන. තමන් දැනගන්න ඕන, තමන්ගේ ජීවිතයට ධර්මය තුළින් පිළිසරණ හදාගන්න. එ් කියන්නේ ඔන්න තමන්ගේ ජීවිතයට ප‍්‍රශ්නයක් තමන්ගේ ජීවිතයට අනතුරක් වුණොත් තමන්ට පිහිට වෙන්න කවුරුවත් නෑ. එ්ක හොඳට මතක තියාගන්න. ධර්මය අහන්න ගිහිල්ලා ධර්මය ගත්තේ නැතුව වෙන එ්වා අරගෙන නො මඟ ගියොත්, එ් කියන්නේ කාගේ හරි බසකට තමන්ගේ ශ‍්‍රද්ධාව නැතිකර ගත්තොත් කවුරුවත් උපදවා දෙන්නේ නෑ. මොකද, ශ‍්‍රද්ධාවක් උපදවා ගැනීම හරි අමාරු වැඩක්.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාට ම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!

හැම දෙනාට ම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය!

සංඛතයක් යනු කුමක්ද?

$
0
0

දුක විග‍්‍රහ කරන තැන සංඛාර ගැන ‘සංඛතං අභිසංඛරොන්තී’ති භික්ඛවේ, තස්මා සංඛාරාති වුච්චන්ති’ කියලා සඳහන් වෙනවා. සංඛතය කියලා කියන්නේ හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගත්තු දේ. බුද්ධ දේශනාවේ හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගත්තු දේ තුළ තිබෙන ලක්ෂණ තුනක් පෙන්වා දෙනවා. එ්කේ සඳහන් වෙන්නේ ‘(තීණිමානි භික්ඛවේ සංඛතස්ස සංඛතලක්ඛණානි) මහණෙනි, සංඛතයක ලක්ෂණ තුනක් තියෙනවා. එ් තමයි (උප්පාදෝ පඤ්ඤායති) හටගැනීමක් පේනවා. (වයෝ පඤ්ඤායති) නැසීයාමක් පේනවා. (ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති) පවතින දේ තුළ වෙනස්වීමක් පේනවා. එ් තමයි සංඛතයක තියෙන ලක්ෂණ. එහෙම නම් හේතුඵල දහමින් හටගත්තු සෑම දේකම ඔය ලක්ෂණ තුන තියෙනවා.

එහෙම නම් අසංඛතයේ, එ් කියන්නේ හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටනොගත්තු දේ තුළ හටගැනීමක් පේන්නෙත් නෑ. නැසීයාමක් පේන්නෙත් නෑ. පවතින දේ තුළ වෙනස්වීමක් පේන්නෙත් නෑ. එ් අසංඛතය තමයි නිවන. අනිත් හැමදේම සංඛතයි. සංස්කාර එ් කියන්නේ හේතුඵල දහමින් හටගත්තු දේ ආයෙමත් සංස්කාරයක් ම සකස් කරලා දෙනවා. එ්කෙදී බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දේශනා කරලා තියෙනවා. එ් තමයි (රූපං රූපත්තාය සංඛතං අභිසංඛරොන්ති) රූපය රූපයක් වීම පිණිස නැවත සකස් කරලා දෙනවා. වේදනාව වේදනාවක් වීම පිණිස නැවත සකස් කරලා දෙනවා. සංඥාව සංඥාව වීම පිණිස නැවත සකස් කරලා දෙනවා. සංස්කාර සංස්කාර වීම පිණිස නැවත සකස් කරලා දෙනවා. විඤ්ඤාණය විඤ්ඤාණයක් වීම පිණිස නැවත සකස් කරලා දෙනවා. එහෙම නම් බලන්න, අපි මේ සංසාරයේ යාමේ දී කොච්චර නම් ජීවිතේ එපාවෙන අවස්ථාවල් තියෙන්න ඇද්ද? එ්ත් තවමත් කෙළවරක් නෑනේ නේ ද?

පටාචාරාගේ සිද්ධියේ දී භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා ‘පටාචාරා, ගෙවාපු සංසාරයේ ඔබ හෙළුෑ කඳුළු සාගර ජලයට වැඩියි’ කියලා. බුදුරජාණන් වහන්සේ සත්වයාට පොදුවේ පෙන්වා දීලා තියෙනවා මේ සංසාරේ ඉපදි ඉපදි මැරී මැරී ආපු ක‍්‍රමය තුළ සත්වයා හෙළුෑ කඳුළු සාගර ජලයට වැඩියි කියලා. එතකොට සාගර ජලයට වැඩි කඳුළු ප‍්‍රමාණයක් අපේ ජීවිතයෙන් බැහැර වෙලා තියෙනවා නම් අපි කොච්චර වාරයක් මේ සංඛතය අභිසංස්කරණය කරමින් ඉඳලා තියෙනවා ද? සිද්ධ වෙලා තියෙන්නේ වෙන එකක් නෙවෙයි, සංඛතය ම අභිසංස්කරණය කරමින් ඉන්න එකයි. මේ කියන ක‍්‍රියාව තුළ වෙන්නේ මේ තියෙන දේ ආයෙමත් හදනවා. හැදිලා තියෙන දේ ආයෙමත් හැදි හැදී යනවා. මේ ස්වභාවය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට විතරයි.

‘රෝහිතස්ස’ කියලා එක දෙවිකෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ‘‘භාග්‍යවතුන් වහන්ස, ඇවිද යාමෙන් ලෝකයේ අවසානයක් දකින්න පුළුවන් ද?” කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘දෙවිය, ඇවිදයාමෙන් ලෝකයේ අවසානයක් දකින්න බෑ.” එතකොට එ් දෙවියා කියනවා ‘‘භාග්‍යවතුන් වහන්ස, එ් කියපු කතාව හරියට හරි. භාග්‍යවතුන් වහන්ස, මට හරී වේගයෙන් යන්න පුළුවන් ආත්මභාවයක් තිබුණා. එතකොට මට හිතුණා ‘මේ ලෝකයේ අවසානයක් බලන්න ඕන’ කියලා. ඉතින් මම ලෝකයෙන් ලෝකයට ගියා. නමුත් මට එ් ගමන අවසන් කරගන්න බැරිවුණා. තව ලෝක පෙනි පෙනී ම අතරමග දී මම මරණයට පත්වුණා.” (දැන් නම් ඔය විද්‍යාවෙනුත් කියන්නේ ඉවරයක් නෑ කියලා) එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘හැබැයි දෙවිය, ලෝකයේ අවසානයක් දැක්ක යුතුයි. එ් ලෝකය තියෙන්නේ සංඥාව සහිත, මනස සහිත, විඤ්ඤාණය සහිත බඹයක් පමණ වූ මේ ශරීරය තුළයි. එ් තුළ ලෝකය හටගන්න වුවමනා කරන ඔක්කොම දේවල් තියෙනවා. එ් වගේ ම මේ තුළ ම තමයි ලෝකයෙන් නිදහස්වීමත් තියෙන්නේ. එ් වගේ ම නිදහස් වෙන්න වුවමනා මාර්ගය තියෙන්නෙත් මේකෙමයි.”

අපට හොඳට පේනවා, මේ බඹයක් පමණ වූ ශරීරයනේ අපි හැම දේකට ම උපයෝගී කරගන්නේ. අපි සෙල්ලම් කරනවා, ගෙවල් දොරවල් හදනවා, ගස් කොළන් වවනවා. ධර්ම මාර්ගයේදීත් අපට වෙන විදිහකට පාවිච්චි කරන්න වෙන්නේ එ් දේවල් ම යි. එ් තමයි කුසල් වැඞීම පිණිස, අකුසල් ප‍්‍රහාණය පිණිස, සිත පිරිසිදු කිරීම පිණිස. එතකොට එ්කට හරවාගන්නෙත් මේ තියෙන දේවල් ම නේ. එහෙම නැතුව බාහිර දේවල් නෙවෙයි. එතකොට තමා තුළ තියෙන එකක් තමයි අපි අවබෝධ කරගන්න හදන්නේ. වෙලා තියෙන්නේ එ්ක කරගන්න ලොකු පින් බලයක් වුවමනා කරනවා. එ් පින් බලයෙන් තමයි එ් සඳහා වුවමනා කරන දේ ලැබෙන්නේ.

මිහිඳු මහරහතන් වහන්සේ මතුකර දුන් අපේ වාසනාව

අපි ගත්තොත්, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියේ නැත්නම් ලංකාවේ මිනිස්සු රහත් වෙන්නේ නෑනේ. එහෙම නම් දඩයමේ ම ගිහිල්ලා ඔහේ මැරිලා යනවානේ. රජ්ජුරුවොත් දඩයමේ ගියා. සෙන්පතිවරුත් දඩයමේ ගියා. රජ්ජුරුවෝ දඩයමේ ගියා නම් සෙන්පතිවරු අනිවාර්යයෙන් ම යනවානේ. සෙනඟත් අනිවාර්යයෙන් ම දඩයමේ යනවානේ. එහෙම නම් දඩයමේ ගිහිල්ලා නැකත් උත්සව සමරපු මිනිස්සු මිහිඳු මහරහතන් වහන්සේ නො වඩින්න නිකන් ම මැරිලා යනවා. එතකොට අපට එ්කෙන් තේරුම් ගන්න පුළුවන්, මෙහේ හිටපු මිනිස්සුන්ටත් මේ කුසලතාවය තිබුණා. එ් තමයි සිහිය දියුණු කිරීමේ හැකියාව. එ් සිහිය දියුණු කිරීමේ හැකියාව, එ් ක‍්‍රමවේදය කියා නො දෙන්න කවුරුවත් සිහිය දියුණු කරන්නේ නෑනේ. නමුත් එ් ක‍්‍රමවේදය ඇසුව නිසා, එ් කෙරෙහි සිත පැහැදුණා. පැහැදිලානේ සිහිය දියුණු කර ගත්තේ. මිහිඳු මහරහතන් වහන්සේ කොච්චර පභල මාර්ගෝපදේශනයක් ලබාදුන්නා ද කියන්නේ, මුල් ම කාලයේ පිරිස වේගයෙන් මාර්ගඵල අවබෝධ කළානේ.

මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරපු දේශනාවල ලැයිස්තුවක් මහාවංශයේ සඳහන් වෙනවා. එ්ක හරි පුදුමයි. එ් දේශනා සාමාන්‍ය ලෝකයේ මනුස්සයෙකුට කිසිසේත් ම අහන්න ලැබෙන්නේ නෑ. වේදල්ල සූත‍්‍රය, ඛජ්ජනීය සූත‍්‍රය, ඵේණපිණ්ඩූපම සූත‍්‍රය මේ වගේ ගැඹුරු සූත‍්‍ර දේශනා උන්වහන්සේ දේශනා කළා. එ් වගේ ම උන්වහන්සේ ‘සච්ච සංයුක්තය’ දේශනා කළා. එ්කේ සූත‍්‍ර දේශනා විශාල ප‍්‍රමාණයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නො කිරීම නිසා සත්වයා සතර අපායට වැටෙන ආකාරය තමයි සච්ච සංයුක්තයේ වැඩිපුර තියෙන්නේ. එ්ක තමයි මිහිඳු මහරහතන් වහන්සේ මිනිස්සුන්ට කියලා තියෙන්නේ. එතකොට එ් පිරිස වේගයෙන් අවබෝධ කළා. මොකද මතවාදය එකයි. කවුරු කිව්වත් එකයි. එතැන දී ධර්මය දේශනා කළේ මිහිඳු මහරහතන් වහන්සේනේ. නමුත් වෙනත් විකල්ප මත, වෙන විසංවාද මුකුත් නෑ. ‘‘ආ.. ඕක ඔහොම කරලා හරියන්නේ නෑ. මෙහෙම කරන්න ඕන..” කියන්න කෙනෙක් නෑනේ. උන්වහන්සේ හරි දේ දේශනා කළා. අහන පිරිසටත් වෙනත් විග‍්‍රහයන් නෑ.

විශේෂයෙන් ම අද කාලයේ වංචනික ධර්මවලින් බේරෙන්න තමයි අපි ඉස්සර වෙලා ම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළ ශ‍්‍රද්ධාවට පැමිණිය යුත්තේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළ ශ‍්‍රද්ධාවට නො පැමිණියොත් තමයි එ් වංචනික ධර්මයන්ගේ බලපෑමට අහුවෙන්නේ. මම කලින් අවස්ථාවක සඳහන් කළානේ එක ස්වාමීන් වහන්සේ නමකට සමාධියකින් බුදුරජාණන් වහන්සේ පෙනිලා සිදු වූ දෙයක් පිළිබඳ සිද්ධියක්. එ් ඉස්මතු වුණේ තමන් තුළ තිබුණු වංචනික ධර්මයක්නේ. එ් කියන්නේ එයාට ‘මට හරියට මහණකම හම්බවුණා ද දන්නේ නෑ.. අද කාලයේ හරි පැවිද්දක් ලබන්න පුළුවන් ද දන්නේ නෑ..’ කියලා මොකක් හරි සැකයක් තිබුණා. මේ වගේ සැක එන්න පුළුවන්නේ. එ් වගේ සැකයක්, වංචනික ධර්මයක් තමයි එතැන ඉස්මතු වුණේ. ඉතින් මේ වගේ දේවල් ඕන තරම් සිද්ධ වෙන්න පුළුවන්. සාමාන්‍ය මනුස්සයාට වංචනික ධර්ම එන්න තියෙන අවස්ථාව ගොඩක් තියෙන්නේ ශ‍්‍රද්ධාව නැතිවීමෙන්.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ශ‍්‍රද්ධාව නැතිවුණාට පස්සේ ‘අරක කොහොමද.. මේක කොහොමද..’ කියලා සැක එනවා කියලා. උන්වහන්සේ එ්කට විස්තර කරන්නේ කථං කථී කියලා. කථං කථී කියන්නේ ‘අරක කොහොමද.. මේක කොහොමද..?’ කියලා කෙළවරක් නැති ප‍්‍රශ්න එනවා. එ් නිසා (කථං කථී ඤාණ පථාය සික්ඛෙය්‍ය) එ් වගේ ප‍්‍රශ්න එන කෙනා නුවණ වැඩෙන මාර්ගයක හික්මෙන්න කියනවා. එ් විදිහට නුවණ වැඩෙන මාර්ගයක හික්මුණා ම එ්ක නැතුව යනවා. බුද්ධ දේශනාවලින් මේ දේවල් පැහැදිලි කරගන්න කොට අපට නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි මෙහි දී බුදුරජාණන් වහන්සේ මේ දීලා තියෙන උපදේශය හරියට ම හරි කියලා තමන්ගේ හිතේ තදබල විශ්වාසයක් තියෙන්න ඕන. එ්කේ තමයි වැදගත්කම තියෙන්නේ. මොකද එ් විශ්වාසය තිබුණේ නැත්නම් එක එක මත ආපු ගමන් (මේ කාලයේ ඕවා කොහේ කරන්න ද? ඕවා කරලා හරියන්නේ නෑ කියපු ගමන්) එයා ධර්මය අත්හරිනවා.

එ් නිසා කවුරු මොනවා කථා කළත් තමන්ගේ පිහිට හදාගන්න ඕන තමන් ම යි. අපි කියමු කවුරු හරි කෙනෙක් ‘‘මේ කාලයේ ඕවා කොහේ කරන්න ද? ඕවා කරලා හරියනව ද?” කියලා කියනවා කියලා. අපි එ් දේවල්වලට අහුවෙලා ගියොත් අපි එ් නැතිකර ගන්නේ සිහිනුවණ ඇතිකර ගන්න තියෙන අවස්ථාවනේ. සිහිය කියන්නේ තමන්ට තියෙන ආරක්ෂාවක්.. රැුකවරණයක්. එ් වගේ ම ඤාණය කියලා කියන්නේ තමන්ට තියෙන විශාල පිහිටක්. මේවා දියුණු කරගන්න තමන් තුළ කුසලතාවයකුත් තියෙනවා කියමු. නමුත් තමන් සද්ධර්ම ශ‍්‍රවණයක් ලබාගෙන නැත්නම් තමන්ගේ එ් සිහිනුවණ වැඩෙන්න වුවමනා පරිසරයක් නෑ. එතකොට වෙන්නේ වාසනාව තියෙනවා. නමුත් එ් වාසනාව පාවිච්චි වෙන්නේ නෑ. හැබැයි වාසනාව එක ආත්මයක පාවිච්චි නො වුණොත් එ් වාසනාව ඊළඟ ආත්මයට යයි ද කියන්න අපි දන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව යමෙක් මනුස්ස ලෝකයේ ඉපදුණා කියන්නේ වාසනාවන්ත උපතක්නේ. එ් විදිහට මනුස්ස ලෝකයේ ඉපදීමත් සමඟ අපට ධර්මය අවබෝධ කරන්න වාසනාවත් තියෙනවා කියමු. එ් වාසනාව මේ ජීවිතයේ දී පාවිච්චි වුණේ නැත්නම් එ් වාසනාව ඊළඟ ජීවිතයට නැවත එයි කියලා හිතන්න බෑ. එහෙම හිතන්න අවස්ථාවක් නෑ. එ් නිසා වාසනාව නැවත නැවත මුණගැසෙන්නේ නෑ. නමුත් අවාසනාව නම් එහෙම වෙන බව පේනවා නේ ද? මොකද දේශනාවේ තියෙනවානේ මේ සත්වයා යන්නේ සතර අපායට ම වැටි වැටී කියලා. එ් නිසා අපි උත්සාහ කළ යුත්තේ ලද වාසනාව අහිමිවීමට මත්තෙන් ධර්මය තුළ ස්ථාවර වීමටයි.

 

අග‍්‍ර වූ පින් රැස්කර ගනිමු…

$
0
0

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක්තරා අවස්ථාවක යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂු, භික්ෂුණී කියන උභතෝ සංඝයාට ම මහා දානයක් පූජා කරනවා. ඊටත් වඩා වටිනවා කියලා දේශනා කළා පන්සිල් රැකීම. එ් පන්සිල් රැකීමටත් වඩා වටිනා දෙයක් තියෙනවා කියලා දේශනා කළා. එ් තමයි ඇස්පිල්ලන් ගහන මොහොතක් හරි, හෙළන මොහොතක් හරි අනිත්‍ය සඤ්ඤාව වැඩීම. එතකොට තේරෙනව ද ජීවිතයකට භාවනා වශයෙන් ඇතිවෙන උපකාරය? අපට පේන්නේ නෑ මේවා කොච්චර අපේ ජීවිතවලට පිහිට වන දේවල් ද කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ම දැක්කා එ් මහා දානය දීම සුළු දෙයක් හැටියට. එ් නිසා උන්වහන්සේ ඊට වඩා වටිනා දෙයක් ලෙස දේශනා කළා පන්සිල් රැකීම. ඊටත් වඩා වටින දෙයක් ලෙස දේශනා කළා අනිත්‍ය ස්වභාවය හඳුනාගෙන අනිත්‍ය සඤ්ඤාව වැඞීම.

එහෙනම් අපට පේනවා මානසිකව මොන තරම් දේවල් කරන්න පුළුවන් ද කියලා…? අපේ ජීවිතයේ අපි කාලය ගෙව්වේ මේවාට නෙවෙයිනේ. අපි කාලය ගෙව්වේ බාහිර ලෝකයේ හිස් දේවල්, විසිතුරු දේවල් පස්සේ දුව දුවානේ. එ්වා ඔක්කෝම නිකම් ම නිකන් සිහිනයක් වගේ. ගෙවිල යන සිහිනයකින් දැකපු දෙයක් වගේ අතීතයට ම එක්වෙන දේවල් විතරයි. එ් කිසි දේකින් අපි මානසිකව කිසිම දියුණුවක් කරා යන්නේ නෑ. එ්වා ඔක්කෝම හරියට අපි වාහනේක නැගල පාරේ යද්දී පාර දෙපැත්තේ තියෙන දේවල් අපට පාස්වෙලා යනවා වගේ අතීතයට එකතු වෙලා යනවා. ඔය විනෝද වෙන දේවල් ඔක්කෝම නිකම් ම නිකන් පාස්වෙලා යනවා. එ්වා ඔක්කෝම අතීතයට යනවා. ඊට පස්සේ හීනයක් විතරයි, කාලයක් යනකොට මතක නැතිවෙනවා. නමුත් භාවනා වශයෙන් මානසිකව දියුණු කරන එක එහෙම මතක නැතිව යන්නේ නෑ. එ් මොකද එහෙම මතක නැතිව යන්නේ නැත්තේ? එතැන තියෙනවා සම්මා සති. අතන තියෙන සතිය මොකක්ද? මිච්ඡා සති. මිච්ඡා සතිය මතක තියෙන්නේ නෑ. එ්ක මතක තියෙනවා, වැරදුනොත් මතක හිටිනවා. එ් කර්ම විපාක දෙන්නයි එ් මතක හිටින්නේ. සම්මා සතිය පිහිටනවා සතිපට්ඨානය පුරුදු කරන හිතේ. සම්මා දිට්ඨිය ඇතිවෙනවා. සම්මා සංකල්ප ඇතිවෙනවා. මේවා ඔක්කෝම අපේ හිතේ මුල් බැසගත්තහම එ් ධර්මය අපේ හිතේ පිහිටනවා මිසක් එ්ක අමතක වෙන්නේ නෑ. එ්ක හැම තිස්සේ ම තමා ළඟ තියෙන දෙයක් බවට පත් වෙනවා. මෙන්න මේ කාරණයට දියුණු කරගන්න වුවමනා දෙයක් තමයි, සමාධිය.

සමාධිය දියුණු කරගන්න තියෙන ප‍්‍රධාන ම සුදුසුකම තමයි නිතර නිතර අභ්‍යාසයක යෙදීම. අපි නිතර අභ්‍යාසයක යෙදෙන්නේ නෑ. අපි ඔන්න භාවනා කරනවා පැයක්. සුමානයක් කරනවා. නමුත් අපි හිතන ජාතියේ සමාධියක් නෑ. ඔන්න මග ඇරෙනවා. අන්න එ්කෙන් තමයි එ් දේ සිද්ධ වෙන්නේ. එ්වාගේ මග ඇරෙන්න නො දී අපට ජීවිතේ තියෙන එකම විසඳුම හැටියට සලකලා නිතර නිතර අපේ ජීවිතයට පුරුදු කරන්න ඕන. ඉතා ම වාසිදායක, ඉතා ම උපකාර වන, පිහිට පිණිස පවතින එකක් තමයි සමාධිය ඇතිකර ගැනීම. ඉතින් එ් සමාධිය ඇති කරගැනීමට නම් එ් සමාධියට වුවමනා කරන විදිහට අපි භාවනාව හොඳට පුරුදු කරගන්න ඕන.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා! හැම දෙනාටම තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය!


විවේචනයට පෙර…

$
0
0

පුංචි පුංචි දේවල්වල අපි නො හිතන තරමේ ගොඩාක් ලොකු දේවල් තියෙනවා. පුංචි වැහි බිංදු එකතු කරලා ලොකු වැවක් හදන්න පුළුවන් නේ…. එ් නිසයි ඇසිදිසි මානයෙන් එහා තියෙන, ලොකු වෙනසක් සිදු කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් ගැන අපි කථා කරන්න හිතුවේ. අද අපේ කථාව :

එදිනෙදා ජීවිතේ ගත කරද්දි ඔබට කීදෙනෙකුගෙන් නම් උපකාර ලැබෙනව ද? තනි පුද්ගලයෙක් විදිහට අපි කවුරු කවුරුත් කායික ව, මානසික ව නිර්මාණය වුණාට අපි සමාජයේ ජීවත් වෙන්නෙ තනියෙන් නෙමෙයි. අපි හැමෝම ජන සමූහයක එක් එක් පුරුක් පමණ ම යි… මේ කියන්න යන කාරණය ‘පුද්ගලිකයි, රහසිගතයි’ වුණත් හැමෝටම පොදු සහ විවෘත දෙයක් ලෙසින් කථා කරන්න ඕන කියල අපි හිතුවෙත් ඔන්න ඔය නිසයි.

අද අපි කථා කරන්නෙ එකිනෙකාට උපකාර කර ගැනීමෙන් එකිනෙකා සමූහයක් ලෙසින් එකට බැඳිලා ඉන්න මේ සමාජයේ සිදු කෙරෙන එ් එ් උපකාරයන් ගැනයි, එ් උපකාරයන්ට පෙරළා ලැබෙන ප‍්‍රතිචාර ගැනයි….

එක ගෙදරක….
පාසැල් යන වයසෙ ම දරු තුන්දෙනෙක් ඉන්න මේ ගෙදර අම්මා ගුරුවරියක්. තාත්තා කාර්යාලයීය සේවකයෙක්. කොස් නැටි පෙනෙන නො පෙනෙන කළුවරේ ම අවදි වෙන අම්මා ඉවුම් පිහුම් ඉවර කරද්දි තමයි අනිත් අය අවදි වෙන්නේ. ඉඳලා හිටලා ලොකු දුව හරි, ස්වාමි පුරුෂයා හරි අම්මට උයන්න පිහන්න, තේ හදන්න උපකාර කරනවා. එ්ත් වැඩිපුර ම එ් දේවල් අම්මා අතින් ම තමයි කෙරෙන්නේ.

කෑම බීම ටික පවා බෙදලා දීලා අම්මත් මේ අය එක්ක ම රැුකියාවට යන්න පිටත් වෙනවා. හවස පාසැල් ඇරිලා ආවට පස්සෙ තමයි අතුපතු ගාන වැඩ කරගන්න වෙන්නේ. එ් හවස් වරුවේ ගේ ෙදාර වටපිටාව පවිත‍්‍ර කරලා, පුංචි එළවළු කොරටුවෙත් වැඩ කටයුතු කරලා, ඇඳුම් පැලඳුම් සෝදලා, නා කියාගෙන අම්මා රාත‍්‍රි ආහාර පිළියෙල කරන්න පටන් ගන්නවා. තාත්තා එන්නෙ කඩපළට ගිහින් ගෙදරට වුවමනා බඩු එහෙමත් අරගෙනයි. දෑතින් ගෙන බඩු මලූ පෙරමඟට ඇවිත් හිනාවෙලා තමන් ව පිළිගන්න අම්මා අතට දීලා තාත්තා හාන්සි පුටුවට වෙලා වෙහෙස නිවා ගන්නවා.

ඔන්න අම්මා තේ එකක් හදාගෙන ඇවිත් තාත්තගෙ අතට දෙනවා.

තාත්තත් ඇඟ පත සෝදා ගත්තට පස්සෙ හැමෝම එකතු වෙලා බුද්ධ වන්දනාව කරනවා. ඊළඟට හැමෝම එකට කෑම කනවා. දරුවො පාසල් වැඩ කරද්දි තාත්තා ප‍්‍රවෘත්ති බලනවා. අම්මා වළන් පිඟන් අස්පස් කරනවා. නිදි යහන් සකසලා දෙන්නෙත් අම්ම ම යි. වෙහෙසකර දවසක් අවසන් කරලා හැමෝම නින්දට යනවා….

ඔන්න ඔය විදිහටවත් වැඩ කටයුතු සිදු වුණා නම් යම් තරමක හෝ පහසුවක් නිවසේ වැඩකටයුතු බහුතරයකට උර දෙන අම්මාගේ හිතට දැනෙනවා. එ්ත්…..
අම්මා ආහාර සකසන ගමන් ම පිළියෙල කරපු තේ එක අතට ගත්තට පස්සේ,

‘‘මොකද මේ තේ එක නිවිලා?”
‘‘අම්මේ, ගෙදර සීනි ඉවර ද? නැත්නම් සීනි දැම්මෙ ම නැද්ද? මෙහෙම පුළුවනෑ තේ බොන්න…”
‘‘අම්මේ මේක නම් තේ එකක් නෙමෙයි, කසාය එකක්. තිත්ත ම තිත්තයි. මදැයි උදේ ම තේ එකක් බොන්න ගත්තා…”

මේ හැම දේ ම කියලා තේ එක බීලා කෝප්පෙ එහෙම ම තියලා යන්නෙ වෙහෙස නො බලා අම්මා එ්ක සෝදන බව දන්න නිසා.
තේ එක ගැන විතරක් නෙමෙයි, ආහාර පාන වගේ ම අනෙක් හැම දේකමත් පුංචි හරිවැරැුද්දක් තිබුණොත් අම්මගෙ කන් දෙකට නම් නිදහසක් නැති වෙනවා.

‘‘චහ්… මොකක් ද මේ මැදලා තියෙන ඇඳුම? මං අඳින්න හිටියෙ මේක නෙමෙයි…”
‘‘ෂිහ්… මේ කෑම මෙලෝ රහක් නෑනේ. ලූණු මිරිස් වත් දාන්න දන්නෙ නැද්ද?”
‘‘බත් එක රොස් වෙලා ද කොහෙද? කුස්සියේ ඉඳලවත් ඕක දැනුන් නැද්ද අම්මෙ?”
‘‘මට නම් බෑ මේ කෑම ඉස්කෝලෙට ගෙනියන්න. මං කැන්ටිමෙන් කනවා.”

ඔන්න ඔය වගේ ඉවරයක් නැති දෝෂාරෝපණ මොන තරමක් නම් එල්ල වෙන්න පුළුවන් ද? එ් අතරෙ ම ඇඳුමක්, පැලඳුමක්, පෑනක්, පැන්සලක් එහෙ මෙහෙ වුණත් ඔක්කොම අහන්නෙ අම්මගෙන් තමයි. හැබැයි හැමදේ ම කිසි ම අඩුපාඩුවක් නැතිව, පිළිවෙළට සිද්ධ වුණොත් නම් කිසි ම කෙනෙක් ‘හ්ම්’ නො කියා තමන්ගේ පාඩුවේ කටයුතු කරනවා. උදේ පාන්දර ඉඳලා මහ වෙහෙසකින් යුතු ව එ් කටයුතු ඉටු කරපු අම්මගේ මෙහෙවර ගැන ප‍්‍රශංසනීය වචනයක් එක් කෙනෙක්ගෙන් හරි පිට වෙන්නේ බොහොම කලාතුරකින්.

ඔන්න ඔය වගේ ගෙදරක අම්මා ඔබ වුණා නම්……???

එක කාර්යාලයක….
හැම කෙනාට ම තම තමන්ගේ වැඩ කොටසක් පැවරිලා තියෙන නිසා හැමෝගෙ ම උත්සාහය කොහොම හරි තමන්ගේ වැඩ කොටස ඉවරයක් කර ගන්නයි. තමන්ගෙ වැඩේ ඉවර වුණා ම විවේකයෙන් ඉන්නවා… කාර්යාලයේ තේ හදන සේවකයා ආවේ නැති නම් එදාට තේ හදන්නත් කාට හරි යන්න වෙනවා. හැමෝම කාර්යබහුල වෙලාවක ඉන් කෙනෙක් තේ හදන්න නැගිටින්නේ තමන්ගේ කාර්යයන් මඳකට අමතක කරලා අනිත් අයට උපකාරයක් කරන අදහසිනුයි. එහෙම ඉදිරිපත් වෙලා සකසන තේ එක පිරිස වෙත අරන් ආවට පස්සේ,
තේ හදන්න නො ගියපු අයගෙන්,
කෝප්ප පීරිසි ටික සෝදලා දෙන්න ඉදිරිපත් නො වුණු අයගෙන්,
තේ ටික පිළිගන්වන්න නො ආපු අයගෙන්,
තමන්ගේ වැඩ ගොඩක් අතපසුවෙමින් තිබිය දී පවා අන් අයගේ පහසුව පිණිස තේ එකක් හදලා පිළිගන්වපු කෙනාට නො හොඳ නෝක්කාඩු ඇහෙනවා.
එක්කො සීනි නෑ, නැති නම් සීනි වැඩියි…
එක්කො කහට නෑ, නැති නම් කහට වැඩියි…
එක්කො තේ එක නිවිලා…
ඔය මොන දෙයක් වත් කියන්න නැති නම් වැඩ මේසෙන් යන්තම් ඔළුව උස්සලා තේ එක අරගෙන ආයෙමත් වැඩ අස්සෙ ම ඔළුව ගහ ගන්නවා.

ඔන්න ඔහොම කාර්යාලයක තේ හදන්න ඉදිරිපත් වෙන කෙනා ඔබ වුණා නම්…???
ගෙදරක, කාර්යාලයක විතරක් නෙමෙයි හැම තැනක ම හැම දෙයක ම මෙන්න මේ වගේ සිදුවීම් බොහෝ සුලබ යි. අපි හැමෝමත් එක්කො දොස් අහන කෙනා, නැති නම් මනාව ඉටු කරපු දෙය ගැන පවා අගය කිරීමක් නො ලබන කෙනා… එහෙම නැති නම් දොස් කියන කෙනා, එහෙමත් නැති නම් අගය කළ යුතු දේ වත් අගය නො කරන කෙනා…

‘ෙදාස් ලබන කෙනා – අගය කිරීමක් නො ලබන කෙනා’ වුණා ම බොහෝ විට සිත රිදෙනවා. නින්දා ප‍්‍රශංසා කියන මේ ලෝක ස්වභාවය ගැන අවබෝධයක් තිබෙන කෙනෙකුට හැර මෙවන් අවස්ථාවක නො සැලී සිටින්නට බැහැ, කම්පා නො වී සිටින්නට බැහැ. එ් ‘දොස් ලබන – අගය කිරීම් නො ලබන’ කෙනා ඔබ වෙලා, එ් දේවල් ගැන කම්පා නො වී ඉන්නත්, තමන් මහත් වෑයමෙන්, අන්‍යයන්ගේ සුව පහසුව වෙනුවෙන් ඉටු කළ මෙහෙය ගැන සිතා සතුටු වෙන්නත්, යළි යළිත් එවන් වූ උපකාර කරන්න නො පසුබට වෙන්නත් පුළුවනි නම් ඔබ නිසැකව ම උතුම් පුද්ගලයෙක්….

ඊට වඩා බොහෝ ම භයානකයි ඔබ ෙදාස් දකින, සිදුරු සොයන, අගය කළ යුතු දේ පවා අගය නො කරන කෙනෙක් වීම. වැරදි, අඩුපාඩු, අතපසුවීම් ඕනෑම කෙනෙක් අතින් සිදු වෙනවා. හැම මොහොතෙ ම එකම ආකාරයෙන් නිවැරදි ව කටයුතු කරන්න අපි බහුතරයකට බැහැ. අපි කාට කාටත් වරදිනවා. එහෙම එකේ වෙන කෙනෙකුගෙන් අඩුපාඩුවක් වුණා ම එ් අඩුපාඩුව ම හුවා දක්වමින් වචන පිට කරන එක ද අප කළ යුත්තේ???
අඩුපාඩුව දැක එය හෙළා නො දකින්නට ඔබට පුළුවන් නම්…

අඩුපාඩු විවේචනය කර වචනයට නංවනු වෙනුවට අන්‍යයන්ගේ සුව පහසුව පිණිස ඉදිරිපත් වූ තැනැත්තාගේ එ් ක‍්‍රියාව අගය කරන්නට පුළුවනි නම්…
එ් විතරක් නෙමෙයි, එලෙස උපකාර කරන පුද්ගලයාට සහයෝගය ලබා දෙන්නට, එ් පුද්ගලයාගේ කටයුත්තට උදව් වෙන්නට ඔබට හැකි නම්…
අන්‍යයන් වෙනුවෙන් මෙත් සිත් පෙරදැරිව උපකාර කරන්නට ඔබට හැකි නම්…
ඔබත් නිසැකව ම උතුම් පුද්ගලයෙක්…

ඔබ කවර තරාතිරමක පුද්ගලයෙක් වුණත් ඔබ ජීවත් වන්නේ සමූහයක් ලෙස එකිනෙකාගේ උපකාරයෙන් ගොඩනැගුණු සමාජ පද්ධතියක බව අමතක කරන්න එපා. මෙත් සිත් පෙරදැරි ව නො වේ නම් කිසිවෙකුගේ අඩුපාඩු ඔබේ වචනයෙන් එළි දක්වන්න එපා. මෙත් සිත් පෙරදැරි ව වුණත් සුදුසු කාලයේ දී මිස නුසුදුසු විටෙක එ් ගැන කථා කරන්නට එපා. ඔබට පහසුව සලසන්නා වූ, ඔබේ අවශ්‍යතාවයක් ඉටු කරන්නා වූ සුළු හෝ උපකාරය අගය කළ යුතු බවත්, එ් අගය කිරීම ප‍්‍රසන්න, සුහදශීලී පරිසරයක් ඇති කරලන බවත් කිසිසේත් ම අමතක කරන්න එපා…!

මේ සමාජයේ බහුල ව තිබෙන චිත්ත පීඩාවන්, නො රිස්සුම් පහසුවෙන් ම ඉවත් කිරීමේ ක‍්‍රමවේදයක් විදිහට අපි මීට පස්සේ හැම මොහොතෙ ම නො පැකිල ව අගය කරන්නන් වෙමු, නො පසුබට ව උපකාර කරන්නන් වෙමු, වැරදි අඩුපාඩු හෙළා නො දකින්නන් වෙමු…!

අපි හැමෝටම එක ම ආකාරයෙන් මේ උත්තම ගුණධර්ම පවත්වා ගෙන යන්න පුළුවන් වුණොත්, අපි හැමෝටම ඉතා සුව පහසුවෙන් වාසය කරන්න මංපෙත් විවර වෙන බව නිසැකයි.

- උපකාර කරන කෙනෙක් -

කර්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධය

$
0
0

කර්මය කියන දේ පිළිබඳව පරිපූර්ණ වශයෙන් අවබෝධ කළේ අපගේ බුදුරජාණන් වහන්සේයි. බුද්ධකාලීන තවත් අයත් කර්මය ගැන කතාකරන්න යම් උත්සාහයක් අරගෙන තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ තමයි කර්මය ගැන පරිපූර්ණව විග‍්‍රහයක් කළේ. මොකද, උන්වහන්සේට කර්මය පිළිබඳව විශේෂ ඤාණයක් තිබුණා. එ්ක උන්වහන්සේගේ දසබල ඤාණවලින් එකක්. එ් තමයි ‘කර්මය සහ කර්ම විපාක ගැන දන්නා නුවණ.’ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, මේ ලෝකයේ අචින්තෙය්‍ය කාරණා කිහිපයක් තියෙනවා කියලා. එ් තමයි බුද්ධ විෂය අචින්ත්‍යයි. එ් වගේ ම ලෝකචින්තාව අචින්ත්‍යයි. ධ්‍යාන විෂය අචින්ත්‍යයි. ඊළඟ එක තමයි කම්ම විපාක අචින්ත්‍යයි. එතැන කියන්නේ කම්ම විෂය කියලා නෙවෙයි, කම්ම විපාක අචින්ත්‍යයි කියලයි.

එහෙම නම් කර්ම විපාක අචින්ත්‍යයි. එ් කියන්නේ කර්මය විපාක දෙන ස්වභාවය තියෙන්නේ අපට සාමාන්‍යයෙන් හිතලා තේරුම් ගන්න පුළුවන් මට්ටමෙන් නෙවෙයි. එ් නිසා කර්මය පිළිබඳව එකපාරට විග‍්‍රහයක් කරගන්න බැරි නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් ‘මේක නො වෙනස්ව දිගින් දිගට අපට බලපෑමක් කරනවා ද?’ කියලා. එ්කට හේතුව තමයි එක කර්ම විපාකයක් විපාක දීලා ඉවර වෙද්දී අපි වෙන කර්ම ගොඩක් රැස්කරලා ඉවරයි. එතකොට එ්ක විපාක දෙන්න තවත් කාලයක් යනවානේ. අපි කියමු, ඔන්න කවුරුහරි කෙනෙක් පෙර කර්මයක විපාකයක් හැටියට මේ ජීවිතයේ දී දුකසේ ජීවත් වෙනවා. එ් විදිහට දුක සේ ජීවත් වෙද්දී ම එයා අධාර්මිකවත් ඉන්නවා. එතකොට එයා තවත් පාප කර්මයක් රැස්කරනවා. එතකොට අර කර්මය විපාක දීලා ඉවර වෙද්දී තවත් කර්මයක් විපාකයට ඇවිල්ලා.

මොකද චේතනාව කර්මය වෙන නිසා එකක් ඉවරවෙන කොට එකක් එනවා. එ් විදිහට බැලූ බැල්මට මේ කර්ම විපාක දෙන ස්වභාවයේ ඉවරයක් පේන්න නෑ. හැබැයි මේකේ අවසන් වීමක් තියෙනවා. අපි කියමු යම්කිසි කෙනෙක් සෝවාන් ඵලයට පත්වුණා කියලා. එ් විදිහට සෝවාන් ඵලයට පත්වුණොත් එයාට නිරයේ විපාක දෙන්න කර්ම තියෙනවා ද එ්වා අහෝසි වෙනවා. එ් වගේ ම තිරිසන් යෝනියේ විපාක දෙන කර්ම තියෙනවා ද එ්වා අහෝසි වෙනවා. පේ‍්‍රත යෝනියේ විපාක දෙන්න කර්ම තියෙනවා ද.., අසුර යෝනියේ උපදින්න කර්ම විපාක සකස් වෙලා තියෙනවා ද.. එ් ඔක්කොම අහෝසි වෙනවා. ආත්මභාව හතකින් එහාට යන්න කර්ම තියෙනවා ද එ්කත් අහෝසි වෙනවා.

එහෙම නම් අපට පේනවා, කර්මයෙන් ගැලවෙන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ම යි. එයා යම්කිසි විදිහකින් සකදාගාමී වුණොත් ආත්මභාව ගණන තවත් කෙටිවෙනවා. අනාගාමී වුණොත් කාම ලෝකයේ විපාකදීම පිණිස යම්තාක් කර්ම තියෙනවා ද එ් සියලූ කර්ම අහෝසි වෙනවා. එතකොට එයා උපදින්නේ අනාගාමී බ‍්‍රහ්ම ලෝකයේ. එහේදී තමයි එයාට කර්ම විපාක දෙන්නේ.

රහතන් වහන්සේට ‘කම්මක්ඛය ඤාණය’ කියලා විශේෂ ඤාණයක් තියෙනවා. එ් කියන්නේ ‘කර්මය ක්ෂය වූ බව දන්නා නුවණ.’ එතකොට අපට පේනවා, එහෙම නම් එහි තියෙන්නේ හේතුවක් නිසා හටගන්න ස්වභාවයක්. එ් කියන්නේ සංඛතයක්. හේතුවක් නිසා හටගන්න ස්වභාවයෙන් තියෙන කර්ම, එ් කර්ම විපාක නැතිවුණාට පස්සේ අහෝසි වෙන්නේ එ්කයි. නමුත් පෘථග්ජන කෙනෙකු සම්බන්ධයෙන් අපට කර්මය පිළිබඳව යම්කිසි සීමාවක් පණවන්න බෑ. සීමාවක් පණවන්න බැරි, කර්මය ඇදි ඇදී එන ස්වභාවය, අපි හිතනවට වඩා හරී වෙනස්.

කර්මයේ ස්වභාවය තේරුම් ගන්න හොඳ සිද්ධියක්…

බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක සිටුවරයෙක් හිටියා. එ් සිටුවරයාට දරුවන් සිටියේ නෑ. එ් නිසා බිරිඳ මැරුණට පස්සේ මෙයා තනිව ම ජීවත් වුණා. දරුවන් නැති නිසා ‘අපුත්තක සිටාණන්’ කියලා නමකුත් වැටුණා. මෙයා ගතකළේ ඉතාමත් ලෝභ ජීවිතයක්. මෙයා මේ විදිහට ජීවත්වෙලා මැරුණට පස්සේ දරුවෝ හිටපු නැති නිසාත්, බිරිඳ නැති නිසාත් ධනය ඔක්කොම රජයට අයිති වුණා. ඊට පස්සේ කොසොල් රජ්ජුරුවෝ ගිහිල්ලා එ් ඔක්කෝම බලලා එන ගමන් භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න සැවැත් නුවරට ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ”රජතුමනි, මොකෝ මේ මහ දවල් කොහේ ගිහින් එන ගමන් ද?” කියලා ඇහුවා.

‘‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපුත්තක සිටාණන් මරණයට පත්වුණා. එයාගේ දේපළ ඔක්කොම ආණ්ඩුවට අයිති වුණා. මම එ් කටයුත්තට ගිහින් එන ගමන්. ස්වාමීනී, එ් සිටුවරයාගේ ජීවිතය හරි පුදුම එකක්. භාග්‍යවතුන් වහන්ස, මෙයාට රත්තරන් විතරක් කෝටි අසූවක් තිබුණා. රිදී හා අනෙකුත් අවශේෂ වස්තුව තාම ගණන් බැලූවේ නෑ. භාග්‍යවතුන් වහන්ස, පුදුම වැඩේ තමයි, මේ සිටුවරයා කාපු බීපු කෙනෙක් නෙවෙයි. මෙයා බොහෝම දුක සේ ගෑවී නො ගෑවී කාලයි ජීවත් වෙලා තියෙන්නේ. එ් වගේ ම එයා ඇඳපු කෙනෙකුත් නෙවෙයි. ගෝනි පඩංගු වගේ එ්වා තමයි ඇඳලා තියෙන්නේ. එ් වගේ ම හොඳ යාන වාහන පාවිච්චි කරපු කෙනෙකුත් නෙවෙයි. කබල් කරත්තයක තමයි මෙයා ගිහින් තියෙන්නේ. ස්වාමීනී, මෙයා ජීවත් වූ හැටි හරි පුදුමයි.” එ් විස්තරය අහපු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘‘රජතුමනි, එයා දැන් ඉන්නේ නිරයේ..” කෙසොල් රජ්ජුරුවන්ට මේ සිද්ධිය අදහාගන්න බෑ. එ් නිසා ආයෙමත් අහනවා, ‘‘භාග්‍යවතුන් වහන්ස, එයා නිරයේ..?” ‘‘ඔව්, දැන් එයා මහා රෞරව කියන නිරයේ ඉපදිලා ඉන්නවා.” රජතුමා තුන්වෙනි වතාවෙත් අහනවා, ‘‘අනේ, භාග්‍යවතුන් වහන්ස, එයා නිරයේ ම ද..?” ‘‘ඔව් රජතුමනි, එයා නිරයේ ම යි.”

ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එයාගේ අතීත ජීවිතයක සිද්ධියක් විස්තර කළා. ‘තගරසිඛී’ කියලා පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩවාසය කළ කාලයේ මෙයා මනුෂ්‍ය ලෝකයේ ඉපදිලා හිටියා. මේ කියන්නේ එයාගේ කලින් ජීවිතයක් ගැන. එ් ජීවිතයෙත් මෙයා දන් දීපු කෙනෙක් නෙවෙයි. නමුත් දවසක් අර පසේබුදුරජාණන් වහන්සේ වඩින විලාසය දැකලා මෙයාගේ හිත පැහැදුණා. පැහැදිලා ‘‘අර ගෙදරටත් යන්න. අපේ ගෙදරින් දානේ ටිකක් දෙයි” කියලා කිව්වා. ඊට පස්සේ ‘‘මෙන්න මේ ස්වාමීන් වහන්සේට දානේ පූජාකරන්න..” කියලා කෑගහලා ගෙදරටත් කිව්වා. එහෙම කියලා මෙයා ගමනක් පිටත් වුණා. ඉතින් ගෙදර මිනිස්සුත් බොහෝම ශ‍්‍රද්ධාවෙන් දානය පූජාකළා. මෙයා එ් ගමන ගිහිල්ලා ආපහු එද්දී අර පසේබුදුරජාණන් වහන්සේ දානෙත් අරගෙන ආපහු වඩිනවා. මෙයා අහලා තියෙනවා, ‘‘ස්වාමීනී, දානෙ හම්බ වුණා ද?” කියලා. ‘‘හම්බ වුණා” කිව්වා. ”කෝ බලන්න..” කියලා පාත‍්‍රය බැලූවා. බලද්දී හොඳට පිරෙන්න දානෙ පූජාකරලා. එතකොට මෙයාගේ හිතට අදහසක් ඇවිල්ලා තියෙනවා, ‘අපරාදේ.. මං මේ කරගත්තු වැඩේ.. මං මේක මනුෂ්‍යයෙකුට දුන්න නම් වැඩක්වත් ගන්නවානේ.. උදළු ගාවගන්නවත් තිබුණානේ…’ කියලා මොකක් හරි එහෙම එකක් හිතෙන්න ඇති.

බලන්න, මේ සිද්ධිය එයාගේ ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් අතරේ එක සිදුවීමක් විතරයිනේ. එ් වගේ දේවල් අපේ ජීවිතවලත් කොච්චර වෙනවා ඇද්ද? ‘‘අරයට වතුර ටිකක් දෙන්න.. අරයට කෑම ටිකක් දෙන්න..” කියලා අපි කියපුවා කෙළවරක් නෑනේ. සමහර විට එ් දේවල් අපට මතකත් නෑ. එ් වගේ මෙයාටත් මේක මතක නැතිවෙන්නත් ඇති. නමුත් එයා ‘‘අර ස්වාමීන් වහන්සේට දානෙ පොඞ්ඩක් දෙන්න” කියලා කියාපු එකේ දී ඉලක්ක කළේ පසේබුදු කෙනෙක්ව. නමුත් එයා දන්නේ නෑ, එ් පසේබුදු කෙනෙක් කියලා. දන් දුන්නා. නමුත් පස්සේ ‘අනේ, මීට වඩා වැඩක් ගන්න තිබුණානේ වෙන කාටහරි දුන්න නම්..’ කියලා දීපු දේ ගැන අපැහැදුණා. එ් විදිහට පසේබුදුරජාණන් වහන්සේට දන් දීපු පින එයාගේ ඔක්කොම දේවල් යටපත් කරගෙන ඉස්මතු වුණා. එ්ක තමයි උපනූපන් ආත්මවල සිටුවරයෙකුගේ පවුලක ගිහිල්ලා උපදින්න හේතු වුණේ.

මේක විඤ්ඤාණයේ ක‍්‍රියාකාරීත්වය තේරුම් ගන්නත් හොඳ සිද්ධියක්. එ් කියන්නේ එයා එතැන දී චේතනාවක් පහළ කරලා දානෙ පොඞ්ඩක් දෙන්න ඕන කියලා හිතුවා. අත දිගුකරලා ගෙදරත් පෙන්නුවා. එයාගේ ධනයෙන් දානෙත් දුන්නා. එ් නිසා දානමය පින්කම සිද්ධ වුණා. හැබැයි, ඉතින් දෙවෙනි වතාවේ දී බලලා අසතුටු වුණා. එතකොට මේ සිද්ධ වූ සෑම දෙයක් ම විඤ්ඤාණයේ ක‍්‍රියාකාරීත්වය තුළ චේතනාව පහළ කරලානේ සිදුවුණේ. ඔන්න පුණ්‍යකර්මය විපාකය හැටියට මැරෙන කොට ම ගිහිල්ලා සිටු පවුලක ඉපදුණා. නමුත් අසතුටු වූ නිසා කන්නේ නෑ. අදත් එ් වගේ අය ඕනතරම් ඉන්න පුළුවන්. හොඳට සල්ලි තියෙනවා, නමුත් එහෙන් මෙහෙන් කෑම කාලා ඉන්නවා. එ් කියන්නේ රහට කෑම කන්නේ නැති මිනිස්සු අදත් ඉන්නවා.

එ් වගේ ම මෙයා තවත් ආත්මයක දී සිටුවරයෙක් වෙලා ඉද්දී ධනය හේතුකරගෙන එයාගේ ඥාති පුතෙක්ව මරවලා. එ් නිසා නිරයේ ගිහිල්ලා අනන්ත දුක් විඳලා අර පසේබුදුරජාණන් වහන්සේට දානෙ පොඞ්ඩ පූජාකරපු පිනෙන් ආයෙමත් සිටු පවුලකට ආවා. එතකොට එයා මේ සිටු පවුලෙ උපදින කොට තවත් කර්මයක් විපාක විඳින්න ඉතිරිව තිබුණා. එ් තමයි ළමයෙක් මරපු එකේ ඉතිරි විපාකය. එ් නිසා ළමයි නෑ. බලන්න, මේ ජීවිතයේ මෙයා ජීවත් වුණේ බුදුරජාණන් වහන්සේ වැඩසිටිද්දී. නමුත් භාග්‍යවතුන් වහන්සේ පෙනි පෙනී, සංඝයා පෙනි පෙනී මෙයාට කල්පනාවක් ආවේ නෑනේ ‘ජීවිතය පිළිබඳ යම්කිසි දෙයක් තේරුම් ගන්න ඕන’ කියලා. ඉතින් මැරිලා ගිහින් නිරයේ ඉපදුණා. එ්කෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘රජතුමනි, එයාගේ එ් පුණ්‍ය විපාකය ආත්ම හතක් තිස්සේ විපාක දුන්නා, දැන් ඉවරයි. ඊට පස්සේ නිරයේ යන්න තිබුණු ඉතුරු කර්ම විපාකයට ආපහු නිරයේ ගියා.’

එතකොට බැලූ බැල්මට පේනවා, මේ කර්ම විපාක කියන්නේ මහා විශාල අද්භූත බලවේගයක්. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට මේක විග‍්‍රහ කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේක දේශනා නො කරන්න අපට මේක කිසිසේත් ම තේරුම් ගන්න බෑ. එ්ක නිසයි මිනිස්සු හැමදේටම ‘‘කරුමය.. කරුමය..” කියාගෙන ඉන්නේ. කර්මය කියන්නේ සංස්කාරයක්. එ් කියන්නේ හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගත්තු දෙයක්. අනිත්‍ය දෙයක්. එ්ක සංඛතයක් කියලා තේරුම් ගන්න අපට එ් කතන්දරේ ම ප‍්‍රමාණවත්. ඔන්න එයා දානයක් දුන්නා. එ් කියන්නේ සංඛතයක් ඉපදුණා. සංඛතයක ස්වභාවය තමයි (උප්පාදෝ පඤ්ඤායති) හටගැනීම පේනවා. එ් තමයි එයා ආත්මභාව හතක් සිටු තනතුරේ උපන්නා. (වයෝ පඤ්ඤායති) එ්ක නැතිවෙලා ගියා. (ඨිතස්ස අඤ්ඤතත්ථං පඤ්ඤායති) පවතින එක වෙනස් වෙලා ගියා. කර්මය ආත්මභාව හතේ ම විපාක දීලා ඉවර වුණා. එහෙම නම් කර්ම විපාකයන්ගේ ස්වභාවය තමයි විපාක දීලා අවසන් වෙනවා. නමුත් එක් කර්මයක් විපාක දීලා අවසන් වුණාට සසර ගමන ඉවර වෙන්නේ නෑ. මොකද තවත් කර්ම එකතුවෙලා තියෙනවා.

දැහැමිව උපයමු..!

$
0
0

‘‘මේ යුගයේ කිසිම රැකියාවක් කරන්න බැහැ, අඩුම තරමින් පන්සිල් එක පදයක් වත් නො කැඞී…..”

වර්තමාන සංකීර්ණ සමාජයේ ප‍්‍රධාන ජීවන මාර්ගයක්වන කෘෂිකර්මාන්තයේ යෙදෙන එක් ගොවි මහතෙකු මා සමග කී කතාවකි මේ. ඇත්තෙන්ම එය එසේ විය යුතු ද? වර්තමානයේ දී ගිහි අපට ධාර්මිකව ජීවත් වීමට ඉඩ කඩක් ඇත්තේ ම නැද්ද?

නිවනට ඇති එ්කායන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පස් වැනිව විග‍්‍රහ වන්නේ සම්මා ආජීවය, එනම් ධාර්මික දිවි පැවැත්ම ය. එය අයත් වන්නේ ශීලයට ය. සම්මා වාචා සහ සම්මා කම්මන්තය ද ඇතුළත් ශීලයට ය. සම්මා ආජීවය යනු කුමක්ද? එය තේරුම් ගැනීමට වඩා පහසු එක් ක‍්‍රමයක් නම් එහි විරුද්ධාර්ථය වන මිච්ඡා ආජීවය කුමක්දැයි විග‍්‍රහ කරගැනීම ය.

බුදුරජාණන් වහන්සේ ගිහියන් විසින් නො කළ යුතු මිච්ඡා ආජීවයන් පහක් ගැන වදාළහ. එනම්, ආයුධ වෙළඳාම, වහල් (මිනිසුන්) වෙළඳාම, සත්ව ඝාතන ව්‍යාපාර, මත්ද්‍රව්‍ය ව්‍යාපාර සහ විෂ වර්ග ව්‍යාපාරය යි (වාණිජා සූත‍්‍රය – අං. නි.).

අද තත්ත්වයන් යටතේ දහම් පද මායිම් කෙරෙන්නේ නැත. මත්පැන් වෙළඳාම වැරදි වුව ද, වර්තමානයේ දී බලපත‍්‍රයක් ලබා ගැනීමෙන් පසු එය නීත්‍යානුකූල වෙළඳාමක් ලෙස කරන්නට පුළුවන. එලෙස නීතියෙන් ගැලවී යාමට හැකි වුව ද ආගමානුකූලව එය සම්මා ආජීවයක් වන්නේ නම් නැත.

එසේ නම් සම්මා ආජීවය යනු කුමක්ද? අරි අටැඟි මගෙහි ශීල කොටසට අයත් වන හෙයින් සම්මා වාචා, සම්මා කම්මන්ත මෙන් ම සම්මා ආජීවය ද ගිහියාගේ නිත්‍ය ශීලය වන පංච ශීලයට සම්බන්ධ ය. එනම් සතුන් මැරීම, සොරකම, කාම මිථ්‍යාචාරය, බොරු කීම සහ මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම ය. එ් අනුව සම්මා ආජීවය යනු පංච ශීලය හානි කරනොගෙන යහපත් ජීවන මාර්ගයක් සලසා ගැනීම ය. තමනට සහ අනුන්ට කිසිදු අන්දමේ හානියක් නො කර තම ජීවන මාර්ගය සලසා ගැනීම ය.

ඉතා සරලව සඳහන් කරනවා නම් සම්මා ආජීවයෙහි යෙදෙන්නා තම ශීලයෙහි අනිවාර්ය ගුණාංගයන් වන කරුණාව සහ මෛත‍්‍රිය ඉක්මවා යාමක් නො කළ යුතු ය. ඔබ ජීවන මාර්ගයේ යෙදෙන ආකාරය ඔබට සහ අනෙකුත් අයට දුකක්, අගතියක් ඇති කරවන මාර්ගයක් නො විය යුතු ය. ඇතැමුන් මෙය වර්තමානය සමග නො ගැළපෙන්නේ යැයි තර්ක කරනු අසන්නට ලැබේ. වත්මන් ආර්ථික ක‍්‍රමයට ගැළපෙන්නේ යැයි කියමින් තැබෑරුමක වෙළඳ සේවකයකු, මත්පැන් කම්හලක සේවකයකු ලෙස සේවය කිරීම බෞද්ධයෙකුට ගැළපෙන්නේ නැත.

සම්මා ආජීවය යනු මතුපිටින් පෙනෙන ධාර්මික රැකියාවක් පමණක් නොවන බව අප තේරුම් ගෙන තිබීම වැදගත් ය. ධාර්මික යැයි පෙනෙන රැකියාව තණ්හාව සහ කෑදරකම මුල් කරගෙන අධාර්මික රැකියාවක් කරගැනීම පිළිබඳව උදාහරණ වත්මනෙහි බහුල ය. වෛද්‍ය වෘත්තිය උසස් රැකියාවක් වූව ද, පෞද්ගලිකව ලෙඩුන් පීඩාවට පත් කර ඔවුන් සූරා කන්නේ නම් එබඳු අය වැරදි ජීවන මාර්ගයක් ගත කරන අය වෙති. වෙළඳාම සාධාරණ වෘත්තියක් වූව ද, කිරුම් මිනුම්වලින් සහ අගය අඩු භාණ්ඩ විකිණීමෙන් පාරිභෝගිකයා සූරා කන්නේ නම් එය අධාර්මික ජීවන මාර්ගයකි.

සම්මා ආජීවය යනු මූලික වශයෙන් පංච ශීලය මනාව පිළිපැදීම බව ඉහත සඳහන් කරුණු අනුව පැහැදිලි ය. එහි දෙවන කොටසට ඇතුළත් තවත් වැදගත් අංගයක් වන්නේ යහපත් ජීවන ක‍්‍රමයෙන් ලබා ගන්නා සංතුෂ්ඨියයි.
x යහපත් ජීවන මාර්ගයක් ඇත්තකුට මුලින් ම ඇති වන්නේ අත්ථි සුඛයයි. එනම් ‘තමාට ඇතැයි’ යන සුඛයයි. යහපත් රැුකියාවක්, ආදායම් මාර්ගයක් ඇතැයි යන සංතුෂ්ඨියයි.
x දෙවැන්න භෝග සුඛයයි. එනම් උපයා ගන්නා ධනය භාවිත කිරීමේ සුඛයයි. තම පවුලේ සහ ඥාතී හිතමිත‍්‍රාදීන්ගේ යහපතට, දානාදි පුණ්‍යක‍්‍රියා සඳහා යෙදවීමේ සුඛයයි.
x තෙවැන්න අනන සුඛයයි. එනම් තමන් කිසිවකටත් ණය නොමැති බවින් ඇති වන අභිමානය සහිත සුඛයයි.
x සිව්වැන්න අනවජ්ජ සුඛයයි. එනම් තම ජීවන මාර්ගය ගැන කිසිවකුගෙනුත් අපවාදයන් නො අසා කයින්, වචනයෙන් සහ මනසින් වරදක් නො කරමින් සිටීමේ සුඛයයි.
(අනන සුත‍්‍රය – අංගුත්තර නිකාය)

යහපත් ජීවනය අවශ්‍ය වන්නේ ලෝකයට පෙන්වීමට නො වේ. යහපත් රැකියාවක් කරන බව, දානාදී පුණ්‍යක‍්‍රියා කරන බව ලෝකයාට දැන්වීමට නො වේ. තමන් තුළ ඇති වන සංතුට්ඨිය සඳහා ය. ආර්ය අෂ්ටාංගික මගට පිළිපන් අයෙකු ලෙස තම ධර්ම මාර්ගය සාක්ෂාත් කරගැනීම සඳහා ය.

අල්ප වූ ආශාවන්වලින් යුක්ත වීම සහ ලද දෙයින් සතුටු වීම උතුම් ගුණාංගයක් ලෙස බුදු දහම උගන්වයි. පරිභෝජනයේ දී මෙන් ම නිෂ්පාදනයේ දී ද මෙම උතුම් ගුණාංග අනුගමනය කළ යුතු වේ. වර්තමාන සමාජ – ආර්ථික අර්බුදය හැඳින්වීම සඳහා විද්වතුන් භාවිතා කරන වචනයක් වන්නේ පරිභෝජනවාදය (consumerism) යන්න ය. එනම් අවශ්‍ය ප‍්‍රමාණයට වඩා පරිභෝජනය කරන්නට අප තුළ ඇති අතෘප්තිකර ආසාව සහ එම ආසාවන් ඉටු කරගැනීමේ දී සිදු කරනු ලබන සූරා කෑම ය. අවශ්‍ය ප‍්‍රමාණවලට වඩා නිෂ්පාදනය කරන බවත්, එනිසා ම අධිකව පරිභෝජනය කරන්නට පෙළඹී ඇති බවත්, මේ පිළිබඳ විවාදවල දී කියැවේ. මතක තබා ගත යුතු කරුණක් වන්නේ, එක්තරා ඇති හැකි පිරිසක් මෙලෙස ලෝක සම්පත් අධික ලෙස පරිභෝජනය කරන අතර ආහාර නොමැතිකමින් දිනපතා කුසගින්නේ මිය යන දහස් ගණන් ලොව තවත් පෙදෙස්වල සිටින බව ය.
අධික පරිභෝජනය යනු අත්‍යවශ්‍ය පරිභෝජනය නො වේ. එය මාධ්‍ය සහ වෙළඳ ප‍්‍රචාරණවලින් අප වෙත බල කරනු ලබන පරිභෝජනයකි. එලෙස ඇති කරනු ලබන අනවශ්‍ය අවශ්‍යතා නිසා පරිභෝජනය කරන්නන් එ් සඳහා මුදල් ඉපයීමට අයථා ක‍්‍රමවලට පෙළඹේ. වත්මන් සමාජයේ අපට දක්නට ලැබෙන අයථා ජීවන ක‍්‍රමවල මූලාරම්භය මෙම අසීමිත පරිභෝජන අවශ්‍යතාවන් නිසා සිදු වන්නකි.

අපගේ අවසාන අරමුණ විය යුත්තේ ආධ්‍යාත්මික ප‍්‍රීතිය සහ විමුක්තිය බව සැබෑවකි. එහෙත් එ් සඳහා එක්තරා ප‍්‍රමාණයක භෞතික සහ ආර්ථික සුරක්ෂිත බවක් තිබිය යුතු බව පිළි ගත යුතු ය. එය වත්මන් පරිභෝජනවාදය විසින් අප තල්ලූ කර ඇති අසීමිත ආසාවන් සහිත ජීවන ක‍්‍රමය නො වේ.

යමෙකු තම පවුල පෝෂණය සහ ඥාති මිත‍්‍රාදීන්ට සැලකීම සඳහා ධාර්මිකව ඉපැයීමට කටයුතු කළ යුතු ය. තම මූලික අවශ්‍යතා අතික‍්‍රමණය කරමින් අසීමිත ධනය රැුස් කිරීමේ පරම අරමුණ ඇතිව කටයුතු කරන්නේ නම් එය ධාර්මික ඉපයීමක් වන්නේ නැත. තම දහදිය මහන්සියෙන්, යහපත් සිතුවිලි ඇතිව සාධාරණ සහ යහපත් මාර්ගයන්ගෙන් ධනය ඉපයිය යුතු ය. ඔවුනට කිසිවකුගේ දොස් නො අසා අනවජ්ජ සුඛය විඳිය හැකි වන්නේ එවිට ය.
යහපත් ජීවන මාර්ගයක් ලෙස රැුකියාවක්, කර්මාන්තයක් අප හඳුනා ගන්නේ කෙලෙස ද යන්නට අපට කාලාම සූත‍්‍රයෙන් පිටිවහලක් ලබා ගත හැකි ය.

බුදුරජාණන් වහන්සේ එහි දී කාලාමයන්ට පහදා දෙන්නේ ලෝභය, ද්වේෂය, මෝහය ආදියෙන් තොර වූ යමෙක්, සත්ව ඝාතනයේ නො යෙදීමෙන්, අන්සතු දේ නො ගැනීමෙන්, අන් අඹුවන් සොයා නො යාමෙන්, බොරු නො කීමෙන් යුතුව සිටී නම් එම ක‍්‍ර‍්‍රියාවන් කුසල් උපදවන, දොස් නො අසන්නට ලැබෙන (අනවජ්ජ*, නුවණැතියන් විසින් පසසනු ලබන, දීර්ඝ කාලයක් යහජීවනය සහ සතුට උපද්දවන එ්වා බව ය.

නැවත නැවතත් අපට පැහැදිලි වන්නේ යහපත් ජීවන මාර්ගය යනු ලෝභය, ද්වේෂය, මෝහය තුරන් කිරීම අරමුණු කරගත් ශීලය සම්පූර්ණ කරගැනීමේ වැඩපිළිවෙළක් බව ය.

යහපත් ජීවනය සඳහා ගැළපෙන රැකියා මාර්ග, කර්මාන්ත සම්බන්ධයෙන් බුදු දහම හඳුනා ගන්නා රැුකියා, කර්මාන්ත නම්,
x කෘෂි කර්මාන්තය (මත්පැන් මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා ගස් පැළෑටි වැවීම හැර)
x සත්ව පාලනය (මස් පිණිස නො වේ)
x රාජ්‍ය සේවය
x වෙළඳාම (අනුමත නො කළ වෙළඳාම් හැර)

වර්තමානයේ ඉහත වර්ගීකරණයට අයත් නොවන රැුකියා සහ ජීවන මාර්ග දහස් ගණනක් හඳුනා ගන්නට පුළුවන. එ්වා සම්මා ආජීවයට අයත්දැයි අප විග‍්‍රහ කරගත යුත්තේ කාලාම සූත‍්‍රයේ බුදුරජාණන් වහන්සේගේ නිර්ණායකයන්ට අනුව ය. එනම්, යහපත් ජීවන මාර්ගය, ලෝභය, ද්වේෂය සහ මෝහය තුරන් කරන වැඩපිළිවෙළකට සම්බන්ධ විය යුතු බව ය. ඔබ ධනය උපයා ගත් ආකාරය සම්බන්ධව බාහිර පුද්ගලයන් හෝ ඔබේ හෘදය සාක්ෂිය චෝදනා නො කරන තත්ත්වයට පත් කරගත යුතු ය. එය ආර්ය අෂ්ටාංගික මාර්ග අංගයක් බැවින්, විමුක්තිය කෙරෙහි යොමු වූ අංගයක් වේ.

කෘෂිකර්මය යනු ධර්මානුකුල ජීවිකාවක් සඳහා ඇති කර්මාන්තයක් බවට කිසිදු සැකයක් නැත. දුරාතීතයේ පටන් අප කෘෂිකාර්මික රටක් වූ නිසාවෙන් ද යළිත් එ් ඉපැරණි කෘෂිකර්ම රටාව බිහි කිරිම ගැන කතිකාවතක් ඇති වී තිබෙන නිසාවෙන් ද එ් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු ය. බුද්ධ කාලයේ දී ද කෘෂිකර්මය උසස් ම කර්මාන්තයක් විය.

‘‘ශ‍්‍රද්ධාව මගේ බිජුවටයි. තපස වැස්සයි. ප‍්‍රඥාව මගේ නගුල සහ වියගහයි. ලජ්ජාව නගුලිසයි. සිත බාන් වැලයි. සිහිය හී වැල සහ කෙවිටයි….”
(කසී භාරද්වාජ සූත‍්‍රය – සුත්ත නිපාතය)

ධර්මාවබෝධය සඳහා ගිහියන්ට ධර්ම දේශනා කිරීමේ දී බුදුරජාණන් වහන්සේ බොහෝ විට උපමා කරගත්තේ ඔවුනට තේරුම් ගත හැකි එදිනෙදා ජීවිතයේ දී දැකිය හැකි කරුණු ය. මෙහි දී උන් වහන්සේගේ අවබෝධය කෙතක සිදුවන ක‍්‍රියාවලිය තුළින් උපමාකර පෙන්වති. එනම් එකල කෘෂිකර්මය අතිශයින් අවිහිංසක කර්මාන්තයක් වන්නට ඇත. එසේ නො වේ නම් උන් වහන්සේ තමන් වහන්සේව කෙතක සිදු වන ක‍්‍රියාවලියකට උපමා කරගන්නේ නැත.

නවීන යැයි කියාගන්නා කෘෂිකර්මය පැමිණෙන්නට පෙර අපගේ පැරැුන්නන් වීවලට ‘බුද්ධ භෝගය’ වශයෙන් හඳුන්වන ලද්දේ එය එ් සා ධාර්මික ජීවන මාර්ගයක් වූ නිසා ය.

කෘෂිකර්මාන්තය සම්මා ආජීවයක් බව සත්‍ය වුව ද වර්තමානයේ එ් ස්වභාවය බැහැර වී ඇති බව අප බොහෝ කලක සිට සාකච්ඡුා කරන මාතෘකාවකි. මෙය මෙලෙස විය යුතු නැත. වාණිජ අපේක්ෂාවන් ඉහ වහගිය කෘෂිකර්මය අප වැළඳ ගත්තේ වඩ වඩාත් නිෂ්පාදනයත්, එ් හරහා ලාභයත් වැඩි කරගැනීම පමණක් පරම චේතනාව කරගෙන, තණ්හාව සහ ආසාව මුල් කරගෙන ය. පරිභෝජනවාදී ආර්ථික ක‍්‍රමවේදයක් විසින් කරනු ලබන පෙළඹවීම් තුළ ය. එහි ප‍්‍රතිඵල අප අද භුක්ති විඳින්නේ සමස්ත ජාතිය ම රෝගීන් බවට පත් කරගෙන ය. පංච ශීලය රැුක ගත නො හැකි පසුබිමක් සදාගෙන ය.

සාකල්‍යයෙන් ම ධාර්මික වූ හෙළ ගොවිතැනක් අපට තිබුණි. පරිසර හිතකාමී ලෙසත්, සෞඛ්‍යයට හානි නොවන ලෙසත්, අවිහිංසක ලෙසත් ගොවිතැන් කොට බිහි කළ ස්වයංපෝෂිත සශ‍්‍රීක සමාජයක් අපට තිබුණි.
පරිභෝජනවාදය වැළඳගත් අපි නවීන කෘෂිකර්මයේ නාමයෙන් එය ප‍්‍රතික්ෂේප කළෙමු. යළි එම ගොවිතැන ඉස්මතු කරගෙන, සිදු වීමට යන ව්‍යසනයෙන් මිදීමට අදිටන් කරගැනීමට මේ සුදුසු ම කාලයයි.

ධාර්මික වෘත්තීන් තුළින් ඉපැයීම් සිදුකරමින්, අනවජ්ජ සුඛයෙන් යුතුව දිවි ගෙවන්නට අප සියලූ දෙනාට වාසනාව උදා වේවා!!!

සටහන
හැපීගී‍්‍රන්ස් සංවිධානයේ ගරු සභාපති
කේ. එ්. ජේ. කහඳව

මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස් අපට SMS කරන්න
071 555 66 66

මරණය ඉදිරියේ අසරණ නො වෙමු

$
0
0

මට තවත් කෙනෙක්ව හම්බ වුණා. මේක එයාට පේන එකක්. ආච්චිල ද කොහෙද එ්ගොල්ලන්ගේ හරක් පට්ටියේ හරක් විකුණලා. ඉතින් හරක් ටික අරන් ගිහිල්ලා මස්කඬේ මරලා. එ් හරක් මැරෙන්න කලින් යම්කිසි හරක් පට්ටියක හිටියානේ. හරකගේ හිත තියෙන්නේ එතැන බැඳිලයි. එතකොට මස්කඬේට අරන් ගිහිල්ලා හරක් මැරුවට පස්සේ එක හරකෙක් කෑ ගහගෙන එනවා මෙයාට පේනවලූ. ඇවිල්ලා හැමතැන ම ඇවිදිනවලූ. එතකොට අපට තේරෙනවා, උපතක් ලබන්න වැඩි මොහොතක් යන්නේ නෑ. එක ක්ෂණයෙන් උපදිනවා. එ් කියන්නේ මෙතැනින් චුතවෙන කොට ම උපදිනවා. එහෙම නැතුව ඉපදීමක් නො ලබා එහෙම සැරිසරා යාමක් නෑ. ඔය සැරිසරා යාමේ කතා ඔක්කෝම මහායාන සංකල්ප. මොකද ටිබෙටයේ ‘මළපොත’ කියලා එකක් තියෙනවා. එ්කේ ‘භූතයා සැරිසරයි’ කියලා භූතයාට කතාකරන ක‍්‍රමයක් තියෙනවා. ඇත්ත වශයෙන් ම එ් සංකල්ප බලාපොරොත්තු නො වෙන ආකාරයට බිඳ වැටෙනවා. එ් සංකල්ප ගෙනියන්න බෑ. සමහර අවස්ථාවල එ් සංකල්ප ඔස්සේ ආත්මවාදයක් ගොඩනැගෙනවා.

උදාහරණයක් හැටියට අපි ටිබෙටයේ ‘දළයිලාමා’ ගැන ගත්තොත් එ් දාහතරවෙනි දළයිලාමලූ. එ් කියන්නේ එකම එක්කෙනා තමයි ඇවිත් ඉන්නේ. එහෙමනේ කියන්නේ. එතකොට ‘කර්මපා’ ගත්තොත් එයා දාහත්වෙනිලූ. එයා මෙයාටත් වඩා ආත්ම තුනක් පරණයි කියනවා. එ් කර්මපාගෙන් තමයි ටිබෙට් සමාජයේ විශ්වාසය කැඩුණේ. එ් තමයි එක කර්මපා කෙනෙක් චීනයේ ඉඳලා ධර්ම ශාලාවට ගියා. ගිහිල්ලා එහේ ඉන්නවා. ඊට පස්සේ දළයිලාමා කර්මපා ගැන පක්ෂපාතීව කතාකළා ‘‘මේකයි.. මේ කර්මපා තමයි හරි..” කියලා සම්පූර්ණයෙන් ම විග‍්‍රහ කළා. ‘‘මෙයා හරි.. මෙයා ආත්මභාව දාහතක් ම ආපු එක්කෙනා” කියලා කිව්වා. නමුත් සිකීම්වල තව එක්කෙනෙක් ඉන්නවා, එයත් කියනවා ‘‘එයා නෙවෙයි මමයි දාහත්වෙනි කර්මපා..” කියලා. එතකොට මේ කර්මපා අදහන්නත් කොටසක් ඉන්නවා. අර කර්මපා අදහන්නත් කොටසක් ඉන්නවා. මේගොල්ලන්ගේ පන්සල් සම්ප‍්‍රදාය තුළ හම්බකරපු ලොකු බූදලයක්, රත්තරන් වස්තුවක් තියෙනවා. එ්ක තියෙන්නේ සිකීම්වලට අයිති වෙලා. එ් නිසා සිකීම් එක්කෙනා එ්කේ අයිතිය ඉල්ලලා නඩු දැම්මා. එතකොට ටිබෙට් සමාජය තුළ ”කොහොමද එකම කර්මපා තැන් දෙකක උපන්නේ?” කියලා ප‍්‍රශ්නයක් ආවා. මට මතකයි සමහර විට බුද්ධගයාවේ දී අපිත් එක්ක ටිබෙට් ලාමාවරු කතා කරනවා. කතාකරද්දී එ්ගොල්ලෝ ම එ් ප‍්‍රශ්නය මතුකරනවා ”අපි මේ අරගෙන ඉන්නේ වැරදි විශ්වාසයක් නේ ද..?” කියලා.

අවසාන මොහොතේදීත් දහමෙන් ප‍්‍රයෝජන ගත හැකියි…

ඇත්තෙන්ම ධර්මය දිහා බැලූවා ම පේනවා, වාසනාව තියෙනවා නම් මනුෂ්‍ය ජීවිතයේ අවසාන මොහොත දක්වා ම ප‍්‍රයෝජන ගත හැකියි. ඔය කර්ම නිමිති, ගති නිමිති කියන එකට උදාහරණයක් දෙන්න පුළුවන් එක සිදුවීමක් තියෙනවා. එ්කේ තියෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මිත‍්‍රයෙක් මරණාසන්න වෙනවා. එයා සාමාන්‍ය ජීවිතය ගෙවන කාලයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නිතර අවවාද කළා ”ඔයා ධර්මයට එන්න.. හම්බකරන පැත්ත ගැන විතරක් ම කල්පනා කරමින් ඉන්න එපා” කියලා. එතකොට ‘‘අනේ ස්වාමීනී, මට ඉතින් එහෙම බෑනේ.. වැඩකටයුතු බහුලයි නෙව” කියනවා. ‘‘එහෙම නම් ධාර්මිකව ජීවත් වෙන්න” කිව්වා. එ් වෙලාවට ”මට ඉතින් ධාර්මික කතාවක් නෑ.. මම ඉතින් අහුවෙන විදිහට ජීවත් වෙනවා” කියනවා.

හැබැයි, එ්කෙන් අපට තේරුම් ගන්න පුළුවන්, එයා අවංක කෙනෙක්. අමුතු රඟපෑමක් කළේ නෑ. මෙයා මේ විදිහට ජීවත්වෙලා මරණාසන්න වුණා. නමුත් මෙයාට සාරිපුත්තයන් වහන්සේ ගැන ලොකු පැහැදීමක් තිබුණා. එ් නිසා ‘‘මම හොඳට ම අමාරු වෙලා ඉන්නේ.. ස්වාමීනී වඩින්න” කියලා පණිවිඩයක් ඇරියා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියා. ‘‘අනේ ස්වාමීනී, මට ගිනිදැල් පේනවා” කිව්වා. අන්න ගති නිමිති ඇවිල්ලා. වර්තමානයෙත් මනුෂ්‍යයෝ මැරෙන්න කිට්ටුව එ් වගේ පේන අවස්ථා තියෙනවා. ‘‘මට ආච්චි පේනවා..” කියනවා. ‘‘කරුවලයි..” කියනවා. ‘‘මෙන්න භූතයෝ ඇවිල්ලා ඇදගෙන යන්න හදනවා..” කියනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා, ‘‘ඔය ගිනිදැල් පේන්නේ නිරයේ.. එ් නිසා නිරයේ ආදීනව මෙනෙහි කරන්න. බ‍්‍රාහ්මණය, නිරයේ තියෙන දුකට වඩා තිරිසන් අපාය හොඳ නැද්ද?” ‘‘ආ.. එ්ක හොඳයි.” එතකොට බලන්න, සාරිපුත්ත මහරහතන් වහන්සේ එයාගේ සිත නිරයේ ඉඳලා එකපාරට මනුෂ්‍ය ලෝකයට ගත්තේ නෑ. එ් තමයි මහාප‍්‍රාඥ සාරිපුත්තයන් වහන්සේ කටයුතු කළ ආකාරය. මේවා හරී ලස්සනයි. මේ තමයි දහම් කතාවට මනුෂ්‍යයා ගොඩනගන ක‍්‍රමය.

‘‘එහෙම නම් තිරිසන් අපායේ හිත පිහිටුවා ගන්න” කිව්වා. එතකොට මෙයාගේ සිතේ අර ගිනිදැල්වලට තියෙන භය නැතිවෙලා ගිහිල්ලා ‘‘මම තිරිසන් අපායට යන්න ලෑස්තියි” කියලා කිව්වා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ තිරිසන් අපායේ දුක විග‍්‍රහ කළා. විග‍්‍රහ කරලා කිව්වා, ‘‘තිරිසන් අපායේ විශාල දුකක් තියෙනවා. තිරිසන් ලෝකය තුළ අසනීපයක්, දුකක්, වේදනාවක්, කණගාටුවක් ඇතිවුණොත් කියන්න කෙනෙක් නෑ. කන්න නැත්නම් නෑ. සීතල නම් සීතල.. රස්නේ නම් රස්නේ.. මොකුත් පිළිසරණක් නෑ. මීට වඩා පෙරේතයෙක් වුණොත් නම් වාසියි. අඩුගාණේ තවත් කෙනෙක් දෙන පිනක් හරි අනුමෝදන් වෙන්න පුළුවන්. එ් නිසා පෙරේතයෙක් වෙන එක හොඳයි නේ ද?” ‘‘එ්කත් ඇත්ත තමයි.. ආ.. එහෙම නම් ස්වාමීනී, මට පෙරේතයෙක් වෙන එක හොඳයි” කියලා ඔන්න පේ‍්‍රත ආත්මයට සිත පිහිටුවා ගත්තා. කතාවටත් කියනවානේ ගිලෙන කෙනා මොකක් හරි එකක එල්ලෙනවා කියලා නේ ද?

ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ පෙරේත ලෝකයේ දුක ගැන විස්තර කළා. ‘‘පේ‍්‍රත ආත්මයේ සිත පිහිටුවාගෙන කිසි ඵලක් නෑනේ. අනුන්ගේ පිනක් හම්බවුණොත් හොඳයි.. නැත්නම් නෑනේ.. නමුත් මනුෂ්‍යයෙක් වුණොත් නම් තමාට හිතාමතා පිනක් කරගන්න පුළුවන්නේ.. හිතාමතා යම්කිසි දියුණුවක් ලබා ගන්න පුළුවන්නේ. එ් වගේ ම මනුෂ්‍යයෙක් වුණොත් යමක් වෙනස් කරගන්න පුළුවන් නේ.. එ් නිසා මනුෂ්‍යයෙක් වුණොත් නරක ද..?” ‘‘ආ.. එ්කත් හොඳ අදහසක්” කිව්වා. මේ විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ එ් එ් ලෝකවල ආදීනව ප‍්‍රකට කරමින් මෙයාගේ හිත බ‍්‍රහ්ම ලෝකයට ම ගත්තා. අවසානයේ දී මෙයා මරණින් මත්තේ බ‍්‍රහ්ම ලෝකයේ ඉපදුණා. එ් කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පංච නීවරණ යටපත් වෙනකල් ම කතාකළා. එතකොට බලන්න, මනසක තියෙන හැකියාව. එයාට එදා සාරිපුත්ත මහරහතන් වහන්සේව මුණනොගැසෙන්න නිරයෙනේ.

මරණය අබියස අසරණ වෙන්නේ ඇයි…?

අද මනුෂ්‍යයන්ට එ් හයිය නෑ. අද ගොඩක් අය මරණය අබියස මානසිකව අසරණ වෙනවා. භය වෙනවා. ගොඩාක් අයට පුරුදු කරපු ශක්තියක් නෑ. නමුත් සමහර අයට හොඳට සූදානම් වෙන්න පුළුවන්කම තියෙනවා. ආත්ම ශක්තිය තියෙන අයට එ්ක කරන්න පුළුවන්. මේ නිසයි මේ ධර්මයේ වටිනාකම තියෙන්නේ. එ්කනේ අපි හැමතිස්සේම කියන්නේ මේ මනුෂ්‍ය ආත්මය දුර්ලභ එකක් කියලා. ඉතින් දුර්ලභ වූ මේ මනුෂ්‍ය ජීවිතය තුළ අපි ලෞකික දේවල් විතරක් ම කතා කරමින් ඉඳලා කිසිම ඵලක් නෑ. අන්තිමට හිස් ලෝකයක අසරණ වෙන එක විතරයි වෙන්නේ.

බුද්ධ දේශනාවේ එ් සඳහා හරි ලස්සන උපමාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘‘එ් විදිහට තරුණ වයසේ දී ධර්මයේ හැසිරීම පමා කළොත් වයසට ගියා ම ඉන්න වෙන්නේ මාළු නැති මඩ වළක් දිහා බලාගෙන ඉන්න නාකි කොක්කු කෙකිනියෝ වගෙයි” කියලා. එ් අය ජීවිතයේ අවසාන කාලයේ ඔහේ බලන් ඉන්නවා. අමු ලෞකික ජීවිතය තුළ ම සියල්ල කතා කරමින් ඉන්න හැමෝටම සිද්ධ වෙන්නේ එ්ක තමයි. එ්කට ගිහිපැවිදි කතාවල් නෑ. හැමෝටම සිද්ධ වෙන්නේ ඕක තමයි. හැබැයි, හරී පැහැදිලියි, එ්කෙන් බේරෙන්න නම් මනුෂ්‍යයෙකුට යම්කිසි ලෝකෝත්තර බලාපොරොත්තුවක් වුවමනයි. එ් ලෝකෝත්තර බලාපොරොත්තුවත් එක්ක තමයි, එයාගේ ජීවිතය එ් බලාපොරොත්තුව ස්ථිර වීම පිණිස සකස් වෙන්නේ. ධර්මය තුළ විතරයි එ් ලෝකෝත්තර බලාපොරොත්තුව ඇතිවෙන්නේ.

අපි මුල් දවස්වල සමාධිය වඩන හැටි, ධ්‍යාන ගැන කිව්වා. එතකොට එ්ක ලෞකික ඉලක්කයක් නෙවෙයි. නමුත් එයාට එ් කතාවට ආශාව ඇතිවුණොත් එයා ඊට පස්සේ එ්කට වුවමනා කරන විදිහට ජීවිතය සංවර කරගන්නවා. මොකද, මනුෂ්‍යයෙකුට එ් වගේ ලෝකෝත්තර බලාපොරොත්තුවක් නැත්නම් එයා ජීවත්වෙද්දී සතුට ලබන්න තියෙන හැම විදිහට ම ජීවත් වෙන්න බලනවා. එ් කියන්නේ සාමාන්‍යයෙන් කතාවටත් කියනවානේ ‘‘ජීවිතය කියන්නේ සතුටුවෙන්න තියෙන එකක්..” කියලා. එ් තුළ එයා සැඩපහරට අහුවෙනවා වගේ යනවා. මේකෙන් බේරෙන්න නම් ලෝකයේ නිර්මල ධර්මය කතාකරන්න ඕන. එ් නිර්මල ධර්මය තුළ තමයි, මේ ලෝකයේ තියෙන අනිත්‍ය බව.. අපට මේ ලෝකයෙන් ස්ථිර දෙයක් ලබන්න බැරි බව පෙන්වා දෙන්නේ. අපට එ් දේවල් බාහිර ලෝකයෙන් පෙනුණාට ජීවිතය තුළ එ් අවබෝධය ගොඩනගාගෙන නැත්නම් අපට එ් දේවල් සංවේදී වෙන්නේ නෑ.

අපි ගත්තොත් ඔන්න සුනාමි ආවා. සුනාමියෙන් මිනිස්සු දහස් ගණනක් මැරුණා. එ් අස්සේ සමහර අය මුදු ගන්න මිනිස්සුන්ගේ ඇඟිලි කපන් ගියා. වළලූ ගන්න අත් කපාගෙන ගියා. එ් වගේ සිද්ධිත් වුණානේ. සමහර විට මනුෂ්‍යයෙක් හදිසි අනතුරකට පත්වුණාට පස්සේ බේර ගන්නේ නැතුව එ් මනුෂ්‍යයාගේ මාලේ කඩාගෙන යනවා. මිනිසුන් තුළ මේ වගේ මානසිකත්වයක් ඇතිවෙන්නේ එයාට ලෝකෝත්තර බලාපොරොත්තුවක් සම්බන්ධව පණිවිඩයක් ඇවිල්ලා නැති නිසයි.

එහෙම නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමක් ද, අපි එ්ක සංස්කරණය කරන්නේ නැතුව දරාගන්න ඕන. අපට ඕන විදිහට එ්ක කපලා කොටලා හදන්න අපි කවුද? අපි ශ‍්‍රාවකයොනේ. අපි ‘‘බුද්ධං සරණං ගච්ඡාමි” කියලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඊළඟට ‘‘ධම්මං සරණං ගච්ඡාමි” කියලා ධර්මයත් සරණ ගියා. ‘‘සංඝං සරණං ගච්ඡාමි” කියලා ශ‍්‍රාවක සංඝයාත් සරණ ගියා. එ් කියන්නේ එ් දේවල් සරණ යන එකක් මිස සංස්කරණය කරන එකක් නෙවෙයි. සරණ නො යන දේ තමයි සංස්කරණය කරන්නේ.

නමෝ බුද්ධාය!

සුචරිතය පුරුදු කරමු

$
0
0

පින්වතුනි, මිනිස්සුන්ගේ ආයුෂ ක‍්‍රම ක‍්‍රමයෙන්, ක‍්‍රම ක‍්‍රමයෙන් අඩුවෙලා යනව. ජීවත් වෙන්ට තියෙන කාලය ක‍්‍රමයෙන් අඩුවෙනවා. අවුරුදු එකසිය විස්සක් ජීවත්වෙන මිනිස්සුත් අද කාලේ සොයාගන්ට අමාරුයි. එන්ට එන්ට මිනිස්සුන්ගේ ආයුෂය ගෙවිල යනව. අපිට මෙබඳු සංසාරයක් කෙරෙහි කලකිරීම උපදවාගන්ටයි තිබෙන්නේ. ජීවත්වෙන කාලය ඉතා ම ටිකයි. එ් කෙටි කාලය තුළ යහපත් දේ කළොත් අපිට සැප විපාක ලබාගන්ට පුළුවන්කම තිබෙනව.

දීර්ඝ කාලයක් අපි ජීවත්වෙනවා කියල කල්පනා කරන්න එපා. දීර්ඝ කාලයක් අපි ජීවත්වෙනවා කියල කල්පනා කරන කෙනාට, පින් කරන්ට හිත නැමෙන්නේ නෑ. දීර්ඝ කාලයක් අපි ජීවත්වෙනවා කියල හිතන කෙනා ප‍්‍රමාදයට වැටෙනව. එයා කායික දුෂ්චරිතය අත්හරින්ට ප‍්‍රමාද වෙනව, වාචසික දුෂ්චරිතය අත්හරින්ට ප‍්‍රමාද වෙනව, මානසික දුෂ්චරිතය අත්හරින්ට ප‍්‍රමාද වෙනව, සම්මා දිට්ඨිය උපදවාගන්ටත් එයා ප‍්‍රමාද වෙනව. එනිසා අපි ජීවත්වෙන්ට තිබෙන්නේ ඉතා ම ටික කාලයයි කියල කල්පනා කරන්ට ඕනෑ.

එ්ක තමයි සත්‍යය. එ් සත්‍ය කල්පනා කළොත්, අන්න එයා කායික දුෂ්චරිතය බැහැර කරල, කායික සුචරිතය පුරුදුකරන්ට අප‍්‍රමාදී බවට පත්වෙනව. වාචසික දුෂ්චරිතය බැහැර කරල, වාචසික සුචරිතය පුරුදුකරගන්ට අප‍්‍රමාදී බවට පත්වෙනව. එ් වගේ ම මානසික සුචරිතය පුරුදුකරගන්ට අප‍්‍රමාදී බවට පත්වෙනව. ජීවත්වන්ට තිබෙන්නේ ටික කලයි කියල තේරුම්ගන්න කෙනා, මිථ්‍යාදෘෂ්ටිය බැහැර කරල සම්මා දිට්ඨිය උපදවා ගන්ට අප‍්‍රමාදී බවට පත්වෙනව. බලන්න අපි ජීවත්වන කාලය ගැන හොඳ වැටහීමක් ඇති කරගන්න කෙනා, අපිට කෙටි කලයි ජීවත්වෙන්ට තිබෙන්නේ කියල කල්පනා කරන කෙනා, අප‍්‍රමාදී බවට පත්වෙන කෙනෙක් බවට පත්වෙනව. එයා ප‍්‍රමාදය බැහැර කරනවා. ප‍්‍රමාදය බැහැර කරල අප‍්‍රමාදයට පත්වෙන කෙනා බොහෝ පින් රැස්කරගන්නව. බොහෝ පින් රැස්කරගන්න කෙනා, මේ ජීවිතයේ බොහෝ සැප අත්කරගන්ට වාසනාවන්තයෙක් බවට පත්වෙනවා.

මේ ජීවිතය සැප සේ වාසයකරන කෙනාට, මතු ජීවිතයේ සුගතියේ උපදින්ට වාසනාව උපදිනව. එනිසා අපි අප‍්‍රමාදී බව ඇතිකරගැනීම පිණිස කටයුතු කළ යුතුයි. අප‍්‍රමාදී බව ඇතිකරගත්තෙ නැත්නම් අපි ටික කලකින් මැරිල ගියාට පස්සෙ අපි දුක් සහිත ලෝකවල ඉපදෙන ස්වභාවයට පත්වෙනව. අප‍්‍රමාදී බවට පත්වෙන කෙනා කොයි මොහොතේ මැරුණත් එයා සුගතියක උපදින විදිහට හිත සකස් කරගෙනයි තිබෙන්නේ. ප‍්‍රමාදයට වැටුන කෙනා මිය යනකොට දුක් සහිත ලෝකයක ඉපදෙන ස්වභාවය තුළ ම වාසය කරනවා.

ප‍්‍රමාදය තුළ ඉන්න කෙනාට මේ ජීවිතයත් දුකසේ ම ඉන්ට සිද්දවෙනව. එයාට මතු ජීවිතයේ දුගතියේ ඉපදිලා බොහෝ දුක් විඳින්ට සිද්ද වෙනව. එනිසා ප‍්‍රමාදය බැහැර කරමින් අප‍්‍රමාදයට පැමිණීම පිණිස ‘අපිට ජීවත්වෙන්ට තිබෙන්නේ ටික කලයි’ කියල කල්පනා කරන්න. එ්ක සත්‍යයක්. අන්න එ් සත්‍ය කල්පනා කරන කෙනාට සැබෑ ම සැප ලබාගන්ට පුළුවන්කම තිබෙනවා. සැබෑ ම සැප ලැබෙන්නේ අප‍්‍රමාදී බවට පත් වීමෙන්. අප‍්‍රමාදී බවට පත් වීම මඟින් එයා බොහෝ පින් රැස්කරගන්නවා. එ් පින මඟින් එයාගේ ජීවිතය සැපවත් දෙයක් බවට පත්වෙනව. එනිසා අපි සියලූදෙනාට ම ආශීර්වාද කරන්ට කැමතියි ජීවිතයේ සැබෑ ස්වභාවය කල්පනා කරමින් අප‍්‍රමාදී බව ඇතිකරගෙන, පින් රැුස්කරගෙන සැපවත් ජීවිතයක් ඇතිකරගැනීමට දුර්ලභ භාග්‍ය උදාවේවා.!

පූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

Viewing all 74 articles
Browse latest View live


Latest Images