Quantcast
Channel: Mahamegha » All Time Favourites
Viewing all 74 articles
Browse latest View live

බුදුදහම ඇදහිලි මාත‍්‍රයක් පමණ ද?

$
0
0

සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකගේ දහම යනු ජීවිතයේ යථා ස්වභාවය ලෝ සත වෙත අවබෝධ කරදෙන්නට සමත්වන දර්ශනයයි. ඇස් පනාපිට අත්දකින ජීවිතයේ සත්‍යය තෝරා පහදා දෙන්නට, එ් හරහා ජීවිතාවබෝධය උපදවා ගන්නට මඟ කියන වෙනත් දහමක් ලෝකයේ මුණගැසෙන්නේ නැත. එ් දහම අනුන්ට ගළපා බැලිය යුත්තක් නො වී තමන් තුළට ගළපාගෙන, ප‍්‍රායෝගිකව පුරුදු පුහුණු කළ යුතු දහමක් වන්නේ ද මේ නිසා ය.

එදිනෙදා ජීවිතය තුළ සිතේ ඇති දේ එ් අයුරින් ම කියන, කියන දේ කරන මිනිසුන් අප අතර දුර්ලභ ය. බොහෝ දෙනා සිතන්නේ එක් දෙයකි, කියන්නේ වෙන දෙයකි, කරන්නේ ඊට හාත්පසින් ම වෙනස් දෙයකි.

මෙසේ සිතන, කරන, කියන දේවල් එකිනෙකට සමරූපී නොවන විට සැබෑ මුහුණුවර සඟවා යහපත වෙස් බැඳගෙන දිවි ගෙවන්නට සිදු වේ. නමුත් මිනිස් ජීවිතයක යහපත් මුහුණුවර යනු අමුතුවෙන් බැඳ ගත යුතු, කලින් කල අලූත්වැඩියා කළ යුතු වෙස්මුහුණක් නො වේ. යහපතෙහි හැසිරෙමින් ජීවත් වීම ජීවන සම්ප‍්‍රදායක් බවට පත් කරගත් විට නිරායාසයෙන් ම ආකල්පයන්ගේ ද වචනවල ද හැසිරීමේ ද යහපත් ස්වරූපය මුල් බැස ගනී. ජීවිතය සෑම කල්හි ම යහපත් වන්නට නම් යහපත සලසන වැඩපිළිවෙළ ජීවිතය හා බද්ධ විය යුතු ය.

සම්බුදු දහම යනු ජීවිතයට යහපත සැලසෙන වැඩපිළිවෙළයි. දහම ජීවිතයට ගළපා ගැනීම යනු කලින් කලට මනා සූදානමින් යුතුව ධර්මයේ හැසිරීම නො වේ. එ් මනා සූදානම සෑම කල්හි ම එක සේ ම පැවතිය යුතු ය. එසේ නො වුණහොත් ධර්මයේ හැසිරීම හුදු ඇදහිල්ලක් බවට පත් වේ.

වර්තමාන සමාජයේ දන් පැන් පුදන්නේ වසරේ දිනයක් හෝ දින කිහිපයක් වෙන් කරගෙන එදින ‘දන් දෙන දවස’ බවට පත් කරගෙන ය. සිල් රකින්නේ ද ධර්මය ශ‍්‍රවණය කරන්නේ ද පින්දහම් කරන්නේ ද එලෙසින් ම ය. එ් හැරුණු කොට ජීවිතයේ ගෙවී යන සෑම මොහොතක් ම මේ පුණ්‍ය සිතුවිලි අනුව ගත කළ හැකි බව සිහිපත් කරන්නෝ නැති තරම් ය.

යම් දෙයකට නියම කරගත් මොහොතක් වුවමනා වන්නේ එය ජීවන සම්ප‍්‍රදායට සමීප නො වන විට ය. එසේ නම් ධර්මයේ හැසිරීම පිණිස ද සුවිශේෂී අවස්ථාවන් ම වුවමනා කෙරෙන්නේ එ් දහම ජීවන සම්ප‍්‍රදායක් නො වී ඇදහිල්ලක් වීම නිසා නො වේ ද?

එහෙත් අතීත හෙළයෝ ස්වකීය ජීවන ක‍්‍රමය බවට පත් කරගත්තේ ධර්මයත්, ධර්මයේ හැසිරීමත් මිස අනෙකක් නො වේ. ගතවන සෑම ඇසිල්ලක ම ඔවුන්ගේ සිත, කය, වචනය ක‍්‍රියාත්මක වූයේ ධර්මානුකූලව ය. ඔවුහු එදිනෙදා දන්පැන් පිදූහ, එදිනෙදා සිල් ආරක්ෂා කරගත්හ, එදිනෙදා ජීවිතය තුළ ම ධර්මය ප‍්‍රගුණ කළහ. ඔවුන්ගේ දිවි පෙවත ධර්මයෙන් බැහැර වූවක් නො වී ය. ධර්මය ඔවුන්ගේ ජීවිතවලට ආගන්තුක දෙයක් හෝ අමුතුවෙන් සමීප කරගත යුතු වූ දෙයක් හෝ නො වී ය. අප අතින් ගිලිහී ගොස් ඇත්තේ එ් අභිමානවත් දැහැමි ජීවන සම්ප‍්‍රදායයි.

අපට වඩා යස ඉසුරින් ආඩ්‍යව එ් පරපුර අතීතයේ ශ්‍රී විභූතිය හරහා අපට ගෙන එන්නේ එකම එක පණිවිඩයකි. එ් පණිවිඩය අනුව කටයුතු නො කොට ධර්මයෙන් ඵල නෙළීම උගහට ය.

එනම්, ධර්මය යනු හෙළයන්ගේ ජීවිතයයි; ධර්මය යනු හෙළයන්ගේ ජීවන සම්ප‍්‍රදායයි…!


ලෝකයට යහපත කරමු

$
0
0

පින්වතුනි, අපි කාටත් විශාල වගකීමක් තිබෙනව. එ් වගකීම තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් කියාදුන් මේ උතුම් ධර්මය ලෝකයේ බොහෝ කලක් දෙවියන්ටත්, මිනිසුන්ටත් යහපත පිණිස පවත්වාගෙන යාම. එනිසා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියා දුන් මේ උතුම් ධර්මය, ලෝකයේ බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ කලක් පවත්වාගෙන යාම පිණිස අප විසින් එ් ධර්මය හොඳින් පුරුදුකර ගත යුතු යි. එනිසා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, සද්ධර්මය කෙරෙහි, ආර්ය මහා සඟරුවන කෙරෙහි අචල ප‍්‍රසාදය ඇතිකරගන්ට කැමති වෙන්න. පංචසීලය හොඳින් සමාදන් වෙලා පිරිසිදු වූ ජීවිතයක් ගතකරන්ට පුරුදුවෙන්න.

මේ විදිහට තෙරුවන් කෙරහි අචලප‍්‍රසාදය උපදවාගෙන, සිල්වත් ජීවිතයක් ගතකරන කෙනා, ධර්මය හොඳින් පුරුදුකරගන්ට කැමති කෙනෙක් බවට පත්වෙනව. අන්න එ් විදිහට ධර්මය හොඳින් පුරුදුකර ගත්තොත්, එයාට පුළුවන් වෙනවා බුදුරජාණන් වහන්සේ ලෝකයට යහපත පිණිස පෙන්වා දෙන පරම ගම්භීර වූ මේ සද්ධර්මය, දෙවියන්ගේ මිනිසුන්ගේ යහපත පිණිස බොහෝ කලක් රැකගැනීමට.

මෙබඳු සද්ගුණවත් කි‍්‍රයාවක් කරන්නට ඔබ අප කාටත් පුළුවන්කම ලැබුණොත්, අප මේ ලෝකයේ හිස් අතින් නො මැරෙන මිනිසුන් බවට පත්වෙනව. අපි මේ ලෝකයට බොහෝ යහපත කරල, සුගතියක උපදින්ට තරම් වාසනාවන්ත අය බවට පත්වෙනව. එ් නිසා මේ පින්වතුන් කවුරුත් බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය ඉගෙනගන්න. එ් බුදුරජාණන් වහන්සේගේ අප‍්‍රමාණ වූ බුදුගුණ ගැන ඉගෙන ගන්න. සද්ධර්මයේ අප‍්‍රමාණ වූ ගුණ ඉගෙන ගන්න. ආර්ය මහා සඟරුවනේ අප‍්‍රමාණ ගුණ ඉගෙන ගන්න. සිල්වත් ජීවිතයක් ගතකිරීමේ ආනිසංස ගැන ඉගෙන ගන්න. තෙරුවන් ගුණ මේ ලෝකයේ පරම ගම්භීර වූ යහපත් දේ යි. සිල්වත් ජීවිතයක් ගත කරන ආකාරය මේ ලෝකයේ පරම ගම්භීර යහපත් දේයි. ලෝකයේ පරම ගම්භීර වූ යහපත් වූ දේ ඉගෙනගෙන, එ් යහපතේ සමාදන් වෙලා, එ් යහපත ආරක්ෂා කරගන්ට කොයි කවුරුත් කල්පනා කරන්න.

තෙරුවන් ගුණ සිහිකරන කෙනා ඉතාමත් සැපවත් වූ ජීවිතයක් ඇතිකරගන්ට වාසනාවන්තයෙක් වෙනව. සිල්වත් ජීවිතයක් ගතකරන කෙනා ඉතාමත් වාසනාවන්ත ජීවිතයක් ගතකරන්ට වාසනාවන්තයෙක් වෙනව. එයා තමාටත් යහපත උපදවන, අන් අයටත් යහපත ඇතිකරන කෙනෙක් බවට පත්වෙනව. එනිසා අපි අපේ වගකීම තේරුම් අරගෙන වගකීම් සහිත ජීවිතයක් ඇතිකරගන්ට කල්පනා කළ යුතුයි. ඔබ සියලූ දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සද්ධර්මය ලෝකයේ දෙවියන් මිනිසුන් උදෙසා බොහෝ කලක් පවත්වාගෙන යාමේ වාසනාව හැකියාව උදාවේවා!

සියලූ දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

සමඟිව වාසය කරන්නට නම්…

$
0
0

පිරිසක් සමඟ එකට වාසය කිරීමෙන් තමයි අපේ අකුසල් ඉස්මතු වෙලා පේන්නේ. පිරිස සමඟ වාසය කරනකොට එකිනෙකා කෙරෙහි ඉරිසියාව මතුවෙලා එනවා පෙනෙයි. කුහකකම, ගැටෙන ගතිය මතුවෙලා පෙනෙයි, අඩුපාඩු හොයන ගතිය මතුවෙලා එයි. කම්මැලිකම මතුවෙලා එයි. ‘මේ කටයුත්ත තව කෙනෙක් කරපුවාවේ. මම ඕන නෑ’ කියල මඟහරින ගතිය, සට කපට මායා ගතිය මතුවෙලා එයි. එ්වා දකින්ට පුළුවන් වෙන්නෙ පිරිසක් එක්ක ඉන්න කොටයි. හැබැයි එ් සඳහා අපි සිත පිරිසිදු වීම පිණිස ඇති කරගත් ඉලක්කයක ඉන්ට ඕනැ.

කැලයක් කපන්ට යනකොට නේ ද කටුලඳු ඔක්කොම අහුවෙන්නේ? නැත්නම් ඈතින් කැලේ බල බලා යනකොට හිතෙනව ‘හරී ලස්සනයි, ෂා… කුරුල්ලෝ ඈතින් යනවා. අන්න උන් කැලේ වහනවා’ කියල. නමුත් කැලේ කපන්ට යනකොටයි පේන්නේ කටු පඳුරු ඔක්කොම. එ් නිසා අපි පිරිසිදු වෙන්න ඕන කියන අදහසින් පිරිස සමඟ වාසය කරන්ට ඕන. අන්න එතකොට එයා තුළ අපිරිසිදුකම ඇති කරන්නා වූ කරුණු මතුවෙලා පේනවා. එතකොට එයාට එ්වා දුරුකරගන්ට අවස්ථාවක් තියෙනවා. එ් නිසා පිරිසෙන් වෙන්ව යෑම අකුසල් දුරුකර ගන්ට උපකාර වෙන එකක් නෙවෙයි. පිරිසෙන් වෙන්ව යෑම, වෙන්ව සිටීම කියල කාරණයකුත් ධර්මයේ තියෙනවා. එ්කෙන් කියන්නේ හුදෙක් තනි තනිව ඉඳීම නෙවෙයි. එ්කෙන් අදහස් කරන්නේ පිරිස සමඟ ඉඳිමින් එකිනෙකාට උපකාර කරමින්, තනි තනිව අකුසල් දුරුකරගන්න කල්පනා කළ යුතුයි කියන එකයි.

අපි ගියවර කතා කළේ ‘චූල ගෝසිංහ සූත‍්‍රය’ යි. භාග්‍යවතුන් වහන්සේ එම සූත‍්‍රයේ දී මේ විදිහට අහනව, ‘‘කොහොමද සමඟිය එහෙම? සමඟිව සතුටින් වාද විවාද නැතිව ඉන්නවා නේ ද…? එකිනෙකා කිරියි, වතුරයි වගේ ප‍්‍රිය ඇසින් බලමින් වාසය කරනවා නේ ද?” කියල. බුදුරජාණන් වහන්සේගේ මේ අවවාදය ඔබ ‘තරයේ හිතට ගනිත්වා!’ කියල අපි කල්පනා කරනවා. මේ අවවාදය අපේ එකක් නෙවෙයි, භාග්‍යවතුන් වහන්සේගේ එකක්. අපි කළේ සිහිපත් කරල දීම විතරයි. එ් අවවාදය හිස් මුදුනින් පිළිගත්ත කෙනා පිරිස අතරේ පි‍්‍රය මනාපව වාසය කරනවා. ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් වාසය කරනවා. ඇයි? එයා ඉටුකරන්ට බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අපේක්ෂාව. භාග්‍යවතුන් වහන්සේ කැමති වුණේ යමක් ද, එ්ක ඉටුකරන්ට එයා කැමතියි. එයාට කුසල් වැඩෙනවා.

බලන්න අනුරුද්ධ රහතන් වහන්සේ කොහොමද පිළිතුරු පවසන්නේ කියල, ”ඇත්තෙන්ම ස්වාමීනී, අපි සමඟියෙන් ඉන්නවා. අපි සමඟියෙන් සතුටු වෙනවා. වාද විවාද කරන්නේ නෑ. කිරියි, වතුරයි එකතු වුණා වගේ එකිනෙකා කෙරෙහි ප‍්‍රිය ඇසින් බලමින් තමයි වාසය කරන්නේ.”

භාග්‍යවතුන් වහන්සේ විමසනව ”පින්වත් අනුරුද්ධ, ඔබ කොයි විදියට ද සමඟිව ඉන්නේ? සමඟිව සතුටු වෙන්නේ? වාදවිවාද නැතිව ඉන්නේ? කිරියි වතුරයි එකතු වුණා වගේ එකිනෙකා ප‍්‍රිය ඇසින් බලමින් ඉන්නේ කොහොමද?” කියල. අනුරුද්ධ රහතන් වහන්සේ ප‍්‍රකාශ කරනවා,

‘‘ස්වාමීනී, මට මේ විදියටයි හිතෙන්නේ. ‘ඇත්තෙන්ම මට ලාභයක්! ඇත්තෙන්ම මට යහපත් ලාභයක්! මේ වගේ උතුම් සබ‍්‍රහ්මචාරීන් වහන්සේලාත් එක්ක එකට වාසය කරන්ට ලැබුණානේ’ කියලා. ස්වාමීනී, එ් ආයුෂ්මතුන් වහන්සේලා මං ඉදිරියේ වැඩ හිටියත් නැතත් මෛත‍්‍රී සහගත වැඩ කටයුතුවලින් යුක්තවෙලයි මම ඉන්නේ. එ් වගේ ම, එ් ආයුෂ්මතුන් වහන්සේලා මං ඉදිරියේ හිටියත් නැතත් මෛතී‍්‍ර සහගත කතා බහෙන් ම යි ඉන්නේ. එ් වගේ ම, එ් ආයුෂ්මතුන් වහන්සේලා මං ඉදිරියේ හිටියත් නැතත් මෛත‍්‍රී සහගත අදහස්වලින් ම යි ඉන්නේ. ස්වාමීනී, මට මෙහෙමත් හිතෙනවා ‘මගේ හිත අයින් කරල එ් ආයුෂ්මතුන් වහන්සේලාගේ ස්වභාවය මං ඇතිකර ගන්නවා’ කියල. ඉතින් ස්වාමීනී, මං මගේ හිත පැත්තකින් තියනවා. මේ ආයුෂ්මතුන් වහන්සේලා හිතන විදියට ම හිතනවා. එතකොට ස්වාමීනී, අපි වෙනස් වෙන්නේ සිරුරුවලින් විතරයි. අපි හදවත්වලින් එකයි.”

දැක්ක ද නිවන් මගට බහින තැන…? දැක්ක ද නිවන පිණිස පිවිසෙන තැන…? දැක්ක ද සන්සිඳීම ඇතිකරවන තැන…? දැක්ක ද භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය ඉටු කරන්නේ කොහොමද කියන කාරණාව…? එහෙම නැතුව ‘මට මේගොල්ලෝ එක්ක ඉඳල හරියන්නේ නෑ…’ කියල ද උන් වහන්සේලා කල්පනා කළේ? නැහැ.

යම් කෙනෙක් මේ විදියට කල්පනා කළොත්, එයා භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පිළිගන්නවා ම යි. භාග්‍යවතුන් වහන්සේ යම් ඉලක්කයක් පෙන්නුවා නම් එයා එ් ඉලක්කය කරා යන කෙනා ම යි. එයා ශ‍්‍රාවකයෙක්. භාග්‍යවතුන් වහන්සේව ගෞරවයෙන් ඇසුරුකරන ශ‍්‍රාවකයෙකුට යමක් ද ලැබෙන්නේ, අන්න එ් ප‍්‍රතිලාභය එයාට ලැබෙනවා ම යි. එ් නිසා අපි සියලූ දෙනාටම සිහි කරල දෙන්නේ, නිවන පිණිස පුහුණු කළ යුතු වැඩපිළිවෙළක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා නම් මේ විදිහටයි එ් වැඩපිළිවෙළේ ආරම්භය සිද්ධ වෙන්නෙ.

කල්පනා කරල බලන්න, භාග්‍යවතුන් වහන්සේ උදෙසා යම් කෙනෙක් මේ ශාසනයේ පැවිදි වුණා නම් එ් අය ‘රාග, ද්වේෂ, මෝහ දුරුකරන්ට ඕනෑ’ කියන අදහස් ඇති කරගෙනයි පැමිණෙන්නෙ. එ්ක එ් අය තුළ තියෙන ගුණයක් ද? නැද්ද…? ගුණයක්. නමුත් එ් අදහස තිබුණා කියල, එ් අය තුළ රාගය ඉස්මතු නො වෙයි ද…? ද්වේෂය ඉස්මතු නො වෙයි ද…? මෝහය ඉස්මතු නො වෙයි ද…? ඉස්මතු වෙනව. එහෙනම් එ් පිරිස තුළ රාගය ඉස්මතු වීම ද අපි නරක විදියට කල්පනා කළ යුත්තේ? ‘රාගය දුරුකරන්ට ඕන’ කියන හැඟීම ද හොඳ දෙයක් විදියට කල්පනා කළ යුත්තේ? එ් පුද්ගලයා මැනිය යුත්තේ කොයි කාරණයෙන් ද…? බලන්න, යම් කෙනෙක් ශාසනයට ඇතුළුවෙනවා නම්, එ් බහුතරයක් දෙනා ‘රාග, ද්වේෂ, මෝහ දුරුකරන්ට ඕන’ කියන අදහසින් එන්නේ. එහෙනම් අන්න එ් අදහසින් එ් පුද්ගලයා මැන ගන්න එක ද හොඳ…? නැතිනම් එයා තුළ රාගය මුල්වෙලා යම් අකටයුත්තක් සිදුවුණොත් එ්ක මුල් කරගෙන මනින එක ද හොඳ…?

අපි හිතමු, කේන්තිය කියල. ඔන්න කෙනෙක් කේන්තිය මුල් වෙලා සැර වචනයක් කියනවා. එ්ක මුල්කරගෙන එයාව මනින එක ද හොඳ?, නැත්නම් කලින් එයා තුළ තිබුණ අදහස මුල්කරගෙන මනින එක ද හොඳ…? කලින් එයා තුළ තිබුණ අදහස මුල්කරගෙන මනින එකයි හොඳ. අන්න එතකොට තමයි සමඟිය ඇති වන්නේ. ගරුසරුබව ඇතිවන්නේ එතකොටයි.

යමෙක් තුළ ශ්‍රේෂ්ඨ අරමුණක් තියෙනව නම් අන්න එ් අරමුණ මුල්කරගෙන එ් අයට ගරු කරන්න පුරුදුවෙන්න. රාගය තියෙන නිසානේ එයා රාගය දුරුකරන්ට කල්පනා කරන්නේ. එ් වගේ ම ද්වේෂය තියෙන නිසානේ එ්කත් දුරුකරන්ට කල්පනා කරන්නේ. ඉතින් ‘මෙන්න මෙයාට කේන්ති යනවා’ කියල එයාව අයින් කළා ම හරි ද…? එ් නිසා අපි දැනගන්න ඕන, එයාට කරුණාවෙන් උපකාර කරන්න. එතකොටයි එයා එ්ක නැතිකර ගන්නේ. එහෙම නැතිව ‘මෙන්න මේ අය තරහ යන කට්ටිය… මේගොල්ලෝ මෙහෙමයි…’ කියල අපි එ් අයට නිගා කරන එක සුදුසු නෑ. අපි කල්පනා කරන්න ඕන, එ් අය තුළ තියෙන රාග, ද්වේෂ, මෝහ දුරුකරන්ට ඕන කියන අපේක්ෂාව ගැන. එ් අපේක්ෂාව නැත්නම් එ් අය එහි සමාදන් කරවන්ට ඕන.

මේ ලෝකේ රාග, ද්වේෂ, මෝහ දියුණු කරන්න කැමති පිරිස ද වැඩි? දුරුකරන්න කැමති පිරිස ද වැඩි…? එ්වා දියුණුු කරන්න කැමති පිරිස වැඩියි නේ ද…? එහෙනම් බලන්න, මේ ලෝකේ විශාල පිරිසකගෙන් රාග, ද්වේෂ, මෝහ දුරුකරන්න කැමති පිරිස ටිකයි. එහෙනම් රාග, ද්වේෂ, මෝහ දුරුකිරීමේ අපේක්ෂාව නේ ද ශ්‍රේෂ්ඨ වෙන්නේ. එහෙනම් එ් අදහසින් යුතු අය ගුණවත් අය කියල අපි කල්පනා කිරීම හරි නේ ද…? එහෙනම් අපි කවුරුත් රාග, ද්වේෂ, මෝහ දුරුකරන්ට ඕනෑ කියන අදහස තුළ ඉන්න ඕන. එ් සඳහා සීලය පුරුදුවෙනවා. බුදුගුණ පුරුදුවෙනවා. දහම් ගුණ පුරුදු වෙනවා. කීකරුකම ඇතිකරගන්ට පුරුදුවෙනවා. නිහතමානීකම ඇතිකරගන්ට පුරුදුවෙනවා. ඊළඟට අපි වත්්පිළිවෙත් කරන්ට පුරුදු වෙනවා, පිරිත් කියන්න පුරුදුවෙනවා, මේ පුරුදු වෙන ඔක්කොම උපකාර වෙන්නේ කුමකට ද…? රාග, ද්වේෂ, මෝහ ප‍්‍රහාණය කිරිමට. එතකොට අන්න එ් පිරිස ගුණවත් අය කියල එකිනෙකා කල්පනා කළොත්, එ් පිරිස තුළ සමඟියෙන් ඉන්ට පුළුවන් පරිසරයක් හැදෙනවා. එතකොට එබඳු පිරිසක් ඇසුරු කිරීම ලාභයක් ද, පාඩුවක් ද…? එ්ක ඇත්තෙන්ම ලාභයක් නේ ද…? අපිට මේ ලෝකේ රාග, ද්වේෂ, මෝහ දියුණුු කරන පිරිස තමයි වැඩියෙන් හමුවෙලා තියෙන්නේ. එ්වා දුරුකරන්ට කැමත්ත තියෙන අය හමුවෙලා තියෙන්නේ කලාතුරකින්. එහෙනම් එ්ක ඇත්තෙන්ම ලාභයක්.

එහෙනම් මේ දේශනාවේ කියා දෙන කරුණු අපිටත් ගැළපෙනවා නේ ද…? මේවා පුරුදු කළොත් අපිට යහපතක් ද?, අයහපතක් ද…? යහපතක් සිද්ද වෙනවා. මෙතැනින් පටන් ගන්නේ නැතිව වෙන තැනකින් පටන් ගන්න ගියොත් මොකද වෙන්නේ? ‘මේක හරියන්නේ නෑ, මේගොල්ලන් එක්ක බෑ’ කියල යනවා. එ්ක නේ ද සිද්ධ වෙන්නේ? වෙන දෙයක් සිදු වෙන්නේ නෑ. එහෙනම් අපි සියලූ දෙනා ම මේක කල්පනා කළ යුතුයි. ඇයි ඔක්කොම ධර්මය පුරුදු කරන්න ඕන. සියලූ දෙනා ම පුරුදු කළ යුත්තේ නිවන් මග. එහෙනම් සියලූ දෙනා ම මේ විදියට කල්පනා කරන්ට ඕනැ. ‘ඇත්තෙන්ම මට ලාභයක්! ඇත්තෙන්ම මට යහපත් ලාභයක්! මේ වගේ උතුම් සබ‍්‍රහ්මචාරීන් වහන්සේලාත් එක්ක එකට වාසය කරන්ට ලැබුණා නේ ද?’ කියල. අන්න එ් අය මෛත‍්‍රී සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පුරුදු කරමින් වාසය කරනවා නම්, අන්න එ් සියලූ දෙනාගේ සිත් එක වගෙයි. එ් අය කයින් ඈත හිටියත්, ශරීරවලින් වෙන්වෙලා හිටියත් සිතින් එකයි නේ ද…? එහෙනම් ඔබලාට එකිනෙකාගේ සිත තමාට පමුණුුවාගෙන වාසය කරන්න පුළුවන් නේ ද…?

”ඉතින් ස්වාමීනී, මං මගේ සිත පැත්තකින් තියනවා. මේ ආයුෂ්මතුන් වහන්සේලා හිතන විදියට ම හිතනවා” කියලා කිව්වේ එ්කයි. ඉතින් හැම කෙනෙක් ම මේ විදියට හිතුවොත් එකිනෙකා සමානයි නේ ද…?

එහෙනම් ‘මමයි ලොකු…’ කියල හිතන දෙයක් ද එතැන තියෙන්නේ? නෑ නේ ද…? එතකොට මේ විදිහට පුහුණුවන පිරිස දහම් කාරණාවක් අහනකොට වේවා, කියන කොට වේවා, තමා ඉස්මතු වීම පිණිස ද එය සිද්ධ කරන්නෙ? නැහැ.

මේ විදියට එකිනෙකාට ගරුසරු ඇතිව, එකිනෙකා කෙරෙහි කල්පනා කරන කෙනා මේ දේශනාවේ තියෙන ආකාරයෙන් පිරිස ගැන ම කල්පනා කරනවා. ‘මේ වගේ උතුම් සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා ඇසුරු කරන්ට ලැබීම මට ලාභයක්! මනා ලැබීමක්! මට එ්කාන්තයෙන් ලැබීමක්!’ කියල කල්පනා කරනවා. අන්න එ් සත්‍යය කල්පනා කරන්න. එතකොට මිහිරක් දැනෙයි. ආස්වාදයක් දැනෙයි. පි‍්‍රයමනාප බවක් දැනෙයි. අන්න එ් අය කිරියි දියයි එකතු වුණා වගේ එකතු වෙයි. එ්ගොල්ලෝ වෙන් වෙන්නේ නෑ. එ් කියන්නේ එ් අය අතර ළාමක ඇසුරු කිරීම් නෑ.

එ් නිසා ඔයගොල්ලෝ මේ ළාමක ඇසුර අයින් කරල භාග්‍යවතුන් වහන්සේ අපේක්‍ෂා කළ විදියේ ඇසුරක් ඇති කරගන්න මේ ධර්මය පුරුදු කරගන්න. අන්න එතකොට එකිනෙකාට ගරුසරු ඇති අය බවට පත්වෙලා යනවා. ඊට පස්සේ එ් පිරිස කල්‍යාණ මිත‍්‍රයාට නැඹුරුවෙලා වාසය කරනවා.

අන්න එතකොට කල්‍යාණ මිත‍්‍රයා යමක් කිව්වම ඇහුම්කම් දෙන්න කැමතියි. අන්්න එ් අයගේ හිතට මේ ධර්මය යනවා. එ් අය සන්සිඳෙනවා. එකිනෙකාට කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන්, උපකාර කරනවා. අන්න එ් අය තුළ සන්සිඳීම හට ගන්නවා. එ් අය තුළ සේඛධර්ම හට ගන්නවා. එ් අය සේඛධර්ම පුරුදු කරනවා. අන්න එ් අය තුළ ටිකෙන් ටික සීලය රැුකෙන්ට පටන් ගන්නවා. දැන් එ් අය සේඛබල සහිතව සීලය රකින නිසා සිල්පද කැඩෙන්නේ නෑ. නො කැඞී තියෙන්ට පුරුදු වෙනවා. යම් කලක දී එ් අය අවබෝධයෙන් සීලය රකිනවා. අවබෝධයෙන් සිල් රකින කෙනාගේ සීලය කැඩෙන්නේ නෑ. අන්න එ් අය ‘සීල විශුද්ධිය’ කරා යනවා.

පූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

අත්හරින්නයි, ඉවසන්නයි දක්‍ෂ වෙන්න

$
0
0

බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ධර්ම මාර්ගයේ යන්න වුවමනා කෙනාට ‘සුප්පටිනිස්සග්ගි’ කියන චරිතයක් තියෙන්න ඕන කියලා. ‘දුප්පටිනිස්සග්ගි, සුප්පටිනිස්සග්ගි’ කියලා පුද්ගල චරිත දෙකක් තියෙනවා. ‘සුප්පටිනිස්සග්ගි’ කියලා කියන්නේ අත්හැරීමට දක්ෂ චරිතයයි. සමහරු ඉන්නවා එ් අයට අත්හරින්න බෑ අමාරුයි. එ් අයට දෘෂ්ටියක් ගත්තත්, මතයක් ගත්තත් අත්හැර ගන්න බෑ. අත්හැර ගන්න බැරිකම නිසා ම විඳවනවා. සමහර කෙනෙක් ඉන්නවා, එයා පහසුවෙන් එ් මතය අත්හරිනවා. එ් විදිහට පහසුවෙන් අත්හරින කෙනාට තමයි මේ ධර්මය තියෙන්නේ. මොකද, එයා තමයි දැනුවත් වෙන්නේ. අපි සාමාන්‍යයෙන් ‘මේක හරි..’ කියලා සම්මත කර ගන්නවානේ. එ් සම්මත කරගන්න එක තමන්ට හිතෙන පිළිවෙළට සම්මත කර ගත්තොත් තමයි අපි අමාරුවේ වැටෙන්නේ. නමුත් යම් කෙනෙක් බුද්ධ වචනය කෙරෙහි සිත පහදවා ගත්තොත් ‘තමන්ගේ මත’ කියලා එකක් හිටින්නේ නෑ. එතකොට එයාට හිතෙන්නේ ‘මේ අදහස භාග්‍යවතුන් වහන්සේගේ’ කියලයි. එයා තමයි ශ‍්‍රාවකයා.

දිගට හරහට බැටදෙන සක්කාය දිට්ඨිය

අපි තේරුම් ගන්න ඕන හැමෝ ම මේ බැටකන්නේ සක්කාය දිට්ඨියෙන්. සක්කාය දිට්ඨිය තියෙන නිසයි මේ ප‍්‍රශ්න සියල්ල හටගන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මමත්වය කේන්ද්‍ර කරගත් එකක්නේ. සක්කාය දිට්ඨිය තුළ එයාගේ න්‍යෂ්ඨිය ‘මම.’ එතකොට හැම තිස්සේ ම ‘මම මෙහෙම දකිනවා.. මට මෙහෙම පේනවා.. මම මෙහෙම කරනවා.. මම මෙහෙම විග‍්‍රහ කරනවා..’ කියලා එහෙම එකක්නේ ගන්න හදන්නේ. එතකොට සමහර විට එයා කැමතියි ධර්මයේ නැති දෙයක් අවබෝධ වුණා වගේ කියලා පෙන්වා දෙන්න. එ් වගේ ප‍්‍රශ්නවලට යන්නේ සක්කාය දිට්ඨියෙන්. තව කෙනෙක් ඇත්ත පෙනිලත් එ්ක ගන්නේ නෑ. එ්ත් සක්කාය දිට්ඨිය. ඇත්ත පෙනි පෙනී පේන්නේ නෑ වගේ ඉන්නවා. ඇත්ත ඇහෙනවා, නමුත් ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා. එ්ත් සක්කාය දිට්ඨිය.

සක්කාය දිට්ඨිය පවත්වන්න, සක්කාය දිට්ඨියට අනුබල දෙන්න ප‍්‍රධාන ම දේ තමයි ලාභ සත්කාර. බුදුරජාණන් වහන්සේ මේ ලාභ සත්කාර අනතුර විස්තර කරන්න උපමාවක් දේශනා කළා. මේ උපමාව කරුණු දෙකක් විස්තර කරන්න අවස්ථා දෙකක දී යෙදිලා තියෙනවා. එ් තමයි රාහුල කුමාරයා පැවිදි කරපු වෙලාවේ සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේට ප‍්‍රකාශ කරනවා, ‘‘භාග්‍යවතුන් වහන්ස, දරු සෙනෙහස මව්පියන්ගේ සම්, මස්, නහර, ඇට විදගෙන ඇට මිදුළුවල කිඳාබැහැලා තියෙනවා” කියලා. එ් වගේ ම බුදුරජාණන් වහන්සේ එ් උපමාව ම භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා ‘‘මහණෙනි, කෙනෙකුට ලාභ, සත්කාර, කීර්ති, ප‍්‍රශංසා අත්විඳීමට ඇති ආශාව සම්, මස්, නහර, ඇට විදගෙන ඇටමිදුළුවල කිඳාබැහැලා තියෙනවා” කියලා. ඔතැනින් තමයි ඔය ප‍්‍රශ්නය හටගන්නේ. එහෙම නැතුව ‘බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ තමයි හරි..’ කියලා හිතන්න නම් එයා නිහතමානී ශ‍්‍රාවකයෙක් විය යුතුයි. නිහතමානී ශ‍්‍රාවකත්වයක් නැතුව හිටියොත් එහෙම ‘ ඕක ඔහොම නෙවෙයි, ඕක මෙහෙමයි’ කියලා වාදයක් හදාගන්නවා. වාදයක් හදාගත්තට පස්සේ ඇතිවෙන්නේ අර්බුදයක් ම යි. ඔක්කොම එකතු වෙලා කතා කළත් ඊට පස්සේ තියෙන්නේ වාදයක්. වාදයක් තුළින් හටගන්නේ චිත්ත පීඩාවක්නේ. ඊට පස්සේ පුද්ගලික මත කියමින් එකිනෙකාට චෝදනා කරගන්නවා. එකිනෙකාට නින්දා අපහාස කරගන්නවා. අන්තිමට අකුසල් හැර තමන් කර ගත්තු වෙන දෙයක් නෑ.

මේ ධර්ම මාර්ගයේ යන කෙනෙකුට බොහෝ සෙයින් උපකාරී වෙන ප‍්‍රධාන ම දෙයක් තමයි ඉවසීම. එ් කියන්නේ යම් කෙනෙක් යම්කිසි ගුණයක් දියුණු කරගන්න කැමති නම් එයා ඉවසන්න ඕන. එයාට විශේෂයෙන් ම දස වස්තුක සම්මා දිට්ඨිය (ලෞකික සම්මා දිට්ඨිය) තියෙන්න ඕන. එ් කියන්නේ එයා මෙලොව පිළිගන්න ඕන.. පරලොව පිළිගන්න ඕන. මව්පියන් පිළිගන්න ඕන. කර්ම විපාක පිළිගන්න ඕන. ඊළඟට ඕපපාතික සත්වයන් ඉන්නවා කියලා පිළිගන්න ඕන. දානයේ විපාක තියෙනවා, උපස්ථානයේ විපාක තියෙනවා, වතාවත් කිරීමේ විපාක තියෙනවා කියලා පිළිගන්න ඕන. එ් පිළිගැනීම ආධ්‍යාත්මික දියුණුවක් කරා යන්න විශාල උදව්වක්. නමුත් ලෞකික සම්මා දිට්ඨිය නැති කෙනා හැම තිස්සේ ම තමන්ගේ මතය ඉස්සරහට ගන්න හදනවා. එයා තමන්ගේ මතයට වුවමනා කරුණු ටික හොයාගන්නවා. හොයාගෙන තමන්ගේ මතය කියනවා. එ් විදිහට තමන්ගේ මතයට වුවමනා කරුණු ටික හොයාගෙන තමන්ගේ මතය කියන්න හදන කෙනා ලැබූ මනුස්ස ජීවිතය අයුතු විදිහට පාවිච්චි කරන කෙනෙක්.

නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෝ හැටියට අපට පැහැදීම තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේ ගැනයි. එ් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වැඩපිළිවෙළ කෙරෙහි අපේ හිත පහදින්න ඕන. අපි ගත්තොත් කෙනෙක් සෝවාන් වෙනවා කියමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යමෙක් සෝවාන් වුණොත් එයා තුළ තමයි ස්ථිර ශ‍්‍රද්ධාව පිහිටන්නේ කියලයි. එ් ශ‍්‍රද්ධාව තමයි එයා බුදුරජාණන් වහන්සේව සැක කරන්නේ නෑ. ධර්මය සැක කරන්නේ නෑ. සංඝයා සැක කරන්නේ නෑ. ප‍්‍රතිපදාව සැක කරන්නේ නෑ. පටිච්චසමුප්පාදය සැක කරන්නේ නෑ. එයා සැකයෙන් එතෙර වෙනවා. එ් විදිහට සැකයෙන් එතෙර වූ ගමන් හිතේ පැහැදීම පිහිටනවා. එ්කනේ සෝවාන් වෙනවා කියන්නේ. එතකොට අපට පේනවා, එහෙම නම් මේ ධර්ම මාර්ගය තුළ වැඩෙන කෙනාගේ ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින එක. එ්ක තියෙන්නේ සත්පුරුෂ ගුණයත් එක්ක.

අපි ගනිමු සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන. උන්වහන්සේනේ ප‍්‍රඥාවෙන් අග‍්‍ර. එ් වගේ ම බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව්වන් වහන්සේ. දවසක් කරුණු කාරණා දන්නේ නැති සඟ පිරිසක් බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා ‘‘භාග්‍යවතුන් වහන්ස, මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන අපට සැකයක් තියෙනවා” කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ ‘‘මොකක්ද?” කියලා ඇහුවා. ‘‘ස්වාමීනී, අපට සැකයක් තියෙනවා උන්වහන්සේ ආයෙමත් පරණ ආගම අදහනවා වගේ කියලා.” එතකොට අපට පේනවා, එ් කාලයෙත් චූටි දේටත් කතන්දර හැදිලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ‘‘එ් මොකක්ද?” කියලා ඇහුවා. ‘‘සාරිපුත්තයන් වහන්සේ සැතපෙන්න ඉස්සර වෙලා දිශා බලලා වඳිනවා” කිව්වා. එ් වෙලාවේ බුදුරජාණන් වහන්සේට එ් භික්ෂූන් ගැන හරි අනුකම්පාවක් හිතෙන්න ඇති. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියනවා ‘‘එහෙම නම් එන්න කියන්න සාරිපුත්තට.“ ඉතින් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වැඩම කළා. ”සාරිපුත්ත, ඔබ දිශාව බලලා වඳිනවා කියන්නේ හැබෑ ද?” ‘‘එසේ ය භාග්‍යවතුන් වහන්ස, මං සැතපෙන්න ඉස්සර වෙලා මට පළමුවෙනි දහම් පදය ඉගැන්වූ මාගේ ආචාර්යයන් වහන්සේ වන අස්සජී මහරහතන් වහන්සේ කොයි දිශාවේ ද ඉන්නේ කියලා බලනවා. බලලා උන්වහන්සේ ඉන්න දිශාවට වන්දනා කරලයි මං සැතපෙන්නේ.”

එතකොට අපට පේනවා, යම් කෙනෙක් පළමුවෙනි බණ පදය ඇසුවාට පස්සේ එ් බණ පදයෙන් එයාට යම්කිසි අවබෝධයක් ආවා නම්, යම් ශ‍්‍රද්ධාවක පිහිටියා නම් එයා සත්පුරුෂ භූමියට පැමිණෙනවා. සත්පුරුෂ භූමිය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. යමෙක් එ් සත්පුරුෂ භූමියට පැමිණුනා නම්, එ් සත්පුරුෂ භූමියට පැමිණෙන්න උදව් කළ කෙනා කෙරෙහි ගෞරවයක් හටගන්නවා ම යි. භක්තියක් හටගන්නවා ම යි. එ්ක ධර්මතාවයක්. එ් කියන්නේ එ්ක කවුරුවත් කරන එකක් නෙවෙයි. බලන්න එ්ක සාරිපුත්ත මහරහතන් වහන්සේට තිබුණා.

ධර්ම මාර්ගය වැඩුණු කෙනෙකුගේ ලක්ෂණ හරිම අසිරිමත්. රාහුල මහරහතන් වහන්සේ ගැන ගත්තත් එහෙමයි. එක්තරා දවසක සඟ පිරිස චාරිකාවේ වඩිනවා. ඉතින් එදා චාරිකාවේ වඩිද්දී රාහුල ස්වාමීන් වහන්සේ පස්සෙන් ම වැඩියා. එ් නිසා රාහුල ස්වාමීන් වහන්සේ ආවාසයට වඩිනකොට ස්වාමීන් වහන්සේලා ඔක්කොම සේනාසනවල, කුටිවල වැඩඉන්නවා. රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ හැම තැනම ගිිහිල්ලා බැලූවා, ඉන්න තැනක් නෑ. මං හිතන්නේ එදා පින්න තියෙන දවසක් වෙන්න ඇති. එහෙම නැත්නම් ඉතින් ගහක් යට හරි වැඩඉන්නවානේ. ඔක්කොම ඇඳවල්වල, ආසනවල ස්වාමීන් වහන්සේලා ඉන්නවා. බැලූවා ම නො තෙමී ඉන්න තියෙන්නේ වැසිකිළියේ විතරයි. උන්වහන්සේ වැසිකිළියට ගිහිල්ලා වැඩහිටියානේ. අපට එ්කෙන් පේන්නේ නිකෙලෙස් බවක ලක්ෂණ නේ ද? වෙන කෙනෙක් නම් ‘‘මගේ පියා තමයි බුදුරජාණන් වහන්සේ..” කිය කියා ඔය වගේ අයිතිවාසිකම් කියනවනේ. එහෙම නැත්නම් සුළු සුළු දේකටත් ‘‘මම තමයි මේක කළේ.. මම තමයි අරක කළේ.. කෝ මට එ්කට සැලකුවා ද.. කෝ එ්ක කිව්වා ද?” කිය කියා හැම තිස්සේ ම බලාපොරොත්තු වෙන්නේ ගනුදෙනුවක්නේ. නමුත් ධර්මයට ආපු ගමන් එ් ගනුදෙනු ස්වභාවය ඉක්මවා යනවා.

සාදු! සාදු!! සාදු!!!

ලෝකයට උපකාර කරමු

$
0
0

පින්වතුනි, අපි ලෝකයට උපකාර කරන අය බවට පත්වෙන්ට ඕනෑ. ලෝකයට හොඳ උපකාරයක් කරන්ට නම්, එයා හිත පිරිසිදු කරගත්ත කෙනෙක් බවට පත්වෙන්ට ඕනැ. හිතේ අපිරිසිදු භාවය තිබෙනතාක් අපට ලෝකයට හොඳ උපකාරයක් කරන්ට ලැබෙන්නේ නෑ. අපිරිසිදු වූ සිතකින් යමක් කරනකොට, යමක් කියනකොට එ්ක අපිරිසිදු වූ දෙයක් බවට පත්වෙනවා. එනිසා සිත අපිරිසිදු ස්වභාවය තුළ තිබෙන තාක් අපිට ලෝකයට හොඳ උපකාරයක් කරන්ට ලැබෙන්නේ නෑ.

පින්වතුනි, අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මය ඉගෙනගෙන, එ් ධර්මයේ තිබෙන ආකාරයට හිත පුරුදුකර ගත්තොත්, අපිට අපේ හිත පිරිසිදු දෙයක් බවට පත්කරගන්ට පුළුවන්කම තිබෙනව. එ් විදිහට හිත පිරිසිදු වුණොත් අපිට මේ ලෝකයට හොඳ උපකාරයක් සලසා දෙන්ට පුළුවන්කම තිබෙනව.

මේ හිත අපිරිසිදු වෙන දෙයක් තමයි ලෝභය කියල කියන්නෙ. එ් වගේ ම ඊරිසියාව හිත අපිරිසිදු කරන දෙයක්. ක්‍රෝධ කරන ස්වභාවය, වෛර කරන ස්වභාවය, අනුන්ගේ ගුණ මකන ස්වභාවය, ඉච්චාව, දැඩි බව, මසුරු බව, මාන්නය වගේ දේවල් හිත අපිරිසිදු කරන දේවල්. මෙබඳු අකුසල් හිතේ තිබෙන්ට, තිබෙන්ට හිත අපිරිසිදු ස්වභාවයට ම පත්වෙනව.

යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරනවා නම්, අන්න එයාට හිත පිරිසිදු දෙයක් බවට පත්කරගන්ට පුළුවන්කම තිබෙනව. එ් වගේ ම තමයි සද්ධර්මයේ ගුණ සිහිකරනවා නම්, එයාටත් සිත පිරිසිදු දෙයක් බවට පත්කරගන්ට පුළුවන්කම තිබෙනවා. ආර්ය මහා සඟරුවනේ ගුණ සිහිකරනවා නම්, අන්න එයාටත් සිත පිරිසිදු දෙයක් බවට පත් කරගන්ට පුළුවන්කම තිබෙනව. තෙරුවන් ගුණ සිහිකරන්ට, කරන්ට එයාගෙ සිතේ තිබෙන ළාමක අකුසල් දුරුවෙලා, හිත පිරිසිදු දෙයක් බවට පත් වෙනව. ළාමක අකුසල් දුරුවෙන්ට දුරුවෙන්ට, හිත පිරිසිදු වෙන්ට, පිරිසිදු වෙන්ට එයාගෙ සිතට විශාල සැපක් විඳින්ට පුළුවන්කම තිබෙනව. හිතේ පිරිසිදු ස්වභාවය උපදිනකොට, එ් පිරිසිදු වූ සිතින් එයාට සැප ඇතිවෙනව.

එ් නිසා මේ පින්වත් කවුරුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම උපදවා ගන්න. සද්ධර්මය කෙරෙහි පැහැදීම උපදවා ගන්න. ආර්ය මහා සඟරුවන කෙරෙහි පැහැදීම උපදවාගන්න. තෙරුවන් කෙරෙහි පැහැදුන සිතින් තෙරුවන් ගුණ නිතර සිහිකරන්න. ඔබට නිරන්තරයෙන් තෙරුවන් ගුණ සිහිකරද්දී, නිරන්තරයෙන් සැප විඳින්ට පුුුුුළුවන්කම තිබෙනවා. දවස පුරා ම සැපසේ වාසය කරන්ට ඔබට පුළුවන්කම තිබෙනවා. එ් විදිහට දවස පුරා ම සැප විඳින ඔබ, මතු ජීවිතය සුගතියක ඉපදිලත් සැප සේ වාසය කරන්ට තරම් වාසනාවන්ත කෙනෙක් බවට පත්වෙනව. එබඳු වාසනාවක් තියෙන කෙනා, ලෝකයට යහපත කරන කෙනෙක්.

ඔබ සියලූ දෙනාටම ලෝකයට හොඳ උපකාරයක් කිරීමේ දුර්ලභ භාග්‍යය උදාවේවා!

තෙරුවන් සරණයි!

පූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

ප‍්‍රඥා බලය උපදවා ගනිමු

$
0
0

පින්වතුනි, නිවන් මග පුහුණුවන කෙනාට උපකාර වන පඤ්ච සේඛ බල අතරින් අග‍්‍ර වන්නේ, ප‍්‍රඥා බලයයි. ප‍්‍රඥා බලය විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ, ඉතා හොඳින් දුක් දුරුවීම පිණිස පවතින ආර්ය වූ කලකිරීම උපදවා දෙන, යමක හටගැනීමත්, නැතිවීමත් පිළිබඳව තිබෙන වැටහීමට. යමක හටගැනීමත් නැතිවීමත් පිළිබඳව ඇතිකරගන්නා වූ නුවණ, අප තුළ අවබෝධයෙන් කලකිරීම ඇති කරවන්න හේතුවෙනව. එ් විදිහට අවබෝධයෙන් කලකිරීම ඇතිවීම මඟින් සම්පූර්ණයෙන් දුකෙන් නිදහස් වෙන්ට ලැබෙනව. එ් නිසා භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙන ආකාරයට ආර්ය සත්‍ය හොඳින් තේරුම් අරගෙන, අපි නුවණින් කල්පනා කළ යුතු යි.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ, යම් දෙයක්, හේතුවකින් හටගෙන හේතු නැතිවීමෙන් නැතිවෙලා යන ස්වභාවයෙන් යුක්ත බවයි. මේ ධර්මයන් භාග්‍යවතුන් වහන්සේ අපට විවිධ ආකාරයෙන් පෙන්වා දෙනවා. එ් ධර්මයන් අපි ඉගෙනගෙන, එ් ධර්මයන් අපි හොඳින් කල්පනා කළොත්, එ් ධර්මයන් පිළිබඳ අපි තෝරා බේරාගෙන නුවණින් කල්පනා කළොත්, අපට එ් ආර්ය වූ කලකිරීම උපදවල දෙන, එ් කියන්නෙ අවබෝධයෙන් කලකිරීම උපදවල දෙන නුවණ උපදවා ගන්න පුළුවන්කම තිබෙනවා. මේ සඳහා අපි බුදුරජාණන් වහන්සේ පෙන්වාදෙන අකාරයට ම ධර්මය ඉගෙන ගත යුතුයි. එ් ධර්මයේ තියෙන ආකාරයට ම කල්පනා කරන්ටත් ඕනැ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයෙන් බැහැරව යමක් ඉගෙන ගත්තට, එ් ධර්මයෙන් බැහැරව යමක් කල්පනා කළාට, ආර්ය වූ කලකිරීම, එහෙම නැත්නම් අවබෝධයෙන් කලකිරීම ඇතිකරගන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව, ස්පර්ශ ආයතනවල හටගැනීම, එ් වගේ ම නැතිවීම ගැන. අන්න එ් ධර්මය අපි හොඳින් කල්පනා කළොත්, අපිට මේ හටගැනීම පිළිබඳව නුවණ උපදවා ගන්න ලැබෙනව. එ් වගේ ම සතර මහා ධාතූන්වල හටගැනීම, නැතිවීම ගැන භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනව. එ් ධර්මයන් ඉගෙන ගත්තොත්, අපට ප‍්‍රඥා බලය උපදවා ගන්න ලැබෙනව.

විශේෂයෙන් පඤ්ච උපාදානස්කන්ධය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දී තිබෙන ධර්මය හොඳින් ඉගෙන ගත්තොත්, එ් ධර්මයේ තිබෙන ආකාරයෙන් අපි කල්පනා කළොත්, හොඳින් හිතේ දරාගෙන එ් ධර්මය අපි පුරුදු කරගත්තොත්, පඤ්ඤා බලය උපදවා ගන්න ලැබෙනව. යමෙක් පඤ්ච උපාදානස්කන්ධයෙන් නිදහස් වුණොත්, අන්න එයා ඉතා හොඳින් දුකින් නිදහස් වූ කෙනා බවට පත්වෙනවා. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ ස්කන්ධ, ධාතු, ආයතන විදිහට මේ ධර්මය අපිට පෙන්වා දෙනව. අන්න එ් ධර්මයන් අපි ඉගෙනගෙන, එ් ධර්මයන් තුළ පෙන්වාදෙන ආකාරයට හටගැනීමත් නැතිවීමත් පිළිබඳව අපි හොඳින් කල්පනා කළොත්, තෝරා බේරා ගත්තොත්, අපට ප‍්‍රඥා බලය උපදවා ගන්න අවස්ථාව ලැබෙනවා.

එ් නිසා අපි සියලූ දෙනාටම සෙත් පතන්ට කැමතියි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට ආර්ය සත්‍ය ඉගෙනගෙන, එ් ආර්ය සත්‍ය තුළ පෙන්වා දෙන විදිහට ධර්මය හොඳින් දරාගෙන, එ් ධර්මයේ තිබෙන ආකාරයට සිහිපත් කරමින් ඉතා හොඳින් දුක් දුරුවීම පිණිස අවබෝධයෙන් කලකිරීම උපදවා ගැනීමට සියලූ දෙනාටම අවස්ථාව උදාවේවා!

තෙරුවන් සරණයි!

පූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

ඇසුර හොඳ වේ ‘කලණ මිතුරා’

$
0
0

පුංචි කාලෙ ඉඳන් මිය යනතුරු ම අපට හිතවත් ම පිරිසක් තමයි මිතුරු මිතුරියන්.. අපේ ජීවිතවලට මිත‍්‍රත්වයෙන් ලැබෙන උපකාර නම් කියල නිම කරන්න බෑ. ජීවිතයේ මිතුරු දමක් නැතිව ගත කළ කාලයක් නැති තරම්. මිතුරු මිතුරියන් විසින් බොහෝ දේවල් අපේ ජීවිතයට දායාද කරනවා. එ් දායාදයන් අනුව මිතුරුබව අපට ප‍්‍රිය යි. නැත්නම් අප‍්‍රිය යි. ‘මිතුරා’ කියන වචනය ධර්මයේ දී හමු වෙනවා. කල්‍යාණ මිත‍්‍රයන් ඇති බව කියන්නෙ නිවනට සම්පූර්ණයෙන් ම උපකාර වන ධර්මයක්…

හඳුනාගන්න අමිතුරන්..

එකිනෙකාට අමිතුරන් වන අය

අනෙකා දැක සතුටට පත් නො වන්නේ ය, අනෙකාගේ කථාවට අනුබල දෙන්නට වන නිසා කතා නො කරන්නේ ය, අනෙකා තමා දෙස බලන කල්හී නො බලන්නේ ය, අනෙකාගේ කථාවට විරුද්ධව කථා කරන්නේ ය.

අනෙකාගේ සතුරන් ඇසුරු කරන්නේ ය, අනෙකාගේ මිතුරන් ඇසුරු නො කරන්නේ ය, අනෙකාගේ ගුණ කියන කැමති අය වළක්වයි, අනෙකාට බණින අය ප‍්‍රශංසාවට ලක් කරයි.

තමාගේ රහස් අනෙකාට නො කියයි, අනෙකාගේ රහස් වෙනත් අයගෙන් නො සඟවයි, අනෙකාගේ ගුණ කතා නො කරයි, අනෙකාගේ නුවණ වර්ණනා නො කරයි.

අනෙකාගේ පිරිහීමට කැමති වෙයි, දියුණුවට අකමැති වෙයි, රස ආහාරයක් ලැබුණු කල පවා අනෙකා සිහි නො කරයි, ‘අනේ මගේ මිත‍්‍රයාටත් මෙයින් මෙයින් කොටසක් ලැබෙනවා නම්’ යැයි අනුකම්පාවෙන් නො සිතයි, මේ කරුණු අමිත‍්‍රයා කෙරෙහි පිහිටන්නේ ය. නුවණැත්තා මේවා දැන අමිත‍්‍රයා හඳුනා ගන්නේ ය.

මිතුරන්ගේ ලකුණු දනිමු..

එකිනෙකාට මිතුරන් වන අය

වෙන් වෙන්ව වෙසෙන්නා වූ මිතුරන් අනෙකාව සිහි කරයි. හමුවුණ විට සතුටට පත් වේ. සෙනෙහස දක්වයි. ප‍්‍රිය වචනයෙන් පිළිසඳර කථා කරයි.

මිතුරන් අනෙකාගේ මිතුරන් ම ඇසුරු කරයි. අනෙකාගේ සතුරන් ඇසුරු නො කරයි. අනෙකාට බැණ වදින්නාවූවන් වළක්වාලයි. අනෙකාගේ ගුණ කියන අයව ප‍්‍රශංසා කරයි.

තමාගේ රහස් අනෙකාට කියයි. අනෙකාගේ රහස් වෙනත් අයට නො කියයි. අනෙකාගේ ගුණ කථා කරයි. අනෙකාගේ නුවණ ගැන ප‍්‍රශංසා කරයි.

අනෙකාගේ පිරිහීමට අකමැති වෙයි, දියුණුවට කැමති වෙයි, රස ආහාරයක් ලැබුණු කල පවා අනෙකා සිහි කරයි, ‘අනේ මගේ මිත‍්‍රයාටත් මෙයින් කොටසක් ලැබෙනවා නම්’ යැයි අනුකම්පාවෙන් යුතුව සිතයි, මේ කරුණු මිත‍්‍රයා කෙරෙහි පිහිටන්නේ ය. නුවණැත්තා මේවා දැන මිත‍්‍රයා හඳුනා ගන්නේ ය.

මිත්තාමිත්ත ජාතකය – ජාතක පාළියෙන්

අත්හැරීම ලේසි දෙයක් නෙවෙයි….

$
0
0

පින්වතුනේ, පින්වත් දරුවනේ,
බුද්ධ කාලයේ වැඩ සිටියා චිත්තහත්ථ කියලා ස්වාමීන් වහන්සේනමක්. චිත්තහත්ථ තෙරුන් වහන්සේ ගිහි කාලයේ ගොවියෙක්. පස්සේ මහණ වෙලා ටික කාලයක් ගියා. හිත විසිරෙනවා. මතක් වෙන්නේ ගෙදර. ඉතින් මෙයාට වැරදුණු තැන තමයි මෙයා උදැල්ල පඳුරක් අස්සේ හංගලයි පැවිදි වෙන්න ගියේ. දැන් එයා ගහක් යට භාවනා කරනවා. මෙයාට මතක් වෙන්නේ ම උදැල්ල. දැන් මේ වැඬේ අමාරුයිනේ. හිත දමනය කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මේකට දැඩි වීරියක් ඕන. එ්ක හිතා ගන්න බෑ.

බලන්න, සමහර රහතන් වහන්සේලා අරහත්වයට පත්වෙලා තියෙන්නේ වයස හතේ දී. අවුරුදු හතක ළමයෙක් කියන්නේ තනිව ම මුකුත් කරකියා ගන්න බෑනේ. එබඳු ළමයෙකුගේ ප‍්‍රඥාව එ් මට්ටමට වර්ධනය වුණා කියන්නේ විශාල පින් බලයක් තියෙන්න ඕන. දැන් අර චිත්තහත්ථ තෙරුන් වහන්සේට පින් බලයක් තිබුණා. පිනෙන් තමයි වීරිය ගන්න තියෙන්නේ. පිනෙන් තමයි වීරිය හැදෙන්නේ. පිනෙන් තමයි නුවණ හැදෙන්නේ. පිනෙන් තමයි සිහිය පිහිටුවන්න පුළුවන්කම ලැබෙන්නේ. පිනෙන් තමයි හොඳ නරක වහා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එ් ඔක්කෝම පිනෙන් වෙන්නේ. එ්වා අපට කෘති‍්‍රම විදිහට ඇදලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි.

ඉතින් මේ ස්වාමීන් වහන්සේට ගෙදර මතක් වෙලා ගෙදර ගියා. ගියපු දවසේ බිරිඳ ‘‘අනේ ඔයා ආපු එක කොච්චර හොඳයි ද?” කියලා හරි සන්තෝෂ වෙලා රසට කෑම හදලා දුන්නා. දවස් දෙකයි තුනයි. අයෙත් කුඩම්මගේ සැලකිලි හම්බ වුණා. ඊට පස්සේ මෙයා කල්පනා කළා, ‘අනේ මීට කොච්චර හොඳ ද අර පිණ්ඩපාතය කරගෙන නිදහසේ හිටපු එක.’ ඊට පස්සේ ආයෙත් උදැල්ලත් අරන් කුඹුරට යනවා කියලා ගිහිල්ලා උදැල්ල පඳුර අස්සේ ගැහුවා. පස්සේ ගිහිල්ලා ‘‘අනේ ස්වාමීනී, මාව මහණ කරන්න” කිව්වා. මහණ කළා. ටික දවසක් හොඳට හිටියා. ඊට පස්සේ ආයෙත් මතක් වුණා, ‘අනේ මම ආශා කරන දේවල් උයලා දෙනවා නෙව. කොහොම වුණත් ඉතින් බිරිඳ නෙව’ කියලා. ආයෙමත් ගෙදර ගියා. ආයෙත් දවසක් දෙකක් සැලකුවා. ඊට පස්සේ නෑ.

මෙහෙම හත් වතාවක් ගියා. හත්වෙනි වතාවේ මෙයා බලන කොට බිරිඳ මහන්සියෙන් නිදි. මෙයා දැක්කා ඇයගේ කටේ කුණුකෙළ වැක්කෙරෙනවා. මේක දැකලා තමන්ගේ ම හිතට තමන් ම බැණගත්තා. ‘‘එ්යි මෝඩයා…. උඹ විමුක්තිය අත්හරින්නේ, මේ ශරීරයක් වෙනුවෙන් ද? උඹ විමුක්තිය අත්හරින්නේ කුමක් වෙනුවෙන් ද මෝඩයා….” කියලා. මෙහෙම හිතට බැණලා ආයෙත් උදැල්ල අරන් ගියා. අතනට ගියපු ගමන් සිහිය පිහිටියා. කල්පනා කළා ‘මේ උදලූ කෙටිය තමයි මාව විනාශ කළේ’ කියලා හොයාගන්න බැරි විදිහට වීසි කළා. අන්න පින මෝරලා. ඊට පස්සේ ගිහින් මහණ වුණා. හිතට අමුතු නිදහසක් ආවා. ධර්මය අවබෝධ කළා.

මේ ස්වාමීන් වහන්සේ මහණ කළාට අනිත් ස්වාමීන් වහන්සේලා බලාපොරොත්තු වුණේ ‘එයා මහණ වුණාට ආයෙමත් යයි’ කියලා. ඉතින් අහනවා ‘‘කෝ උදැල්ල? දැන් ගෙදර යන්න හිතෙන්නේ නැද්ද?” කියලා. ‘‘නෑ මම එ්වා ඔක්කෝම වීසි කළා” කිව්වා. බලන්න පින්වතුනි, මේකේ තේරුම තමයි එක එක්කෙනාගේ පින්වල තියෙන වෙනස්කම.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාට ම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!

හැමදෙනාට ම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය!


භාවනාව කුමක් පිණිස ද?

$
0
0

අපි හිතමු, අපි මේ ජීවිතයේ බුලත් විටක් කන්න පුරුදු වුණා කියලා. බුලත් විට කෑම සසර පුරුද්දක් නෙවෙයිනේ. අපි යම් දවසක බුලත් විටක් හැපුවා. එ් හපන කොට එ්කට ආශාව ඇති වුණා. ඊට පස්සේ අපි බුලත් විටට පුරුදු වුණා. ඊට පස්සේ බුලත් විට නැතුව බෑ. එතකොට අපට පේනවා, යම් පුරුද්දකට ගිහාම එ්කට කයත් ඇබ්බැහි වෙනවා. සිතත් ඇබ්බැහි වෙනවා. එ් වගේ ම මනසත් පුරුදු වෙන දේට තමයි යන්නේ. එ් නිසා අපි ආනාපානසති ආදි භාවනාවක් වුණත් පුරුදු කරන්න ඕන මේ දේවල් සම්බන්ධයෙන් තේරුමක් ඇතුවයි.

මෛත‍්‍රී භාවනාව වගේ එ්වා ගැන බුදුරජාණන් වහන්සේ ‘යානිකතාය, වත්ථුකතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය’ කියලා දේශනා කරලා තියෙනවා. එතැන ‘යානිකතාය’ කියන්නේ යානාවක් මෙන්. එ් කියන්නේ හැමතිස්සේ ම තමන් යන යන තැන පුරුදු කරගෙන ඉන්න ඕන කියන එකයි. ‘වත්ථුකතාය’ කියන්නේ එ්ක ප‍්‍රධාන දෙයක් කරගෙන ඉන්න ඕන කියන එක. ‘අනුට්ඨිතාය’ කියන්නේ තමන් එක්කම පවත්වන්න ඕන. ‘පරිචිතාය’ කියන්නේ මැනවින් ප‍්‍රගුණ කරන්න ඕන. ‘සුසමාරද්ධාය’ කියන්නේ ඉතා හොඳින් ප‍්‍රගුණ කරගන්න ඕන. මේ වගේ දේවල් කිරීම තුළ තමයි එ්කේ හැකියාව එන්නේ. ලෝකයේ ඕනෑ ම දෙයක් සම්බන්ධයෙන් එහෙමනේ නේ ද?

ජීවිතාවබෝධය ඉලක්ක කර ගත් එක ම ධර්මය

අපි විශේෂයෙන් ම දැනගෙන සිටිය යුතු එකක් තමයි, මේ වෙද්දි ලෝකයේ බටහිර රටවල භාවනාව කියලා එක එක දේවල් පුරුදු කරනවා. නමුත් අපට හරි පැහැදිලියි, එ් වාගේ බොහෝ විට තියෙන්නේ බොහෝ ම ළඟ ඉලක්ක. චූටි චූටි විජ්ජාවලට තමයි එ් දේවල් ඉලක්ක කරගෙන තියෙන්නේ. එහෙම නැතුව ජීවිතාවබෝධයක් පිණිස නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ යම් සීලයක් පැනෙව්වා ද, එ් සීලය පනවා තියෙන්නේ ජීවිතයට පිළිසරණ පිණිස ම යි. එ් වගේ ම යම් සමාධියක් පැනෙව්වා ද, එ් සමාධිය පෙන්වා දීලා තියෙන්නෙත් ජීවිතයට පිළිසරණ පිණිසයි. යම් ප‍්‍රඥාවක් පැනෙව්වා ද, එ් ප‍්‍රඥාව පනවා තියෙන්නෙත් ජීවිතයට පිළිසරණ පිණිස යි.

බුදුරජාණන් වහන්සේ ප‍්‍රථම භික්ෂූන් වහන්සේලා හැට නමට ධර්මය දේශනා කරන්න වඩින්න කලින් හරි ලස්සන ප‍්‍රකාශයක් කරනවා. ‘මහණෙනි, කරුණු හතරක් (අනනුබෝධා, අප්පටිවේධා) ප‍්‍රතිවේද නො කළ නිසා, අවබෝධ නො කළ නිසා ඔබටයි, මටයි සසරේ යන්න වුණා. එ් කරුණු හතර තමයි ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප‍්‍රඥාව හා ආර්ය විමුක්තිය. නමුත් දැන් මේ හතර සාක්ෂාත් කරපු නිසා යම් දිව්‍ය හෝ මානුෂීය හෝ යම් බන්ධනයක් ඇද්ද එ්කෙන් මම නිදහස් වුණා. ඔබත් නිදහස් වුණා. එ් නිසා බොහෝ දෙනාගේ යහපත පිණිස මේ ධර්මය දේශනා කරන්න.’ එතකොට අපට හරි පැහැදිලියි, බුදුරජාණන් වහන්සේ යම් සීලයක් පනවා තියෙනවා නම් එ් සීලය පනවලා තියෙන්නේ කුමක් පිණිස ද? කියලා. එ් වගේ ම උන්වහන්සේ සමාධියක් ගැන විස්තර කරනවා නම් එ් සමාධිය විස්තර කරන්නේ කුමක් පිණිස ද? කියලා පැහැදිලි යි. එ් වගේ ම ප‍්‍රඥාව ගැන, විමුක්තිය ගැන දේශනා කරලා තියෙන්නේ කුමක් පිණිස ද? කියලා බොහොම පැහැදිලියි. බුදුරජාණන් වහන්සේ එ් හැම එකක් ම දේශනා කරලා තියෙන්නේ සංසාරයෙන් එතෙරවීම පිණිස යි.

අපි ගත්තොත්, ලෝකයේ විවිධාකාර ආගම් තියෙනවානේ. විවිධ දර්ශන, විවිධ මතවාද, විවිධ විග‍්‍රහ තියෙනවානේ. එ් මොනවා විස්තර කරමින් බැලූවත් පරිපූර්ණ වූ සීලයක් විස්තර කළේ බුදුරජාණන් වහන්සේ විතරයි. පරිපූර්ණ වූ සමාධියක් විස්තර කළේ.. පරිපූර්ණ වූ ප‍්‍රඥාවක් විස්තර කළේ.. පරිපූර්ණ වූ විමුක්තියක් විස්තර කළේ.. බුදුරජාණන් වහන්සේ විතරයි. මොකද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි එ් දේවල් හරි විදිහට ගෝචර වෙන්නේ. වෙන කෙනෙකුට එහෙම වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා බාහිර ඍෂිවරුන්ට එක කොටසක් වගේ අහුවෙන්න පුළුවන් කියලා. නමුත් මේක පරිපූර්ණ වශයෙන් අහුවෙන්නේ නෑ. පරිපූර්ණ වශයෙන් අහුනොවෙන නිසා එ් අය ආර්ය මාර්ගයට වැටෙන්නේ නෑ. නමුත් අපගේ භාග්‍යවතුන් වහන්සේ ආර්ය මාර්ගය හැටියට ලෝකයට පෙන්වා වදාළේ තමන් වහන්සේ විසින් පරිපූර්ණ වශයෙන් සාක්ෂාත් කරපු දෙයක්.

උන්වහන්සේ ඉස්සර වෙලා ම බෝධි මූලයේ දී කල්පනා කළානේ, ‘මා විසින් ප‍්‍රගුණ නො කළ, සාක්ෂාත් නො කළ යම් සීලස්කන්ධයක් ඇද්ද, එ් සීලස්කන්ධය ප‍්‍රගුණ කිරීමට උපදෙස් ගත හැකි කවුරුවත් ලෝකයේ ඉන්නවා ද?’ කියලා. බැලූවාම උන්වහන්සේට තේරුණා, තමන් වහන්සේ තමයි සීලයෙන් පරිපූර්ණ. සමාධියත් එහෙමයි. ප‍්‍රඥාවත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ ශ‍්‍රාවකයන්ට මේ සීල, සමාධි, ප‍්‍රඥා, විමුක්ති කියන මේවා පෙන්වා දෙන්නේ එ් ඉලක්කය මුල්කරගෙනයි. එ් නිසා ලෝකයේ යම් කෙනෙකුට පරිපූර්ණ සීලයක් හොයාගන්න අවශ්‍ය නම් එ්ක තියෙන්නේ බුද්ධ දේශනාවේ පමණ යි. එ් වගේ ම පරිපූර්ණ සමාධියක් ගැන කතා කළත්, පරිපූර්ණ ප‍්‍රඥාවක් ගැන කතා කළත් එ් දේවල් තියෙන්නේ බුද්ධ දේශනාවේ පමණ යි. එ්කයි අපි පළමුවෙනි වැඩසටහනේ දී කිව්වේ අපි එ් දේවල් සම්බන්ධයෙන් හිතේ පැහැදීම ඇතිකර ගන්න ඕන කියලා.

සාමාන්‍යයෙන් ඉස්සර වෙලා ම ධර්ම ශ‍්‍රවණය කරන්නේ සීල, සමාධි, ප‍්‍රඥා, විමුක්ති මොකවත් නැති කෙනෙක්නේ. එ් කියන්නේ සාමාන්‍ය ජීවිත ගෙවන, කම්සුව අනුභව කරන, සාමාන්‍ය ලෝකයේ තියෙන දේවල් එක්ක මිශ‍්‍රවෙලා ඉන්න සාමාන්‍ය පෘථග්ජන කෙනෙක්නේ. පෘථග්ජන කෙනෙක් කියලා කියන්නේ ධර්ම මාර්ගයට ආපු නැති, ආර්යශ‍්‍රාවක භාවයට පත්නොවූ කෙනෙක් තමයි මේක ශ‍්‍රවණය කරන්නේ. එ් දේවල් ශ‍්‍රවණය කළාට පස්සේ එයාට යම් පැහැදීමක් ඇති වෙනවා. එ් විදිහට පැහැදීමක් ඇති වුණාට පස්සේ එයා මේක ප‍්‍රගුණ කරන්න පෙළඹෙනවා. එ් ප‍්‍රගුණ කරන්න පෙළඹීම මත තමයි එයා ආර්යශ‍්‍රාවක බවට පත්වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයට ඉස්සර වෙලා ම මේ ධර්මය දේශනා කරන කොට ලෝකයේ ආර්ය සීලය ආරක්ෂා කරපු කවුරුවත් හිටියේ නෑ. ආර්ය සමාධිය සාක්ෂාත් කරපු කවුරුවත් හිටියෙත් නෑ. ආර්ය ප‍්‍රඥාව සාක්ෂාත් කරපු අය හිටියෙත් නෑ. එ් වගේ ම ආර්ය විමුක්තිය සාක්ෂාත් කරපු අය හිටියෙත් නෑ. එහෙම නම් එ් ඔක්කෝම ඇති වුණේ ධර්මය ශ‍්‍රවණය කළාට පස්සෙයි.

සීලය කුමක් පිණිස ද…?

දවසක් කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, ‘‘භාග්‍යවතුන් වහන්ස, සීලය කුමක් අනුසස් කොට පවතී ද?” එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘‘සීලය පවතින්නේ විපිළිසර බව නැතිවීම පිණිස.” ‘විප්පටිසාර’ කියලා කියන්නේ විපිළිසර බව. ‘අවිප්පටිසාර’ කියලා කියන්නේ විපිළිසර බව නැතිකම. සාමාන්‍යයෙන් ධර්මය අවබෝධ නො කළ ඕනෑම කෙනෙකුට විපිළිසර බව කියන එක ඇති වෙන්න පුළුවන්. අපි ගත්තොත් කෙනෙක් පංචසීලය ආරක්ෂා කරගෙන ඉන්නවා කියමු. නමුත් එයා පංචසීලය ආරක්ෂා කරගෙන හිටියට එයාට එ් පිළිබඳ ව එච්චර තේරුමක් නෑ කියමු. එයා එ්කට සංවේදී නෑ කියමු. ඔන්න බැරිවෙලාවත් මෙයා මත්ද්‍රව්‍ය මොනවා හරි බිව්වා කියමු. එදාට මෙයාට ලොකු වේදනාවක් එනවා ‘අනේ මගේ අතින් සිල්පදයක්් කැඩුණා නේ ද?’ කියලා. එතකොට අපට පේනවා, එයා කලින් සතුටක් විඳලා තියෙනවා, නමුත් එයාට එ්ක තේරිලා නෑ. නමුත් එ් සිල්පදය කැඩුණු ගමන් එයා දුකට පත්වුණා. දුකට පත්වුණේ මොකද, කලින් එයාට සතුටක් තිබුණා. දැන් එ්ක නැතුව ගියා. එතකොට අපට මේකෙන් තේරෙනවා, සීලයෙන් හැම තිස්සේ ම විපිළිසර බව නැතිකරනවා. එ් විපිළිසර බව නැතිවීම සමාධියට අනුබලයක්. එ් අනුබලය සමාධිය වැඩෙන්න හරී උපකාරී වෙනවා. නැත්නම් අර විපිළිසර බව ආපු ගමන් හිත පසුබහිනවා. පසුබැහැපු ගමන් නීවරණ ආයෙමත් ඉස්මතු වෙනවා. නීවරණ ඉස්මතු වූ ගමන් එයාට සමාධිය කෙරෙහි තිබුණු කැමැත්ත, වුවමනාව නැතුව යනවා. වීරිය නැතුව යනවා. ඊට පස්සේ එයා එ්ක අත්හරිනවා. ඊට පස්සේ තමන් ම දන්නේ නෑ, සීල, සමාධි, ප‍්‍රඥාවලටත් ගරහන්න පටන් ගන්නවා. ‘‘ඕවා වැඩක් නෑ.. මොනවට ද ඕවා කරලා..?” කියලා කියනවා. අන්තිමට වෙන කෙනෙකුට හිත පහදවා ගන්න තියෙන අවස්ථාවත් නැතිකරලා දානවා. එහෙම තමයි සාමාන්‍යයෙන් මේ පුහුදුන් ලෝකයට වෙන්නේ. එහෙම නො වෙන්න නම් අපි ඉස්සර වෙලා ම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි හොඳ පැහැදීමක් ඇතිකර ගන්න ඕන. එ් පැහැදීම මත තමයි අපි ඉස්සරහට යන්නේ. බුද්ධ ශාසනය වුණත් එහෙමනේ. ශාසනයේ තියෙනවා (අප්පසන්නානං වා පසාදාය) නො පහන් වූවන්ගේ පැහැදීම ඇති වෙනවා නම්, පැහැදුනුවන්ගේ පැහැදීම වඩා වැඩිවෙනවා නම් දියුණුව කරා යනවා කියලා. එ්ක කෘති‍්‍රම විදිහට කරන්න බෑ. එ්ක කරන්න තියෙන්නේ ධර්මයෙන් ම යි.

අපට මේ කය පිළිබඳ ව සිහිය පිහිටුවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එ්ක නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෑනේ. එ් වගේ ම අපට සිත ගැනත් හොඳ අවධානයෙන් ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟට සැප, දුක්, උපේක්ෂා විඳීම් කියන මේවා අත්දකින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එ් වගේ ම පංච උපාදානස්කන්ධ, ආයතන නුවණින් විමසා බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් අපට මේ හැකියාව තියෙන බව බොහෝ විට අපි දන්නේ නෑ.

පටිච්ච සමුප්පාදය, නාමරූප, පංච උපාදානස්කන්ධ කියන්නේ වෙන විෂයක්. එ්ක අයිති වෙන්නේ විදර්ශනාවට. එ් නිසා විදර්ශනාවට අයිතිවෙන විෂය මේකට එකපාරට කලවම් කරගන්න හොඳ නෑ. අපි මෙහෙම උදාහරණයක් ගනිමු. ඔන්න කෙනෙක් බුද්ධානුස්සතිය හරි, මෛත‍්‍රිය හරි, ආනාපානසතිය හරි, නැත්නම් ධාතු මනසිකාරය හරි, එහෙමත් නැත්නම් වෙනත් මොකක් හරි මානසික අභ්‍යාසයක යෙදෙනවා කියමු. මෙයා එ් විදිහට මේ අභ්‍යාසයේ යෙදෙන්න යෙදෙන්න මෙයාගේ හිත පංච නීවරණයන්ගෙන් බැහැරවුණා කියමු. ඔන්න එතකොට හිතට චිත්ත එ්කාග‍්‍රතාවය ඇතිවෙනවා. එ් විදිහට පංච නීවරණ යටපත් වෙලා චිත්ත එ්කාග‍්‍රතාවය ඇතිවෙන කොට සමාධියක තියෙන ලක්ෂණ හිතට දැනෙන්න ගන්නවා. එ් කියන්නේ කය සැහැල්ලූ වෙනවා. සිත සැහැල්ලූ වෙනවා. ප‍්‍රීතිය හටගන්නවා. අමුතු සතුටක් එනවා. එතකොට මෙයා විදර්ශනා වඩන්න හදිස්සි වුණොත් වෙන්නේ එ්ක දියුණු කරගන්න තියෙන අවස්ථාව නැතිවෙලා යන එකයි. සමහර විට එයා ‘මට මේ සතුටක් ඇතිවෙලා.. මං මේකට ඇලෙන්න හොඳ නෑ..’ කියලා කල්පනා කරලා වඩන්න පටන් ගත්තු ගමන් ම ‘මේක අනිත්‍යයි..’ කියලා විදර්ශනාවට හරවගන්න හදනවා. ඊට පස්සේ වෙන්නේ සමාධියක් වැඩෙන්න තියෙන අවස්ථාව නැතුව යනවා. එ් විදිහට සමාධියක් වැඩෙන්න තියෙන අවස්ථාව නැතුව ගියොත් ඊට පස්සේ හරි විදිහට විදර්ශනාව වැඩෙන්නෙත් නෑ.

 

ඔබත් සැබෑ භාග්‍යවන්තයෙකු වන්න

$
0
0

මා ඔබෙන් ඇසුවොත්, ‘‘මිතුර, ඔබ භාග්‍යවන්තයි ද?” කියා, ඔබ මට ලබාදෙන පිළිතුර කුමක් වේවි ද? ඔබේ අභ්‍යන්තරය හොඳට ම දන්නෙ ඔබ නිසා සමහරවිට ඔබ කියාවි ‘‘අනේ මොන භාග්‍යවන්තකමක් ද? මමනෙ දන්නෙ මට තියෙන ප‍්‍රශ්න..” කියලා. සමහරවිට ඔබ දුප්පත් නම් ඔබ අසාවි ‘‘දුප්පත් වෙලා ඉපදුණා ම කොහොමද භාග්‍යවන්තයෙක් වෙන්නෙ?” කියල. සමහර විට ඔබ ධනවතෙකු නම්, එය ම භාග්‍යයක් කොට සිතන කෙනෙක් නම් ඔබ කියාවි ‘‘ඔව්, මම භාග්‍යවන්තයි.” කියලා.

බලන්න. මේ විදියට ඉහත මා ඇසූ ප‍්‍රශ්නය එක් එක් අයගෙන් ඇසුවොත් එකිනෙකට වෙනස් පිළිතුරු කීයක් නම් මට ලැබේවි ද? එයට හේතුව, අප නිතර ම හුරු වෙලා සිටින්නේ අපේ ලෞකික සැපය දෙස බලා තමන්ගෙ භාග්‍යවන්තකම මැනගැනීමට වීමයි. නමුත් තමුන් සැබෑ ලෙස ම භාග්‍යවන්තයෙක් ද කියා විමසන නිවැරදි ක‍්‍රමය එය නො වෙයි. යම් කෙනෙකු සැබෑ ලෙස ම භාග්‍යවන්ත බවට පත්වීම සඳහා නම් ඔහු හෝ ඇය විසින් සපිරිය යුතු ඉතා ම දුර්ලභ වූ කරුණු තුනක් පවතිනවා.

ගැටලූව මෙයයි. මෙහි ලා සඳහන් කරුණු තුන සංසාරික සත්වයන් හට මුණගැසෙන්නේ අතිශය කලාතුරකින්. ඉතාමත් දුර්ලභවයි. ඔබ එ් දුර්ලභ කරුණු සාක්ෂාත් කර ඇත්තේ ද? එය ඔබ විසින් විමසිය යුතු ම කරුණක්. එම නිසා අපි එ් කරුණු තුන තමන් තුළින් ම විමසා බලමු.

අප සරණ ගියා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ පටන් පරිනිර්වාණය දක්වා ම වදාරණ යමක් ඇත් ද එය වදාරණු ලබන්නේ අවබෝධයෙන් ම බව අප දන්නවා. එය පරම සත්‍යයි. ලෝකාවබෝධ සූත‍්‍රයේ එය පැහැදිලිව ම සඳහන් වෙනවා. ඉතින්, එ් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, යමෙක් මනුෂ්‍ය උපතක් කරා එන්නෙ ඉතාමත් ම කලාතුරකින් කියල. මනුෂ්‍ය ජීවිතය ඉතා ම දුර්ලභයි කියල. එ්ක අපට තේරුම් කරවන්න උන් වහන්සේ මහානීය උපමා පවා ගෙනහැර දක්වලා තියෙනවා. එ් සියලූ දේ උන් වහන්සේ දේශනා කොට වදාළේ මේ තුන් ලෝකය ගැන ම ප‍්‍රකට කළ මහා අවබෝධයකිනුයි. කෙනෙක් මේ මනුෂ්‍ය ලෝකෙ උප්පත්තියක් කරා එනව නම් එ් උදෙසා එ් කෙනාට මහත් වූ පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕන.

දැන් ඔබ ආන්න එ් මනුෂ්‍ය ලෝකයේ ඉපදී ඉන්න කෙනෙක්. දුර්ලභ වූ මිනිසත් බව හිමිකර ගත් කෙනෙක්.

ඉතින් පින්වත, ඔබ සතුටු වෙන්න. මනුෂ්‍ය උපතක් ලබන්න තරම් ඔබ පුණ්‍යවන්ත වෙලා!…

ඊළඟට, ගිහි අපි හැමෝගෙම ජීවිතවල ගැටලූ ඇතිවෙන, නැතිවෙන ස්වභාවය තියෙනවා. මේ ගැටලූවලට අපි විසින් පිළිතුරු හොයල ගැටලූව විසඳාගන්නා ආකාර දෙකක් තියෙනවා. සමහරු ගැටලූ විසඳාගන්න උත්සාහ දරනකොට එ් උදෙසා දැනුවත්ව හෝ නො දැනුවත්ව අකුසල් රාශියක් රැුස් කරගන්නවා. ඉතින්, අවසානෙ තාවකාලිකව ගැටලූව විසඳුනා වෙන්න පුළුවන්. එ්ත් වෙලා තියෙන්නෙ අලූතින් සාංසාරික වශයෙන් ගැටලූ හදාගත්තු එකයි. ඉතින් මරණින් මත්තෙ සතර අපායට වැටෙනවා. එ් තමයි සමහර උදවිය ගැටලූ විසඳාගන්න ආකාරය. එ්ත් එ්ක බුද්ධිමතුන් විසින් ප‍්‍රසංශා කරන ක‍්‍රමය නම් නො වෙයි.

අනෙක් ක‍්‍රමය මෙයයි. එය බුද්ධිමතුන් විසින් ප‍්‍රසංශා කරන ක‍්‍රමයයි. අපට ගැටලූ විසඳාගන්න පුළුවන් අකුසල් රැුස් නො වෙන විදියට. කුසල් රැුස් වෙන විදියට. එ් විදියට ගැටලූ විසඳාගන්න කෙනා මෙලොව වශයෙනුත්, පරලොව වශයෙනුත් සැපයක් ම යි ලබන්නෙ.

උදාහරණයක් විදියට අපි මෙහෙම හිතමු. ගෙදරකට මීයන් බෝ වුණා ම එ් ගෙදර අයට ටිකක් කරදරයි. ඉතින් කෙනෙක් මෙහෙම කරන්න පුළුවන්. විෂ මිශ‍්‍ර කරපු ආහාර, මී කතුරු වගේ දේවල් තියල මීයන් ව නැති කරන්න උත්සාහ ගන්න පුළුවන්. එතකොටත් මීයන් නැතිවෙලා යාවි. එ්ත් එයා තමන්ට මහා අනර්ථයක් පිණිස පවතින දෙයක් කරගෙන අවසන්. නිරයගාමී ප‍්‍රාණඝාත අකුසලය කරගෙන ඉවරයි. නමුත් කෙනෙකුට පුළුවනි නම් මෙත් සිත පතුරුවන්න, මෛත‍්‍රී සිතින් ඛන්ධ පිරිත සජ්ඣායනා කරන්න, එයා ඉතාමත් සාර්ථකව එ් ගැටලූව විසඳාගත්තා වෙනවා. උවදුරත් පහව යනවා. පුණ්‍ය ගංගාවකුත් උපදවා ගන්නවා.

මෙන්න මේ විදියට දෙවනුව පැවසූ යහපත් ආකාරයට අපට ගැටලූ විසඳාගන්න කියා දෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේනමක් ම යි. උන් වහන්සේ වදාළ මිහිරි ශ‍්‍රී සද්ධර්මය ම යි. එ් ශ‍්‍රී සද්ධර්මය ශ‍්‍රවණය කිරීමෙන් ම යි අපට පව් පින් වෙන්කරල හඳුනාගන්න පුළුවන් වෙන්නෙ. සාංසාරික ගැටලූවට පිළියම හොයාගන්න පුළුවන් වෙන්නෙ. අනේ, අපි හැමෝගෙ ම මොකක්දෝ ලොකු වාසනාවකට මේ අපි ඉපදිලා ඉන්න යුගයෙ දි නැවතත් එ් ශ‍්‍රී සද්ධර්මය පිරිසිදුව ම අර්ථ සහිතව අහන්න අපට අවකාශ ලැබිල තියෙනවා. පුරුදු කරන්න අවකාශ ලැබිල තියෙනවා.

ඉතින් පින්වත, ඔබ සතුටු වෙන්න. එ් ශ‍්‍රී සද්ධර්මය ශ‍්‍රවණය කිරීමට ලැබීමට තරම් ඔබ පුණ්‍යවන්ත වෙලා!…

අවසාන වශයෙන් මම මෙසේ පවසන්නම්. ඔබට දැන් එ් බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් හඳුනාගැනීමට අවස්ථාව ලැබිල තියෙන්නේ. එ් ශ‍්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝරත්නයත් ගුණ වශයෙන් හඳුනාගැනීමට අවස්ථාව ලැබිලයි තියෙන්නේ. කල්‍යාණ මිත‍්‍රයන් ආශ‍්‍රය කරන්නත් අවස්ථාව ලැබිලයි තියෙන්නෙ. ඔබ, එ් උතුම් තිසරණය කෙරේ අවබෝධයෙන් ම හිත පහදවා ගන්න උත්සාහ ගන්න.

පමාවන්න එපා. වහ වහා ම උත්සාහ ගන්න. නිතිපතා, හැකි උපරිම අයුරින් කල්‍යාණ මිත‍්‍රයන් ආශ‍්‍රය කරන්න. ඔවුන්ගේ ගුණ මෙනෙහි කරන්න. ධර්මය ශ‍්‍රවණය කරන්න. යෝනිසෝ මනසිකාරය ඇතිකර ගන්න. එ් උතුම් තිසරණය කෙරේ අවබෝධයෙන් ම හිත පහදවා ගන්න. මතක තබාගන්න. අවබෝධයෙන් ම තිසරණය කෙරේ සිත පහදවා ගත් තැනැත්තා ගෞතම බුදු සසුන තුළ සැබෑ උපාසකයෙකු බවට පත් වෙනවා. සැබෑ උපාසකයෙකු තුළ තිබිය යුතු අනිවාර්ය අංග පහක් අප භාග්‍යවතුන් වහන්සේ උපාසක චණ්ඩාල සූත‍්‍රයේ දේශනා කළා. එම දේශනාවට අනුව ඔහු ශ‍්‍රද්ධා සම්පන්න කෙනෙකු විය යුතුයි. සිල්වත් කෙනෙකු විය යුතුයි. සුභ අසුභ නිමිති බැලීම බැහැර කළ කෙනෙකු විය යුතුයි. කර්ම කර්මඵල විශ්වාස කරන්නෙකු මිස සුභ නිමිති අදහන්නෙකු නො විය යුතුයි. මේ සම්බුද්ධ සාසනයෙන් බාහිර වූ කෙනෙකු දන් පැන් දීම පිණිස නො සොයන කෙනෙකු විය යුතුයි. ඔහුව අප භාග්‍යවතුන් වහන්සේ විසින් හඳුන්වනු ලැබුවේ ‘‘උපාසක මැණික, උපාසක නෙළුම, උපාසක සුදු නෙළුම” ආදි වශයෙනුයි. බලන්න, බුදු සසුනක පින්වත් උපාසකයකු වන්නට ලැබීම කොයිතරම් නම් භාග්‍යයක් ද කියා….

පින්වත ඔබ, මනුෂ්‍ය උපතක් ලබන්න තරම් පුණ්‍යවන්ත වුණා!… එ් ශ‍්‍රී සද්ධර්මය ශ‍්‍රවණය කරන්න තරම් පුණ්‍යවන්ත වුණා!… එ් අතර අත්නොහරින වීර්යය තුළින් එ් උතුම් තිසරණය කෙරේ අවබෝධයෙන් ම හිත පහදවා ගන්න ඔබට හැකියාව ලැබුණහොත්…, අහෝ! එය කිනම් වාසනාවක් ද?

අප භාග්‍යවතුන් වහන්සේ අතිශයින් දුර්ලභ යැයි වදාළ උතුම් වූ ක්ෂණ සම්පත්තිය ලබන්නට තරම් ඔබ පුණ්‍යවන්ත වනවා.

ඔබ සැබෑ භාග්‍යවන්තයෙකු බවට පත් වෙනවා !!!

එ් උදෙසා ඔබට සියලූ වීරිය සැලසෙත්වා!. දෙවියන්ගේ ධාර්මික රැුකවරණය, ආරක්ෂාව සැලසෙත්වා!.. මේ උතුම් ගෞතම සම්බුදු සසුන තුළ ම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා ම අවබෝධ වෙත්වා!…

තෙරුවන් සරණයි!

සටහන
දිනේෂ් මුතුගල

හීන වීරිය හරි භයානකයි

$
0
0

පින්වතුනේ, පින්වත් දරුවනේ,

අද බහුතරයක සිද්ධ වෙන දෙයක් තමයි, මේ සිල් ගන්නවා මේ මතක නෑ. මතක නැත්නම්, එ් කුසලය සිහිපත් කරවන්නේ නැත්නම්, ‘මෙය කුසලයයි’ කියලා කුසලය සිහිවෙන්නේ නැත්නම් කුසලය පිහිටන්නේ නෑනේ. එහෙම නම් එ් කුසලය සිහිවෙලා ඉස්මතු කරලා පිහිටන්න සිහිය වගේ ම උත්සාහය ඕන. එ් වීරිය නැතිකමෙන් තමයි ගොඩක් දෙනෙක් ධර්මයෙන් විසිවෙන්නේ.

ගොඩාක් මනුෂ්‍යයන් ධර්මයේ හැසිරෙන්න ආසයි. ගොඩක් අය ධර්මය සිහිකරන්න, සිල්පද රකින්න, සතිපට්ඨානය වඩන්න ආසයි. නමුත් වෙලා තියෙන ප‍්‍රශ්නය තමයි ටික දවසක් කරනවා, ඔන්න මොකක් හරි වෙලා වැටෙනවා. ඔන්න හිතාගෙන ඉන්නවා ‘මම නම් ආයෙමත් සම්ප‍්‍රප්ඵලාපවලට යන්නේ නෑ’ කියලා. එ්ත් දන්නෙ ම නෑ පැටලිලා. ‘මම නම් සිහියෙන් ඉන්නවා’ කියලා හිතනවා, දන්නෙ ම නෑ වෙන ලෝකයක.

බුදුරජාණන් වහන්සේ මේ ගැන උපමාවක් දේශනා කළානේ. දෙපැත්තේ හොඳට නිල්ල තියෙනවා. ගොයම් වැවිලා. කෙනෙක් එ් මැද්දෙන් හරකෙක් ව දක්කගෙන යනවා. එතකොට එ් හරකා ‘දැන් මාව කුඹුර මැද්දෙන් දක්කගෙන යනවා. මම නම් දෙපැත්ත බලන්න නරකයි’ කියලා බොහොම ශාන්ත ව යනවා ද? නෑ. හරකාගේ හිත යන්නේ ම ගොයමට ම යි.

අර පිටිපස්සෙන් යන එක්කෙනා දැනගන්න ඕන, එ් එ් අවස්ථාවේ දී හරකාට වේවැලෙන් තලලා පාරට දාන්න. එතකොට හරකා එ් ගමන යනකල් ම යන්නේ කැමැත්තෙන් නෙවෙයි. නමුත් ගමන යනවා. හරකාට සතුටක් නෑ. එ්ත් ගමන යනවා. එ් වගේ තමයි මේ හිතත්. බුදුරජාණන් වහන්සේ එවැනි උපමාවක් දේශනා කළේ, ධර්මයට එන අය කොච්චර නම් එහෙම හැරිලා යන්න ඇද්ද?

බුද්ධ කාලයෙත් හීනවීරිය ඇති අයට එහෙම වුණානේ. මතකනේ අර චූලකාල, මහාකාල සිද්ධිය? මහාකාල ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේනමක් වුණා. චූලකාල ස්වාමීන් වහන්සේ ඔහේ හිටියා. අන්තිමට ගෙදරට අහුවුණානේ. ගෙදර අය සරම් ලෑස්ති කරගෙන හිටියා. දානෙට අඬගැහුවා. ඔන්න දානෙට ගියා. දානෙ වැළඳුවා. බණ කියන්න ලෑස්ති වුණා. නෝනලා ටික බණත් අහගෙන හිටියා. නැඟිට්ටා පිටත් වෙන්න. ‘‘ආ… එ්වා බෑ, මෙන්න සරම” කිව්වා. ඉතින් ‘‘මෙන්න සරම…” කිව්වයින් පස්සේ හිතේ කිසිම හයියක් නෑ. මොකක්වත් හයියක් හිතේ තිබිලා නෑ. සරම ගත්තනේ. අරගෙන සරම ඇඳගත්තා. සිවුරු අයින් කළා.

ඉතින් මල්ලිගේ නෝනලනේ මේක කළේ. ඊට පස්සේ අයියගේ නෝනලත් ”හරි, අපේ එක්කෙනාටත් මේකයි කරන්න තියෙන්නේ. යමං ආරධනා කරන්න” කියලා සැවැත් නුවරට ගිහිල්ලා ආරාධනා කළා. දැන් මහාකාල ස්වාමීන් වහන්සේ තනිව ම පිටත් වෙනවා. භික්‍ෂූන් වහන්සේලා මේ කාරණේ දන්නේ නැතුව හරී සංවේගයට පත්වුණා. ‘‘අනේ මල්ලිත් ගියා. දැන් අයියත් මේ ගැටේට අහුවෙනවා” කියලා දුක්වුණා.

ඉතින් දැන් මහාකාල ස්වාමීන් වහන්සේටත් දානෙ දුන්නා. බණත් කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේ පිටත් වෙන්න හිටගත්තා. එ් නෝනලත් කලින් වගේ සරම අරගෙන ඇවිල්ලා ”ආ… එ්වා බෑ. මේ සරම ගන්න” කිව්වා. ස්වාමීන් වහන්සේ ඇස් වහගෙන ටිකක් වෙලා හිටියා, ඍද්ධි බලයෙන් වහලේ උඩින් තමයි උන් වහන්සේ වැඩියේ.

ඉතින් එ් විදිහට බේරෙන්නේ බොහෝ ම ස්වල්ප දෙනයි. (අප්පකාතේ මනුස්සේසූ යේ ජනා පාරගාමිනෝ අථායං ඉතරාපජා තීරමේවානුධාවතී) මේ මිනිසුන් අතරින් යමෙක් එතෙර වෙයි නම් ඔවුහු ඉතාමත් ස්වල්පයයි. මේ අවශේෂ ප‍්‍රජාව මෙතෙරට ම දුවගෙන යනවා. එතෙර වෙන්න බෑ. ඉතින් බලන්න එ්ක කොච්චර සත්‍යයක් ද?

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!

හැමදෙනාටම තෙරුවන් සරණයි!
නමෝ බුද්ධාය!

අතීතයේ සිට පැවත එන ආරක්ෂක භාවනා හතරක්

$
0
0

විශේෂයෙන් ම, වර්තමානය වෙද්දී අපි ගොඩාක් සීල, සමාධි, ප‍්‍රඥා ගැන කතා කරන්නේ ගෘහස්ත ජනතාවටනේ. නමුත් බුද්ධ කාලයේ සීල, සමාධි, ප‍්‍රඥා බහුලව කතා කරලා තියෙන්නේ පැවිදි පිරිසට. එ්කනේ බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවක ම වගේ ‘‘භික්ඛවේ..” කියලා අමතලා තියෙන්නේ. එ් කියන්නේ එකල උන් වහන්සේ ඉදිරිපෙළ ම වාඩිවෙලා ඉඳලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලා. නමුත් කාලයාගේ ඇවෑමෙන් අපි බණ කියන පිරිසක් බවට පත්වුණා. ගිහි පිරිස බණ අහන පිරිසක් බවට පත්වුණා. ඉතින් මේ කාරණා නිසා අද ගොඩාක් සංකීර්ණ වෙලා. නමුත් අපි කුඩා කාලයේ පැවිදි වුණා ම මූලික සාධක ඇතුළත් කරලා ‘සාමණේර බණ දහම් පොත’ කියලා පොතක් දෙනවා. එ්කේ තියෙන්නේ හෙරණ (පැවිද්දා) මුලින් ම ආරම්භක පැවිදි ජීවිතයේ භාවනාව දියුණු කරන්න ඕන ආකාරය පිළිබඳවයි.

එ්ක හරි ලස්සනයි. එහි ‘චතුරාරක්ඛා’ කියලා ආරක්ෂා භාවනා හතරක් සඳහන් වෙනවා. එ් තමයි (බුද්ධානුස්සති මෙත්තා ච – අසුභං මරණස්සති, ඉති ඉමා චතුරාරක්ඛා – භික්ඛු භාව්‍යෙය සීලවා) සීලවන්ත භික්ෂුව, බුද්ධානුස්සතිය, මෛත‍්‍රිය, අසුභ, මරණසති කියන කමටහන් හතර ආරක්ෂක භාවනා හතරක් හැටියට වැඩිය යුතුයි කියනවා. ඊළඟට එ්කේ සඳහන් වෙනවා, ‘(අනන්තවිත්ථාරගුණං ගුණතෝනුස්සරං මුනිං, භාවෙය්‍ය බුද්ධිමා භික්ඛු බුද්ධානුස්සති මාදිතෝ) අනන්ත ගුණ සමුදායන්ගෙන් හෙබි භාග්‍යවතුන් වහන්සේ ගැන සිහිකිරීම බුද්ධිමත් භික්ෂුව මුලින් ම කළයුතු භාවනාවයි’ කියලා. එතකොට එ් කාලයේ මුලින් ම කළ යුතු භාවනාව හැටියට විස්තර කරලා තියෙන්නේ බුද්ධානුස්සතිය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ මුලින් ම කළ යුතු භාවනාවක් හැටියට ගොඩක් තැන්වල තියෙන්නෙත් බුද්ධානුස්සතිය තමයි. නමුත් එ් කාලයේ ශාස්තෘන් වහන්සේ ජීවමානව ඉන්න නිසාත්, උන් වහන්සේගේ දේශනාවත් එක්කම ශ‍්‍රද්ධාව ඇතිවන නිසාත්, එ්ක වඩාත් පහසුවෙලා තියෙනවා. එ්ක බුද්ධ දේශනාවල හොඳින් පැහැදිලි වෙනවා.

සමහර තැන්වල සඳහන් වෙනවා, (සද්ධා ජාතෝ උපසංකමති) පැහැදීම ඇතිවෙලා යනවා. (උපසංකමිත්වා පයිරුපාසති) ගිහිල්ලා ඇසුරු කරනවා. (පයිරුපාසන්තෝ සෝතං ඕදහතිි)  ඇසුරු කරද්දී කන් යොමාගෙන ඉන්නවා. ( ඕහිතසෝතෝ ධම්මං සුණාති) අවධානය මනාකොට යොමුකරගෙන ධර්මය අසනවා. එතකොට අපට වර්තමානයේත් වීර්ය ඇතිවෙන්න වුවමනා කරන මූලික පසුබිම සැකසෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ගැන හිත පහදවා ගත්තොත් තමයි. එතකොට තමයි අවශේෂ භාවනාවලට වුණත් එන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නම් බුද්ධානුස්සතිය තමයි මුල්ම කාලයේ ආරම්භක භාවනාවක් හැටියට තිබිලා තියෙන්නේ. එ්කෙ කෙටියෙන් වුණත් හරි ම ලස්සනට ආරක්ෂක භාවනා හතර භාවිත වෙලා තියෙනවා. එතකොට බුද්ධානුස්සතියෙන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දීපු ධර්ම විනය කෙරෙහි විශ්වාසය ඇති කරවන එකයි. මොකද, ශාසනය කියලා කියන්නේ ධර්ම විනයනේ. කෙනෙක් ධර්ම විනය තුළ පිහිටියොත් විතරනේ පිහිට තියෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීමෙන් ධර්ම විනය කෙරෙහි විශ්වාසය ඇතිවෙනවා.

පොඩි ප‍්‍රශ්නයක් ලොකු දුරක් ගියා…
අපි හිතමු කෙනෙක් ධර්ම විනය කෙරෙහි විශ්වාසය ඇතුව, භාග්‍යවතුන් වහන්සේ ගැන චිත්ත ප‍්‍රසාදයෙන් පැවිදි වෙනවා කියලා. එක්කෝ මාර්ගයට එනවා කියමුකෝ. නමුත් සමහර අවස්ථාවන් එන්න පුළුවන් ගැටීම් ඇතිවෙන. කොසඹෑ නුවර භික්ෂූන් අතර ඇතිවුණ කෝලාහලයත් එබඳු දෙයක්නේ. එ් කියන්නේ දවසක් ස්වාමීන් වහන්සේනමක් කැසිකිළියකට වැඩලා එද්දී භාජනයේ වතුර පොඞ්ඩක් ඉතිරි වුණා. ඉතින් තවත් ස්වාමීන් වහන්සේනමක් ගිහිල්ලා ‘කවුද මේක ඉතුරු කළේ.. මේක විනයට ගැළපෙනව ද?’ කියලා චූටි දේ විශාල අර්බුදයක් කරගත්තා. ඇත්ත වශයෙන් ම එ් ස්වාමීන් වහන්සේ එ් වතුර ටික විසි කළා නම් එතැන දී එ් ප‍්‍රශ්නය හටගන්නේ නෑ. ඉතින් ඊට පස්සේ හරියට චූටි දේ ලොකුවට අරගෙන සංඝයා බෙදුණා. එ් කියන්නේ සම්පූර්ණයෙන් ම සංඝභේදය වුණා.

එතකොට අපට පැහැදිලිව පේනවා, මෙත්සිත වඩන්න බැරිවීම පැවිදි ජීවිතයට සිද්ධවෙන විශාල හානියක්. මෛතී‍්‍ර චිත්තය පැවැත්්වීමෙන් පැවිදි ජීවිතයට සිද්ධවෙන එ් හානිය වළක්වනවා. පැවිදි අයට විතරක් නෙවෙයි, ගිහි අයටත් එහෙමයි. ගිහි අයටත් මෛතී‍්‍ර චිත්තය පවත්වන්න බැරි නම් එ් අයගේ ජීවිත විශාල හානියකට පත්වෙනවා. මට බුදුරජාණන් වහන්සේ වදාළ හරි ලස්සන සූත‍්‍රයක් හම්බ වුණා. එ්කේ තියෙනවා ”මහණෙනි, මහා වෘක්ෂ තියෙනවා. එ් කියන්නේ දිඹුල් වෘක්ෂ, නුග වෘක්ෂ, අතු පතර විහිදුන සුවිශාල වෘක්ෂ තියෙනවා. එ් විශාල වෘක්ෂ අනෙක් පුංචි වටිනා ගස්වලට වැඩෙන්න දෙන්නේ නෑ. එ් විශාල වෘක්ෂ අනෙක් ගසුත් කාගෙන, එ්කේ පෝරත් කාගෙන එ් ගසුත් විනාශ කරගෙන හැදිලා පොඩි ගසුත් කඩාගෙන ම වැටෙනවා. මහණෙනි, මේ වගේ තමයි පංච නීවරණ. පංච නීවරණ වර්ධනය වුණාට පස්සේ තමන්ගේ ජීවිතය තුළ ගුණයක් වර්ධනය වෙන්න දෙන්නේ නෑ. තියෙන ගුණත් විනාශ කරගෙන එ් පුද්ගලයාව අපායට ගෙනියනවා. එ් වගේ ම මහණෙනි, සමහර කුලපුත‍්‍රයන්, ශ‍්‍රද්ධාවෙන් පැවිදි වෙනවා. නමුත් පංච නීවරණයන් ප‍්‍රහාණය කරගන්න බැරිවීම නිසා එ් අය විනාශයට යනවා.”

එ් පංච නීවරණයන්ගෙන් වන හානිය වළක්වන්න තමයි මේ මෛතී‍්‍ර භාවනාව තියෙන්නේ. මෛත‍්‍රිය කියන වචනයේ තේරුම මිත‍්‍රත්වය. මිත‍්‍රභාවයක් නැත්නම් හැරෙන්නේ සතුරුභාවයකට. එ් කියන්නේ සතුරෙක්. යම් කෙනෙකුට තමන්ට සතුරෙක් ඉන්නවා කියන අදහස ආවාම එ් සතුරා සුවපත් කරන්න එයාට කල්පනාවක්් එන්නේ නෑනේ. එ් නිසයි සමහර මිනිස්සු කේන්ති ගියාම කියන්නේ ”මම අසවලාව අත්හැරලා අන් හැමෝටම මෛති‍්‍රය වඩනවා” කියලා. එ් කියන්නේ එයා විනාශ වුණාට කමක් නෑ. එ් හානිය තියෙන්නේ තමන්ගේ හිතේ. හරියට මෛත‍්‍රිය වැඩුණේ නැති නිසයි ලෝකයේ තියෙන බහුතරයක් ප‍්‍රශ්න හටගන්නේ. ජාති, කුල, ගෝත‍්‍ර, ආගම් වශයෙන් බෙදෙන හැම ප‍්‍රශ්නයක් ම හටගන්නේ එ් නිසයි. එ් තුළ අපට මනුස්සයා ඉපදීම නිසා විඳින පොදු දුක තේරුම් ගන්න තියෙන අවස්ථාව නැතිවෙලා යනවා. එ් නිසා මෛති‍්‍රය කියන්නේ හරී වටිනා මාතෘකාවක්. බුදුරජාණන් වහන්සේ මෛත‍්‍රිය පිළිබඳව වදාළ විවිධ ක‍්‍රම ගැන කතාකිරීම අපට මෛති‍්‍රය වඩන්න උපකාරි වෙනවා.

නො සිතන පැත්තක්

$
0
0

පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේ අපට හිතන්න ජීවිතයේ තවත් පැත්තක් පෙන්වා දෙනවා. උන් වහන්සේ දේශනා කරනවා ‘‘පින්වත් මහණෙනි, ඔබ පාරේ ගමන් කරන කොට මහා ධනවත් ලස්සන මිනිස්සුන්ව දැක්කොත්, ඔබ මේ විදිහට හිතන්න. ‘අනේ මමත් මෙහෙම සංසාරේ කොච්චර කල් ඉන්න ඇද්ද? අද එ් දේවල් ඔක්කොම අනිත්‍ය වෙලා ගිහින් නෙව’ කියලා. ඊළඟට ඔබ තුවාල හැදිලා මහමග වැටිලා දුක් විඳින හිඟන මිනිස්සුන් ව දුටු විට මේ විදිහට හිතන්න. ‘අනේ මමත් සංසාරේ කොච්චර මේ වගේ දුක් විඳ විඳ ඉන්න ඇද්ද’ කියලා. මේ විදිහට හිතන විටයි ඔබට මේ සංසාරය ගැන වැටහෙන්නේ. මේ සසර ගමනේ ඇති නිස්සාර බව ගැන වැටහෙන්නේ.” බලන්න බුදුරජාණන් වහන්සේ මේ වගේ පුංචි දෙයක් ගැන පවා ගැඹුරින් හිතන්න පෙන්වා දී ඇති ආකාරය කොතරම් ආශ්චර්යවත් ද කියලා.

සාමාන්‍යයෙන් අපි ලස්සන කෙනෙක් දැක්කොත් විතරක් එ් ගැන හිත හිතා ඉන්නවා. ‘අනේ… අපට දැන් මෙහෙම නෑනේ’ කිය කියා ලතවෙනවා. කුෂ්ඨ හැදිලා දුක් විඳින කෙනක් දැක්කොත් හිතනවා ‘අප්පා… සතුරෙකුටවත් මේ වගේ දෙයක් නම් වෙන්න එපා’ කියලා හිතනවා. දැක්කා නේ ද? සාමාන්‍යයෙන් අපි හිතන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න දෙයට විරුද්ධ පැත්ත. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘‘අපි සංසාරේ කොච්චර ඔහොම ඉන්න ඇද්ද? මොනතරම් සැප දුක් විඳ විඳ ගමන් කරන්න ඇද්ද? දැන් එ්වා ඔක්කොම අනිත්‍ය වෙලා ගිහිල්ල නේ ද?” කියලා නුවණින් කල්පනා කරන්න කියලායි. එ් විදිහට කල්පනා කරන කෙනාට තමයි තේරෙන්නේ සංසාරික ජීවිතය පුරාවට ම තමන් කරලා තියෙන්නේ මොනවාද කියලා.

බුදුරජාණන් වහන්සේනමක් මිසක් ලෝකයේ වෙන කවුරු නම් අපට ඔය විදිහට කියලා දෙයි ද? වෙන කවුරුවත් ඔය දේ අපට තෝරලා දුන්නේ නැහැ. අපි ඉගෙන ගත්තු වෙන කිසිම විෂයක මේ දේ සඳහන් වෙන්නේ නෑ. රූපවාහිනිය බලන කොට රූපවාහිනී තිරයෙන් පෙනී හිටලා කවුරුවත් අපට ඔය දේ කියලා දුන්නා ද? අපි ගුවන් විදුලියට සවන් දෙනවා. නමුත් ගුවන් විදුලියෙන් කවුරුවත් අපට මේ දේ කියලා දුන්නා ද? කිසිම පත්තරයකින් අපට මේ විස්මිත වූ හෙළිදරව්ව කළා ද? නැහැ. කවුරුවත් ම මේ දේ කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේනමක් විතරයි එ් දේ හෙළිකොට වදාළේ.

මොකද උන් වහන්සේ මහා කාරුණිකයි. උන් වහන්සේ දන්නවා සත්වයා මේ සංසාර ජීවිතයේ ආපු ගමන. මේ ලෝකයේ වෙන කිසිම කෙනෙක් එ් දේ දන්නේ නැහැ. එ් අය දන්නේ උපදිනවා. ජීවත් වෙනවා. මැරෙනවා. එච්චරයි. එතැනින් එහාට දෙයක් දන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයා මල් පොහොට්ටුව ගැන කතා කරන්නේ නැහැ. පරවෙච්ච මල ගැන කතා කරන්නේ නැහැ. පිපිලා තියෙන මල ගැන විතරක් කතා කරනවා. එ් වගේ සීමාසහිත කාල පරිච්ඡේදයක ජීවිතයක් ගැන විතරක් ඔප දම දමා පෙන්වනවා. සාමාන්‍ය ජීවිතයේ ඇත්ත තත්ත්වය පෙන්වන්නේ තථාගත බුදුරජාණන් වහන්සේනමක් විතරයි.

මේ දහම් කරුණු ඔබ හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධ කර ගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !

මනසට රැකවරණය සිහියයි

$
0
0

පින්වතුනේ, පින්වත් දරුවනේ,

දවසක් එක බ‍්‍රාහ්මණයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, ‘‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, වෙන් වෙන් විෂය අනුභව කරන, වෙන් වෙන් ගෝචර විෂය ඇති, ඇස, කන, නාසය, දිව, කය කියලා ඉන්ද්‍රියන් පහක් තියෙනවා. මේ ඉන්ද්‍රිය පහට තියෙන පිහිට මොකක්ද?”

මේ ඉන්ද්‍රියන් පහට වෙන් වෙන් ගෝචර විෂය කියලා කිව්වේ ඇසින් ශබ්ද අහන්න බෑ. ඇසින් කරන්නේ රූප දැකීම. කනෙන් තමයි ශබ්ද අහන්නේ. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නේ. දිවෙන් රස දැනගන්නේ. ශරීරයෙන් දැනගන්නේ පහස. එතකොට එ් එ් ආයතනයට එ් එ් ගෝචර විෂයන් තියෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළා, ‘‘මේ ඉන්ද්‍රිය පහට තියෙන පිහිට තමයි මනස.” එ් කිව්වේ මනසේ ක‍්‍රියාකාරීත්වයක් තිබුණේ නැත්නම් මේ ඇසෙන් වැඩක් නෑ. එහෙම වුණොත් ඇසකින් කෙරෙන ක‍්‍රියාව කෙරෙන්නේ නෑ. මනසේ ක‍්‍රියාකාරීත්වයක් තිබුණේ නැත්නම් මේ කනෙන් වැඩක් නෑ. එහෙම නම් ඇස, කන, නාසය, දිව, කය කියන මේ පහේ ම ක‍්‍රියාකාරීත්වයට බලපාලා තියෙන ප‍්‍රධාන දේ තමයි මනස.

ඊට පස්සේ එ් කෙනා අහනවා, ‘‘එහෙම නම් මනසට තියෙන පිළිසරණ කුමක්ද?” කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘මනසට තියෙන පිළිසරණ සිහියයි.” එතකොට ඇස, කන, නාසය, දිව, කය කියන ඉන්ද්‍රිය පහට පිළිසරණ මනසයි. එතකොට මනස පිළිසරණ කරගත්තු මේ ඉන්ද්‍රිය පහේ ක‍්‍රියාකාරීත්වයට ප‍්‍රධාන මනසයි.

එ්කයි බුදුරජාණන් වහන්සේ වදාළේ, (මනෝපුබ්බංගමා ධම්මා) මේ සෑම දේකටම (කුසල්වලට, අකුසල්වලට) මූලික වූ පූර්වාංගමය වෙලා තියෙන්නේ මනස කියලා. එහෙම නම් අපේ ජීවිතය තුළ අපි කරන කියන දේවල්, කතාබස් කරන දේවල්, ඊ ළඟට වචනයෙන් කතා කරන දේවල්, කයින් ක‍්‍රියා කරන දේවල් මේ සෑම දේකටම මුල් වෙලා තියෙන්නේ මනස. එතකොට එ් මනස මුල් වෙලා නම් තියෙන්නේ (පදුට්ඨ මනසා) දූෂිත මනසින් වැඩ කරන්න වුණොත් එ් ක‍්‍රියාව දූෂිත වෙලා යනවා. එ් වගේ ම (පසන්න මනසා) පහන් සිතින් වැඩ කරන්න වුණොත් ක‍්‍රියාව යහපත් වෙනවා. මනසට එකතු වෙන දේ අනුව නම් එ්ක සිද්ධ වෙන්නේ, එහෙම නම් මනසේ තමයි මේ ප‍්‍රධානම කාරණාව කෙරෙන්නේ. එහෙම නම් යම්කිසි කෙනෙක් එ් කෙරෙහි සිහිය පිහිටෙව්වොත් එ්ක මනසට පිළිසරණයි. එහෙම නම් මනසට පිළිසරණ වූ දෙයක් තමයි සිහිය.

මේ විදිහට යම්කිසි කෙනෙක් සිහිය පිහිටුවා ගන්න කල්පනා කළොත්, එ් සිහිය පිහිටුවා ගැනීමේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වූ විදිහට තමයි සිහිය පිහිටුවන්න තියෙන්නේ. සීල, සමාධි, ප‍්‍රඥා යන කොටස්වලින් සමාධි කියන කොටසට තමයි සිහිය අයිති. (සම්මා වායාම) මනාකොට වීරිය ගන්න කොට (සම්මා සති) යහපත් ලෙස සිහිය පිහිටනවා. එතකොට තමයි අකුසලයන්ගෙන් බැහැර වෙලා කුසලයේ සිත පිහිටුවා ගන්න පුළුවන් වෙන්නේ.

එතකොට අපි නිකම් ‘‘සිහිය පිහිටන්න! සිහිය පිහිටන්න!” කියලා කිව්වට එ්ක හරියන්නේ නෑ. එහෙම නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට සිහිය පිහිටුවන්න ඕන. උන් වහන්සේ සිහිය පිහිටුවන්න කියලා තියෙන ක‍්‍රමය තුළ සිහිය පිහිටියොත් අකුසල් දුරු වෙනවා.

මේ සිහිය මිච්ඡා සති, සම්මා සති කියලා දෙකක් තියෙනවා. මිච්ඡා සති කියලා කියන්නේ කෙනෙකුට අකුසල පාක්‍ෂික දේවල් සම්බන්ධයෙන් මෙනෙහි කර කර, කල්පනා කර කර, හිත හිත ඉන්නත් පුළුවන්නේ. එතකොට එ් අකුසල පාක්‍ෂික දේ ගැන හිත හිතා ඉන්න කොට ඔහු තුළ වැඩෙන්නේ මිථ්‍යා සිහිය. එතකොට මිථ්‍යා සංකල්පවලට, මිථ්‍යා වාචාවලට, මිථ්‍යා කම්මන්තයට, මේ හැමදේටම මේ මිථ්‍යා සිහිය හේතුවෙනවා. නමුත් එ් මිථ්‍යා සිහිය හිතට පිළිසරණක් නෙවෙයි. සිතට පිළිසරණ වෙන්නේ කුසල පාක්‍ෂික, කුසල් වැඩෙන්න උදව් වෙන සිහිය.

මේ දහම් කරුණු ඔබ හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධ කර ගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය!

බුද්ධානුස්සති භාවනාව පුරුදු කරමු

$
0
0

සියල් ලෝකයන්හි සියල් සත්වයන් අතර සීලයෙන්, සමාධියෙන්, ප‍්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්තිඤාණ දර්ශනයෙන් අග‍්‍ර වන්නේ අප සරණ ගිය, දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේයි. තුන් ලෝකාග‍්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගත් අයට මෙලොව යහපතත්, පරලොව සුගතියත්, සියල් සැප අතර අග‍්‍ර වූ අමා මහ නිවන් සැපයත් ලබා ගන්නට පුළුවනි. බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ සිහිකොට වඩන භාවනාව බුද්ධානුස්සති භාවනාවයි.

බුදුරජාණන් වහන්සේ එ් ගැන මෙසේ වදාළා.

‘‘පින්වත් මහණෙනි, එක ම එක දෙයක් භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත් එ්කාන්තයෙන් ම අවබෝධයෙන් කලකිරීම පිණිස ම, නොඇලීම පිණිස ම, කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස ම, කෙලෙස් සන්සිඳීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම, අමා මහ නිවන පිණිස ම හේතු වෙනවා. එ් එක ම එක දේ බුද්ධානුස්සතියයි.”

විශාඛා උපෝසථ සූත‍්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ බුද්ධානුස්සති භාවනාව ගැන තව දුරටත් මෙසේ පෙන්වා දුන්නා.

‘‘පින්වත් විශාඛා, ආර්යශ‍්‍රාවකයා තථාගතයන් වහන්සේගේ සම්බුදු ගුණ සිහි කරනවා. තථාගතයන් වහන්සේගේ සම්බුදු ගුණ සිහි කරන ඔහුගේ සිත පහදිනවා. ප‍්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේස ඇත්නම් එ්වා ප‍්‍රහාණය වනවා.”

තවත් වරක දී මහානාම ශාක්‍ය රජු හට බුද්ධානුස්සතිය වැඞීමේ ආනිසංස මෙසේ පැහැදිලි කර දී තිබෙනවා.

‘‘මහානාමයෙනි, ආර්යශ‍්‍රාවකයා යම් කලෙක තථාගතයන් වහන්සේගේ ගුණ සිහි කරයි නම් එවිට ඔහු තුළ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යට වුණ සිතක් නැහැ. ඔහුගේ සිත තථාගතයන් වහන්සේගේ ගුණ අරබයා ඍජු බවට පත් වෙනවා. අරුත් මෙනෙහි කිරීමෙන් සතුට ලබනවා. ධර්මය තුළින් සතුට ලබනවා. ධර්මයෙන් හට ගත් ප‍්‍රමුදිත බව ලබනවා. ප‍්‍රමුදිත වූ කෙනාට ප‍්‍රීතිය උපදිනවා. ප‍්‍රීති සිත් ඇති කෙනාගේ කය සන්සිඳෙනවා. සන්සිඳුන කය ඇති කෙනා සැපයක් විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. මහානාමයෙනි, මේ ආර්යශ‍්‍රාවකයා රාග, ද්වේෂ, මෝහ ආදියෙන් විසම බවට ගිය ප‍්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි කියා ද දුක් සහිත ප‍්‍රජාව අතර නිදුක්ව වාසය කරයි කියා ද දහම් සැඩ පහරට පැමිණියේ බුද්ධානුස්සතිය වඩයි කියා ද කියනු ලැබේ.”

එම නිසා අපි කවුරුත් එ් උතුම් බුද්ධානුස්සති භාවනාව මෙසේ පුරුදු කර ගනිමු.

බුද්ධානුස්සති භාවනාව
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ, සියලූ කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. රහසින්වත් පව් නො කළ සේක. සියලූ පාපයන්ගෙන් මිදුන සේක. සියලූ ලෝ වැසියන්ගේ ආමිස පූජා, ප‍්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක. බුදුරජාණන් වහන්සේ, අනන්ත වූ සීලයෙන් යුතු වන සේක. අනන්ත වූ සමාධියෙන් යුතුවන සේක. අනන්ත වූ ප‍්‍රඥාවෙන් යුතු වන සේක. අනන්ත වූ විමුක්තියෙන් යුතු වන සේක. අනන්ත වූ විමුක්ති ඤාණ දර්ශනයෙන් වැඩ සිටියා වූ බුදුරජාණන් වහන්සේ, ඇසින් රූප දැක එ් රූප කෙරෙහි නො ඇලුන සේක. නො ගැටුන සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. නාසයෙන් ගඳ සුවඳ දැන එ් ගඳ සුවඳ කෙරෙහි නො ඇලූන සේක. නො ගැටුන සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. දිවෙන් රස විඳ එ් රසය කෙරෙහි නො ඇලූන සේක. නො ගැටුන සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. කයින් පහස ලබා එ් පහස කෙරෙහි නො ඇලූන සේක. නො ගැටුන සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. මනසින් අරමුණු සිතා එ් අරමුණු කෙරෙහි නො ඇලුන සේක. නො ගැටුන සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. මෙසේ බුදුරජාණන් වහන්සේ අරහං වන සේක.. අරහං වන සේක.. අරහං වන සේක..

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු වූ දුක නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිව ම අවබෝධ කොට නිමවා වදාළ සේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ප‍්‍රහාණය කළ යුතු වූ දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිව ම ප‍්‍රහාණය කොට නිමවා වදාළ සේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සාක්ෂාත් කළ යුතු වූ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිව ම සාක්ෂත් කොට නිමවා වදාළ සේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ප‍්‍රගුණ කළ යුතු වූ දුක නැතිවීමේ මග නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිව ම ප‍්‍රගුණ කොට නිමවා වදාළ සේක. මෙසේ චතුරාර්ය සත්‍යය ධර්මයන් පරිවර්ත තුනකින් යුතුව, ආකාර දොළොසකින් යුතුව, ගුරු උපදේශ නැතිව ම අවබෝධ කොට වදාළ නිසා සම්මා සම්බුද්ධ වන සේක.. සම්මා සම්බුද්ධ වන සේක.. සම්මා සම්බුද්ධ වන සේක..

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අහසින් ගමන් කිරීම, ජලයේ සක්මන් කිරීම, පොළොවේ කිමිදී වෙන තැනකින් මතු වීම, ඕනෑම තැනකට නො පෙනී ගමන් කිරීම ආදි ඍද්ධි ප‍්‍රාතිහාර්ය ඤාණය ලබා ගත් සේක. තමන්ගේ මනෝමය ශරීරයෙන් ඕනෑම තැනක පෙනී සිටීමේ හැකියාව වූ මනෝමය ඍද්ධි ඤාණය ලබා ගත් සේක. ඕනෑම දෙයක් ඇසීමේ හැකියාව වූ දිව්‍ය ශ‍්‍රවණය ලබාගත් සේක. ඕනෑම දෙයක් දැකීමේ හැකියාව වූ දිවැස් නුවණ ද ලබාගත් සේක. සියලූ සත්වයන්ගේ සිත් සතන් දැකීමේ හැකියාව වූ පරචිත්ත විජානන ඤාණය ලබාගත් සේක. සියලූ අතීත ජීවිත දැකීමේ හැකියාව වූ පුබ්බේනිවාසානුස්සති ඤාණය ලබාගත් සේක. සියලූ ලෝක සත්වයන් කර්මානුරූප ව උපදින ආකාරය ද චුතවන ආකාරය ද දැකීමේ හැකියාව වූ චුතුපපාත ඤාණය ලබාගත් සේක. තමන් වහන්සේ තුළ පැවති සියලූ කෙලෙසුන්, සියලූ අවිද්‍යා, සියලූ තණ්හා, සියලූ උපාදාන නැතිකොට ආසවක්ඛ්‍ය ඤාණය ලබාගත් සේක. මෙසේ අනන්ත ඤාණ ඇති, අනන්ත ගුණ ඇති, අනන්ත සිල් ඇති, අනන්ත වීරිය ඇති, අනන්ත සමාධි ඇති, අනන්ත ප‍්‍රඥා ඇති, අනන්ත විමුක්ති ඇති, බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක.. විජ්ජාචරණ සම්පන්න වන සේක.. විජ්ජාචරණ සම්පන්න වන සේක..

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සුන්දර නිවන් මග අවබෝධ කරගෙන සුන්දර නිවනට පැමිණ වදාළ නිසා සුගත වන සේක.. සුගත වන සේක.. සුගත වන සේක..

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු බ‍්‍රහ්ම ලෝක ද සියලූ දිව්‍ය ලෝක ද මේ මිනිස් ලෝකය ද සතර අපාය ආදි මේ සියලු ලෝකයන් අවබෝධ කරගෙන මේ සියලූ ලෝකවලින් නිදහස් වී වදාළ නිසා ලෝකවිදූ වන සේක.. ලෝකවිදූ වන සේක.. ලෝකවිදූ වන සේක..

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දමනය කළ නො හැකි වූ අකීකරු දෙවි මිනිසුන් මහා කරුණාවෙන්, මහා ප‍්‍රඥාවෙන් ඍද්ධි ප‍්‍රාතිහාර්යයෙන් දමනය කොට දහමට කීකරු කරවා අමා නිවනට පමුණුවා වදාළ නිසා අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක.. අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක.. අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක..

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දෙව් ලොව දෙවියන්ට ද මනුලොව මිනිසුන්ට ද සසර කතරින් එතෙර වීම පිණිස එ් අමා නිවන් මග පෙන්වා වදාළ නිසා නුවණැති දෙවියන්ගේ ද නුවණැති මිනිසුන්ගේ ද ශාස්තෘන් වහන්සේ වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක.. සත්ථා දේව මනුස්සානං වන සේක.. සත්ථා දේව මනුස්සානං වන සේක..

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයට ද අවබෝධ කරවීම පිණිස ඉතා පැහැදිලි ලෙස පැහැදිලි වචනවලින්, පැහැදිලි අර්ථවලින් දේශනා කොට වදාළ නිසා බුද්ධ වන සේක.. බුද්ධ වන සේක.. බුද්ධ වන සේක..

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මේ සියලූ සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්‍යය ඇති සේක.. භාග්‍යය ඇති සේක.. භාග්‍යය ඇති සේක.. හිරු සඳු එළිය පරදන අනන්ත වූ ප‍්‍රඥාලෝකය දරා ගැනීමට තරම් භාග්‍යය ඇති සේක.. භාග්‍යය ඇති සේක.. භාග්‍යය ඇති සේක.. බුදුරජාණන් වහන්සේ භගවා වන සේක.. භගවා වන සේක.. භගවා වන සේක..

අනන්ත ගුණ ඇති, අනන්ත නුවණ ඇති, අනන්ත වීරිය ඇති, අනන්ත සිල් ඇති, අනන්ත සමාධි ඇති, අනන්ත ප‍්‍රඥා ඇති, අනන්ත විමුක්ති ඇති, මහා කරුණා ඇති, මහා ප‍්‍රඥා ඇති, බුදුරජාණන් වහන්සේව මම සරණ යමි. දෙවනුව ද මම සරණ යමි. තෙවනුව ද මම සරණ යමි. මාගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ එක ම ආලෝකය වේවා! මාගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ එක ම පිළිසරණ වේවා! එක ම සැනසිල්ල වේවා..!!!

සාදු..! සාදු..!! සාදු..!!!

(ගුරුදේවෝත්තම අති පූජනීය පින්වත් කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදු කළ බුද්ධානුස්සති භාවනාවන් ඇසුරින්, මහමෙව්නා භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)


මළගිය උදවියට මෛතී‍්‍ර කරන්න යෑම අනතුරක් ද…?

$
0
0

‘සංඛධම්ම’ කියලා සූත‍්‍රයක බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මෙත්සිත වැඞීම ගැන පෙන්වා දෙනවා. එයා එ්ක කරන්නේ ශක්තිමත් පුරුෂයෙක් හක්ගෙඩියක් අරගෙන සතර දිශාවට හැරිලා පහසුවෙන් හක්ගෙඩිය පිඹිනකොට එ් ශබ්දය එ් දිශාවට යනවා වගේ කියනවා.

මෛත‍්‍රී භාවනාව ක‍්‍රම දෙකක් තියෙනවා. එ් තමයි, අප්පමාණ චේතෝ විමුත්ති, මහග්ගත චේතෝවිමුත්ති කියලා. මහග්ගත චේතෝවිමුත්ති කියලා කියන්නේ ඉස්සර වෙලා ම තමාට මෛත‍්‍රිය වඩනවා. ඊට පස්සේ තමා ඉන්න තමන්ගේ නිවසේ පිරිසට මෛත‍්‍රිය වඩනවා. ඊට පස්සේ තමන්ගේ ගමට, ප‍්‍රදේශයට, නගරයට, පළාතට, රටට, ලෝකයට මෛත‍්‍රිය වඩනවා. එ් කියන්නේ ඉන්න තැන ඉඳලා ප‍්‍රදේශ වශයෙන් මෛත‍්‍රිය වඩනවා. එ්කට කියන්නේ මහග්ගත චේතෝවිමුත්තිය. අප්පමාණ චේතෝවිමුත්තිය කියන්නේ දිශා වශයෙන් මෛත‍්‍රිය වඩන එකයි. එ් කියන්නේ උතුරු දිශාව, උතුරු අනුදිශාව, නැගෙනහිර දිශාව, නැගෙනහිර අනුදිශාව ආදි වශයෙන් දස දිශාවට ම මෛත‍්‍රිය වඩනවා. බුද්ධ කාලයේ හිටපු අය මේ ක‍්‍රම දෙකට ම මෛත‍්‍රී භාවනාව දියුණු කරලා තියෙනවා.

සමහර කෙනෙකුගේ හිතේ තමන් සංසාරයේ පුරුදු කරපු දෙයක් මත නොයෙකුත් හැකියාවන් ඇතිවෙනවා. සමහර විට එයාට ආලෝක කසිණයක් වගේ එකක් වඩාගෙන එළියක් ගන්න පුළුවන්. එතකොට එයාට සිතේ එ්කාග‍්‍රතාවයව මත එ් එළිය ලොකු කරන්න පුළුවනි. එ් එළිය එහෙට මෙහෙට යවන්න පුළුවන්. එ්ක පංචනීවරණ යටපත් වීමෙන් වෙන එකක්. හැබැයි එ්ක මෛත‍්‍රී සමාධියක් නෙවෙයි. අපි කියමු, එතැනට ඇවිල්ලා එයා ‘අනේ සියලූ සත්වයෝ සුවපත් වෙත්වා..!’ කියලා කරුණා මෛත‍්‍රියක් ඇතිකර ගත්තා කියලා. එතැන මෛත‍්‍රිය වැඩෙනවා. මොකද ඊට පස්සේ ඇත්තටම එයාගේ හිතේ අනිත් අයට හිතවත් බවක්, කාරුණික බවක් ඇති වෙනවා නම් එ්ක වෙන්න පුළුවන්, අපි ගත්තොත් සාමාන්‍ය ලෝකය තුළ අපි මනුස්සයන්ව බෙදනවානේ. ‘අපි සම්මා දිට්ඨියෙන් යුක්තයි.. අසවල් අය මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්තයි… එක්කෝ අසවල් අය ධාර්මිකයි.. අපි අධාර්මිකයි.. එක්කෝ අපේ අය ධාර්මිකයි.. අසවල් අය අධාර්මිකයි..’ කියමින් අපි මනුස්සයන්ව බෙදනවානේ. නමුත් මෛත‍්‍රිය ආවාට පස්සේ එ් බෙදිල්ල නෑ. මෛත‍්‍රිය තුළ තියෙන්නේ හැමෝටම උදව් උපකාර කරන්න පුළුවන් පොදු කරුණාවක්.

සියලූ ලෝකයට පොදුවේ මෙත්සිත වැඩිය යුතුයි…

බුදුරජාණන් වහන්සේගේ කාලයේ භික්ෂූන් වහන්සේලා ධර්ම ප‍්‍රචාරය කරගෙන ගියේ මිථ්‍යා දෘෂ්ටික සමාජයකටනේ. එහෙම ගියාට පස්සේ ‘අසවලා මිථ්‍යා දෘෂ්ටිකයි.. අසවලා සම්මා දෘෂ්ටියෙන් යුක්තයි..’ කියලා හෙව්වේ නෑ. මුණගැහුණේ කාව ද, එ් කෙනාට තේරෙන භාෂාවෙන් ධර්මය කතා කළා. එයාට තේරුණාට පස්සේ එයා එ්ක තේරුම් ගත්තා. මේකෙ දී මූලික වශයෙන් ම වැදගත් වෙන්නේ එ් කෙනාට යම්කිසි දෙයක් හිතීමේ හැකියාව තියෙන්න ඕන. විශේෂයෙන් ම බුද්ධ දේශනාවල තියෙන ආකාරයට කර්ම කර්මඵල විශ්වාස කරන්න පුළුවන්කම තියෙන්න ඕන. එ් කියන්නේ ආගම් භේදයකින් තොරව බුද්ධිමත් මනුෂ්‍යයෙක් තුළ යම්කිසි කි‍්‍රයාවක් කළොත් හොඳ කි‍්‍රයාවට හොඳ විපාකයක් ලැබෙනවා.. නරක කි‍්‍රයාවට නරක විපාකයක් ලැබෙනවා.. කියන විශ්වාසය පිහිටා තියෙන්න පුළුවන්.

එ් වගේ ම සමහර විට මේ කර්ම කර්මඵල පිළිබඳ විශ්වාසය ආගමික නායකයෙක් තුළවත් නො තිබෙන්න පුළුවන්. නමුත් කෙනෙක් ආගමික නායකයෙක් විදිහට පෙනී හිටියත් එ් කෙනාට ‘හොඳ දේ කිරීමෙන් හොඳ විපාක ලැබෙනවා.. නරක දේ කිරීමෙන් නරක විපාක ලැබෙනවා..’ කියන විශ්වාසය නැත්නම් එයා ලෞකික සම්මා දිට්ඨියෙන් තොරයි. ලෞකික සම්මා දිට්ඨියෙන් තොර කෙනෙක් කිසිසේත් ම ලෝකෝත්තර සම්මා දිට්ඨියට යන්නේ නෑ. ඉතින් මේ නිසා පොදුවේ මෛත‍්‍රිය පවත්වන කෙනා කල්පනා කරන්නේ එහෙම නෙවෙයි. අපි දෙවිවරුන්ට පින් දෙනකොටත් කියනවානේ ‘සම්මා දෘෂ්ටික දෙවිවරු පින් ගනිත්වා..!’ කියලා.

එතකොට මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට යන එන මං නෑනේ. එතකොට කවදාවත් එ්ගොල්ලන්ට යහපතක් ලැබෙන්නේ නෑ. එ් වගේ ම (සබ්බේ දේවා.. සබ්බේ මනුස්සා) සියලූ දෙවිවරු, සියලූ මිනිස්සු, සියලූ සත්වයෝ කියලා තියෙනවනේ. එතකොට එ් ඔක්කොටම පොදුවේ මෛත‍්‍රිය වඩනවා. එ් පොදු මෛත‍්‍රිය තමයි ලෝකයට සංවේදී වෙන්නේ. ලෝකයට දැනෙන්නේ.

එ්කට හොඳ ම උදාහරණයක් තමයි, අනුරාධපුර යුගයේ එක අරණ්‍යයක රහතන් වහන්සේනමක් වැඩසිටියා. ඉතින් උන් වහන්සේ හැම තිස්සේ ම කරලා තියෙන්නේ මෛත‍්‍රී භාවනාව වඩන එක. ඔන්න වස් කාලයක් ආවා. ඉතින් එ් වස් කාලය ඉවර වෙලා උන් වහන්සේ දැන් ඔන්න හෙට පාන්දර පිටත් වෙන්නයි සූදානම. එදත් පාන්දර නැගිටලා මෛත‍්‍රී භාවනාව කළා. එ් වෙලාවේ කුටියෙන් එළියේ කවුද අඬනවා ඇහෙනවා. ඉතින් උන් වහන්සේ කුටියෙන් එළියට වැඩලා ”කවුද..?” කියලා ඇහුවා. බැලූවාම එ් වෘක්ෂයේ ඉන්න දෙව්දුව. එ් දෙව්දුව කියනවා ”අනේ පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ හෙට පිටත් වෙන නිසයි, මම මේ කනගාටුවෙන් ඉන්නේ..” ”එ් ඇයි..?” කියලා ඇහුවා. ”ඔබ වහන්සේ වඩින්න කලින් මෙහේ අමනුෂ්‍යයෝ මරා ගත්තා. එකාට එකා වෛර කරගත්තා. ක්‍රෝධ චිත්තයෙන් බලමිනුයි වාසය කළේ. නමුත් ඔබ වහන්සේ වැඩලා මෙත්සිත පැතිරවීම නිසා එ් අය කිසිම ප‍්‍රශ්නයක් නැතුව සුව සේ වාසය කරනවා.. දැන් අපි මේ සංවේගයට පත්වෙන්නේ ඔබ වහන්සේ වැඩිය ගමන් මේගොල්ලන්ට ආයෙමත් එ් වාසනාව නැතිවෙනවා නේ ද..? කියලයි. අනේ ස්වාමීනී, එ් නිසා ඊ ළඟ වස් කාලය ඉවර වෙන තෙක් වැඩ ඉන්න.” කිව්වා. ඉතින් උන් වහන්සේ පිරිනිවන් පානකල් ම දෙවිවරු ටික උන් වහන්සේව තියාගත්තා.

මළගිය උදවියට මෛතී‍්‍ර කරන්න යෑම අනතුරක් ද…?

කරණීයමෙත්ත සූත‍්‍රය නම් කිසිම ගැටලූවක් නෑ. එ්ක බුද්ධ වචනයක්. එ්කේ කියන්නේ මෛත‍්‍රී භාවනාව ගැනනේ. ඇත්තෙන්ම කරණීයමෙත්ත සූත‍්‍රයේ පසුබිම් කතාවෙත් තියෙන්නේ එ් වගේ සිද්ධියක්. ස්වාමීන් වහන්සේලා පිරිසක් භාවනාවට එක අරණ්‍යයකට වැඩියා. ඉතින් උන් වහන්සේලා දවසක් දෙකක් බණ භාවනා කරගෙන සුව සේ වාසය කළා. නමුත් ටික ටික එ් සුවපහසු ගතිය නැතිවෙලා ගියා. ඊට පස්සේ උන් වහන්සේලාට බියජනක අරමුණු පේන්න ගත්තා. හීනෙන් බයවෙන්න ගත්තා. දුර්ගන්ධය හමන්න ගත්තා. එ් කියන්නේ පිළිකුල් සහගත අමනුෂ්‍ය වාසයක ලකුණු පහළ වුණා. එ් නිසා උන් වහන්සේලා දුක සේ වාසය කරලා වස් කාලය ඉවර වෙලා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න වැඩියා. ‘‘අනේ ස්වාමීනී, හරිම අසාර්ථකයි මේ පාර අපේ වස් වැසිල්ල” කිව්වා. ‘‘එ් මොකද මහණෙනි?” කියලා ඇහුවා. ‘‘අපි මෙන්න මෙහෙම බණ භාවනා කරන්න පටන් ගත්තා. දවස් දෙකයි තුනයි ගියේ ඊට පස්සේ සම්පූර්ණයෙන් ම වැඩේ අවුල් වෙලා ගියා.”

බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘‘මහණෙනි, එතැන වෘක්ෂ දේවතාවරු ඉන්නවා. එ් වෘක්ෂ දේවතාවරුන්ට ගස් උඩ ඉන්න බෑ, ඔබ වහන්සේලා බිම භාවනා කරද්දී. ඔබ වහන්සේලාගේ ගුණවත්කම නිසා එ්ගොල්ලන්ව ගහෙන් වැටෙනවා. ඔබ වහන්සේලාව පලවා හරින්න තමයි එ්ගොල්ලෝ එ් උපක‍්‍රමය කළේ.” (එහෙම නම් එ් දෙවිවරු බෞද්ධ නෙවෙයිනේ) ”හැබැයි ඔබ වහන්සේලාගේ ජයභූමිය එතැන ම යි. මේ මෛත‍්‍රී කර්මස්ථානය අරගෙන ආයෙමත් එතැනට යන්න.” එහෙම කියලා බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත‍්‍රය දේශනා කළා. උන් වහන්සේලාත් ගිහිල්ලා එ් මෛත‍්‍රී භාවනාව පටන් ගත්තා. එ්කෙ ‘‘කුඩා ශරීර තියෙන, මහා ශරීර තියෙන, දෙපා ඇති, සිවුපා ඇති, බොහෝ පා ඇති එ් සියලූ සතුන්…” කියලා හරී ම ලස්සනට මෛත‍්‍රී භාවනාව තියෙනවා. ‘‘කිසිවෙක් කිසිවෙකුට වෛර නො කරත්වා.. හිංසා නො කරත්වා.. සියල්ලෝ ම සියල්ලන්ගේ ම සැප කැමති වෙත්වා..” කියලා හරි ම ලස්සන මෛත‍්‍රී භාවනාවක් තියෙනවා. එතකොට එ් කරණීයමෙත්ත සූත‍්‍රය අර්ථ වශයෙන් දැනගත්තාම හරි ම පැහැදිලියි.

නමුත් සමහර අවස්ථාවල සමහර අය තේරුම් ගැනිල්ලක් නැතුව මෙත්සිත වඩන්න ගියාම භූතයෝ, මියගිය ඤාතීන් බැල්ම හෙලන්න පුළුවන්. එ්කයි සමහර අය කියන්නේ කරණීයමෙත්ත සූත‍්‍රය කියනකොටත් අමනුෂ්‍යයෝ වැහෙනවා කියලා. අමනුෂ්‍යයා රිංගන්න එ්ක මාධ්‍යයක් කරගන්නවා. එ්ක වෙන්නේ වංචනික ධර්මයකට අහුවීමෙන්. එතකොට මෛත‍්‍රී කිරීමෙන් මේක වෙනවා කියලා රැවටෙනවා. අපි මෛත‍්‍රී කරන්නේ සියලූ සත්වයන්ටනේ. නමුත් සමහර කෙනෙක් සියලූ සත්වයන්ට මෛත‍්‍රී කරන්නේ නැතුව තෝරගත්තු අයට පමණක් මෛත‍්‍රී කරනවා. මෛත‍්‍රී සිතින් එ් අයව ඇසුරු කරගෙන ඉන්නවා. සමහර විට එ් පහත් තත්ත්වයේ භූතයෙක් කියමු. දැන් මෙයා එයා වෙනුවෙන් මෛත‍්‍රී කරන්න පටන් ගන්නවා. එතකොට එයාට ඕන මෙයාට බැල්ම හෙලන්න. මෙයා දන්නේ නෑනේ සම්බන්ධ වෙන්න, මෙයා දන්නේ පිරිත කියන්න විතරයි. එතකොට කරණීයමෙත්ත සූත‍්‍රය කියන කොට මෙන්න ඔළුව හොල්ලගෙන නටාගෙන එනවා. එතකොට කියනවා ‘කරණීයමෙත්ත සූත‍්‍රය කියන්න එපා, භූතයෝ වැහෙනවා’ කියලා.

එතකොට ගැරහුම් ලැබෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයයි. භාග්‍යවතුන් වහන්සේ කවදාවත් මිනිස්සුන්ගේ සිහි මුළාවෙන දේවල්, එක්කෝ සිහි නැතිවෙන දේවල්, භූතයෝ ඇවිස්සෙන දේවල් දේශනා කරලා නෑ. බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම දේශනා කරලා තියෙන්නේ මනුස්සයා සුවපත් වෙන දේවල්. කොච්චර සුවපත් වෙනවා ද කියනවා නම් එක දේශනාවක සඳහන් වෙනවා, බුදුරජාණන් වහන්සේ යම්කිසි ගමකට වඩිනවා නම් යොදුනක් ඈතට මිනිස්සුන් ව ග‍්‍රහණය කරගත්තු අමනුස්සයෝ මිනිස්සුන් ව දාලා දුවනවා කියනවා. එහෙම නම් මිනිස්සුන් ව පෙලපු අමනුස්සයෙක් භාග්‍යවතුන් වහන්සේ වඩින දිශාවටවත් කිට්ටු වෙන්නේ නෑ. එහෙම එකේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාවක් කියන කොට අමනුස්සයෝ වැහෙනවා කියන එ්කේ තේරුම තමයි කියන කෙනා අර්ථය දන්නේ නෑ කියන එක. මොකද එ් අය මේක සිංහලෙන් ඉගෙනගෙන නෑනේ. සිංහලෙන් තේරුම දන්නේ නෑ. සිංහලෙන් තේරුම දන්නේ නැති වුණාට පස්සේ හිතන්නේ මේ යම්කිසි මන්ත‍්‍ර විශේෂයක් කියලයි. මන්ත‍්‍රවලටනේ ඕවා ඇවිස්සෙනවා කියන්නේ.

බුදුරජාණන් වහන්සේ ධජග්ග සූත‍්‍රයේ දී දේශනා කරලා තියෙනවා බයක් තැතිගැනීමක් ඇති වූ වෙලාවක එක්කෝ භාග්‍යවතුන් වහන්සේව සිහිකරන්න, එක්කෝ ධර්මය සිහිකරන්න, එක්කෝ සංඝයා සිහිකරන්න කියලා. ඇත්තෙන්ම එ්ක සත්‍යයක්නේ. බුදුරජාණන් වහන්සේගේ වචන කවදාවත් දෙපැත්තකට හැරෙන්නේ නෑනේ. එතකොට අපට මේ කෙරෙහි ශ‍්‍රද්ධාව තියෙන්න එපායැ. ශ‍්‍රද්ධාව නැතිකම නිසා තමයි මේ හැම අර්බුදයක් ම ඇතිවෙන්නේ.

මතු සබැඳි…

ඇවතුම් පැවතුම් තුළ කුසල් –අකුසල් හඳුනාගනිමු

$
0
0

සීල සංවරය යන සුන්දර ධර්මය තුළ හික්මෙන්නාට ලැබෙන මහත්ඵල වූ ආනිශංසයක් වන්නේ ‘‘පසුතැවිල්ල නැති සිතක්”. භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් ප‍්‍රාතිමෝක්ෂ සංවර සිල් පදවල හික්මීම ගැන නො දන්නා ශ‍්‍රාවකයා ජීවිතයට කර ගන්න අනතුරු සම්බන්ධයෙන් වැටහීමක් නැත්තේ එ් ධර්මය ශ‍්‍රද්ධාවෙන් අදහා ගන්නේ නැති නිසා ම යි.

‘‘ස්වාමීනී, කුසල්සිල්වලින් ලැබෙන යහපත කුමක් ද? ආනිශංසය කුමක් ද?”
‘‘ආනන්දයෙනි, කුසල්සිල්වලින් ලැබෙන යහපත නම්, ආනිශංසය නම් පසුතැවිල්ල නැතිකම යි.”

අන්න එ් ආනිශංසය තමා තුළ හටගෙන ඇතිදැයි විමසමින් ධර්මය පුරුදු කරන්නාට සීල සංවරය උපදවා ගැනීමේ භාග්‍යය උදා වෙනවා. පසුතැවීම ඇති සිතක ප‍්‍රමුදිත බව උපදිනව ද? නැහැ. අපිරිසිදු කායික ක‍්‍රියා ඇති, අපිරිසිදු වාචසික ක‍්‍රියා ඇති, අපිරිසිදු මානසික ක‍්‍රියා ඇති සිතක ප‍්‍රමුදිත බව උපදිනවා කියන කරුණ සිද්ධ නොවන එකක්. ප‍්‍රමුදිතයි කියන්නෙ මොකක් ද? එ් සිත නැවුම් එකක්, නීවරණ අඩු එකක්, උපන් ආධ්‍යාත්මික සන්සිඳීමක් ඇති එකක්, සුචරිතය ඇසුරු කරන්නට නැඹුරු වුණු එකක්. අන්න එ් සිත උපදවා ගන්නට නම් එයා සීලය සමාදන් වෙලා එ් සිල්පදවල හික්මෙන්න ඕනැ.

අද අපි කතා කරමු එ් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ආකංඛෙය්‍ය සූත‍්‍රයේ ඇති උතුම් ධර්ම කරුණක් ගැන. භාග්‍යවතුන් වහන්සේ අපට මෙසේ කියා දෙනව.

‘‘පින්වත් මහණෙනි, සිල්වත්ව වාසය කරන්න. නිවන් මඟට මුල් වන ශික්ෂාපදවලින් යුතුව වාසය කරන්න. නිවන් මඟට මුල් වන ශික්ෂා පද සංවරයෙන් සංවර වන්න. යහපත් ඇවතුම් පැවතුම්වලින් යුක්ත වන්න. ඉතා ම කුඩා වරදේ පවා බිය දකිමින්, සමාදන් වී සිටින ශික්ෂා පද තුළ හික්මෙන්න.”

සරු කුඹුරුවලට වී වපුරනවා වගේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පැවිදි ශ‍්‍රාවකයන් වහන්සේලා අමතා ධර්මය දේශනා කරන බව දැන් අපි දන්නව. දෙවි මිනිසුන්ට සර්ව සාධාරණ මේ ධර්මය භික්ෂු භික්ෂුණී උපාසක උපාසික යන සතර ශ‍්‍රාවකයන්ට ම අදාළ බවත් අපි දන්නව. අන්න එ් නිසා පංච සීලය තුළ හික්මෙන උපාසක උපාසිකා පිරිසත් එ් අවවාදය හොඳින් දරා ගන්න ඕනැ. ‘‘නිවන් මඟට මුල් වන ශික්ෂා පද සංවරයෙන් සංවර වන්න” කියන උතුම් අවවාදයයි අපි පිළිගන්න ඕනැ.

කොහොමද අපි සිල් පද තුළ සංවර වන්නේ? සීලය ගැන කතා කරනකොට ‘‘සංවර වීම” නැත්නම් හික්මීම යනු එ් සිල්පද අනුව කායික වාචසික ක‍්‍රියා පැවැත්වීම යි. තථාගතයන් වහන්සේගේ ධර්මය අදහා වාසය කරන කෙනා මේ සංවර වීම සිද්ධ කරන්නෙ ඉතා ගෞරවයෙන්. ඔහුට තියෙනව ධර්මය තුළ උපන් ගෞරවයක්. එ්ක කෘත‍්‍රිමව උපදවා ගත්ත, යම් ආයාසයකින් පවත්වන සංවරයක් නෙවෙයි. සීල ගෞරවය කියන්නෙ හදපිරි ශ‍්‍රද්ධාවෙන් ම උපදින කායික වාචසික සංවර භාවයක්. අන්න එ් සංවර භාවය සඳහා උපකාරක ධර්මයන් පහක් ගැන අපි ඉගෙන ගනිමු.

ශ‍්‍රද්ධාව කියන්නෙ සීල සංවරයට උපකාරක ධර්මයක්. පවු කිරීමට ලැජ්ජාව, පවු කිරීමට භය, අකුසල් ප‍්‍රහාණය කරන්නටත් කුසල් උපදවා ගන්නටත් වීරිය, එ් වගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය නුවණින් විමසීමෙන්, ඇති කර ගන්නා ප‍්‍රඥව යන මේවා සිල් රැුකීම පිණිස උපකාර වන ධර්මයන් බව අපි දැනගන්න ඕනැ. අන්න එ් ධර්මයන් නැතිව සමාදන් වූ සිල් පද තුළ සංවර වීමට අපට හැකි වන්නේ නැහැ.

අපි දන්නව අපේ එක් දිනයක පැය විසි හතරක කාලය ගත වන හැටි. උදේ ඉඳන් රාත‍්‍රී වන තුරු එක් දවසක එක එක ආකාරයේ සිද්ධි මාලාවකට යටවෙලයි වාසය කරන්නෙ. අන්න එ් ජීවිතයේ අපට උපතින් ම මේ ධර්මය තුළින් බිහි වූ සිහියක් නෑ නෙ. ඕනෑම සාමාන්‍ය කෙනෙක්ට උපතින් තමාට ලැබුණු සිහියක් තිබුණත්, එ්කෙන් එ් එ් කටයුත්තේදි ධර්ම මනසිකාරයක් කරන්න බලයක් නැහැ. අපි තමාට උපතින් ලද සිහිය උපකාර කර ගන්නේවත් නැතිව තමාට ඇති වූ පුරුද්ද උපකාරයෙන් එදිනෙදා කටයුතු කොච්චර නම් කරනව ද? සිහියක් නැතිව පුරුද්දට රස්සාවෙ වැඩත් කරන්න පුළුවන්, ගෙදර වැඩත් කරන්න පුළුවන්. ඉතින් බලන්න අපි සමාදන් වූ සිල් පද ආරක්ෂා කර ගන්න මේ රටාව අනතුරක් නේ ද?

බලන්න, සමහර අය තමන්ගේ දූ දරුවන්ගේ යහපත ගැන හිත හිතා දිවා රෑ දෙකේ ම මහන්සි වෙනවා. එ් දූ දරුවන්ට තමයි තමන්ගේ ලෝකයේ ඔටුණු පලන්දලා ඉන්නේ. ඉතින් එ් දූ දරුවන් වෙනුවෙන් ම කටයුතු කිරීම තමයි එයාලට තියෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාර ගැන පැය විසිහතරේ ම කල්පනා කර කර ඉන්නවා. එ් වෙනුවෙන් ම කැපවෙනවා. ඇතැම් විට අඹුදරුවන් අත්හැර විදේශගත වෙනවා. නො විඳිනා දුක් විඳිනවා. අන්තිමේ දී දරුවන් තමන්ට වෙනස්කම් කරනවා. මහා දුකකින්, මහන්සියකින් හම්බකරපු ධනය නිස්කාරණේ වියදම් වෙනවා. තමන්ට සිදුවෙන්නේ ගෙවුනු අතීතය ගැන හූල්ල හූල්ල ඉන්න විතරයි.

මේ ආකාරයට උපතින් ලද සිහියෙන් හා පුරුද්දට අනුව අපි එ් කටයුතු සිද්ධ කරන්නෙ කුසල් ද අකුසල් ද යහපත ද අයහපත ද කියන වැටහීම ඇතිව ද? නැහැ. අන්න එ් වැටහීම ඇති වෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහල තිබුණොත් නේ ද? ධර්මයේ සඳහන් වෙනව දස කුසලය පිළිබඳව, එ් වගේ ම දස අකුසලය පිළිබඳව. මේ විදිහට කුසලය මෙයයි අකුසලය මෙයයි කියල පෙන්වා දෙනව. අන්න එ් ධර්මයයි අහල අපේ හිතේ ගෞරවයෙන් දරාගන්න ඕනැ. ධර්මය අහල දරා ගන්නෙ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරේ ශ‍්‍රද්ධාව ඇති කෙනා යි. එසේ දරාගත් ධර්මය පුරුදු කරන්න කැමැත්තක් උපදින්නෙත් ශ‍්‍රද්ධාව මුල් වෙලා යි. අන්න එයාට පවට ලැජ්ජාව උපදිනව, පවට බය උපදිනව, වීරිය උපදිනව, ප‍්‍රඥව උපදිනව. එ් ධර්මයන් තමා තුළ ඇති වීම නිසා සිල් පද තුළ සංවර භාවයට පත් වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ ඊ ළඟට අපට කියා දෙනව ‘‘යහපත් ඇවතුම් පැවතුම්වලින් යුක්ත වන්න.” කියල. ආචාර ගෝචර සම්පන්න වෙන්න කියල. මොනවද මේ යහපත් ඇවතුම් පැවතුම් කියන්නෙ? යහපත් කායික වාචසික හැසිරීම්වලටයි. ලෝකයේත් මෙහෙම රටාවක් තිබෙනව නේ ද? මේ මේ ස්ථානයේ දී මේ මේ විදිහට ආචාර සම්පන්න වෙන්න කියල අපට පෙන්වා දීල තියෙනව. පාසලේ දී, පන්සලේ දී, කාර්යාලයේ දී, නිවසේ දී, පාරෙ තොටේ දී, කඩපිලේ දී… ආදි එ් එ් ස්ථානයේ අපේ හැසිරීම් වෙනස් නේ ද? කතාබහත් වෙනස් නේ ද? එ් වගේ ම දෙමාපියන් ඉදිරියේ දී, යහළුවන් සමග, සහෝදර සහෝදරියන් ඉදිරියේ දී, බිරිඳ ස්වාමියා… ආදි එ් එ් පිරිස් ඉදිරියේ දී අපේ එ් එ් හැසිරීමත් වෙනස් නේ ද? කතාබහත් වෙනස් නේ ද? අපට සමාජයෙන් පුරුදු කළ රටාවක් තියෙනව එ් එ් තැන දී මේ මේ විදිහට හැසිරෙන්න ඕනැ කියල. එ්ක අපට හුරු කළ එකක්, සමාජය දිහා බලල පුරුදු වුණ එකක්. ඔන්න ඔය රටාව තරුණ පරපුරට නැහැ කියල චෝදනාවකුත් තියෙනව නේ ද?

නමුත් ධර්මය තුළ ආචාරගෝචර සම්පන්න භාවය කියන්නෙ නීතියක් නෙවෙයි. ‘මේ මේ තැන මේ මේ විදිහට හැසිරිය යුතුයි’ කියන නියෝගයක් මේ ධර්මයේ නැහැ. ධර්මයේ කියා දෙන්නෙ මේ මේ සිල් පදයේ හික්මෙන්න කියල යි. අන්න එ් හික්මීම සිත වැඩෙන පිළිවෙළක්, සීල සංවරය උපද්දවන ධර්මයක්, ක‍්‍රියාවේත් – වචනයේත් සිත සන්සිඳුවන එකක්, එ් වගේ ම අන් අයට මෙත් සහගත උපකාරයක් උපද්දවල දෙන දෙයක්.

බලන්න ආචාර ගෝචර සම්පන්න බව ධර්මයේ අර්ථ දක්වන ආකාරය ගැන. මෙහි දී කායික, වාචසික, ඇවතුම් පැවතුම් ගැන සක්කපඤ්හ සූත‍්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා.

‘මා විසින් මේ කායික ඇවැතුම් පැවැතුම් සේවනය කරද්දී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ යනුවෙන් යම් කායික ඇවැතුම් පැවැතුම් ගැන දන්නේ ද, මෙබඳු වූ කායික ඇවැතුම් පැවැතුම් සේවනය නො කළ යුත්තේ ය. එහි දී ‘මා විසින් මේ කායික ඇවැතුම් පැවැතුම් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ යනුවෙන් යම් කායික ඇවැතුම් පැවැතුම් ගැන දන්නේ ද, මෙබඳු වූ කායික ඇවැතුම් පැවැතුම් සේවනය කළ යුත්තේ ය.

‘මා විසින් මේ වාචසික ඇවැතුම් පැවැතුම් සේවනය කරද්දී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ යනුවෙන් යම් වාචසික ඇවැතුම් පැවැතුම් ගැන දන්නේ ද, මෙබඳු වූ වාචසික ඇවැතුම් පැවැතුම් සේවනය නො කළ යුත්තේ ය. එහි දී ‘මා විසින් මේ වාචසික ඇවැතුම් පැවැතුම් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙයි. අකුසල් දහම් පිරිහෙයි’ යනුවෙන් යම් වාචසික ඇවැතුම් පැවැතුම් ගැන දන්නේ ද, මෙබඳු වූ වාචසික ඇවැතුම් පැවැතුම් සේවනය කළ යුත්තේ ය.

-දීඝ නිකාය – 2 සක්කපඤ්හ සූත‍්‍රය

එහෙනම් බලන්න ධර්මයේ සඳහන් වෙන්නෙ ‘මා විසින් මේ කායික ඇවැතුම් පැවැතුම් සේවනය කරද්දී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ කියන වැටහීම අපට තියෙන්න ඕනැ. එ් වගේ ම ‘මා විසින් මේ වාචසික ඇවැතුම් පැවැතුම් සේවනය කරද්දී අකුසල් දහම් වැඩෙයි. කුසල් දහම් පිරිහෙයි’ කියන වැටහීමත් අපට තියෙන්න ඕනැ. අන්න එයාට සීලයේ පිරිසිදු භාවය උපදවාගෙන වාසය කිරීමේ භාග්‍යය උදා වෙනවා. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධාව නැති කෙනාට මේ විමසීම කරන්න පුළුවන් ද? බැහැ. එයාට මේ ආකාර විමසීමට උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. එයා කරන්නෙ තමන් පුරුදු වෙච්ච ජීවන රටාවට අනුව ඔහේ වචන කතා කරනවා, තමාගේ කටයුතු ඔහේ කරගෙන යනවා. එ් කටයුතුවල, වචනවල කුසල් අකුසල් විමසීමක් ගැන වැටහීමක් ශ‍්‍රද්ධාව නැති කෙනාට නැහැ.

අපි දන්නව සතුන් මැරීම අකුසලයක්, සොරකම අකුසලයක්, වැරදි කාම සේවනය අකුසලයක්, බොරු කීම අකුසලයක්, කේලාම් කීම අකුසලයක්, හිස් වචන කීම අකුසලයක්, පරුෂ වචන කීම අකුසලයක්, මත් පැන් මත් ද්‍රව්‍ය ගැනීම අකුසලයක්, අගුණ කතා කිරීම අකුසලයක්, ඊරිසියාවෙන් වචන කතා කිරීමත් – ක‍්‍රියා කිරීමත් අකුසලයක්, ද්වේෂයෙන් කතා කිරීමත් – ක‍්‍රියා කිරීමත් අකුසලයක්, රැුවටීමෙන් කතා කිරීමත් – ක‍්‍රියා කිරීමත් අකුසලයක්, පළිගැනීමෙන් කතා කිරීමත් – ක‍්‍රියා කිරීමත් අකුසලයක්,

තමා උසස් කොට අනුන් හෙළා කතා කිරීමත් – ක‍්‍රියා කිරීමත් අකුසලයක්, තමා පහත් කොට අනුන් උසස් කොට අපහාස කිරීම අකුසලයක්, උසස් පුද්ලගයන් පහත් කොට හෝ තමා සමකොට අපහාසයෙන් කතා කිරීමත් – ක‍්‍රියා කිරීමත් අකුසලයක්, අනුන් සතු දෑ කෙරෙහි මසුරුකමින් කතා කිරීමත් – ක‍්‍රියා කිරීමත් අකුසලයක්, මිථ්‍යාදෘෂ්ටියෙන් කතා කිරීමත් – ක‍්‍රියා කිරීමත් අකුසලයක්, දැඩි මතධාරීකමින් මත්ව අනුන් පෙළා කටයුතු කිරීම අකුසලයක්.. මේ ආකාරයේ අකුසල් අපි කොතැනින් ද ඉගෙන ගන්නේ? මේ ධර්මයෙන්. ධර්මය කියා දෙන කල්‍යාණ මිත‍්‍රයන්ගෙන්. අන්න එතකොට එයාට ශ‍්‍රද්ධාව ඉපදෙනව. අන්න එ් ඇත්තා තමන් කරන ක‍්‍රියාවෙහි, තමන් කරන කතාවෙහි කුසලය – අකුසලය වටහා ගන්නට උනන්දු වෙනවා. අන්න එ්ක එයාගෙ ශ‍්‍රද්ධාව මුල් වෙලා උපදින වීරිය යි.

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.

 

 

 

ධර්මය දියුණු කිරීමට නම් සංවර විය යුතු ඇවතුම් –පැවතුම්

$
0
0

සීල සංවරයේ හික්මෙන කෙනෙක් තුළ යහපත් ඇවතුම් පැවතුම් වර්ධනය කර ගන්නා ආකාරය තුළ දකින්නට ලැබෙන්නේ සුන්දර ජීවිත පරිවර්තනයක්. එය සිදු කර ගන්නා ආකාරය අපට පෙන්වා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන්. යම් ආකාරයක කායික, වාචසික ඇවතුම් පැවතුම් සේවනය කරද්දී අකුසල් දහම් වැඩෙයි නම්. කුසල් දහම් පිරිහෙයි නම්, අන්න එවැනි ඇවැතුම් පැවැතුම් සේවනය නො කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා. එ් වගේ ම යම් කායික, වාචසික ඇවැතුම් පැවැතුම් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙයි නම්, අකුසල් දහම් පිරිහෙයි නම් එබඳු වූ ඇවැතුම් පැවැතුම් සේවනය කළ යුතු බවත් කියා දෙනවා.

කුසල් වැඩෙන ඇවතුම් පැවතුම් මොනවා ද යන්න තෝරා බේරා ගැනීමට අපට උපන් හැකියාවක් තියෙනව ද? ඇත්තෙන්ම නැහැ. කාම ලෝකයේ ජීවත් වීමේ පහසුවට ‘මේ මේ දේ කළ යුතුයි, මේ මේ දේ නොකළ යුතුයි’ කියල පාසල් කාලෙ ඉඳන් උගන්වනව නේ ද? එ් උගන්වන දේත් අපි කරමින් තමයි හැකියාවන් දියුණු කර ගන්නෙ. ඉන් එහාට දෙයක් තියෙනව කියල අපට වටහා ගැනීමේ නුවණක් තිබුණේ නැහැ නේ ද? කායික වාචසික ක‍්‍රියා කරන විට මේ මේ කුසලය නිසා සිත පිරිසිදු වෙනවා, මේ මේ අකුසලය නිසා සිත අපිරිසිදු වෙනවා යන්න පෙන්වා දෙන්නෙ භාග්‍යවතුන් වහන්සේනමක් විසින් ම යි.

බලන්න, මේ ආකාරයෙන් කුසල් අකුසල් හඳුනාගැනීමට උපදිනකොට ම අපට වැටහීමක් නැති නිසා පවත්වන්න ඕන උතුම් ඇසුරක් තමා කල්‍යාණ මිත‍්‍ර ඇසුර කියන්නේ. කල්‍යාණ මිත‍්‍රයන් ඇසුරු කිරීමෙන්, එ් ධර්මය ඇසීමෙන් තමයි මේ වැටහීම කෙනෙක්ට උදා වෙන්නෙ. භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවා. ‘‘ඇසුරු කළ යුත්තේ යහපත පෙන්වා දෙන නැණවත් සත්පුරුෂයන්වයි. ඔවුන්ගේ නුවණ ඉතා ම සියුම්. නො පමාව දහමේ හැසිරෙන, එ් නුවණැති සත්පුරුෂයන් අවබෝධ කරගෙන තිබෙන්නේ පරම ගම්භීර වූ දැකීමට දුෂ්කර වූ සූක්ෂම අර්ථය වන චතුරාර්ය සත්‍යය යි.” කියල. වැරදි ඇසුරක් නිසා සංසාරයේ අපි වින්ද දුක්, මේ විඳිමින් ඉන්න දුක් ගැන හිතා බලන්න. ලෝකය අපට කියා දුන්න ආකාරයට අනුව එ් එ් තැනදි එ් එ් වචන කතා කරන්නත් එ් එ් ක‍්‍රියා කරන්නත් විතරයි අපි දන්නෙ. එහි කුසලයක් අකුසලයක් තියෙනවා කියන වැටහීම ඇති කරල දෙන්නෙ මේ ධර්මයෙන්. එ් වැටහීම විස්තර කර කර දෙන්නෙ කල්‍යාණ මිත‍්‍ර ඇසුරක් ම යි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ අනුශාසනා කරනව.

‘‘මිත්තේ භජස්සු කල්‍යාණේ – සුද්ධාජීවේ අතන්දිතේ
පටිසන්ථාරවුත්ත්‍යස්ස – ආචාරකුසලෝ සියා
තතෝ පාමොජ්ජබහුලෝ – දුක්ඛස්සන්තං කරිස්සසි”
‘‘සදහම් පිළිසඳරෙහි යුක්ත වෙන්න. ඇවතුම් පැවැතුම්වල දක්ෂ කෙනෙක් වෙන්න. එ් තුළින් ප‍්‍රමුදිත භාවය හොඳින් ඇතිකරගෙන මේ දුක අවසන් කරන කෙනෙක් වෙන්න. එ් වගේ ම පිරිසිදු ජීවිකාව ඇති, කම්මැලි නැති කල්‍යාණ මිත‍්‍රයන්වත් ඇසුරු කරන්ට ඕනෙ.”
(ධම්ම පදය – භික්ඛු වග්ගය)

සැබෑ කල්‍යාණ මිත‍්‍ර ඇසුරේ දී යහපත් ඇවතුම් පැවතුම් ඇති කර ගන්නට අපට අවස්ථාව උදා වෙනවා. ‘‘මේක අකුසල් සහගතයි කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තියෙනව නෙව” කියල කල්‍යාණ මිත‍්‍රයන්ගෙන් අහන්න ලැබෙනකොට අපි සිත අපිරිසිදු වන එ් ක‍්‍රියාව අත් හරිනව. ”මේක කුසල් සහගතයි කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තියෙනව නෙව” කියල අහන්න ලැබෙනකොට එ් ක‍්‍රියාව බහුල වශයෙන් පුරුදු කරන්න අපි කැමති වෙනවා. සාමාන්‍යයෙන් අපේ හිත අනුන් කියන දේ අහන්න, අනුන් කියන නීතිවලට යටහත් පහත් වෙන්න කැමති නෑ. එ් උපන් කැමැත්ත නැති නිසා නේ ද රටේ ලෝකෙ නීති තියෙන්නෙ? එ් වගේ ම පොලිසිය හමුදාව වැනි නීතිය ආරක්ෂා කරන ස්ථාන තියෙන්නෙ? පිරිසක් එක්ක කටයුතු කරද්දී සංවරයෙහිලා අපට උපන් හැකියාව නැති නිසා ”පාසලේ දී, රැුකියා ආයතනයේ දී, මඟතොටේ දී මේ මේ විදිහට හැසිරෙන්න” කියල සමාජ සම්මතයන් හා නීති ඇති කර ගන්නෙ එකිනෙකාගේ පහසුවට ම යි. එ්ත් අපි එ් පැනවීම් පිළිපදින්නෙ නීතියට බයෙන්, දඬුවමට බයෙන් නේ ද? සසර දුකෙන් නිදහස් කරන මේ ධර්මයේ හික්මෙන ශ‍්‍රාවකයාට බයකින් හික්මවන ධර්මයක් ඇසුරු කරන්න ලැබෙන්නේ නැහැ. ඔහුට උපදින්නේ කල්‍යාණ මිත‍්‍ර අවවාදයට ගෞරවයක් ම යි. ”මේ මේ ආකාරයෙන් ඇවතුම් පැවතුම් සංවර කර ගන්න කියන අවවාදය ලැබෙන්නේ තමාගේත්, අනුන්ගේත්, සියලූ දෙනාගේත් සිත පිරිසිදු වන කායික වාචසික ක‍්‍රියා උපදවා ගැනීමට හේතුවන නිසා ම යි.” කියන වැටහීම ඔහුට තිබෙනව. අන්න එ් හේතුවෙන් අපට සීල සංවරය තුළ සිත වඩන්නට අවස්ථාව උදා වෙනවා.

මේ සඳහා තමයි නිති කල්‍යාණ මිත‍්‍රයන්ගේ ඇසුර අවශ්‍ය ම කාරණයක් වෙන්නේ. කල්‍යාණ මිත‍්‍ර ඇසුරට හිත නැමෙන්නෙ ශ‍්‍රද්ධාවන්ත චරිතයකට පමණයි. අන්න එයා යහපත් අවවාදයට කීකරු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව.

‘‘තව ද සුභූති, භික්ෂුව කීකරු වූයේ වෙයි. කීකරු බව ඇතිකරන ගුණ දහමින් යුක්ත වූයේ ද වෙයි. ඉවසීමෙන් යුක්ත වූයේ වෙයි. අවවාදයන් ලැබෙන විට පැදකුණු කොට ගරු බුහුමන් සහිතව පිළිගන්නේ වෙයි. සුභූති, යම් හෙයකින් භික්ෂුව කීකරු වූයේ වෙයි ද කීකරු බව ඇතිකරන ගුණ දහමින් යුක්ත වූයේ වෙයි ද ඉවසීමෙන් යුක්ත වෙයි ද අවවාද ලැබෙන විට පැදකුණු කොට ගරු බුහුමන් සහිතව පිළිගන්නේ වෙයි ද නම්, මෙය ද සුභූතියෙනි, සැදැහැවත් භික්ෂුවකගේ ශ‍්‍රද්ධා චරිතාපදානයෙකි.”
(සුභූති සූත‍්‍රය – අං. නි. 6)

එ් ආකාරයට කීකරු බව ඇතිකරන ගුණ දහමින් යුක්ත වන කෙනාට, ඉවසීමෙන් යුක්ත වන කෙනාට, අවවාදයන් ලැබෙන විට පැදකුණු කොට ගරු බුහුමන් සහිතව පිළිගන්නා කෙනාට, මනා කොට කලණ මිතුරන්ගේ ඇසුරට නැඹුරුව වාසය කිරීමේ ලාභය උදා වෙනවා. මේ ආකාරයට ශ‍්‍රද්ධා සම්පන්න චරිතයක් විසින් කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේලා පෙන්වා දෙන යහපත් ඇවතුම් පැවතුම් පැදකුණු කොට ගරු බුහුමන් සහිතව පිළිගෙන එ් තුළ හික්මෙනකොට, ඔහුට ම වැටහෙනවා ‘‘මගේ සිත පිරිසිදු වෙනවා” කියන කාරණය.

ආචාර ගෝචර සම්පන්න භාවය පුරුදු කර ගැනීමට බුදුරජාණන් වහන්සේ විසින් ස්වාමීන් වහන්සේලාට ‘සේඛියා’ නම් වූ සිල්පද හැත්තෑ පහක් හඳුන්වා දී තිබෙනවා. සේඛියා කියන්නෙ මොනවා ද? සේඛ කියන්නෙ හික්මෙනවාට යි. බුදුරජාණන් වහන්සේ විසින් තම ශ‍්‍රාවකයන්ට පැවිදි ජීවිතය හික්මීම පිණිස පැනවූ සිල් පදවලටයි සේඛියා කියන්නේ.

සිවුරු හැඳීම පෙරවීම ගැන සිල්පද හතරකුත්, ආහාර වැළඳීම ගැන සිල්පද තිහකුත්, ගමේ දී හැසිරීම ගැන සිල්පද විසි දෙකකුත්, දහම් දෙසීම ගැන සිල්පද දහසයකුත්, මලමූත‍්‍ර පහකිරීම ගැන සිල්පද තුනකුත් තමයි මෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් පනවා තිබෙන්නේ. අන්න එ් ආකාරයට පරිහරණය කරන ඇඳුම් පැලඳුම් ගැන, පිළිවෙලිව් ආහාර ගැනීම ගැන, එ් එ් තැන යහපත්ව හැසිරීම ගැන අපට වැටහීමක් තිබිය යුතුයි. ගිහි ගෙදරදි පැවැත්විය යුතු යහපත් ඇවතුම් පැවතුම් මොනවා ද? එ්වා සීලය සඳහා උපකාර වන ආකාරයට පවත්වා ගන්නේ කෙසේ ද? කියන කාරණය සීල සංවරය තුළ හික්මෙන ශ‍්‍රාවකයා හොඳින් අවබෝධ කර ගත යුතු වෙනවා.

අපි කතා වුණ පරිදි කල්‍යාණ මිත‍්‍රයන් ඇසුරු කරමින්, සේඛ ධර්මයන් පුරුදු කරමින් නිවන් මඟට මුල් වන ශික්ෂා පද තුළ සංවර වෙලා, යහපත් ඇවතුම් පැවතුම්වලින් යුක්ත වෙන කෙනාට වීරිය හොඳින් වැඞී යන බව අපි දැනගත්තා. අන්න එයාට ධර්මය තුළ සිහිය පිහිටනවා. එ් වීරියෙන් යුතු, එ් සිහියෙන් යුතු කෙනාට ඉතා ම කුඩා වරදේ පවා බිය දකිමින්, සමාදන් වී සිටින ශික්ෂා පද තුළ හික්මෙන්න වාසනාව උදා වෙනවා. කොහොමද එහෙම වෙන්නෙ? එයාට සෑම ක‍්‍රියාවක ම කුසලය අකුසලය වැටහෙන නුවණක් පිහිටල තිබෙන නිසා යි.

බලන්න. ශ‍්‍රද්ධා සම්පන්න ශ‍්‍රාවකයා ඇවතුම් පැවතුම් තුළ සංවර වෙන්න වෙන්න ඔහුට තමා කරන ක‍්‍රියා තුළ කුසල් අකුසල් දකින නුවණ උපදවා ගන්නා ක‍්‍රමයත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනව. එතකොට එ් ශ‍්‍රාවකයාගේ වැඩෙන්නෙ මොකක්ද? සම්මා දිට්ඨිය නේ ද? ඔහු ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ප‍්‍රතිපදාවේ නේ ද ඉන්නෙ? අන්න එ් වැටහීම තමයි ඔහුගේ නිවන් මඟ පරිපූර්ණ වෙන්නට හේතු වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ සීලය විස්තර කරන ආකාරය පුදුම සහගතයි. එතකොට බලන්න එදිනෙදා ජීවිතයේ දී අපි එ් එ් කටයුත්ත කරන කොට කලින් සැලසුම් කරගෙන, කෘති‍්‍රම උත්සාහයකින් කායික වාචසික ක‍්‍රියා සිදු කරන්න ඕනැකමක් නැහැ නේ ද? එහෙම ක‍්‍රමයක් ලෝකයේ තියෙනව. එ් තමයි තමා ජීවත්වන පරිසරයේ පනවපු නීති රකින ක‍්‍රමය. පැනවූ නීතියක් රකින්න අණ කිරීමක් තමයි ලෝකයෙන් තියෙන්නෙ. නමුත් ධර්මය පුරුදු කරන ශ‍්‍රාවකයා අනුගමනය කරන්නෙ නීති නෙවෙයි, අපි කතා වුණ පරිදි ප‍්‍රතිපදාවකයි හික්මෙන්නේ. යම් කෙනෙක් නීතියක් රකිනකොට එ්ක රකින්නෙ අණ කිරීමට බයෙන්. එ්ත් ප‍්‍රතිපදාවක් රකින්නෙ බයකින් ද? නැහැ නේ ද? අපි ප‍්‍රතිපදාවක් රකින්නෙ එ් ප‍්‍රතිපදාවට ආදරයෙන්. අපිව රකින පවුරක් යන හැඟීමෙන්. අන්න එ් වැටහීම දකින ශ‍්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණු ඉලක්කය කරා ගමන් කරන්නට හැකි වෙනවා.

මෙත් සිත උපදින්න නම් සිත පළල් වෙන්න ඕන

$
0
0

මෙතැන ගැටීමක් නැත්නම් එතැන සතුරෙක් නෑ…

බුදුරජාණන් වහන්සේගේ දේශනා ගත්තාම ‘සියලූ සත්වයෝ..’ කියලා මෙත් වඩද්දී සියලූ ම සත්වයන් නියෝජනය වෙනවා. අපි තවත් කෙනෙක් සතුරෙක් කියලා කියනවානේ. කෙනෙක් අපට විරුද්ධව බණිනවා නම් අපි එයාට සතුරෙක් කියලා කියනවා. නමුත් එයා තුළ හටගන්න ද්වේෂ සහගත සිතුවිල්ල නිසා එයා විඳවන එකක්නේ තියෙන්නේ. ඇත්ත වශයෙන් ම අපි කියමු, ඔන්න මට කවුරු හරි කෙනෙක් බණිනවා. බණින කොට ඇත්තටම එයාගේ හිතේ අකුසලයක් හටගත්තොත් එ්ක දෝමනස්ස සහගත පටිඝසම්ප‍්‍රයුක්ත අසංඛාර හෝ සසංඛාර සිතක්නේ. එතැන පහළ වෙලා තියෙන්නේ අපායගාමී සිතක්. එතකොට ධර්මය දන්න කෙනාට එ් කෙරෙහි හටගන්නේ අනුකම්පාවක්නේ. එයාට සතුරු කතාවක් නෑනේ. සතුරු කතාවක් ඇතිවෙන්න එයා තුළත් එ්කට ගැටීමක් තියෙන්න ඕන. එ් කියන්නේ මෙතැන ගැටීමක් තිබුණොත් එතැන සතුරා ඉන්නවා. මෙතැන ගැටීමක් නැත්නම් එතැන සතුරෙක් නෑ. එහෙම නම් හැම තැන ම සතුරෝ බිහිවෙන්නේ තමන් තුළින්. මොකද ඊට පස්සේ ගැටෙන්නේ තමන්නේ.

ඔන්න කවුරු හරි අපට බැණ්නා කියමු. එක්කෝ නින්දා කළා, ගැරහුවා, අපහාස කළා කියමු. එ්ක එයා හිතින් හදාගන්න අර්බුදයක්නේ. එ්ක එයාගේ මනසේ ඇතිවන දෙයක්. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා ‘‘මහණෙනි, රාගය රෝගයකි, ද්වේෂය රෝගයකි, මෝහය රෝගයකි” කියලා. මේ රෝගයෙන් ආතුර වීමෙන්නේ මේක හටගන්නේ. එ් නිසා ධර්මය මෙනෙහි කරන්න පුළුවන් එක්කෙනා කළ යුත්තේ, ‘මේ හිංසා පීඩා ඔක්කොම සසරට අයිති දේවල්… සසරේ ගමන් කරන තාක් සත්වයාට මේකෙන් බේරෙන්න බෑ. එහෙම නම් සසරින් එතෙර වීමෙන් තමයි මේකෙන් බේරෙන්න තියෙන්නේ’ කියලා කල්පනා කිරීමයි. එ් තුළ එයා නැවත නැවත චතුරාර්ය සත්‍යයට ම එනවා.

ඇත්තෙන්ම මෛත‍්‍රිය වැඞීමේ පළමුවෙනි ප‍්‍රතිඵලය ලබන්නේ තමන් ම යි. එ් කියන්නේ තමන්ට හිංසා පීඩා, හිරිහැර කරන මනුෂ්‍යයෙක් මතක් වෙනවා කියමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,
‘‘(අක්කොච්චි මං අවධි මං
අජිනි මං අහාසි මේ
යේතං උපනයිහන්ති
වේරං තේසං න සම්මති) – අසවලා මට බැණ්නේ ය.. මට ගැහුවේ ය.. මට පහර දුන්නේ ය.. මගේ දේ පැහැර ගත්තේ ය..’ කියලා හිතමින් ඉන්න තාක් වෛරය හටගන්නවා” කියලා. එහෙම හිතන්නේ නැත්නම් වෛරය හටගන්නේ නෑ කියනවා. එතකොට අපට පේනවා, එ්ක එ් හිතේ හටගන්න විකෘති සංස්කාරයක් කියලා. එතකොට මෛත‍්‍රියෙන් වාසය කිරීම තුළින් තමන්ගේ හිතේ හටගන්න තියෙන මේ විකෘති සංස්කාර පසුබිම නැතිවෙනවා. එ්කේ ලාභය එයාටමනේ. වාද කර ගනිමින්, මෛත‍්‍රී නො කර, රටේ කුණුකන්දල්වලට කේන්ති අරන් බණිමින් කෑ ගගහා ඉන්නවාට වඩා එ්ක කොයිතරම් වටිනා දෙයක් ද?

මෙත් සිත උපදින්න නම් සිත පළල් වෙන්න ඕන…

අපි සාමාන්‍යයෙන් මනුස්ස ලෝකයේ ජීවත් වන සීයක් ගත්තොත් සීයකගේ ම ජීවිතය තුළ අසාධාරණයට ලක් වූ යම්කිසි දෙයක් තියෙනවා ම යි. ‘‘මට මේ අසාධාරණය වුණා..” කියලා කියන්න එකක් තියෙනවා ම යි. එයා එ්ක මෙනෙහි කළොත් එයා එ්කත් එක්ක ගැටෙනවා ම යි. මොකද එ් කල්පනාව තියෙන්නේ ම සක්කාය දිට්ඨියෙන්. සක්කාය දිට්ඨිය තුළ එයා හැම තිස්සේ ම බලන්නේ තමන්ට ගෞරවය. එයා හැමතිස්සේ ම බලන්නේ තමන්ට තත්ත්වය, තමන්ට තැන, තමන්ට පිළිගැනීම, තමන්ගේ පැවැත්ම. එතකොට තමයි මේ සාධාරණ, අසාධාරණ දේවල් ලෝකයට එන්නේ. එ්ක ආවාට පස්සේ එයා එ් පැත්ත ගන්නවා. ”මට සාධාරණය ඕන, මට සාධාරණය සිද්ධ වුණේ නෑ. මට අසාධාරණයක් වුණා. මට එ් අසාධාරණය වුණේ මෙතැනින්..” කියලා එයා ගණන් හදාගන්නවා.

ඊට පස්සේ එයා තුළ ඊට අනුකූලව සංස්කාර හටගන්නවා. එ් හටගන්න සංස්කාර ඔක්කොම මෝහ මූලිකයි. එ් හටගන්න සංස්කාර ඔක්කොම ද්වේෂ මූලිකයි. ඊට පස්සේ එයා එ්කෙන් විඳවනවා. එහෙම විඳවන කෙනා කොහොමද මෛත‍්‍රිය වඩන්නේ? එයාට මෛත‍්‍රිය වඩන්න පුළුවන්කමක් නෑනේ. එයාට මෙත් සිත ඇතිවෙන්නේ නෑ. මෙත් සිත ඇතිවෙන්න නම් එයාගේ සිත පළල් වෙන්න ඕන. සිත පළල් වෙන්න නම් ‘මට..’ කතාව අත්හරින්න ඕන. අත්හැරලා ‘ලෝකයේ අනිත් අයටත් මෙහෙම වෙනවා ද?’ කියලා බලන්න ඕන. එහෙම බලද්දී පේනවා, ලෝකයේ් බොහෝ අයට එහෙම වෙනවා. සියලූ දෙනාටම පාහේ වෙනවා. එහෙම නම් ‘මේ තමයි ලෝක ස්වභාවය…’ කියලා තේරුම් ගත්තු දවසට එයා හිතනවා ‘එහෙම නම් කවදාවත් උපන් සත්වයාට මේකෙන් ගැලවෙන්න බෑ’ කියලා.

බඹ විහරණයෙන් වාසය කරමු…

අපි බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා තුළින් තේරුම් ගත්තා මෛත‍්‍රිය කියන්නේ මිත‍්‍රත්වයට කියලා. එ් වගේ ම කරුණාව කියන්නේ (පරදුක්ඛේ හදයං කම්පතී’ති කරුණා) අනුන්ගේ දුක දැකලා හෘදය කම්පා වෙයි නම් එ් කරුණාවයි. අපි ”මම වෛර නැත්තෙක් වෙම්වා.. තරහා නැත්තෙක් වෙම්වා.. දුක්පීඩා නැත්තෙක් වෙම්වා.. සුවසේ ජීවත් වෙම්වා..” කියලා කරන්නේ මෛත‍්‍රී භාවනාව. කරුණා භාවනාව වඩන්නේ ”මම නිදුක් වෙම්වා.. නීරෝගි වෙම්වා.. සුවපත් වෙම්වා..” ආදි වශයෙන්. එතකොට මේ කරුණාව කියන එක මෛත‍්‍රියත් එක්ක පටිබද්ධ එකක්. එ්ක අපට වෙන් කරන්න බෑ. අනුකම්පාව, දයාව ඇතිවෙනවා කියන එකට ජාති භේදයක්, කුල භේදයක් ආගම් භේදයක් මේ කිසිවක් හටගන්න විදිහක් නෑ. මොකද එ්කෙ උත්කෘෂ්ට ගුණය තියෙනවා නම්, එතැන වෙන මුකුත් මිශ‍්‍ර වෙන්න බෑ නේ ද? එ් කියන්නේ එ්කට මනුස්සයා බෙදන, මනුස්සයාට හිංසාවක් පීඩාවක් කරන දෙයක් මිශ‍්‍ර වෙන්න බෑ. එ්ක කරුණාව.

එ් වගේ ම මුදිතාව කියන්නේ අනුන්ගේ දියුණුව දැකලා සතුටු වීම. ඇත්තෙන්ම සුවපත් භාවයට පත්වෙන්න නම් මේ ගුණය ඕන ම යි. මේ ගුණ නැති කෙනා කොච්චර ලස්සනට ඉන්න හැදුවත් එයාගේ ජීවිතය ගිනි ගොඩක්. එයා ඇවිළෙමින් ඉන්නේ. මනුස්සයෙක් ලස්සනට ඉන්නවා දැක්කොත් එයාගේ හිත ඇවිළෙනවා. ගිනි ගන්නවා. කවුරු හරි ප‍්‍රසිද්ධ වෙනවා දැක්කොත් එයාගේ හිත ගිනි ගන්නවා. කවුරු හරි තැනක් හදාගෙන ඉන්නවා දැක්කොත් එයා ගිනි ගන්නවා. දායක පිරිසක් වැඩිපුර ඉන්නවා නම් හිත ගිනි ගන්නවා. එ්ක බලාගෙන ඉන්න බෑ. එ්කට හේතුව මුදිතාව නැතිවීමයි. මුදිතාව නැතිවූ ගමන් හිත පිච්චි පිච්චි තියෙන්නේ. හිතේ සතුටක් සැනසිල්ලක් නෑ. ගිනිගත් හිතක් තියෙන්නේ. එ්ක නැතිවෙන්න නම් මුදිතාව තියෙන්න ඕන. මුදිතාව ඇතිවෙන්න අනුන්ගේ වාසනාව මෙනෙහි කිරීම ගොඩක් හේතු වෙනවා.

අපි කියමු, ඔන්න මට ඉගෙන ගන්න බෑ. නමුත් ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. එ්ක එයාගේ වාසනාව. ඔන්න මට වාහනයක් නෑ. තව කෙනෙක් වාහනයක් අරගෙන ඉන්නවා. එ්ක එයාගේ වාසනාව. ඉතින් මේ විදිහට අනුන්ගේ වාසනාව පිළිගන්නවා නම්, එ් කියන්නේ එ්ක එයා සංසාරයේ කරපු පිනක විපාකයක් කියලා පිළිගන්නවා නම් අර ගින්න නිවෙනවා. මුදිතාව හටගන්නවා. එතකොට එයාට තව කෙනෙක් ලස්සනට ඉන්නවා දැක්කාම, ලොකු ගෙයක් හදාගෙන ඉන්නවා දැක්කාම, එ් වගේ ම තව කෙනෙකුගේ දරුවෝ ටික හොඳට ඉගෙන ගන්නවා දැක්කාම, ලස්සන වාහනයක යනවා දැක්කාම සිතට ප‍්‍රීතියක් හටගන්නවා. එ් ප‍්‍රීතිය විශේෂ කුසලයක්. විශේෂ පුණ්‍ය මහිමයක්. සමහර අවස්ථාවල නම් මීට වඩා ගැඹුරට යනවා. එ් තමයි උපේක්ෂාවට පත්වීම. උපේක්ෂාව කියන්නේ ‘(කම්මස්සකා) මේ හැමෝ ම තමන්ගේ දේ බවට පත්කරගෙන ඉන්නේ කර්මයයි… කර්මයයි ස්වකීය දේ කරගෙන වාසය කරන්නේ..’ කියන අවබෝධයයි.

මතු සබැඳි…

‘නමෝ බුද්ධාය’ සජීවී සදහම් කතිකාවත ඇසුරින් සකස් වන ලිපිපෙළේ තිස්පස්වන කොටසයි.

දන් දෙන්නට පෙර…

$
0
0

දන් දීම අපට අලූත් දෙයක් නොවෙයි. දානය අපගේ ජීවිතය, සංස්කෘතිය හා බැඳී පවතින්නක්. බොහෝ දෙනෙක් දන් දීමට කැමතියි. මරණයක් සිදු වූ විට, හත් දවසේ, තුන් මාසේ දානය දෙන්නට කිසි කෙනෙක් අතපසු කරන්නේ නැහැ. එ් වගේ ම සමහර අය අවුරුදු පතා දන් දෙනවා. මාසිකව ගමේ පන්සලේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරනවා. පිරිස් එකතු වෙලා මහා දාන පින්කම් පවත්වනවා. වෙසක්, පොසොන් කාලයට දන්සැල් පවත්වනවා. තවත් සමහර අය උපන්දින වැනි විශේෂ අවස්ථා සලකලා තවත් අයට දන් දෙනවා.

සමහර අය දන් දීම පුරුද්දක් වශයෙන් කරන අතරේ අනිත් අයවත් දන් දීමට යොමු කරවනවා. සමහර අය මෙය සිදුකරන්නේ චාරිත‍්‍රයක් වශයෙන්. තවත් සමහරු දන් දෙන්නේ ප‍්‍රසිද්ධ වෙන්නට. ලාබ සත්කාර කීර්ති ප‍්‍රශංසා බලාපොරොත්තුවෙන් දන් දෙන අයත් සමාජයේ ඉන්නවා. සමහරු දන් දීමෙන් පස්සෙ මේ මේ දේවල් ලැබෙන්න කියලා ප‍්‍රාර්ථනා කරනවා. තවත් අයට එහෙම විශේෂයක් නැහැ. දානය සකස් කළා, පූජා කළා එපමණයි. සමහර අය පින් බලාපොරොත්තුවෙන් දන් දෙනවා. දානයෙන් රැුස්වෙන පින් අන් අයටත් අනුමෝදන් කරනවා.

මේ විදිහට දානය සම්බන්ධයෙන් නොයෙක් අදහස් සමාජයේ දකින්නට තියෙනවා. මහත් වූ පින් ඵල රැුස් වෙන ආකාරයට දානයක් දෙන්නේ කෙලෙස ද කියා අප දැන සිටිය යුතුයි. මේ ගැන අපට සවිස්තරව දැන ගැනීමට ලැබෙන්නේ සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ම යි.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ පෞද්ගලිකව දන් දිය හැකි ආකාර දාහතරක් ඇති බව. එ් තමයි,
1. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකට පිරිනමන දානය
2. පසේබුදුරජාණන් වහන්සේලාට පිරිනමන දානය
3. තථාගත ශ‍්‍රාවක වූ රහතන් වහන්සේලාට පිරිනමන දානය
4. අරහත් මාර්ගයේ ගමන් කරන උතුමන් වහන්සේලාට පිරිනමන දානය
5. අනාගාමී උතුමන්ට පිරිනමන දානය
6. අනාගාමී මාර්ගයේ ගමන් කරන උතුමන්ට පිරිනමන දානය
7. සකදාගාමී උතුමන්ට පිරිනමන දානය
8. සකදාගාමී මාර්ගයේ ගමන් කරන උතුමන්ට පිරිනමන දානය
9. සෝතාපන්න උතුමන්ට පිරිනමන දානය
10. සෝතාපන්න මාර්ගයේ ගමන් කරන
සද්ධානුසාරී, ධම්මානුසාරී උතුමන්ට පිරිනමන දානය
11. කාමයන් කෙරෙහි නො ඇලී සිටින බුදු සසුනින් පරිබාහිර අයට පිරිනමන දානය
12. පෘථග්ජන, සිල්වත් අයට පිරිනමන දානය
13. පෘථග්ජන, දුස්සීල අයට පිරිනමන දානය
14. තිරිසන් සතුන්ට පිරිනමන දානය

ඊ ළඟට භාග්‍යවතුන් වහන්සේ පෞද්ගලික දානවලින් ලැබෙන ආනිශංස පිළිබඳව සංසන්දනාත්මකව පෙන්වා වදාළා.
- තිරිසන් සතෙකුට දානය දුන් විට ආනිශංස සියයක් ලැබෙනවා
- පෘථග්ජන දුස්සීල කෙනෙකුට දානය දුන් විට ආනිශංස දාහක් ලැබෙනවා
- පෘථග්ජන සිල්වත් කෙනෙකුට දානය දුන් විට ආනිශංස ලක්‍ෂයක් ලැබෙනවා
- කාමයන් කෙරෙහි නො ඇලී සිටින බුදු සසුනින් පරිබාහිර කෙනෙකුට දානය දුන් විට ආනිශංස කෝටි ලක්‍ෂයක් ලැබෙනවා
- සද්ධානුසාරී, ධම්මානුසාරී උතුමන්ට පිරිනමන දානයෙන් ලැබෙන ආනිශංස ප‍්‍රමාණ කරන්නට බැහැ
- සෝතාපන්න උතුමන්ට දන් පිරිනැමීමෙන් ලැබෙන ආනිශංස ගැන කවර කතා ද.

එ් වගේ ම, සකදාගාමී මාර්ගයේ ගමන් කරන උතුමන්ට, සකදාගාමී උතුමන්ට, අනාගාමී මාර්ගයේ ගමන් කරන උතුමන්ට, අනාගාමී උතුමන්ට, අරහත් මාර්ගයේ ගමන් කරන උතුමන්ට, රහතන් වහන්සේලාට, පසේ
බුදුරජාණන් වහන්සේලාට, සම්මා සම්බුදුරජාණන් වහන්සේට පිරිනමන දානයේ ආනිශංස ගැන කවර කතා ද යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා. දානයකින් ලැබෙන ආනිශංස කෙරෙහි දානය ලබන අය තුළ පවතින ගුණ ධර්ම ඍජුව ම බලපාන බව මෙයින් පැහැදිලි වෙනවා.

එ් වගේ ම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා, මහා සංඝරත්නය උදෙසා සඟ සතු කොට දානය පූජා කළ හැකි ආකාර හතක් පිළිබඳව.
1. බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්‍ෂු භික්‍ෂුණී සංඝයාට දානය පූජා කිරීම
2. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව භික්‍ෂු භික්‍ෂුණී සංඝයාට දානය පූජා කිරීම
3. භික්‍ෂු සංඝයාට පොදුවේ දානය පූජා කිරීම
4. භික්‍ෂුණී සංඝයාට පොදුවේ දානය පූජා කිරීම
5. භික්‍ෂු/භික්‍ෂුණී සංඝයාගෙන් යම් පිරිසකට ආරාධනා කොට දානය පූජා කිරීම
6. භික්‍ෂු සංඝයාගෙන් යම් පිරිසකට ආරාධනා කොට දානය පූජා කිරීම
7. භික්‍ෂුණී සංඝයාගෙන් යම් පිරිසකට ආරාධනා කොට දානය පූජා කිරීම

මීට අමතරව තවත් සංඝගත දක්‍ෂිණාවක් සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා. අනාගතයේ, බුද්ධ ශාසනයේ නාමයෙන් පෙනී සිටින කසාවත දරාගත් නමුත් ශාසන ප‍්‍රතිපදාවේ නො යෙදෙන, දුස්සීල, පවිටු අදහස්වලින් යුතු අය පහළ වෙනවා. එවන් පිරිසකට ආර්ය මහා සංඝරත්නයේ නාමයෙන් දානය පූජා කිරීමත් මහත්ඵල මහානිශංස සහිත සංඝගත දක්‍ෂිණාවන්ට අයිතියි. සංඝගත දක්‍ෂිණාවකින් ලබන ආනිශංස, කිසිම ආකාරයේ පෞද්ගලික දානයකින් ලැබිය නො හැකි බව උන් වහන්සේ පෙන්වා වදාළා.

දානය සම්බන්ධයෙන්, දානයෙන් ලැබෙන ආනිශංස සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය නො තිබෙන්නට අපට ඉතිරි වන්නේ බාහිර පුද්ගලයන් විසින් තර්කානුකූලව ගොඩනගාගත් මතවාද පමණයි. ‘‘හාමුදුරුවන්ට දානෙ දෙනවට වඩා දුප්පත්, කන්ඩ නැති කෙනෙකුට කෑම ටිකක් දෙන එක හොඳයි” වැනි අදහස් අද සමාජයේ දකින්නට තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හමුවේ මෙවන් පවිටු අදහස් දුරින් ම දුරු කරන්නට අප දක්ෂ විය යුතුයි.

අපගේ ශාස්තෘන් වහන්සේ, දානයක් පිරිසිදු වන්නේ කුමන ආකාරයෙන් ද යන වගත් පෙන්වා වදාළා.

යම් පිරිසක් ඉන්නවා, සිල්වත්, කර්ම – කර්මඵල විශ්වාසයෙන් යුක්තයි. අවබෝධයෙන් ම තිසරණ සරණ ගොස් සිටිනවා. මෙවන් පිරිසක් තමන් ධාර්මිකව උපයාගත් ධනය විය පැහැදම් කොට දුස්සීල වූ, පවිටු අදහස් ඇති, පෘථග්ජන පිරිසකට දානය පූජා කරනවා. මේ දානය එක් පසකින් පමණක් පිරිසිදුයි. එසේ පිරිසිදු වන්නේ දායක පක්‍ෂය පිරිසිදු නිසාවෙන්.

යම් පිරිසක් ඉන්නවා, දුස්සීලයි, පාපී ධර්මයන්ගෙන් යුක්තයි. දානය ගැන අවබෝධයක් නැහැ. මෙවන් පිරිසක් සිල්වත් වූ, ශාසන ප‍්‍රතිපදාවෙන් යුතු, කල්‍යාණ ධර්ම ඇති පිරිසකට දානය පූජා කරනවා. මේ දානයත් එක් පසකින් පමණක් පිරිසිදුයි. එසේ පිරිසිදු වන්නේ ප‍්‍රතිග‍්‍රාහක පක්‍ෂය පිරිසිදු නිසාවෙන්.

යම් පිරිසක් ඉන්නවා, දුස්සීලයි, පාපී ධර්මයන්ගෙන් යුක්තයි. දානය ගැන අවබෝධයක් නැහැ. මෙවන් පිරිසක් දුස්සීල වූ, පවිටු අදහස් ඇති, පෘථග්ජන පිරිසකට දානය පූජා කරනවා. මේ දානය අපිරිසිදුයි. මහත්ඵල මහානිශංස ලැබෙන්නේ නැහැ.

යම් පිරිසක් ඉන්නවා, සිල්වත්, කර්ම – කර්මඵල විශ්වාසයෙන් යුක්තයි. අවබෝධයෙන් ම තිසරණ සරණ ගොස් සිටිනවා. මෙවන් පිරිසක් තමන් ධාර්මිකව උපයාගත් ධනය විය පැහැදම් කොට සිල්වත් වූ, ශාසන ප‍්‍රතිපදාවෙන් යුතු, කල්‍යාණ ධර්ම ඇති පිරිසකට දානය පූජා කරනවා. මේ දානය දායක, ප‍්‍රතිග‍්‍රාහක දෙපාර්ශවයෙන් ම පිරිසිදුයි. මහත්ඵල මහානිශංසදායකයි.

අවසාන වශයෙන් උන් වහන්සේ පෙන්වා වදාළා ආමිස දාන අතරින් අග‍්‍ර වූ දානයක් පිළිබඳව. කාමයන් කෙරෙහි නො ඇලෙන, බඹසර සිල් සුරකින ගිහි ශ‍්‍රාවකයෙක් තමන් ධාර්මිකව උපයාගත් ධනය වියදම් කොට, පහන් සිතින් යුතුව, කර්ම – කර්මඵල විශ්වාසයෙන් යුතුව තවත් වීතරාගී පිරිසකට දානය පූජා කරනවා. මේ දානය අග‍්‍රවූ දානයක්.

සමහර පිරිස් දන් පිදීමේ දී තමන්ගේ ගුණ ධර්ම පිළිබඳව තැකීමක් කරන්නේ නැහැ. මේ කාරණාවලින් මනාව පැහැදිලි වන්නේ, මහත් වූ පින් රැස් වන අයුරින් දානයක් දීමට කැමති පිරිසක් විසින් පළමුවෙන් ම කළ යුත්තේ තමන් සිල්වත් වීමයි. තිසරණ සරණ ගොස් කර්ම – කර්මඵල විශ්වාසයෙන් යුක්තව ධාර්මිකව උපයාගත් දෙයින් දන් පිදීමයි කළ යුතු වන්නේ.

දන් පිදීමේ දී සැලකිලිමත් විය යුතු තවත් කරුණු බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. දානයක් සත්පුරුෂ දානයක් වීමට නම් කාරණා පහක් සම්පූර්ණ විය යුතුයි.

1. මනා ලෙස සකස් කොට දානය පූජා කිරීම
2. ගෞරව සම්ප‍්‍රයුක්තව දානය පූජා කිරීම
3. තමන්ගේ අතින් ම දානය පූජා කිරීම
4. අහක නො දමන දෙයක් දන් දීම
5. කර්ම-කර්ම ඵල විශ්වාසයෙන් යුතුව දන්දීම
මේ කාරණා සම්පූර්ණ වුණේ නැත්නම්, දානය සත්පුරුෂ දානයක් වෙන්නෙ නැහැ.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා දානයක් පූජා කිරීමේ දී සිත පැවැත්විය යුතු ආකාරය පිළිබඳව.

දානය පූජා කිරීමට පෙර සිට ම සිත පහදවා ගත යුතුයි. පහන් සිතිවිලි ඇති කර ගත යුතුයි. ‘‘සාරිපුත්ත, මොග්ගල්ලාන ආදි නිකෙලෙස් මහරහත් මුනිඳුන් අනුගමනය කරමින් ශාසන ප‍්‍රතිපදාවේ යෙදෙන මහා සංඝරත්නය උදෙසා දන් පිදීමට ලැබීම භාග්‍යයක් ම යි, උන් වහන්සේලා එ්කාන්තයෙන් ම දුර සිට නමුත් දන් පැන් ගෙන ගොස් පිදීමට සුදුසු වන සේක” ආදි වශයෙන් අපට ගුණ සිහි කළ හැකියි.

දානය පූජා කරන අවස්ථාවේදීත් පහන් සිතිවිලි ඇති කර ගත යුතුයි. ‘‘මේ උතුමන් වහන්සේලාට බ‍්‍රහ්මචාරී ජීවිතයට අනුග‍්‍රහ පිණිස මේ දානය උපකාර වේවා..! සුවපත් වේවා..! කායික පීඩා දුරු වේවා..! සුවසේ ධර්ම මාර්ගය දියුණු කරත්වා..!” ආදි වශයෙන් සිහිකළ හැකියි.

දානය පූජා කිරීමෙන් අනතුරුව, එ් ගැන යළි යළිත් සිත සිතා සතුටු විය යුතුයි. ‘‘ධාර්මිකව මා උපයාගත් දෙයින් ආර්ය මහා සඟරුවන උදෙසා දානයක් පිළිගැන්වීමට ලැබීම මට මහත් භාග්‍යයක් ම යි.. දානය වැළඳූ උන් වහන්සේලා සුවසේ ගුණ දහම් දියුණු කරනවා ඇති.. උන් වහන්සේලා දානය වළඳන්නේ ජවය පිණිස නො වෙයි, ඇඟපත සැරසීමට නො වෙයි, බඹසර ජීවිතයට අනුග‍්‍රහ පිණිස පමණයි.. උන් වහන්සේලා සුවපත් වෙත්වා..!” ආදි වශයෙන් සිහිකිරීමට අප දක්ෂ විය යුතුයි.

සාමාන්‍යයෙන් දානයක දී කෙනෙකුට හිතෙන්නට පුළුවන්, ‘‘අසවල් ස්වාමීන් වහන්සේ මගෙන් ගත්තෙ නෑ.. අසවල් ස්වාමීන් වහන්සේ වැඩිපුර වළඳනවා.. මේ මැල්ලූම කවුරුවත් පිළිගත්තේ නෑ. අපරාදේ මහන්සියෙන් හැදුවේ..” ආදි වශයෙනුත්. මෙවන් සිතිවිලි බැහැර කොට නිරන්තරයෙන් ම ආර්ය මහා සංඝරත්නයේ ගුණ කල්පනා කිරීමට අප දක්‍ෂ විය යුතුයි. එවිටයි නිරන්තරයෙන් ම පින්
රැස් වන්නේ.

දානයක් දීමේ දී හැකිතාක් පිරිස සම්බන්ධ කරගෙන එ් අයටත් පින් රැස් කර ගැනීමට අවස්ථාව සලසා දීම උතුම් ගුණයක්. එමෙන් ම දානයෙන් රැස්වන පින් අනන්ත සංසාරයේ අප නමින් මියගිය අපගේ නෑදෑ හිත මිතුරන්ට අනුමෝදන් කිරීමත් අවශ්‍යයෙන් ම කළ යුත්තක්. පින් අනුමෝදන් වීමෙන් එ් අයත් සුවපත් වේවි.

දානය සම්බන්ධයෙන් අපගේ ශාස්තෘන් වහන්සේගේ දේශනාව පරිපූර්ණයි. එ් උතුම් කාරණා ඉගෙන ගත් ඔබත් ඊ ළඟ දාන වාරයේ දී, අහක නො දමන, ධාර්මිකව උපයාගත් දේ, සිල්වත් ව, සුපහන් සිතින්, කර්ම – කර්මඵල විශ්වාසයෙන් යුතුව, මනා කොට සකස් කොට, ගෞරව සම්ප‍්‍රයුක්තව, ආර්ය මහා සංඝරත්නයේ ගුණ සිහිකරමින් තමන්ගේ අතින් ම පූජා කරන්න. එවිට ඔබට මහත්ඵල මහානිශංස සහිත වූ අපමණ පින් රැස් වේවි.

සටහන
සඳුන් රාජපක්ෂ

Viewing all 74 articles
Browse latest View live